Blog entry by Sandika Madushan

කුමරතුඟු කිවියාව
CUMARATUNGA AS A POET
කුමරතුඟු කිවියාවෙන් හෙළ සගනුව
ලත් පණ.
යම් රැසෙකැ නියම පුබුදුවට එ රැසේ සියත් සගයුව ද මහ මැ පිටු බලයක් ලා දෙන බව ලොවැ කොහිත් එක්වන් පතළයි. හෙළ රැසට ද එ වන් සගයුවක් වු සැටි පහයා දුන් එක් මැ තැනැත්තෝ කුමරතුගු මුනිදස්හු යැ. ඒ එ තැනට මෙ තැනට නොණය වූ, නොගැති වූ, මෙ දෙසට මැ පෙවෙණි සගයුවක් වූ බව දක්වා නැඟෙයි හෙළ මීයැසියේ පළමු වන වෙළුම. මුනිදසුන් ගේ කිවියාව සගයුවෙහි ලා ද පිරී ඉතිරී පවත්නා සැටි ඒ එක් වෙළුම මැ එක හෙළා හෙළි කෙරේ. ඔවුන් සිතා පතා සිටි සේ මැ එහි සෙසු වෙළුම් ද එළියට වඩනා පින් පෑදිණි නම් සගයු රුවනාර-සංගීත රත්නාකරය - බඳු මහ සගයු ගත් පවා ඉතා හක වැ පෙනෙන අයුරු එ පිළිබඳ වෙසෙස් තතු උසස් ලෙස දන්නෝ කියා - පාති.
මුනිදසුන් මතු කළ සගයු නියර මැනවින් පිරික්සා එහි විදුහුරු බව සපුරා දුටු කෙනෙකි සගයු වෙසරද - සංගීත විශාරද - සුනිල් සාන්තයෝ. අද එ නියරේ පිහිටා හෙළ සගයුව පණ පිහිටුවා එහි විසිතුරු දස අතට පාන්නට කැප වී එ වෙසර දුන් නැඟී සිටිනුයේ එ හෙයින් බව ඔවුන් මැ වදාරණ බණයි.