Blog entry by Sandika Madushan

Anyone in the world

ලංකාදීප, වර්ෂ 1948
අප්‍රේල් මස 15 වෙනි බ්‍රහස්පති ත්දවා

බොරැල්ලේ
අවුරුදු උත්සවය

බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලා පිට්ටනියේදී පැවැත්වූ සිංහල අවුරුදු උත්සවයේ දී පාරම්පරිකව පැවත එන සිංහල සිරිත් විරිත් වලට ගරු කරමින් ඒවා නොකඩවාම ඉදිරීයටත් පවත්වා ගෙන යා මන් ජාතික ගෞරවය ආරක්ෂා කර ගත යුතු අන්දම සුනිල් ශාන්ත ප්‍රධාන කණ්ඩායමේ මන පිනවන ගී ගායනයකින් ප්‍රකාශ කළේය.

උත්සවයට ස්ත්‍රී, පුරුෂ, බාල මහලු, ළමා ළපටින්ගෙන් යුත් විශාල පිරිසක් - රැස්ව සිටියාය.

උත්සවය ආරම්භ කළේ දක්ෂ උඩරට නැට්ටුවන් කණ්ඩායමක් විසින් දක්වන ලද සිත් ඇද ගත්තා නැටුමකිනි. පත්තේරු, වන්නම්, ගී සින්දු ආදියෙන් පැමිණ සිටි පිරිස ප්‍රබෝධමත් විය.

අනතුරුව පාරම්පරික සිංහළ අවුරුදු කෑම් බීම් වල ප්‍රධාන ස්ථානයක් ගත්තා කැවුම්, කොකිස්, කිරිබත්, කෙසෙල්ගෙඩි ආදියෙන් පැමිණ සිටි පිරිසට සංග්‍රහයක් ද පැවැත්විය.