Site blog

ගීතයක්
හඳ පානේ
දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මූදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැළැවෙන්නේ
බැබැළෙන හඳ පානේ
හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මහ ඉහළ බලා
'අම්බිලියෝ ' කියමින් හිනැහෙන්නී
බැබැළෙන හඳ පානේ
හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _
දිය මතු පිට කිරි රැල්ල නැගේ
ඔරුවෙක් තනි වී ඈත පෙනේ
'හෝ 'ගා මූදේ රැල්ල බිඳෙන්නේ
බැබැළෙන හඳ පානේ
හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _
වවුලන්ගේ හා බකමුණන්ගේ
නාදය ඉඳ හිට මටද ඇසේ
කිරි වෙනුවට ගොම සොයමින් යන්නා
බැබැළෙන හඳ පානේ
හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _
යතුර
ප ප ම ම ස ඟ රි රි ස රි ග ම ප _ _ _
දි ය ගො ඩ හැ ම තැ න කි රි ඉ ති රේ _ _ _
ප ප ම ම ග ම ප ධ නි ප ධ ධ ප _ _ _
ග ස් වැ ල් කි රි මු _ දේ _ කි _ දේ _ _ _
ස ස නි නි ධ ධ ප ප ධ ධ ප ප ම ම ග _
ම ඳ මු දු සු ළ ඟි න් අ ප නැ ළ වෙ න් නේ _
ම ධ ප ම ග ස රි _ ස _ _ _ _ _ _ _
බැ බැ ළෙ න හ ඳ පා _ නේ _ _ _ _ _ _ _
ස රි ග ම ප _ _ _ නි ප ධ _ ප _ _ _
හ ඳ පා _ නේ _ _ _ හ ඳ පා _ නේ _ _ _
ම ම ග රි ග _ _ _ රි _ ස නි ස _ _ _
හ ඳ පා _ නේ _ _ _ රෑ _ යා _ මේ _ _ _
- 'සංගීත් විශාරද්' සුනිල් ශාන්ති මහතා -

AT TOWN HALL ORIENTAL BALLET REVIVED
The Vidura, Ballet, Chitra Sena's dance-drama which once created a sensation in Oriental ballet on the Colombo stage, is being revived at the Colombo Town Hall, on Saturday November 2. The ballet is built on the Vidura Jataka, famous in Buddhist literature.
Chitra Sena, who plays the part of Puranaka, is supported by Ganganath as Kuru Raja, while Rupa Lekha and Premila will play the roles of Irandhathi, the Naga Raja's queen and Vimala her daughter.
Music direction is in the hands of Sunel Shanti, while the compositions are by Ananda Samarakoon. Besides the main Ballet, the program will include
song and dance items.
19.10.1946

SONG AND DANCE RECITAL AT UNIVERSITY
The University of Ceylon Mela (Society of Oriental arts) which has revived its activities after about five years, has organised a song and dance recital scheduled for this evening at 6.30 at the University hall.
The recital is produced by Mr. Demosthenes A. Jayawardene, the President of the mela, and some of Ceylon's leading Oriental artistes are included in the evening's card. A noteworthy feature is the first appearance of Miss N. Bhattacharya and Mr. S. Dutt. Local artists include, Sunil Shanti, Ananda Samarakone, Surya Shankar, Indira Meun and the Sri Palee players.
The proceeds are in aid of the Mela Funds.
19.10.1946

MELA, the Ceylon University's Society of Oriental Arts has again revived its activities after a lapse of about five years. The programme for the year includes classes in Oriental music, and dancing, a public song and dance recital, and an exhibition of paintings by members of the University.
Two singing classes in Sinhalese and Hindustani music and a dancing class for girls are being conducted by the well-known artistes, Sangeeth Visharad Sunel Santi, Mr. Ananda Samarakoone and Sri Prema Kumar respectively. These classes are already crowded and great enthusiasm, is said to prevail among the students of the University in the study of Oriental Music and dancing.
For the song and dance recital to be produced by the President of the Mela, Mr. Demosthenes Jayewardene, many of the leading Ceylon artistes have given their promise to contribute items.

අපේ සංගීතයට වූ බලවත්ම පාඩුව
මහත්මයාණනි,
ජාතියට මෙහෙයක් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් මුළු ජීවිත කාලයේ අධික වෙහෙස දරා කටයුතු කළ සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා මහතාගේ අභාවයෙන් අපට වුයේ කියා නිමකළ නොහැකි පාඩුවෙකි. භාරත මාතාවට විෂ්ණු නාරයන් භාට්ඛණ්ඩේද ලක් මවට ඇම් ජී පෙරේරාද ඇතිවූහ. පෙරදිග සංගීතය සම්බන්ධයෙන් අද ලක්දිව පවතින උනන්දුව පෙරේරා මහතාගේ අධික උත්සාහය නිසාම ඇති වූ බව එකහෙළා පිළිගත යුතුය. එතුමාගේ එකම බලාපොරොත්තුව වූයේ ලක්දිව පෙරදිග සංගීතය නගා සිටුවීමය. සංස්කෘත, හින්දි, මරාටි ආදී භාෂාවන් සෙවාත් සායෙන් ඉගෙන ප්‍රාවීන සංගීත ග්‍රන්ථයෙහි ගැඹුරු තැන්, ගැටලුතැන් තේරුම්ගෙන පැහැදිලි භාෂා
වෙන් ග්‍රන්ථ නිෂ්පාදනය කිරීමෙන් සිදු කළ මෙහෙය පුදුමාකාරය. අධික වෙහෙස දරා නිරාකුල දැනුමක් ලබාගත් පසු 1912 දී ගීත ශික්ෂකයේ ප්‍රථම භාගයත්, 1917 විතීය භාගය 1933 දී තෘතීය භාගයත් සපයන ලදහ. විද්‍යාව සම්බන්ධයෙන් සැපයුනු පොත් තුනෙකි. ගීත සුබොධිනී, සංගීත මධුව, සප්ත ස්වරය ආදී තවත් සංගීත පොත්ද වැනිසියේ වෙළෙන්දා සහ ජුලියට්, ජුලියස්සීසර්, නිමීෂියස් ආදී නාට්‍ය පොත්ද පෙරේරා මහතා විසින් සපයන ලදහ. පෙරේරා මහතා කළේ මුදල් උපයීමක් නම් නොව ජාතිය උදෙසා නොමසුරුව වියදම් කිරීමේකි. එතුමාගේ කාලය ගමන් කළේ සංගීතයත් සමඟ අත්වැල් බැඳගෙනය එතුමාගේ පුස්තකාලය සංගීත පුස්තකාලයකි. එතුමාගේ ගෘහය සප්ත ස්වරයෙන් නිමවූවෙකි. ඇත්තෙන්ම එතුමා සංගීතාචාර්යවරයෙකි සංගීතය නිසාම ඇති වූ එතුමාගේ
ශාන්ත ගති පැවතුම් අවශෙෂයනට ආදර්ශයෝ වූහ. අවාසනාවෙකි. එතුමාගේ උත්සහයේ නියම ප්‍රතිඵල එතුමාට දක්නට නොලැබින එතුමාගේ ව්‍යායාමයෙහි අගය බොහෝ දෙනාට නොවැටහුනි. එහෙත් වාසනාවකට මෙන් එතුමා සෙවනෙහි ඉගෙනීම ලැබුවෝ ලක්දිව වෙත්. ඒ මහතුන්ගේ උත්සහයය දැන් අවශ්‍ය වනුයේ පෙරේරා මහතා යෙදූ අත්තිවාරම ඒ මහතුන්ගේ උත්සාහයෙන් දියුණු විය යුතුය. එතුමා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය කවදා නමුත් ඇති විය යුතුය. ඒ එසේ වනතුරු එතුමාගේ ප්‍රාණයට සැනසීමෙක් නැත. එබැවින් එතුමාගෙන් ඉගෙනීම ලැබූ මහතුනි, සංගීත රසිකයිනි, ඒ අසරණ ප්‍රාණයට සැනසීම දීම සඳහා කටයුතු කිරීමට නැඟී සිටිමු.
මීට,
සුනිල් ශාන්ති.
ලක්නව්හි භාට්ඛණ්ඩේ
සංගීත විද්‍යාලයේදීය.
1942/05/25

ගුවන්විදුලි මගින්
මහත්මයාණනි,
පසුගිය සෙනසුරාදා පළවූ උක්ත ශීර්ෂයෙන් යුත් ලිපිය කියවා මේ ලිවීමට අදහස් කළෙමි.
විනීත් ජයසූරිය මහතාට අසන්නට ලැබුණු සරත්චන්ද්‍ර නෝනාගේ ඒ ගැයීම අපට ද අසන්නට ලැබින. එසේම චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් දෙන ලද ශබ්දවාහීනී තැටිය ද අසා තිබේ. බිභාෂ් රාගයට අයත් 'ජාගියේ ගොපාල' යන ඒ ගීතය ශාන්තිනිකේතනයේදීම ඉගෙනීමට අපටත් අවකාශ ලැබීම වාසනාවකි.
සරත්චන්ද්‍ර නෝනාගේ ගායනයෙහි වැරදි තැන් කීපයක් තමාට අසු වූ බැව් ජයසූරිය මහතා කියයි. ස:නෝනාගේ ගැයීමෙහි වැරදි ලෙස පෙනී ගිය තැන් නොතිබුණා නොවෙයි. එහෙන් ජ:මහතා සිතන තරම් වරදෙක් නොවීය.
ස:නෝනාගේ ගැයීමෙහි සදොස් තැන් කීපයක් අසු වූ තැන ව:නෝනාගේ ගැයිමෙහි එකද අඩු පාඩුවක් ජ:මහතාට අසු නොවීම පුදුමයෙකි. ව; කාන්තාවගේ ගැයීමෙහි බලවත් වැරදි කීපයක් පහත පෙනේ.
අපරදිග ක්‍රමයට ගැයීම: ස්වරයෙන් ස්වරයකට පැනීමෙන් ගැයීම පෙරදිග ක්‍රමයට අයිති නැත. (එබැවිනි, සර්පිනාව හෝ පියානාව හෝ පෙරදිග සංගීතයට නුසුදුසු.) ස්වර සම්බන්ධය ඇතිව හෙවත් 'මීර්' සහිතව ගැයීමය පෙරදිග ක්‍රමයෙහි ඇත්තේ.
රාග ඥානයක් නැතිව ගැයිම: රාගයකට අයත් ගීයක් ගැයීමට පෙර රාගය පිළිබඳට හොඳ අවබොධයක් තිබිය යුතුයි. ස්වර සමුහයක් ගැයූ පමණින් රාගය ප්‍රකාශ නොවෙයි. බිභාෂ් රාගය පිළිබඳ අවබෝධයක් නැතිව ගීය ගැයූ බව හොඳටම පැහැදිලිය.
ගායනය විය යුතු ස්වරය ගායනය නොවීම : නියමිත ස්වරය හරි හැටි ගායනය නොවී, එම ස්වරයට අඩුවෙන් හෝ වැඩියෙන් වූ ශ්‍රැතියක් ගායනයට වී තිබෙන තැන් කීපයකි.
මුර්ජනා යනු කුමක්දැයි නොදැන ගැයීම: ගීයක් අලංකාර වනුයේ දක්ෂ ලෙස මුර්ජනා යෙදීමෙනි. මේ ගායනයෙහි එක ද මුර්ජනාවකුත් නැතිවීම නිසා අසන්නාට ගීය විඩා ගෙනදෙයි.
මීට, සුනිල් ශාන්ති
දෙනියාගාත,
ජාඇල
(කොටයක් කපා හරින ලදි. කතෘ)
1943.06.25

ලියුම්
ගුවන්විදුලි මගින්
මහත්මයාණෙනි,
පසුගිය බදාදා සවස් භාගයෙහි ගුවන් විදුලි මගින් ප්‍රචාරය වුනු ගායනයකට ඇහුම්කන් දුන් මට මෙය ලිවීමට සිත් විය. ගායනය කෙරුනේ ඊ.ආර්.ද ඇස්. සරත් චන්ද්‍ර නෝනා විසිනි. එහිදී එක්තරා හින්දුස්ථානි ගීයක්ද ගායනය වුණේය. සිංහල හෝ හින්දුස්තානි හෝ වේවා ගායනය නම් නිවරදවා කළ යුතු විද්‍යාවකි.
එදින ගැයුණු එම හින්දුස්ථානි ගීය අපද උගෙන තිබේ. සරත් චන්ද්‍ර නෝනාද උගෙන ගන්නට ඇත්තේ අප උගත් ආයතනයෙන්ම බව නිසැකය. එදින ගායනයෙහි සදොස් තැන් කීපයක්ම අවබොධ විය. කීර්ති ශෙෂගත තුල්සිදාස යන්ගේ නිබන්ධයක් වූ එම හින්දුස්ථානි ගීතයෙහි සාරය, රාගය හා තාලයද ගෙන අප විසින් ගල පන ලදුව, අප ආයතනයෙහිම ගීත ශිෂ්‍යාවක් වන මාතර චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් චතුර හා මධුර ලෙසත් ගායනය කරන ලද සිංහල ගීය ශබ්ද වාහිනී තැටියක මගින් දැන් ප්‍රචාරය වී තිබේ.
මීට,
ගීත ශිෂ්‍ය, විනීත් ජයසූරිය
මැයි 27
ගම්පොල
(කොටසක් කපා හරින ලදී. කර්තෘ)
1943.06.19

ඉන්දියාවේ මහා සංගීත විද්‍යාලය
උසස් පුහුණුව ලබන ලාංකිකයෙක්
පුහුණු වූ පාඨශාලාචාර්යයවරයකු වශයෙන් ලක්නව්හි භාට්කණ්ඩෙ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඉගෙනීමෙහි යෙදී සිටින සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා නිවාඩු කාලය ගෙවීම සඳහා දැන් ලංකාවට පැමිණ සිටී. ඔහු පළමුව ශාන්ති නිකෙතනයේ අවුරුද්දක් වංග සංගීතය හදාරා අනතුරුව ගායනය හා සිතාර වාදනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීම පිණිස භාට්කණ්ඩෙ විද්‍යාලයට ඇතුළත් විය. පසුගිය වර්ෂයේ පැවැත්වූ පරීක්ෂණයෙන් දෙවෙනියාව සමර්ථ වූ සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා ලබන අවුරුද්දේ අයි.එම්.සී. ඩිප්ලෝමාව බලාපොරොත්තු වෙයි. සංගීතය හැදෑරීම සඳහා ලංකාවෙන් භාට්කණ්ඩේ විද්‍යාලයට ගිය ශිෂ්‍යයන් අතුරෙන් ගායනය පිළිබඳව ඉහළම පංතියේ ඉගෙනීම ලබන්නේ මේ මහතාය.
1941.06.09 - දිණමිණ

පුද්ගල ප්‍රවෘත්ති
පස් අවුරුදු ශිෂ්‍යත්වය ලබාගෙන සංගීතය උගැන්මට ලක්නව්හි භාත්කන්දෙ සංගීත විද්‍යාලයට ඇතුළු වූ සුනිල් ශාන්ති මහතා ඉගෙනීම සම්පූර්ණ කොට ලංකාවට පැමිණියේය. සුනිල් ශාන්ති මහතා මේ වර අවසාන වාද්‍ය විශාරද විභාගයෙන් පළමුවන පන්තියේ පළමුවැනියාට සමර්ථ වීය. තුන්වන අවුරුද්දේ ඒ මහතා ගායනය පිළිබඳව ඩිප්ලොමාව ලැබීය. එහෙයින් සුනිල් ශාන්ති මහතා වාදනය හා ගායනය යන දෙකින්ම ඉතා උසස් ලෙස සාමර්ථ්‍යය ලැබුවෙකි.
1944.12.28 - දිණමිණ


1942/06/07 - සිළුමිණ
ලක්දිව හින්දුස්ථානි සංගීතය
අප අතර පැතිරගොස් තිබෙනවිහිළු විකාර
ලාංකිකයන් අතර පවතින පෙරදිග සංගීතය වෙස් මුහුණු කීයකින් පෙනී සිටීද කියා බලමු.
1. පෙරදිග ක්‍රමයත් අපරදිග ක්‍රමයත් මිශ්‍ර වූ සංගීතය ය.
2. හින්දුස්තානි චිත්‍රපටි හා ශබ්ද වාහිනි තැටි මගින් පැතිර ගිය සංගීතය ය.
3. බෙංගාලි සංගීතය අනුව ගිය සංගීතය ය.
4. ඉන්දියානු රෙදි කඩකාරයන්ගෙන් පැතිර ගිය සංගීතය ය.
5. පොත් මගින් ඉගෙනගත් සංගීතය ය.
6. ඉහත කී එකකටවත් නැති හිතුමතයට පිළියෙල කරගත් සංගිතය
ආදි වෙස් මුහුණු බැඳ ඇතැමකු දෙවොල් නටන අතර නව යුවල සංගීතය යයි කියනුයේ සප්ත ස්වරයට යයි සිතා ස්වර සතේ නම් ඉගෙන හෙළයාගේ ගැයුම් වැයුම් හින්දුස්ථානියෙන් ගන්නා ලදැයි කීවෝ කවුරුද? මහ බොරුවෙක් කියා විසිඑක් වැනි ශතවර්ෂයට ගැලපෙන්නටදෝ
7. හෙළ මීයැසියක්ද නිපදුවෝල. එක කනයෙක්ද, දෙන් නෙක්ද, තුන්දෙනෙක්ද? කන රැළෙකි. යම් හෙයකින් මේ හින්දූ ස්ථානයෙන් ලූලකු පිහිනා ආ දිනක ඔහුට සවි ඇති ඉල ඇට ගොඩකුත් මා ගල් ගණනකුත් සපයා දෙන්නට සිදුවනවාට කිසිම අනුමානයක් නැත.
පෙරදිග සංගීතයට ඇති ඇල්ම නිසාම මුලින් දැක්වුනු ෂඩ්ප්‍රකාර සංගීතයට ලාංකිකයෝ ඇලුම් දක්වති, ගයති, වයති. පිරිසුදු විද්‍යානුකූල සංගීතය ඉගෙනීමට තවමත් නියම මාර්ගයක් නැති නිසා එම සංගීතයන්ට දොස් පැවරීමටද ක්‍රමයෙක් නැත. එහෙත් කිය යුත්තෙකි පෙරදිග සංගීතය නම් පෙරදිග සංගීතය ගයත්වා, අපරදිග සංගීතය නම් ඒ ගයත්වා, දෙක මිශ්‍ර කිරීම එළහරකාට මී හරකා ඈඳීම වැනි යයි මීන පෙරද කීමු. හින්දුස්ථානි චිත්‍ර පටි හා ශබ්දවාහිනි තැටි මහින් ප්‍රචාරයට පත් සංගීතය නියම හින්දුස්ථානි සංගීතය යයි බොහෝ දෙනෙකුගේ කල්පනාවය ඊට දෙන කෙටි පිළිතුර නම් නැත යන්නයි. බෙංගාලි සංගීතය පෙරදිග ක්‍රමයට හැඩ ගැ නු මිහිරි සංගීතයක් වුවද ඒ විද්‍යානුකූල සංගීතය නොවෙයි. ඒ සංගීතයෙහි ප්‍රධාන වනුයේ සාහිත්‍ය රසය ය. බෙංගාලි භාෂාවේ කාව්‍යයන් මිහිරි ලෙස ගායනය කිරීමය. ඒ සංගීතයෙහි ඇත්තේ ඉන්දියානු රෙදි කඩකාරයන් අතර පවතින සංගීතය තුම්රි හා ගසල්ය. ඒ ද විද්‍යානුකූල සංගීතය නොවෙයි. නානාප්‍රකාර රාගයනට අයත් ගීතයන් පොත් පත්හි අඩංගු වුව ද රාග ඥානය පිළිබඳ දැනීමක් නැතිව ඒ නිවැරදිව ගායනයකිරීම කොහෙත්ම කළ නොහැක්කෙකි.
හෙළ මීයැසිය නමින් නිපදවුනු ඒ අභිනව සංගීතය සම්බන්ධයෙන් ද කිය යුත්තෙකි. ඒ සංගීතය නිපදවූවෝ ගායනයත්, වාදනයත් ස්වර ප්‍රස්තාර යෙදීමත් ඒ මියැසියෙන් උගන්වත් ල. වාදනයන් සවර ප්‍රස්තාර කිරීමත් පසෙක තබා ගායනය පමණක් ගනිමු. ඒ ගීතය. ප්‍රස්තාරවූයේ ඇත්ත වශයෙන්ම තමන්ට ඇති ස්වර පිළිබඳ දැනි මෙන්මද? ඒ සංගීතාචාර්යයනට තීව්‍ර මධ්‍යමයෙත් කොමළ මධ්‍යම යෙත් වෙනසවත් ගායනයෙන් පෙන්වා දීමට දක්ෂකමක් තිබේද? ඉදිරිපත් වන ඕනෑම ස්වර ප්‍රස්තාරයක් තූර්යය භාණ්ඩයක සහයක් නොමැතිව නොපැකිළ ගායනය කිරීමට ඒ අය ඉදිරිපත් වෙත්ද? කුමටද මේ බොරු? ඇතැමකු කල්පනා කරනුයේ සංගීතය ඔවුනට උත්පත්තියෙන් ලැබුණු දායදයක්ය කියාය. සංගීත රසිකයිනි, එකිනෙකා සිතන තරම් සංගීතය ලුහුඬු දෙයක නොවේ. එබැවින් සිහි බුද්ධියෙන් කටයුතු කරත්වා!
අශ්ලීල සංගීතය
බොහෝ දෙනාට හින්දුස්ථානි සංගීතය යන නමත් තිත්තවීමට හේතු වූ ප්‍රධාන පිලිලය නම් බජව්ව හෙවත් සාජ්ජේ ය.
'ඒකයැ ජෙමා ඊයෙ රෑ සර්පිනාවේ අන්තිම නෝට්ටෙකටත් ඉහළ කීව නොවැ. ඌටම ගැල පෙන සීමා, ඌ තමයි ඩෝලේ පැලුවෙ' මෙබඳු කියුම් ගම්වල බොහෝ විට කියවෙයි. රා කළ ගෙඩි දෙක තුනක් ද, අරක්කු බෝතලයත් නැතත් භාගයක්වත් ද, යටත් පිරිසෙයින් සූදු කුට්‍ටමක් ද, අස නැති වුවවොත් සැතැප්ම ගණනක් දුරින් හෝ ලබා ගත් ගන්ජා මිටි කීපයක්ද, මේ සංගීතය සඳහා වුවමනාමය. දැන් සංගීතය ඇරඹීමට වේලාට ආසන්නය. සර්පිනාවත් තබ්ලාව හෝ බෝලයත් පසෙක හාන්සි වෙත්. කළගෙඩිත් බෝතලත් නාද කරන්නට පට ගනිත්. දැන් සර්පිනාවටත් බර වැඩ, ඩෝලෙට ආසන්නෙ, ජෙමා 'ඊ'නූලෙ. වරක හේ හුන් තැනින් නැඟිටියි, ඇහීල අගින් සිටියි, බෙරි හඬ දෙයි. අසල මිනිසුනටන් නින්ද නැත, ජෙමාට තුන් මුණින ඩාදිය. බෝතල කළ ගෙයි වෙලුනි. අමුතු සුරුට්ටුවක් රවුම් ගසයි. දැන් සියල්ලන්ගේ ඇස් කුකුල් කරමල් පරදත්. ඇතැමෙක් බේබිකපති. තව අයෙක් උන් සිටි තැන්වලම නිදති. තව කෙනෙක් ආ ගිය තැන් නැත. සුදු පළෙහි කෙනෙකු " බේබි ' කපන්නට දෝ ගෝනා මීට පිහියක් ඇදගති, වැඩ ගොඩෙකි. එළිවුණි ගම්මුලාදෑනියාටද වැඩ ගොඩයි, වටේ පිටේ ගස්වල රා නැතිව තව කලබලයෙකි. තව තව නොකිය හැකි කලබලද ගණනාවෙකි. බලාසිටියෙක් ජෙමාගෙත් සීමාගෙත්වරුනෙ අසල කෝපි කඩේ හිඳ ගෙන කියයි. මෙන්න අප සංගීතයක් පැවැත්වූවා.
පිරිසිදු හින්දුස්ථානී සංගීතය පැත්තෙක තිබියදී නිකරුනේ එය පිළිකුලට භාජනවන්නේ ඉහත පෙනුනු ක්‍රමයේ අශ්ලීල සංගීතයන් නිසාය. බොහෝ දෙනා තේරුම් ගෙන තිබෙන්නේ ඒ හින්දුස්ථානි සංගීතයය කියාය. නැත, එහි හින්දුස්ථානි සංගීතයෙහි ඡායාව කුදු නැත. ඒ හින්දුස්ථානි සංගීතයෙහි සම්පුර්ණ විරුද්ධ පැත්තය. එ බැවින් ඒ අදහස අතහැර නියම පිරිසුදු සංගීතය කුමකදැයි දැනගැනී මට දුන් කාලයය.
රාග ඥානය
අද ලක්දිව, නිවැරදිව රාගයක් ගායනය හෝ වාදනය කළ හැකි අය කී දෙනෙක් වෙත්ද? ඉතා ස්වල්පයෙකි. එහෙන් රාග මවන්නෝ නම් අනන්නයි, අප්‍රමාණයි. රාග තාල සහිත ගීතයක් වුවද ගායනය කළ යුත්තේ පළමුවෙන් ඒ රාගය පිළිබඳව හොඳ දැනීමක් ලබා ගත් පසුය. මන්ද එකම ස්වරය වෙනස් වෙනස් රාගයන්හිදී වෙනස් වෙනස් ක්‍රමවලට ගායනය කළ යුතුව තිබේ. එසේ ගායනය නොකළොත් රාගය ප්‍රකාශ නොවෙයි. එබැවින් ගී ගායනයට පෙර රාගයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. රාගයන් පීළිබඳ දැනීම ලබා ගැනීමට ස්වර ඥානය ඉතා තීක්ෂණ විය යුතුය. පළමුවෙන්ම ලබා ගත යුත්තේ ශුද්ධ ස්වරයන් පිළිබඳ දැනීම බවත්, ඒ ලබාගත යුතු ක්‍රමයක්, පුහුණු කළයුතු පහසු ක්‍රමයයත් මින් පෙර කියා දුනිමු ඉන්පසු කළ යුතු කොටස මෙහි සඳහන් කරමු.
බිලාවල් රාගය
බිලාවල් ථාටයට අයත් ස රි ග ම ප ධ නි යන ශුද්ධ ස්වරයන් පිළිබඳ දැනීම ලබාගත් පස එම ථාටයෙහි ප්‍රමුඛ රාගය වූ බිලාවල් රාගය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත යුතුය. මෙම රාගය පිළිබඳ සියලු විස්තර ශීත ශික්ෂකයෙහි වෙයි. සියල්ලට පළමු බිලාවල් රාගයෙහි ස්වරයන් යෙදෙන ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගත යුතුය. එක එක රාගයෙහි ස්වරයන් යෙදෙන ක්‍රමය එකින් එකට වෙනයි. රීතිය නොදැන තමන්ට කැමති පරිදි ස්වරයන් භාවිත කරන්නට ගියහොත් බොහෝ විට කිසිම රාගයක් ඇති විය නොහැක. ඇතැම් විට නා නා ප්‍රකාර රාගයන් ප්‍රකාශ විය හැක. එසේ ප්‍රකාශ විය හැකි රාගයන් ස්වල්පයක් මෙන්න
බිලාවල් ............ගරි, ගප, ධ, නිස
භූපාලි.............ග, රි, සධ, සරිග, පග, ධපග, රි, ස
දෙශ්කාර්...........ධ, ප, ගප, ගරිස
ශුද්ධ කළ්‍යාණ්.......ග, රිස, නිධප, ස, ගරි, පරි, ස
හමීර් ..............ස, රිස, ගමධ
කේදාර්.............ස, ම, මප, ධපම, පම, රිස
බිහාග් .............නිස, ගමප, ගමග, රිස
තිලක්කමෝද........පනිසරිග, ස, රිපමග, සනි
ඡායානට්............ප, රි, ගමප, මග, මරිස
ගෞඩසාරං .........ස, ගරිමග, පරිස
සංකරා.............ස, නිප, නිධ, ස, නිප, ගප, ගස
ගොඩමල්ලාර්.........රිගරිමගරිස, පමපධස, ධපම
ඉහත දැක්වුනු රාගයන් සියල්ල ටම ගැනුනේ ශුද්ධ ස්වරය. එහෙත් වෙනස් වෙනස් ක්‍රම වලින් යෙදී තිබේ. ඒ හේතුවෙන් වෙනස් වෙනස් රාගයන් ප්‍රකාශ විය. එබැවින් සැලකිලි සහිතව බිලාවල්හි ස්වර විස්තාරයත් පුහුණු විය යුතු ය.
තබ්ලාව භාවිතය
ගායනයේදී හෝ වාදනයේදී තබ්ලාව භාවිත කරන්නේ කුමටද, එය භාවිත කළයුතු නිවැරදි ක්‍රමය කුමක්දැයි නොදැන හිතුමතයට පොල් පලන්නාක් මෙන්, තාල් නීති අනුගමනය නොකොට තබලාව තැලීමට බොහෝ දෙනා පුරුදුව සිටිති.'හැකි තරම් දෑත නගා වෙර වඩා තැලූ පමණට දස්කම වැඩිය; දෑතෙහි ඇඟිලි දහය තමාට කැමති පරිදි භාවිත කළ හැකිය, තාලය යයි විද්‍යානුකූල දෙයක් නැත, වේලාවට අතට අසු වූ තාලය තාලයය' යනු ඔවුන්ගේ මතයෝය. ඉතින් කෙසේද අප සංගීතයෙන් ශාන්තියක් බලාපොරොත්තු වන්නෙ? ලුණු නැතිව කෑම රස නැත එහෙත් ප්‍රමාණයට පාවිචිචි කළ යුතුය. වැඩි වුවොත් බල්ලොත් නොකති. තබ්ලාව ද එමෙන් ප්‍රමාණයට භාවිත කළ යුතුය. ප්‍රමාණය ඉක්ම වූ තැන බල්ලෝ ගෙදරත් නොසිට බුර බුරා බැද්දට දුවයි. එසේ නම් එබඳු සංගීතයට ප්‍රියකරන්නෝ කවුරුද?
ගායනයේදී ප්‍රධාන වනුයේ ගායනයය. වාදනයේදී වාදනයය ගායකයාට හෝ වාදකයාට හෝ තාලය හා ලය දීමය, තබ්ලාවෙන් අදහස් කෙරෙනුයේ. ගායකයා ශබ්දය හෝ වැයෙන භාණ්ඩයෙහි ශබ්දය හෝ ඉක්මවා තබ්ලාව වාදනය නොකළ යුතුයි. තාලයන් පිළිබඳ හැඟීමක් හා ඒ තබ්ලාවෙහි වාදනය කළ යුතු ක්‍රමය ගැන හොඳ අවබෝධයක් පළමුවෙන් ඇති කර ගත යුතුය.මේ පිළිබඳ විස්තර ද ගීත ශික්ෂකයෙහි වෙයි.
තබ්ලාවෙහි ශබ්දය තමාට කැමති ලෙස සාදා ගැනීම රීතිය නොවෙයි. 'ස' ස්වරයට හෝ පංචමයට බොහෝ විට තබ්ලාව සාදාගනිත්. ඇතැම් විට සමග්‍රහයෙහි (සම්) ස්වරයට සාදා ගතිත්. ඉතා හොඳ ක්‍රමය නම් වාදී ස්වරයට සාදා ගැනීම යයි සිතමු. මාල්කොෂ්, කේදාර්, ලලිත් වැනි රාගයන් ගායනයේදී හෝ වාදනයේ දී එම රාගයන්ගෙ වාදී ස්වරය වූ මධ්‍යමයට (ම) තබ්ලාව සාදා ගැනීම යොග්‍යයි.
ලක්නව්හි භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙහි
සුනිල් ශාන්ත විසිනි