Site blog

Sandika Madushan
by Sandika Madushan - ஞாயிறு, 22 மார்ச் 2026, 4:08 PM
உலகிலுள்ள யாராவது

කුමරතුඟු කිවියාව

CUMARATUNGA AS A POET

කුමරතුඟු කිවියාවෙන් හෙළ සගනුව
ලත් පණ.

යම් රැසෙකැ නියම පුබුදුවට එ රැසේ සියත් සගයුව ද මහ මැ පිටු බලයක් ලා දෙන බව ලොවැ කොහිත් එක්වන් පතළයි. හෙළ රැසට ද එ වන් සගයුවක් වු සැටි පහයා දුන් එක් මැ තැනැත්තෝ කුමරතුගු මුනිදස්හු යැ. ඒ එ තැනට මෙ තැනට නොණය වූ, නොගැති වූ, මෙ දෙසට මැ පෙවෙණි සගයුවක් වූ බව දක්වා නැඟෙයි හෙළ මීයැසියේ පළමු වන වෙළුම. මුනිදසුන් ගේ කිවියාව සගයුවෙහි ලා ද පිරී ඉතිරී පවත්නා සැටි ඒ එක් වෙළුම මැ එක හෙළා හෙළි කෙරේ. ඔවුන් සිතා පතා සිටි සේ මැ එහි සෙසු වෙළුම් ද එළියට වඩනා පින් පෑදිණි නම් සගයු රුවනාර-සංගීත රත්නාකරය - බඳු මහ සගයු ගත් පවා ඉතා හක වැ පෙනෙන අයුරු එ පිළිබඳ වෙසෙස් තතු උසස් ලෙස දන්නෝ කියා - පාති.

මුනිදසුන් මතු කළ සගයු නියර මැනවින් පිරික්සා එහි විදුහුරු බව සපුරා දුටු කෙනෙකි සගයු වෙසරද - සංගීත විශාරද - සුනිල්  සාන්තයෝ. අද එ නියරේ පිහිටා හෙළ සගයුව පණ පිහිටුවා එහි විසිතුරු දස අතට පාන්නට කැප වී එ වෙසර දුන් නැඟී සිටිනුයේ එ හෙයින් බව ඔවුන් මැ වදාරණ බණයි.

 
Sandika Madushan
by Sandika Madushan - ஞாயிறு, 22 மார்ச் 2026, 4:06 PM
உலகிலுள்ள யாராவது

LETTERS TO THE EDITOR

NATIONAL ANTHEM
The Editor "Ceylon Daily News."

Sir, -Will you allow us the courtesy of your columns to make a few observations on the matter of choosing a suitable National Anthem for Ceylon. There are two main requisites for a National Anthem. First, a stirring yet simple melody capable of being
sung by all classes of people. Secondly, words with such a patriotic flavor that young and old of all races and communities will, when singing them, be united in a common love for Ceylon and a desire to serve her. In view of the three main languages spoken in Ceylon, it may be necessary to have versions of the words in Sinhalese, Tamil and English which could be sung to one common tune.

It must be borne in mind that our National Anthem will, on certain occasions, such as the arrival of the Governor-General or the Opening of Parliament be played by a brass band or string orchestra. At school prizegivings it will be sung by boys and girls in different parts of the island. The general public should be able to sing it lustily at the commencement or conclusion of concerts and plays.

This being so, the choice of a National Anthem for Ceylon becomes a matter of national concern. We understand that, in India, the Government is appointing a Committee of experts to select the Indian National Anthem.

There is a report in the press that a private individual has very enterprisingly offered a prize of Rs. 1,000 for the best composition of an anthem for Lanka.

May we make the following suggestions:- (1) That the new Parliament appoint a committee of experts consisting of musicians and scholars to select a suitable anthem, (2) That the competition be widely publicised in the English, Sinhalese and Tamil newspapers, (3) That competitors be invited to record their compositions at the Colombo Broadcasting Station. We are sure the Broadcasting authorities will readily co-operate in this matter. (4)
That all or a selected proportion of the entries (with numbers and no names of composers mentioned) be played over the Radio during good listening hours. (5) That the general public be invited to listen in and vote for the best anthem. (6) That the Committee of judges select the most suitable one, in their opinion, for the National Anthem, taking into consideration the votes cast by popular acclaim.

In this way the anthem selected will have the virtue of being tested both by expert opinion and popular taste.
-Yours etc.

IRENE R. VANDERWALL
T. V. SARAVANAMUTTU
SUNIL SANTHI
SURYA SENA


Colombo, Oct. 17.

21.10.1947 D.N.

[ மாற்றப்பட்டது: ஞாயிறு, 22 மார்ச் 2026, 4:09 PM ]
 
Sandika Madushan
by Sandika Madushan - ஞாயிறு, 22 மார்ச் 2026, 4:04 PM
உலகிலுள்ள யாராவது

21. 10. 1947

THE TIMES OF CEYLON

READERS' VIEWS

A NATIONAL ANTHEM

Postal appointment

To the Editor, "The Times of Ceylon"

Sir,-Will you allow us the courtesy of your columns to make a few observations on the matter of choosing a suitable National Anthem for Ceylon. There are two main requisites for a National Anthem First, a stirring yet simple melody capable of being sung by all classes of people. Secondly, words with such a patriotic flavour that young and old of all races and communities will, when singing them, be united a conation love for Ceylon and a desire to serve her. in view of the three main languages spoken in Ceylon it may be necessary to have versions of the words in Sinhalese, Tamil and English which could be sung to one common tune.

It must be bone in mind that our National Anthem will, on certain ocсаsions, such as the arrival of the Governor-General or the Opening of Parliament be played by a brass band or string orchestra. At school prize-givings it will be sung by boys and girls in different parts of the island. The general public should be able to sing it lustily at the commencement or conclusion of concerts and plays.

This being so, the choice of a National Anthem for Ceyion becomes a matter of national concern. We understand that im India, the Government is appointing a Committee of experts select the Indian National Anthem.


There is a report in the press that private individual has very enterprisingly offered a prize of Rs. 1,000 for the best composition of of an Anthem for Lanka.

May we make the following suggestions:- (1) That the new Parliament appoint a committee of experts consisting of musicians and scholars to select a suitable anthem, (2) That the competition be widely publicised in the English, Sinhalese and Tamil newspapers, (3) That competitors be invited to record their compositions at the Colombo Broadcasting Station. We are sure the Broadcasting authorities will readily co-operate in this matter. (4) That all or a selected proportion of the entries (with numbers and no names of composers mentioned) be played over the Radio during good listening hours. (5) That the general public be invited to listen in and vote for the best anthem. (6) That the Committee of judges select the most suitable one, in their opinion, for the National Anthem, taking into consideration the votes cast by popular acclaim.

In this way the anthem selected will have the virtue of being tested both by expert opinion and popular taste.

IRENE R. VAN DER WALL
T. V. SARAVANAMUTTU.
SUNIL SANTHI,
SURYA SENA.

The Studio, 61, Turret Road Colombo.

[ மாற்றப்பட்டது: ஞாயிறு, 22 மார்ச் 2026, 4:09 PM ]
 
உலகிலுள்ள யாராவது

කුමාරතුංග නාමයට හරසර දැක්වෙයි


විසාරදත්වය, විචාරවත් භාවය, කථිකත්වය, කවිත්වය, යනාදි විවිධ ගුණාංග නිසාම නොව මා කුමාරතුංග නාමයට ගරු කරන්නේ හුදෙක් ඒ ශ්‍රේෂ්ට පුද්ගලයාගේ දැඩි ජාත්‍යානු රාගයත් අව්‍යාජ දෙශ භක්තියත් කරණ කොට ගෙන නියම සිංහළ සංස්කෘතික ලක්ෂණය ප්‍රකට කෙරුණු නිසා යයි පෙරේදා සවස කොළඹ ක්‍රිස්තියාති තරුණ සමිති ශාලාවේ පැවැත්වූ කුමාරතුංග අනුස්මරණ මහා සභාවේ මුලාසනය ගත් මහෝපාධ්‍යාය ජී.පී.මලලසේකර මහතා ප්‍රකාශ කෙළේය.

ජාතිය ගැන උදාර හැඟීමක් නොමැතිව ජාතිය නගා සිටුවිය නොහැකි බව කුමාරතුංග මුනිදාස මහතාගේ මතය වූ බව කී මලල්ල සේකර මහතා තව දුරටත් කථා කරමින් කුමාරතුංග මහතාට වඩා එසේ උදර හැඟීමක් දිය හැකි අන් සමතකු නොවී යයිද පවසා අප විසින් කළ යුත්තේ ඔහු පටන් ගත් සටන නොනවත්වාම ඉදිරියට ගෙන යාම පමණකැයිද කීය.

සවිමන් කුලතිලක මහතා සභාව පිළිගත් පසු කුමාරතුංග මුතිදස මහතාගේ පිළිරුවට මල්දමක් පිදීමෙන් මලලසේකර මහතා බුහුමන් දැක්වුයේය. කො.පො.තො. පෙරේරා මහතා විසින් ගිය සමරුවේ වාර්තාව කියවන ලදී. සංගීත විසාරද සුනිල් සාන්ත මහතා ප්‍රමුඛ කණ්ඩායම සමරු ගී ගායනය කළහ. අමරසිරි ගුණවර්ධන මහතා තමන් විසින්ම සකස් කරන ලද "කුමරතුඟු කිවියාව" නමැති පොතෙන් කරුණු ගෙනහැර පාමින් කථා කළේය.

නොයෙක් කරුණු වලට සමත් නොයෙක් අය ඉපිද සිටිය ද කුමාරතුංග මහතා පහළ වූයේ භාෂාවටම සේවය කිරීමේ සම් පූර්ණ බලමහිමයෙන් යුතුවම යි ගරු පණ්ඩිත තෙල්ලඹුරේ පවරකිත්ති ස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ කළහ වෛද්‍ය කලා තිධි විලියම් අල්විස් මහතා කුමාරතුංග මහතාගෙන් වූ සේවය සඳහන් කොට සදාකලම අනුස්මරණීය පුද්ගලයකු බව කීය.

තමාගේ වරද තමා විසින්ම දැකීමත් ආශ්‍රය කළ වුන්ට දිනෙන් දින වැඩි වැඩියෙන් ප්‍රිය වීමත් යන දුර්ලභ ගුණ දෙක කුමාරතුංග මහතා තුළ පැවැති බව ගරු පණ්ඩිත කෝදාගොඩ ඤාණලෝක ස්ථවිරයන් වහන් සේ කීහ.

ගරු මර්සලීනු ජයකොඩි පියතුමා කුමාරතුංග නාමය කිවියාව මෙන්ම පොදු වූවක් බව කවිතාවය ගැන දීර්ඝ විවරණයක් කොට පෙන්වා දුනි.

මහ වියතුන් විසින් කළ නොහැකිව තිබුණු සටනක් ජයගැනීමටත් අභිමානයෙන් දැපුණු මහතැන් වල එඩිබිඳ හෙළීමටත් සමත් කම් ඇතිව කාලය විසින් කුමාරතුංග මහතා පහළ කළ බව ඇල්.පී. මෙත්තානන්ද මහතා ප්‍රකාශ කළේය.

කැඩි බිඳී විසිරි ගිය ජාතිය එකසත් කිරීමට තැත් කිරීම විනා උඩරට ගිවිසුම වැනි විහිළු කුමාරතුංග මහතා ගණත් නොගත් බව කිවිසුරු රැයිජියෙල් තෙන්නකෝන් මහතා කීය.

බොරුවෙන් ගුරුකම රැකීමට ඇතැම් පුහුවියතුන් මෙන් තැත් නොකොට නොදන්නා දේ ගැන විමසීමෙන් දැනගත යුතු බව ක්‍රියාවෙන් පෙනනු අසහාය මහ පඬිවරයා කුමාරතුංග මහතා යයි, ගම්පහ විද්‍යාරවින්ද පරිවෙණාධිපති සරණංකර ස්ථවිරයන් වහන්සේ කීහ.

වරින්වර කිහිප විටක්ම සමරු ගී ගැයුම් වැයුම් කළ සුනිල් සාන්ත විශාරදයින් ප්‍රමුඛ පිරිස කුමාරතුංග මුතිදාස මහතාගේ නිපැදුමක් වන "ඉදිරියටම යව්! හෙලයිනි-ඉදිරියටම යවු!" යන ගමන් ගීයද ගායනය කළහ. අබිරම් ගහේවා මහතා පින්දීමේ කථාව කළේය.

ලංකාදීප, වර්ෂ 1948 ක්වූ මාර්තු මස 4 වෙනි බ්‍රහස්පතින්දා

'LANGUAGE VEHICLE OF
CULTURE'

PROFESSOR AT CUMARANATUNGA
CELEBRATIONS

"Language is the vehicle of our culture," said Professor G. P. Malalasekera, when he presided at the Munidasa Cumaranatunga celebrations held at the Central Y.M.C.A. on Tuesday.

"We have recently had a stirring call to patriotism", he said, "but I am afraid the response cannot but he feeble until we have the requiste factors for the growth of a fervant love of what is our very own. Among these language holds a most prominent place for it enshrines our thoughts and our aspirations. it is the vehicle of our culture, the culture which has been the envy of others for centuries."

The celebrations began by the Chairman garlanding a portrait of the late Mr. Munidasa Cumaranatunga. A Number of speeches were delivered dwelling on Mr. Cumaranatunga's skill as a poet and a writer and on his services for the rehabilitation of Sinhalese. Among the speakers were Rev. Kodagoda Nanaloka, Rev. Father Marceline de Costa and Mr. R. Tennekoon, Mr. A Gunawardena read a paper on Mr. Cumaranatunga's poetry.

The proceedings were interspersed with recitals of songs by Sunil Shanti
and his troupe.

6.3.1948
D.N.

 
Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 17 மார்ச் 2026, 6:22 PM
உலகிலுள்ள யாராவது

ලංකාදීප වර්ෂ 1948 ක් වූ පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා

සුනිල් සාන්ත


හුදකලා වායුතාලයට කන් යොමු කරගෙන ගිස් තැනිතලා වල හදවත් සිතුවිලි වලින් තොරකොට සිටිනකල දිව්‍ය ගාන්ධර්ව ගීත ඇසේ යයි පැරැණි ඉසිවරු කීහ. ස්වාභාවික ලෝකයේ වමත්කාරය වෙන්කොට ගත් රේඛාවල ස්වභාවික න්‍යාය සොයා ගැනීමෙන් විවිධාකාර කලාවන් ලොක සම්මතයට ආයේය. සංගීත කලාව එයින් එකකි. වෙනත් කලා ශිල්ප සමඟ අපරට සංගීත කලාවද එක් කළෙක දියුණුව පැවැති බව පැරණි පොතපතෙහි එන කරුණු වලින් හෙළිවෙයි.

මෑතක සිට හෙළ ගී කලාව ගියේ පහත් අඩියකටය. ගැයුම, වැයුමෙන් මරමරා වාදනයේ හඬත් ගායනයේ හඬත් අතර ඇති සීමාව නොතකා අපරට සංගීත කරුවන් කලක් මුළුල්ලේම කරන ලද්දේ මහ විහිළුවකි. ගෙල කහපත් නහර උල්පවාගෙන නගන "බෙරි හන් " නාටක වේදිකා වලින් ඇසිණ. සුනිල් සාන්තයන්ගේ ගී හඬ ගුවන් විදුලි තරංග අතරින් ඇසෙන්නට වූයේ මෙවැති යුගයකදීය ඔවුන්ගෙන් හෙළ ගීයට නව පණක් ලැබිණ.

බොහෝ සෙයින් හෙළ ගී නිපැදී තිබූණේ අගක් මුලක් නැති "අපභ්‍රංස" වලිනි. සුනිල් සාන්තයින් කළේ පළමු කොටම ගායනයට සුදුසු හෙළ ගී තෝරා බේරා සකස් කර ගැනීමය. ඔහුගේ ගායනයේදී කිසි තැනක කිසි විටෙකත් "විරාම" ය හා "නිසාත" ය සංගීතයේ පදනම දෙදරවා ගිය තැනක් මෙතෙක් දක්නට නොලැබිණ සුනිල්ගේ හඬ ගියේ මිහිරි බව රැකීම සඳහා සැදුනකැයි අසන්නාට සිතෙන්නේ ගායනයේ හඬට මියැසියෙන් වෙනසක් නොවන නිසා යයි කිවහැක. ඔහුගේ ගායනය ගියේ ස්වරය එකින්එක වැළඳ ගැනීමට සැරසුණු මාත්‍රා විසින් පාන සුරතල් නැටුමක විලස් පෑමක් බඳුය.

සුතිල් අහස් තලයෙන් ඇදී එන රිවිකැන් අස්සේ නැටවෙන කොළ වලින් ළදරුවන්ගේ මනෝලෝකයෙහි ගැයුණු වැයුණු දේ නැවතත් රස ජවනිකාවල කලාවට නඟා පෙන් වීමෙහි සුනිල් සාන්ත සමත් බව පෙනෙනුයේ ඔවුන් පියවී ඇසට පෙනෙන ගමේ හැගීම් ඒ වූ පරිද්දෙන් ගීතයට නඟා කියන විටය. මිනිසුන් නොදන්නා ගැඹුරු බණ පදත් පැරණි උපාසක උපාසිකාවන් ගැතත් නොදත්තා අපභ්‍රංස වලින් මග හඬ නග නගා කියන දේ ඇසීමෙන් කිපුණු කන් ඇති අයට දිනපතා ජිවිතය සම්බන්ධකම් ඇති දැකුම් ඇසුරින් ස්වාභාවික සෞන්දර්යයේ වමත්කාරය මතු කර දෙන ගී ඇසෙන විට කොතරම් ශාන්තියක්ද? සැනසිල්ලෙක්ද?

අකාලයේ මවු පියන් මිය යාම නිසා කිරිදරු කාලයේදීම සුනිල් හුදකලාදිය හෙතෙම වැඩුණේ මිත්තණයන් ළඟය. වැර වඩා ඉගණීමෙහි සුරු බුහුටිකම් දැක්වූ හෙතෙම සිංහළ කණිෂ්ට විභාගයෙන් ලංකාවේම පළමු තැන්ගෙන සමත් වීම කරණ කොට ගෙන වීරරත්ත ශිෂ්‍යත්වය ලබා ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ මග්ගොණ අභ්‍යාශ විද්‍යාලයේ ගුරුවරයෙකු හැටියට පුහුණු වීමය. අභ්‍යාශ විද්‍යාලීය තරඟ නාට්‍යයේ අතිදක්ෂ නළුවාට අයත් ත්‍යාගයද ඔහුට ලැබිණ ගුරු ජිවිතයට වඩා සංගීතයට ඇති ඔහුගේ ඇල්මට එය රුකු ලක් වූ බව පෙනේ.

වර්ෂ 1939 යේදී ශාන්ති නිකේතනයට ඇතුල් වුණු සුනිල් වර්ෂයක් තුළ සංගීතය හදාරා ලක්නව්හී භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළත් විය. එහි අවුරුදු 5 ක් ඉගනීමෙන් පසුව හෙතෙම "සංගීත් විශාරද් " විභාගයට පෙනී සිටියේය. ඉන් පෙර කිසි කලෙකත් සිදු නොවූ පරිද්දෙන් සියලුම භාරතීය ශිෂ්‍යයන් පරදවා පළමු වැනි පෙළේ පළමු වැන්නා හැටියට මෙි සිංහල ශිෂ්‍යයා සමත්කම් පෑයේය. මේ දක්වා හාට්ඛණ්ඩේ විද්‍යාලයෙන් ගායනයෙන් හා වාදනයෙන් අග්‍ර උපාධි ලත් ප්‍රථම ලාංකිකයා සුනිලය ඊට අයත් රන්පදක්කමෙන් ඔහුගේ උරතලය බැබලිණ.

හෙළ රටේ හෙළ ඌරුවේ කාත්තිය මේ තරුණ සංගීත වේදියාගේ ප්‍රභාවයට වැටී තිබීම කාගේත් ප්‍රශාදය පහන් කරවන්නකි.

සඳරුවන්

[ மாற்றப்பட்டது: செவ்வாய், 17 மார்ச் 2026, 6:24 PM ]
 
Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 17 மார்ச் 2026, 6:19 PM
உலகிலுள்ள யாராவது

"ජේසු උපන්නේ - ලොව පිබිදෙන්නේ."
(සංගීත විශාරද සුනිල් ශාන්ති.)

ජේසු උපන්නේ - ලෝ පිබිදෙන්නේ //
සාදු කියව් ප්‍රීති හඬින් ගී ගයා.

(1)

සාදු සාදු හඬින් දේව දූතයෝ
හාදු දිදී පාද කමල් වඳින්නෝ //
සාමදාන ලොවේ සරා දුවන්නෝ
'අනේ සාදු සාදු' කියා ගයන්නෝ.

හිසේ මදුන් දී - අපේ රදුන්ගේ - පාද වඳින්නේ.

(2)

දුමෙන් රනින් ගඳින් බිළිඳු පුදන්නෝ
සුරන් රදුන් මිනිස් ලෙසින් වඳින්නෝ //
දුගී ගොපල් ප්‍රීති සුසුම් හෙළන්නෝ
කුමරි මවුන් සුරැකි පියන් යදින්නෝ.

(3)

අන්න, දනෝ සැදැ සිතින් මල් පුදා
දෙව් කුමරුන් පාද බැතින් වඳින්නෝ //
ගව මඩුවේ පිදුරු ගොඩේ සීතලේ
වෙව්ලන්නේ දිළින්දනේ සුරිඳු නේ.

(4)

එන්න සුදෝ, අපත් අපේ මල් නෙලා
සැදෑ සිතින් බැතින් පුදා මුදුන් දී //
ලබාගන්න බිලිඳු අතින් සාමයේ
දීමනාව එලෝ මෙලෝ වැඩ පතා.

තාලය ඛෙම්ටෝ.

ස     —  ග   ග   ම    —     ධ      —    —   —   නිv   —
ජේ   —   සු   උ   ප    න්    නේ   —    —   —   —     —
ධ     —  ප   ම    ප    ම      ග     —    —   —   —     —
ලෝ  —  පි   බි   දේ   න්    නේ   —    —   —   —     —  //
ග    —   ම   ධ    ප    —    ම      —    ග    රි     ස     —
සා   —   දු   කි   ය     ව්      ප්‍රී     —    ති    හ    ඬි    න්
රි     —   නි   ස   —    —    —      —    —   —    —    —
ගී    —   ග   යා   —   —    —      —    —   —   —     —   //

A.1.3. කොටස් මෙලෙස ගායනය වියයුතුයි

ප    —  ධ    ස       —   ස    නි     ධ     —    ප      —     ම
සා   —  දු    සා      —   දු     හ    ඬි     න්     දේ    —     ව
ග    —  ප    ස       —   —    —    —    —      —    —     —
දූ     —   ත  යෝ    —   —    —    —    —     —     —     —
නී    —  නි    නි     නි    —    ස     —    නි      ධ     ප     —
හා   —  දු     දි       දී     —    පා    —     ද      ක     ම     ල්
ධ     —  ධ     —     ප    —    —     —     —     —    —     —
ව     ඳි   න්    නෝ  —    —    —    —     —    —     —      —     //
නිv  —  නිv   නිv   —    නිv   ධ     ධ     —     ප     ප      —
සා   —   ම     දා      න   —   ලො  වේ    —    ස     රා     —
ම    ප    —    ධ       —   —    —      —      —    —     —    —
දු     ව    න්  නෝ     —   —    —      —     —     —    —     —
ධ    ධ     —    ප       —    ම     ග     —     ම      ප     ධ     —
අ    නේ    —   සා     —    දු     සා    —      දු     කි     යා    —
නි    රි       —   ස      —    —   —     —     —     —     —     —
ග    ය     න්    නෝ   —    —   —     —     —     —     —     —
ප    ග      —    ප       ස     —   ධ      —     —     —     —    —
හි  සේ    —    මු        දු      න්      දී     —    —     —     —    —
ධ    ම      —    ධ       රි      —    නි    —    —     —     —     —
අ    පේ    —    ර        දූ      න්    ගේ    —   —     —     —    —
නී    —    ප     නි      ග      —    ස     —    —     —     —     —
පා   —    ද      ව       ඳි      න්    නේ    —   —     —     —     —

 
(ජේසු උපන්නේ)
B.2.4 කොටස් මෙලෙස ගායනය වියයුතුයි

ස   රි     —    ස     නිv   —    ධ     නිv    —     ස    ස    ග
දු   මෙ   න්     ර     නි     න්    ග     ඳි       න්    බි     ළි    ඳු
 
ම   ග     —   ම       —   —     —     —     —    —    —     —
පු   ද     න්   නෝ    —   —    —     —      —    —    —     —

ම   ධ     —    ධ      ධ      —   නිv   ධ      —     ප     ධ     —
සු   ර    න්      ර      දු      න්    මි     නි     ස්    ලෙ    සි     න්

නි   නි    —   ස       —     —    —    —     —     —     —    —
ව    ඳි    න්   නෝ    —      —   —    —     —     —    —     —

මෙහි ඉතිරි දෙපාදයන් A. කොටසේ පසු දෙපාදයන් මෙනි.

 
Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 17 மார்ச் 2026, 6:08 PM
உலகிலுள்ள யாராவது

KUMARATUNGA DAY
CELEBRATIONS

A Public Meeting will be held in com-
memoration of the late
MR. MUNIDASA KUMARATUNGA
at the
KING GEORGE'S HALL, CEYLON
UNIVERSITY
on March 2nd, Sunday, from 1.30 to
5.30 p.m.
Mudliyar E. A. Abeysekera and Mr.
D. S. de Fonseka, Deputy speaker of
State Council have kindly consented
to preside from 1.30 to 3.00 p.m. and
3.00 to 5.30 p.m. respectively.
SPEAKERS
REV. KARAPUTUGALA SRI DHAM-
MALOKA NAYAKE THERA, REV.
KODAGODA PANDIT NANALOKA
THERA, REV. FATHER MARSALIN
JAYAKODI O.M.I., MR. JULIUS DE
LANEROLLE, MR. JAYANTA
WEERASEKERA, MR. R. TENNA-
KOON.
A music recital has been organized
under the direction of
SUNIL SANTHA
ALL ARE CORDIALLY INVITED
W. M. PERERA,
D. D. MOHOTTY,
Joint Secretaries.

[ மாற்றப்பட்டது: செவ்வாய், 17 மார்ச் 2026, 6:08 PM ]
 
Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 17 மார்ச் 2026, 5:59 PM
உலகிலுள்ள யாராவது

BIRTHS


FERNANDO,-ΤΟ ΒΕΕΤA, wife of Marshal Fernando, Proctor of Pitipana, Negombo, a son on the 26th at St. Bernard's Nursing Home, Ward Place, Colombo.

JAYASINGHA-A son (Sunil Shantha),on 21st instant, at Hakkanawatta, Baddegama, to CICILIA, Assistant Teacher, G/Baddegama Church of Ceylon Senior Mixed School, Baddegama, wife of B. Jayasingha, English Assistant, G/Kotagoda Church of Ceylon Senior Mixed School, Baddegama. Both mother and son well. Hakkanawatta, Baddegama.


28.11.46

 
Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 17 மார்ச் 2026, 5:58 PM
உலகிலுள்ள யாராவது

SPECIAL SINHALESE RADIO PROGRAM

A special Sinhalese program will be broadcast from the Colombo Station tomorrow to celebrate the number of Sinhalese Radio Licensees reaching the total of 10000. The program includes messages, talks, musical items. poems and songs by prominent officials and members of the public and popular radio artistes.

The details of the program, which will last from 7.30-8.45 p.m. are as follows:

Introduction: Chairman, Sinhalese Program Committee: Message from the Minister for Communications and Works; Song by Sunil Shanti: Mesasge from the Director of Broadcasting and Postmaster General: Sinhalese translation of Message: Musical item by Lionel Edirisinghe: Message from Ven'ble Palane Vajiranana Nayake Thero: Verses by Miss Hilda Mendis; Message from Rt. Revd. Dr. Edmund Peiris, Bishop of Chilaw; Song by Devar Surya Sena: Message from Revd. Lakdasa de Mel, Assistant Bishop of Colombo Song by Choir of the School Boys: Message from the Director of Education: Song by Ananda Samarakone: Remarks by Representative, Brains Trust (Dr. G. P. Malalasekera) Children's Corner-U. A. S Perera Remarks by Representative, Radio Speakers (Revd, S. J. de S. Werasinghe: Song by Mrs. Wilfred Perera; Vatin Pitin-J. Wijeweera Song by Vasantha: Vote of thanks by the Controller of Programs: The National Anthem- Sri Lanka Matha by Devar Surya Sena.


27.6.47  D.N.

 
Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 17 மார்ச் 2026, 5:57 PM
உலகிலுள்ள யாராவது

UNIVERSITY RECITAL IN AID OF ARTS SOCIETY

The Song and Dance Recital arranged by the Mela-the University Society of Oriental Arts-takes place on Saturday, August 30 at 6.30 p.m. at King George's Hall. This Society conducts regular classes in the Oriental Fine Arts, and for the attainment of its cultural aim, the Society is stated to need a considerable financial backing

Saturday's program includes items by the well-known singer Sunil Shanti, Somapala and Chitra. Chularatne and Susil Premaratne. Ganga Nath of the Chitrasena Troupe, will perform the "Cycle of Karma" which is a dramatic representation of rebirth. There will also be a dance by Chinta Perera-a pupil of Chitrasena.

Damsels from the Pasyala Girls' School will present elegant folk dances while boys and girls from the Rotary Community Centre, Mahawatta will bring before the audience some rhythmical pictures from the culture of Kandy.

The Mela amateurs will contribute two orchestral items.

27.8.47   D.N.