Blog entry by Sandika Madushan

ලංකාදීප, වර්ෂ 1948 ක්වූ අප්‍රේල් මස 3 වෙනි සෙනසුරාදා
ගුවන් විදුලි විවරණ
ක්‍රිස්ටල් විසිනි
ගී අසන්තෝක් ක්‍රමයෙන් කලා ගරුක වෙති
අසන්නෝ සංගීතයෙහි නියම රස දනිති
අසන්නන්ගේ ඉල්ලීම් යනු වෙන් පසු ගිය කීප වාරයකම ප්‍රචාරය වුනු තැටි ගීත වලින් අසන්නන් වඩා කැමති දක්ෂ සංගීතඥයින්ගේ සුමිහිරි ගීතයන්ට බව පෙනෙන්ට තිබේ. දැන් දැන් අසන්නන් තියම රසය සියුම් සංගීතයෙහිම තිබෙන්නක් බැව් සිතීමට පුරුදු වී සිටින බැව් මෙයින් පෙනේ. මෙසේ තිබියදී තමන්ට හිතු මනාපයේ තැටි ගීත ප්‍රචාරය කරණ විට සංගීතමය වටිනාකමක් නැති ගොර හැඩි සින්දු යොදන්නේ කවුරුන් සතුටු කිරීමට දැයි. ප්‍රකාශකයින් විසින් කල්පනා කටයුතුය.
නියම දුක්ඛාලාපයක්
මේ සතියෙහි සිංහල සංගීත අංගයන්ගෙන් සුනිල් ශාන්තිගේ ඉරු දින රාත්‍රියෙහි වූ විවිධ ගී ගායනය උසස් තැනක් ගත් බැව් කිව හැක. තම මිතුරෙකු වූ සූර්යය ශංකර මොල්ලිගොඩ මහතාගේ අකාල මරණය ගැන දුක් වෙමින් ගැයූ ගීතය හදපත්ලෙන් නැගුණු සැබෑ දුක් ඛාලාපයකි. රසවත්කම තිබෙන්නේ දුක මුසු ගීත වල බැව් සැබෑ කර වීමට එය හොඳ නිදසුනකි. ඒ මහතාගේ 'සිංහල අවුරුදු උලෙල නම් වූ ගීතයද සෑම සිංහලයෙකු
විසින්ම සිතට ගත යුතු එකකි. ගීතයෙන් අවුරුදු ප්‍රීතිය පිළිඹිබු කරමින් සිටි ඒ මහතාට පෙනුනේ, සිංහල සැම අයෙක්ම සිංහල අවුරුදු දින වල මල් පහන් රැගෙන තම තමන්ගේ ආගමානුකූලව පන්සල් පල්ලි ආදී ආගමික ස්ථානයන්ට ගොස් මංගල දින නිමිත්තෙන් පුණ්‍ය ක්‍රියාවල යෙදිය යුතු බවය.