EduNET.LK
Site blog

"A HARROVIAN NIGHT"
The Harrows Sports Club gave an interesting pot-pourri of dances, songs and orchestral music last Saturday night to a crowded audience, which in- cluded the Mayor of Colombo.
Miss Corrinne Packeer's pupils were seen in a pleasing Minuet (heightened by colourful costuming) which drew a resounding ovation from the house. Ronnie Bartholomeusz and his South Sea Island Serenaders wound up the show with a bang-Therese Pietersz leading the hula-hula dancers, in typical Hawaiian fashion.
Among the other items of note were Sunil Shanti's songs (repeatedly encored) and Pitman Abraham's Sinatra- like crooning. Grace Borroughs gave two dance items. Sheridan Dias' snake dance was impressive.
Altogether it was first-class entertainment, and the young Harrovians deserved the encomiums showered on them after the show.
29.3.477 D.N

SONG AND DANCE IN AID
OF GIRLS' COLLEGE
The Song and Dance recital in aid of the Buddhist Girls' College, Mount Lavinia, held on Saturday night at St. Peter's College hall, Wellawatte, was largely attended. An almost fully crowded house was provided with a pleasing blend of Eastern song and dance and Western musical items.
The programme of 18 items. opened with a fascinating dance interpretation by Sujata de Silva one of the star performers of Shanti Kala Niketam. The Oriental section of the program was greatly enhanced by Sunil Shanti's singing. Sunil Shanti will hold any audience with his melodious voice, engaging personality and the poetic imagery of his songs. Sukhendu Dutt in an inspiring rendering of the Manipuri maintained his reputation as one-time dance partner of Srimati Mira Devi and Sadhona Bose. Premila of Chitra Sena's troupe in the Manipuri Dance, Lionel Edirisinghe at the Sitar, Prabhakar Nahas Deo of Sholapur Swarna and Dunstan de Silva, and Lakshman de Alwis were among the other prominent players.
Of the Western musical items, the able rendering of "Island Spell" (John. Ire-land) and 'Romance' (Sibelins) by Chitra Malalasekera at the piano; Doris de Zilva in a Cello solo (Kol Nidrei-Max Bruch) accompanied by Eardley de Zilva who also played Theme by Haydn in F., and Hector Edirisinghe in his popular Alpine interludes provided an interesting pot-pourri of good fare,

SONG AND DANCE RECITAL
at
ST. PETER'S COLLEGE HALL,
BAMBALAPITIYA
in aid of
The Buddhist Girls' College,
Mt. Lavinia
Tomorrow, at 6-30 p.m.
Artistes include: - Oriental:- Sunil
Shanti, Lionel Edirisinghe, Sukhendu Dutt,
Sujata de Silva, Premila, Prabharkar
Narhar Deo, Dunstan de Silva, Lakshman
de Alwis, Tennyson Rodrigo, Western:-
Chitra Malalasekera, Doris de Zilva,
Eardley de Zilva, Hector Edirisinghe.
Rates: Rs. 4/-, 3/-, 2/-, 1/-.
NO ENTERTAINMENT TAX.
20.06.1941
10.N.

Star Parade
A GALAXY of artistes, some wellknown in the Island among them, appeared on the Colombo Town Hall stage last night in a Potpourri of song and dance in aid of the newly-formed Bambalapitiya Y.M.B.A.
Hubert Rajapakse and Sunil Shanti with their vocal items, and Chinta Perera (of the Chitra Sena Troupe) and little Indira Menon with their dances. were the mainstay of the Eastern section of programme in which all others too contributed to the success of the evening. The programme opened with a pleasing "Saraswathie Puja" dance, by the students of Buddhist Girls' School, Campbell Place.
Luis Moreno, ever obliging to organisers of charity shows, ushered in the Western items with two 'cello solos which won much applause. He was followed by Soma Seneviratne (in songs) and six pupils of the Sample School of Dance who thrilled the audience with their gracefully skilful movements.
Clarence de Alwis provided the one and only "he-man" item by controlling his muscles-to the rhythm of piano music-just as he liked while G. C. P. Amarasekera and his daughter Augusta, amply proved that song and dance alone must not fill a variety programme.
The organisers had shown good judgment in the arrangement of the entertainment, though it was quite long-drawn-out. The others who provided items were Chitra, P. L. A. Somapala. Leonard Dias Bandaranaike, Swarna Samarasinghe and the Rotary Community Centre.
SHIRANEE,
5.7.1947

Oriental Song And
Dance Recital
AN Oriental Song and Dance Recital organised by Mr. Daya Hewavitarne was put up at the Town Hall in aid of the Mallika Home for the Aged and the Y.M.B.A., on Saturday evening.
The most outstanding items were those contributed by members of Chitra Sena's Troupe. Ganga Nath and Rupa Lekha formed an equisite pair as they danced the Lasya Nritya. an exposition of the elementary combinations of South Indian dancing. Rupa Lekha is still a little stiff compared to Premila whose fluid grace in dancing the Manipuri dance has much improved since her last appearance at the Town Hall about a month ago.
Outbursts of applause greeted Sunil Shanti's singing whose items were fully appreciated by all. Many even joined him off-stage!. The Western flourishes affected by his accompanists (and some times by him), however, tended to detract from the enjoyment as well as the value of his singing.
Sarat Sena's expert drumming are companied the two dances as well as the vocal items and helped to lift them above the average.
The Kandyan drummers and dancers. dressed for the stage and set in a flood of red light against a fake gate-way displayed their talents and the barbaric beauty of the Kandyan dances with an authentic air, their lean bodies jerking and swaying to the loud beats of the drums.
"Seela" gave her song a great deal of feeling and sentiment with unconscious ease and was also greatly appreciated. The stages lighting and decor were disappointing and monotonous.
On the whole the audience went home well pleased with the evening's entertainment.
16.12.46 D.N. L. S.

Presenting The Stars...
TAST night was presentation night for the Oriental "star" artistes got together by Mr. Daya Hewavitarne at the Town Hall, Colombo. Nearly every aspect of Oriental dance, music and song, except Sinhalese folk-songs was represented. (What has happened to our carters and harvesters' songs by the way?-they were such a craze- some years ago).
Those who missed Premila in her Manipuri item some weeks ago had another opportunity of seeing this talented dancer in an exquisite performance. Last night she showed much maturity and was pleasingly effortless in her lasya movements. There was nothing outstanding about Vivienne Seneviratne's Dance of Kuveni. Ganga Nath and Rupa Lekha of the Chitrasena School combined well again-graceful and attractive-in the Lasya Nritya which roused much appreciative comment last time.
Sunil Shanti was much called for and responded with two popular songs, rendered in a cleverly modulated voice. He was obliged to bow to the call of the audience a third time at the end of the show. "Seela" put in the required pathos and feeling in her Sinhalese song which was also well received. The Bharata Music Society Orchestra, and the Y.M.B.A. Orchestra (led by Lionel Edirisinghe) embellished the programme.
The whole show was, I think, a triumph for Mr. S. P. Sakalasuriya, the stage decor, whose novel and pleasing settings heightened the performances. The Maligawa Courtyard setting for the Kandyan Ves and Pantheru dances (both well done by unnamed per- formers) was his piece de resistance, helping to capture the spirit of the Hill Capital. One question lurked in me: Have we found in Sakalasuriya another J. D. A. Perera?
М. М. Т.
15. 12.46

පරගැති සංගීතය
*
සුනිල් සාන්තයන් විසිනි.
සුබස
(5 වැනි වෙළුම)
පමණ ඉක්මවා අනුන් ගේ දේට ආ වැඩීමට හෙළයා පුරුදු වැ සිටියි. ආ වඩා එයින් මැ මත් වී එයට මැ දස් වීමට එයටත් වඩා පුරුදු වැ සිටියි. රාවණයන් හැඩි දැඩි නපුරකු ලෙස පරයන් සලකන නිසා හෙළයා ද උඩ බිම නො බලා එයට මැ අනුව ඔවුනට අනුබල දෙයි. 'ඇපල්' ගෙඩියක් දුටු කාලයක් මතක නැතැ'යි කියමින් උඩු. මහල් තලයන්හි කඳුළු හෙළන්නන් ගේ පයට පෑගෙන්නේ බොහෝ විටැ අපේ අසරණ අඹ දඹ යැ. හොඹු වක් වී නැවී එබී-ගිය පර බල්ලන් ලගින්නේ මොවුන් ගේ තුරුල්ලේ හෝ විලූ ද කොට්ටයක් මතැ යැ. පර බසක් කට ගා-ගත් පමණින් තම බස මුළු තැන් ගෙට දක්කා ගාල් කිරීමට ඇතැම්හු මාන බලති. ලොවේ ඇති තාක් පරයන් අනුගමනය කළ නිසා, රාවණයන් ගේ කාලයේ ලොව'ගැ බැබැළුණ හෙළ සගයුවට කිමෙකින් කුමක් වුණා දැයි අද නො තේරෙන තරම් තමන් ගේ දේට අකුල් හෙළා අනුන්ගේ දේ හිස මුදුනින් පිළිගැනීමෙන් මෙ සේ පර ගැතියෙක් වෙයි හෙළයා !
විජයයන් ලකට බඩ-ගෑ දිනැ සිරිවත් පුරයේ මඟුල් පැවත්ත්වුණේ පරයන්ගෙන් අහිඳැ-ගත් සංගීතයේ වහලින් නොවේ. එහෙත් පසු කලෙකැ දෙමළුන් ගේ පැමිණීම නිසා අපේ සංගීතයට දෙමළ රුව එක් වන්නට වියැ. ඉන් පසු පරංගීහු පැමිණියහ. ඔහු අමුතු පිළිවෙළෙකැ සංගීතයක් පළ කළහ. ලංසින් ගේ පැමිණීම නිසා පරංගියා දැමූ පදනම සවි වියැ. ඉන් පසු ඉංගිරිසිහු පැමිණිය හ. ඔවුන් නිසා රට පුරා අපර දිග සංගීතය පැතිරිණි. ඉන්දියානු රස්නය කෙමෙන් වැඩි වන්නට පටන් ගත් විටැ කන්නඩි සංගීතයන් හින්දුස්තාන සංගීතයත් ලකට ගලා එන්නට පටන් ගති. දිගු කලක් පැළ දිගට ගැති වැ සිටැ විඩා පත් වූ හෙළසා දැන් අමුතු අතකට ගැති බවක් පායි. ඒ නිසා ගැති වෙයි, පෙරදිග අසල් වැසියාට. දුර සිටින්නකුට ගැති වුවද අසල් වැසියාට ගැති වුවද ගැත්තා නම් ගැත්තා මැ යි. සිය සවියෙන් යමක් නිපදවන්නට බැරි අඩියෙකැ සිටින තෙක් පර ගැති හෙළයාගේ තරම් මෙසේ මැ පවතියි. හොඳ දෙයකට ගරු කිරීම හැදුණු ගතියෙකි. එහෙත් ගරු කිරීම් වෙනුවට ගැති වීම නිහීන කමෙකි. 'ෂෙක් සපියර, රවිඳු නත තකුර වැනි උසස් කිවියන් නො පසසන්නෝ කවරහු ද? එ සේ මැ මිහිරි සංගීතයක් කනෙහි වැටුණු විටැ කන්වලට අගුල් ලන්නෝ කවරහු ද පැළ දිගැ වේවා, පෙරදිගැ වේවා ගරු කළ යුත්තා හෝ ගරු කළ යුතු දේ හෝ ගරු කළ යුතු මැයි. පැසැසියැ යුත්තා හෝ පැසැසියැ යුතු දේ හෝ පැසැසියැ යුතු මැයි. අපරදිග සංගීතය ඉතා සියුම් ලෙස හැඩ ගැසුණෙකි. අපි ඒ උගනිමු. ඒ ගයමු; වයමු; රස විඳිමු. එහෙත් ඒ අපේ කලාවෙක් නොවේ. එසේ මැ ඉන්දියානු සංගීතය ද මනා ලෙස හැඩ ගැසුණෙකි. එ ද අපි උගනිමු, ගයමු, වයමු. රස විඳිමු. ගරු කරමු. එහෙත් එ ද අපේ නොවේ. අපි ඉංගිරිසිය උගනිමු. ලතිනය උගනිමු. පරංස ජරමන්, ගිරීක්, දෙමළ, උරුදු, හින්දි ඈ හැම බසින් මැ උගනිමු. එහෙත් ඒ එකෙකුදු අපේ නොවේ. එසේ නම් කෝ අපේ දේ? ඒ යෙයි වළ පල්ලට. අහෝ! ගැති බවෙකැ මහත!
පෙර දිග සග යුව ඉගැනීමට යැයි අද බොහෝ දෙනා දඹ දිව් යෙති. මේ සේ අවට ලොවැ දියුණුවේ තරම් දැනැ ගැනීම තමන්ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීමට පිහිට වෙයි. එහෙත් තමන් ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීම පසෙකැ තිබියැ දී අනුනට එකතු වී තමනට මැ වළ කපන්නට පටන් ගත හොත් කෙළවරැ කිමෙකින් කිමෙක් වේ දැයි කාට කියැ හැකිද? හැදෑරීම් සඳහා එංගලන්තයට ගිය ඇතැමුන් ආ පසු ආයේ කළු ඉංගිරිසින් බවට පෙරැළි ගෙනැ යැ. එ බන්දන් ගෙන් දෙසට රැසට බසට සිදු වූමෙහෙය කිම? එසේ මැ දැන් අප දඹ දිව් ගොස් එහි ගති පැවැතුම්, සිරිත් විරිත් කලාවන් ඈ ඉගෙනැ ඒ එ ලෙස මැ අපේ හෙළ දිවේ පතුරුවන්නට පටන් ගත හොත් හෙළ දැයට යන කල කිමෙක්ද? අපට සංගීත යක් නැති නිසා අපි අනුන් පස්සේ යමු.
බසක් නැති නිසා අනුන් පස්සේ යමු. ඇඳුමක් නැති නිසා අනුන් පස්සේ යමු. අන් සෑම දෙයක් මැ නැති නිසා අනුන් පස්සේ මීට වඩා පර ගැති බවෙක් තවත් ඇද්ද! නැති නම් ඇති කැරැ ගන්නා සැටි නොසිතා සදාට මැ අනුන් පස්සේ හිඟා කා ඇවිදීම තරම් පරගැති බවෙක් ඇද්ද! "හිඟා කෑම බැරි වුණු තැනැ ලගී ගයා මර ගී."
අද අපේ හෙළ සගයුව ඉන්දියානු තැටි ගීයට හිමි වැ පවතී. තැටි ගීයෙහි තනුව පමණක් නො වැ වදන් ද ඇදැ-ගෙනැ බස කෙලෙසා වියරණ මරා අදහසක් නැති ගී බැඳැගන්නා තරම් දුබල අඩියකට අපේ 'සංගීතය' වැටිණ. අන් සෑම ජාතියක් මැ තමන්ගේ මිහිරි ගී, කවි ආදිය සංගීතය හා මුසු කොටැ ගයමින් සාහිත්‍ය රසය හා සංගීත රසය විඳින්නට මග හදාගෙන සිටින අතරැ අපේ හෙළ කවීන්ගේ පැබැඳුම්, පොතට පමණක් හිමි වෙයි. හෙළ ගී මිහිරට ගයා අසන්නන් කුල් මත් කරන්නට තරම් හැකියාවක් අපේ ගයුවනට නැති වීම ලොකු අඩුවකි. තනුව අනුවැ අදහස යෙදේද? අදහස අනුවැ තනුව යෙදේ ද යනු තව මැත් ඔවුනට විසඳා ගත නො හැකි වැ ඇති මුල් වනුයේ පැබැඳුමයි. එහි අදහස අනුවැ තනුව යෙදෙයි. එහෙත් අප අතරැ පැතිරැ පවත්නේ එහි ඉදිරි පැත්ත යි. තනුව ඇසූ පමණින් අසවල් ජාතිකයා ගේ සංගීතය යැයි හඳුනා ගත හැකි පරිදි සෑම සංගීතයක් මැ හැඩ ගැසී පවතී. යුරෝපා සංගීතය එක වරැ මැ අපට හඳුනා ගත හැකි යැ. හවායි දූවේ සංගීතය අමුතු මැ එකෙකි. ජපනුන්ගේ තවත් පිළිවෙළෙකි. ඉන්දියානු කන්නඩි සංගීතයේ ද හින්දුස්තාන සංගීතයේද ලොකු වෙනසෙකි. වංග සංගීතය මේ සියල්ලට මැ වෙනසි. මෙ ලෙසින් එක එක ජාතිකයාට වෙසෙස් වූසංගීතයන් ලොවැ පහළ වැ පවත්නා අතරැ පර ගැති හෙළයා අනුන් පස්සේ ගොස් හිඟා-ගත් දෙයින් හත් මාළුවක් තැනීමට පුරුදු වැ සිටියි. අහෝ, මේ ගැති කම කවර දා කෙළවර වේද !
කොල්ලුපිටියේ,
ගාලු පාරේ,
271 වැනි තන්හි දී යැ.

ආලොකය
භක්ති පූජා
අදයි වෙසක් පෝදා !
සංගීත් විශාරද් සුනිල් ශාන්ති මහතා විසිනි
1 සුදට සුදේ කිරි මූද ගලාදෝ- මහ මාවත ඔස්සේ
උපාසිකාවෝ තෙල් මල් සමඟින් - 'සාදු' කියායන්නෝ
අදයි වෙසක් පෝ දා - නංගෝ
යමු යමු අපි පන්සල්
2 සඳුන් කපුරු තෙල් මල් මුදුනින් ගෙන - සිංහල ලළනාවෝ
යෙති යෙති වැළ නොකැඩී අද පන්සල් - ඇත් ගමනින් පේවී
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
3 කුඩා ළමයි හිමිදිරියේ සිට මල් - නෙළලා කඩිමුඩියේ
බුදු පුජාවට පන්සල් යනවා - පේළි ගැසී උදයේ
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
4 විලෙන් නෙළුම් නෙළලා පොදි බැඳගෙන - සුදු ඇඳුමෙන් සැරසී
'සාදු' කියා බුදු පුදා වඳින්නට - හනිකට යමු පන්සල්
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
ප්‍රස්තාර සටහන
ස ග ග ම | ග රි ස රි | ග ප ප ප | ම _ ග _
සු ද ට සු | දේ _ කි රි | මූ _ ද ග | ලා _ දෝ _
ප ධ ස _ | නි ධ ධ නි | ප _ _ _ | _ _ _ _
ම හ මා _ | ව ත ඔ ස් | සේ _ _ _ | _ _ _ _
ධ ධ _ ධ | ධ _ ධ නි v | ප ධ ප ම | ග ග රි _
උ පා _ සි | කා _ වෝ _ | තෙ ල් ම ල් | ස ම ගි න්
ප ධ ප ම | ග _ රි _ | ස _ _ _ | _ _ _ _
සා _ දු කි | යා _ ය ත් | නෝ _ _ _ | _ _ _ _
ස ග _ ම | ප ධ නි _ | ස _ _ _ | ප ධ ග ම
අ ද යි වෙ | ස ක් පෝ _ | දා _ _ _ | නං _ ගෝ _
ප ධ ප ම | ග ග රි _ | ස _ _ _ | _ _ _ _
ය මු ය මු | අ පි ප න් | ස ල් _ _ | _ _ _ _
ලාකය
9
ආලොකය
1946. මැයි

140
ප්‍රබෝධය
සංගීතය ඉගෙනීමට කෙටි මග.
සුනිල් ශාන්ති විසිනි.
බෙහෝ දෙනා සංගීතය ඉගෙනීම සඳහා ඉදිරියට යන්නේ ඉතා ලොකු උනන්දුවකිනි. එහෙත් ඉන් පසු බසින්නේ ඊටත් වඩා ලොකු උනන්දුවකිනි. එසේ පසු බැස ගොස් නිකම් හිඳිත්ද? නැත, නඟති දොස් මුළු සංගීත වරිගයටම. පළමුවෙන් ම ඇස ඔරවා දත් මිටිකා, රවා බලන්නේ කා දෙස ද? අර අසරණ තූර්ය භාණ්ඩ දෙස ය. රැවිල්ලෙන් කෙළවර වෙනවා නම් මදෑ දෑතේ රහත් බොහෝ විට විඳින්නට සිදු වේ. එසේ රසවිඳ අගු කොමු වල බඩ ගෑ අසරණයින් තමා අද වැඩිපුර කැඩුම් බිදුම් වෙදුන් සොයා ගොස් මුළු මුළුවල පුස් කන්නේ.
පසු බැස් ස්සෝ පසු නොබලා ම පසු බසිති. කුරුල්ලා ගේ හඬත් දැන් ඔවුනට දැනෙන්නේ නයිනට අඳු කොළ මෙනි. එහෙත් රස්නය එක ලෙස ම පවතීද? නැත, පහළ බසී. එවිට ඇසෙහි මී පැණි මෙන් මිහිරි සංගීතයක්. පසු බැස්සෝ කන් යොමා නවතිත්. නැවතී සිට රස විඳිත් පැණි හැළියේ වැටුනු ඇඹලයින් මෙන්, "සංගීතය නම් අති මිහිරියි" කියමින් හිස වන වනා රස බොති. එසේ නම් වරක් කදුරු මෙන් තිත්ත වූයේ ? එය තමා විසදා ගත යුතු ප්‍රශ්නය.
මී පැණි කදුරු වුයේ කවුරුන්ගේ වරදින්ද? අන් කිසිවකුගේ නොව ගුරුවරයාගේම වරදින් ය. සංගීතය යනු කිමෙක් දැයි හරි හැටි දන්නා ගුරුවරයා තමාගේ ශිෂ්‍යයාට මුල් අවදියේ දී තූර්ය භාණ්ඩයකට අත ගැසීමකට කිසි විටක ඉඩ නො දෙයි. සංගීතය, කන පුහුණුව පිට ම රඳා පවතී. කන පුහුණුව නැති ව වයලිනය ඉගැන් වීමට ගොස් අද කරන විකාර ඒ දැක පුරුදු අයට විස්තර කළ යුත්තෙක් නොවේ. 'ස''ප' ස්වර දෙකේ හඬ වත් හරි හැටි නොදැන කෙසේ ද වයලිනය ස්වරයට සාදා ගන්නේ? ගුරුවරයා ශිෂ්‍යයාට වයලිනයේ ස්වර හඳුන්වා දීමට යොදන උපක්‍රමය නම් කීයත් වටී. නිදහසේ ඇඟිලි ලිස්සීම සාදා තිබෙන ඇඟිලි පෝරු පිට අලවයි කඩදාසි කැබලි මැලියම් ගා කඩදාසි කැබලි තිබෙන තෙක් ශිෂ්‍යයා 'කතී වෙණ මියන' ලෙසින් වයලිනය ගහයි. කඩදාසි පෙඟී ගැලවී ගිය දා ගහයි ඔහු වයලිනය අල්ලා පාළ වේ. පරංගියා කෝට්ටේ ගියාට දෙවන නොවන මේ ඉගැන්වීම් වල වැරදි අද වන තුරුත් ඒ ගුරුවරුනට නොපෙනී ගියේ සංගීතය ඉගෙනීමට ඉදිරිපත් වන්නගේ කුමන පාපයකටද?
අපට උත්පත්තියෙන් ම ලැබී තිබෙන තුර්‍ය භාණ්ඩයෙක් අප ලඟ තිබේ. උපන් දා සිට අපි ඒ වාදනය කරමු. එම නිසා එය පාවිච්චි කිරීමේ සෑහෙන පුරුද්දක් ද අපට තිබේ. එය අත්තිවාරම් කොට ගැනීම ය, සංගීතය ඉගෙනීමට ඇති කොටම මඟ කිමෙක් ද මේ තූර්‍ය භාණ්ඩය? උගුර, සින්දු කීමත් වැඩෙක් දැයි දැන් ප්‍රශ්නයක්
ඉපදිය හැක. ඒ එතරම් වැඩක් නොවන නිසා ය. දත් දෙයින් නොදත් දෙයට යා යුතු පරිදි එයින් ම ඉගෙනීම පටන් ගත යුත්තේ කන පුහුණු කිරීමට ඉතාම කෙටි මඟ ගායනය ය. හැබැයි, ඒ පුහුණුව ලබාගත යුත්තේ ඒ පිළිබඳ දැනුමක් ඇත්තකුගෙනි. කබායක් මසා ගැනීම සඳහා ආචාරියෙකු ලඟට ගිය හොත් වැඩේ හරියා ද? එසේම කන හා භඬ පුහුණු කර ගැනීම සඳහා, ඒ ගැන දැනීමක් නැත්තකු ලඟට ගියහොත් වැඩය වරදී.
1946.01
සංගීත විශාරද
තාගෝර් මහා කිවිඳුන්ගේ ශාන්තිනිකේතන විද්‍යාල
යයෙහි ද, ලක්නව්හි භාට්කන්න්ඩේ විශ්ව විද්‍යාලයයෙහි ද,
පුරා පස් වසක් සංගීත කලාව අධ්‍යයනය කොට "සංගීත
විශාරද '' යන උපාධිධාරි සුනිල් ශාන්ති මහත්මයා
අප විද්‍යාලයෙහි 1936 වර්ෂයෙහි අවසාන විභාගයෙන් සම
ත් වූ බී. ඩී ජෝශප් ජෝන් නමැති ශිෂ්‍යයාය.
මග්ගොන අභ්‍යාස විද්‍යාලයය

පාසලේ පසළොස් අවුරුදු සේවාව පිලිබද
පැසැසුම් උලෙළ
පින්වතාණෙනි
කොරළවැල්ලේ සදහමුදය බුදුනු පාසලේ මුල්ගුරු තැන වන මා එහි සේවාවට බැඳී මේ දාට පසළොස් වසෙක් ගෙවෙයි. මුලින් උප ගුරුවරයකු හැටියට ද ඉන් පසු මුල් ගුරු තැන හැටියට ද මෙහි කට-යුතු කිරීමේ දී පාසල දියුණුවට පමුණුවන්නට මට ලැබුණු ඉඩ පහසුකම් හැම විට මැ පාසලේ හුදු යහපත සඳහා යොදවා-ලිය හැකි වූයේත්, ඉන් පාසල අද ලබා ඇති උසස් තැනට පමුණුවන්නට පිළිවන් වූයේත්, ඒ පිණිස පාසලේ දියුණුව ඉත සිතින් පතන මෙහි දරුවන් ගේ දයාබර දෙමාපියන් ගෙන් ද, සෙසු බැහැර පින්වතුන්ගෙන්ද, ලැබුණු සැබෑ උද වුවත්, එකඟ කමත්, නියම සහයෝගයත් නිසා මැ බව මෙහිදී පළ කරනු කැමැත්තෙමි. පසු ගිය පසළොස් අවුරුද්දේ දී පාසලේ කට-යුතු දියුණු කිරීම සඳහා අපට හැම අතින් මැ උදවු දුන් සියලු පින්වතුන් මේ අවස්ථාවේ දී එකතු-පහදු කොට ඒ හැම් සත් පුරුෂයන් ගේ සහයෝගයේත් උපකාරයෙත් පරහිතතාවේත් සැබෑ ප්‍රතිඵල දක්වා සිටීම මැනැවැයි අදහස් කරමි.
ඒ සඳහා මහා සභා රැස්වීමෙක්
ඔක්තෝබර 6 වන ඉරු දිනැ ප. ව. 3 ට
පාසලේ දී පැවැත්වේ.
පාසලේ අදියුරු තැන්පත්,
M. රිචඩ් සල්ගාදු මහත් මාණෝ,
මුලසුනට පැමිණෙති.
ඉන්දු ලංකා දේශාන්තර කීර්තිමත්
'සංගීත විසාරද' සුනිල් සාන්ත සූරීහූ සිය පිරිස ද සමඟ පැමිණැ
අලුත්, පැරැණි, හෙළ, දඹදිව ගී ගයා වයා දැක්වීමෙන් මුළුව රසවත් කරන්නට
දයාවෙන් කැමැති වී සිටිත්.
පාසලේ පතිට මුල් ගුරු ක. සුරසේන මහතාණන් ගේ ද
තැන්පත් වැ සිටි, කතාවෙක් දෙසුම් අතරැ වෙයි.
අම්බලංගොඩ, සාදු ' චන්ද්‍ර ශ්‍රී' තෙරණුවන් ගේ ද
අනුශාසනයෙකි.
කොරළවැල්ලේ සදහමුදය පාසලේ සැබෑ දියුණුව පතා සිටින ආදී ශිෂ්‍යයන් ද,
දරුවන්ගේ දෙමාපියන් ද පාසලට හිතවත් සෙසු සියලු සත් පුරුෂයන් ද
වෙත මේ ආදරයෙන් කරන ආරාදනාවයි.
හැමට ස්තුතියි!
1946 සැප්තැම්බර 30,
මොරටුවේ, කොරළවැල්ලේ,
සදහමුදය පාසලේ දී යි.
ලැදි,
K.J.පෙරේරා,
මුල්ගුරු තැන.
'ලඞකා ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් '- මොරටුව