Blog entry by Sandika Madushan
Anyone in the world

ලංකාදීප, වර්ෂ 1948 ක්වූ ජූලි මස 16 වෙනි සිකුරාදා
සිංහල සංගීතය නොදියුණු මන්ද?
මෙතම් හිසින් ඔබ පත්හි සුනිල් ශාන්ත විසින් පළකරවන්ට යෙදුන ලිපිය නැරඹූ අපට ඒ පිළිබඳව අප අදහස් ද දක්වා ලන්නට ඉඩ දුන මැනවි. සිංහල සංගීතය සිංහල "රාග" අනුව ගැයුව යුතුය යනු අපේහැඟුමයි. සිංහල සංගීතයට "අපර දිග තාල" වැද්ද දෙන්නට යෑම විහිළුවකි. සිංහලත්වය අකාමකා දැමීමකි. මෙය මෙසේ අවධාරණයෙන් කිව යුතුව තිබෙන්නේ අපට ගුවන් විදුලි මගින් අසන්ට ලැබෙත සිංහල විවිධ ප්‍රසංග වැඩි හරියක්ම අපරදිග තාල-රාග අන්ධානුකරණයෙන් පිළියෙල වන ඒවා හෙයිනි. මෙය සිංහල සංගීතය ප්‍රිය කරන්නන්ට නොරුස්සන්නකි. සිංහල සංගීතයේ "තත්ත්වය" රැක ගන්නට නම් මෙයට වහා ප්‍රතිකර්මයක් කිරීම අවශ්‍යයි. මෙයට සිංහල සංගීතය ප්‍රිය කරන්නන්ගේ සැළකිල්ල යොමුවේවා!
ජේ. සමරජීව
ලෝරන්ස් විද්‍යාලය
කොළඹ.