EduNET.LK
Site blog

පරගැති සංගීතය
*
සුනිල් සාන්තයන් විසිනි.
සුබස
(5 වැනි වෙළුම)
පමණ ඉක්මවා අනුන් ගේ දේට ආ වැඩීමට හෙළයා පුරුදු වැ සිටියි. ආ වඩා එයින් මැ මත් වී එයට මැ දස් වීමට එයටත් වඩා පුරුදු වැ සිටියි. රාවණයන් හැඩි දැඩි නපුරකු ලෙස පරයන් සලකන නිසා හෙළයා ද උඩ බිම නො බලා එයට මැ අනුව ඔවුනට අනුබල දෙයි. 'ඇපල්' ගෙඩියක් දුටු කාලයක් මතක නැතැ'යි කියමින් උඩු. මහල් තලයන්හි කඳුළු හෙළන්නන් ගේ පයට පෑගෙන්නේ බොහෝ විටැ අපේ අසරණ අඹ දඹ යැ. හොඹු වක් වී නැවී එබී-ගිය පර බල්ලන් ලගින්නේ මොවුන් ගේ තුරුල්ලේ හෝ විලූ ද කොට්ටයක් මතැ යැ. පර බසක් කට ගා-ගත් පමණින් තම බස මුළු තැන් ගෙට දක්කා ගාල් කිරීමට ඇතැම්හු මාන බලති. ලොවේ ඇති තාක් පරයන් අනුගමනය කළ නිසා, රාවණයන් ගේ කාලයේ ලොව'ගැ බැබැළුණ හෙළ සගයුවට කිමෙකින් කුමක් වුණා දැයි අද නො තේරෙන තරම් තමන් ගේ දේට අකුල් හෙළා අනුන්ගේ දේ හිස මුදුනින් පිළිගැනීමෙන් මෙ සේ පර ගැතියෙක් වෙයි හෙළයා !
විජයයන් ලකට බඩ-ගෑ දිනැ සිරිවත් පුරයේ මඟුල් පැවත්ත්වුණේ පරයන්ගෙන් අහිඳැ-ගත් සංගීතයේ වහලින් නොවේ. එහෙත් පසු කලෙකැ දෙමළුන් ගේ පැමිණීම නිසා අපේ සංගීතයට දෙමළ රුව එක් වන්නට වියැ. ඉන් පසු පරංගීහු පැමිණියහ. ඔහු අමුතු පිළිවෙළෙකැ සංගීතයක් පළ කළහ. ලංසින් ගේ පැමිණීම නිසා පරංගියා දැමූ පදනම සවි වියැ. ඉන් පසු ඉංගිරිසිහු පැමිණිය හ. ඔවුන් නිසා රට පුරා අපර දිග සංගීතය පැතිරිණි. ඉන්දියානු රස්නය කෙමෙන් වැඩි වන්නට පටන් ගත් විටැ කන්නඩි සංගීතයන් හින්දුස්තාන සංගීතයත් ලකට ගලා එන්නට පටන් ගති. දිගු කලක් පැළ දිගට ගැති වැ සිටැ විඩා පත් වූ හෙළසා දැන් අමුතු අතකට ගැති බවක් පායි. ඒ නිසා ගැති වෙයි, පෙරදිග අසල් වැසියාට. දුර සිටින්නකුට ගැති වුවද අසල් වැසියාට ගැති වුවද ගැත්තා නම් ගැත්තා මැ යි. සිය සවියෙන් යමක් නිපදවන්නට බැරි අඩියෙකැ සිටින තෙක් පර ගැති හෙළයාගේ තරම් මෙසේ මැ පවතියි. හොඳ දෙයකට ගරු කිරීම හැදුණු ගතියෙකි. එහෙත් ගරු කිරීම් වෙනුවට ගැති වීම නිහීන කමෙකි. 'ෂෙක් සපියර, රවිඳු නත තකුර වැනි උසස් කිවියන් නො පසසන්නෝ කවරහු ද? එ සේ මැ මිහිරි සංගීතයක් කනෙහි වැටුණු විටැ කන්වලට අගුල් ලන්නෝ කවරහු ද පැළ දිගැ වේවා, පෙරදිගැ වේවා ගරු කළ යුත්තා හෝ ගරු කළ යුතු දේ හෝ ගරු කළ යුතු මැයි. පැසැසියැ යුත්තා හෝ පැසැසියැ යුතු දේ හෝ පැසැසියැ යුතු මැයි. අපරදිග සංගීතය ඉතා සියුම් ලෙස හැඩ ගැසුණෙකි. අපි ඒ උගනිමු. ඒ ගයමු; වයමු; රස විඳිමු. එහෙත් ඒ අපේ කලාවෙක් නොවේ. එසේ මැ ඉන්දියානු සංගීතය ද මනා ලෙස හැඩ ගැසුණෙකි. එ ද අපි උගනිමු, ගයමු, වයමු. රස විඳිමු. ගරු කරමු. එහෙත් එ ද අපේ නොවේ. අපි ඉංගිරිසිය උගනිමු. ලතිනය උගනිමු. පරංස ජරමන්, ගිරීක්, දෙමළ, උරුදු, හින්දි ඈ හැම බසින් මැ උගනිමු. එහෙත් ඒ එකෙකුදු අපේ නොවේ. එසේ නම් කෝ අපේ දේ? ඒ යෙයි වළ පල්ලට. අහෝ! ගැති බවෙකැ මහත!
පෙර දිග සග යුව ඉගැනීමට යැයි අද බොහෝ දෙනා දඹ දිව් යෙති. මේ සේ අවට ලොවැ දියුණුවේ තරම් දැනැ ගැනීම තමන්ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීමට පිහිට වෙයි. එහෙත් තමන් ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීම පසෙකැ තිබියැ දී අනුනට එකතු වී තමනට මැ වළ කපන්නට පටන් ගත හොත් කෙළවරැ කිමෙකින් කිමෙක් වේ දැයි කාට කියැ හැකිද? හැදෑරීම් සඳහා එංගලන්තයට ගිය ඇතැමුන් ආ පසු ආයේ කළු ඉංගිරිසින් බවට පෙරැළි ගෙනැ යැ. එ බන්දන් ගෙන් දෙසට රැසට බසට සිදු වූමෙහෙය කිම? එසේ මැ දැන් අප දඹ දිව් ගොස් එහි ගති පැවැතුම්, සිරිත් විරිත් කලාවන් ඈ ඉගෙනැ ඒ එ ලෙස මැ අපේ හෙළ දිවේ පතුරුවන්නට පටන් ගත හොත් හෙළ දැයට යන කල කිමෙක්ද? අපට සංගීත යක් නැති නිසා අපි අනුන් පස්සේ යමු.
බසක් නැති නිසා අනුන් පස්සේ යමු. ඇඳුමක් නැති නිසා අනුන් පස්සේ යමු. අන් සෑම දෙයක් මැ නැති නිසා අනුන් පස්සේ මීට වඩා පර ගැති බවෙක් තවත් ඇද්ද! නැති නම් ඇති කැරැ ගන්නා සැටි නොසිතා සදාට මැ අනුන් පස්සේ හිඟා කා ඇවිදීම තරම් පරගැති බවෙක් ඇද්ද! "හිඟා කෑම බැරි වුණු තැනැ ලගී ගයා මර ගී."
අද අපේ හෙළ සගයුව ඉන්දියානු තැටි ගීයට හිමි වැ පවතී. තැටි ගීයෙහි තනුව පමණක් නො වැ වදන් ද ඇදැ-ගෙනැ බස කෙලෙසා වියරණ මරා අදහසක් නැති ගී බැඳැගන්නා තරම් දුබල අඩියකට අපේ 'සංගීතය' වැටිණ. අන් සෑම ජාතියක් මැ තමන්ගේ මිහිරි ගී, කවි ආදිය සංගීතය හා මුසු කොටැ ගයමින් සාහිත්‍ය රසය හා සංගීත රසය විඳින්නට මග හදාගෙන සිටින අතරැ අපේ හෙළ කවීන්ගේ පැබැඳුම්, පොතට පමණක් හිමි වෙයි. හෙළ ගී මිහිරට ගයා අසන්නන් කුල් මත් කරන්නට තරම් හැකියාවක් අපේ ගයුවනට නැති වීම ලොකු අඩුවකි. තනුව අනුවැ අදහස යෙදේද? අදහස අනුවැ තනුව යෙදේ ද යනු තව මැත් ඔවුනට විසඳා ගත නො හැකි වැ ඇති මුල් වනුයේ පැබැඳුමයි. එහි අදහස අනුවැ තනුව යෙදෙයි. එහෙත් අප අතරැ පැතිරැ පවත්නේ එහි ඉදිරි පැත්ත යි. තනුව ඇසූ පමණින් අසවල් ජාතිකයා ගේ සංගීතය යැයි හඳුනා ගත හැකි පරිදි සෑම සංගීතයක් මැ හැඩ ගැසී පවතී. යුරෝපා සංගීතය එක වරැ මැ අපට හඳුනා ගත හැකි යැ. හවායි දූවේ සංගීතය අමුතු මැ එකෙකි. ජපනුන්ගේ තවත් පිළිවෙළෙකි. ඉන්දියානු කන්නඩි සංගීතයේ ද හින්දුස්තාන සංගීතයේද ලොකු වෙනසෙකි. වංග සංගීතය මේ සියල්ලට මැ වෙනසි. මෙ ලෙසින් එක එක ජාතිකයාට වෙසෙස් වූසංගීතයන් ලොවැ පහළ වැ පවත්නා අතරැ පර ගැති හෙළයා අනුන් පස්සේ ගොස් හිඟා-ගත් දෙයින් හත් මාළුවක් තැනීමට පුරුදු වැ සිටියි. අහෝ, මේ ගැති කම කවර දා කෙළවර වේද !
කොල්ලුපිටියේ,
ගාලු පාරේ,
271 වැනි තන්හි දී යැ.

ආලොකය
භක්ති පූජා
අදයි වෙසක් පෝදා !
සංගීත් විශාරද් සුනිල් ශාන්ති මහතා විසිනි
1 සුදට සුදේ කිරි මූද ගලාදෝ- මහ මාවත ඔස්සේ
උපාසිකාවෝ තෙල් මල් සමඟින් - 'සාදු' කියායන්නෝ
අදයි වෙසක් පෝ දා - නංගෝ
යමු යමු අපි පන්සල්
2 සඳුන් කපුරු තෙල් මල් මුදුනින් ගෙන - සිංහල ලළනාවෝ
යෙති යෙති වැළ නොකැඩී අද පන්සල් - ඇත් ගමනින් පේවී
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
3 කුඩා ළමයි හිමිදිරියේ සිට මල් - නෙළලා කඩිමුඩියේ
බුදු පුජාවට පන්සල් යනවා - පේළි ගැසී උදයේ
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
4 විලෙන් නෙළුම් නෙළලා පොදි බැඳගෙන - සුදු ඇඳුමෙන් සැරසී
'සාදු' කියා බුදු පුදා වඳින්නට - හනිකට යමු පන්සල්
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
ප්‍රස්තාර සටහන
ස ග ග ම | ග රි ස රි | ග ප ප ප | ම _ ග _
සු ද ට සු | දේ _ කි රි | මූ _ ද ග | ලා _ දෝ _
ප ධ ස _ | නි ධ ධ නි | ප _ _ _ | _ _ _ _
ම හ මා _ | ව ත ඔ ස් | සේ _ _ _ | _ _ _ _
ධ ධ _ ධ | ධ _ ධ නි v | ප ධ ප ම | ග ග රි _
උ පා _ සි | කා _ වෝ _ | තෙ ල් ම ල් | ස ම ගි න්
ප ධ ප ම | ග _ රි _ | ස _ _ _ | _ _ _ _
සා _ දු කි | යා _ ය ත් | නෝ _ _ _ | _ _ _ _
ස ග _ ම | ප ධ නි _ | ස _ _ _ | ප ධ ග ම
අ ද යි වෙ | ස ක් පෝ _ | දා _ _ _ | නං _ ගෝ _
ප ධ ප ම | ග ග රි _ | ස _ _ _ | _ _ _ _
ය මු ය මු | අ පි ප න් | ස ල් _ _ | _ _ _ _
ලාකය
9
ආලොකය
1946. මැයි

140
ප්‍රබෝධය
සංගීතය ඉගෙනීමට කෙටි මග.
සුනිල් ශාන්ති විසිනි.
බෙහෝ දෙනා සංගීතය ඉගෙනීම සඳහා ඉදිරියට යන්නේ ඉතා ලොකු උනන්දුවකිනි. එහෙත් ඉන් පසු බසින්නේ ඊටත් වඩා ලොකු උනන්දුවකිනි. එසේ පසු බැස ගොස් නිකම් හිඳිත්ද? නැත, නඟති දොස් මුළු සංගීත වරිගයටම. පළමුවෙන් ම ඇස ඔරවා දත් මිටිකා, රවා බලන්නේ කා දෙස ද? අර අසරණ තූර්ය භාණ්ඩ දෙස ය. රැවිල්ලෙන් කෙළවර වෙනවා නම් මදෑ දෑතේ රහත් බොහෝ විට විඳින්නට සිදු වේ. එසේ රසවිඳ අගු කොමු වල බඩ ගෑ අසරණයින් තමා අද වැඩිපුර කැඩුම් බිදුම් වෙදුන් සොයා ගොස් මුළු මුළුවල පුස් කන්නේ.
පසු බැස් ස්සෝ පසු නොබලා ම පසු බසිති. කුරුල්ලා ගේ හඬත් දැන් ඔවුනට දැනෙන්නේ නයිනට අඳු කොළ මෙනි. එහෙත් රස්නය එක ලෙස ම පවතීද? නැත, පහළ බසී. එවිට ඇසෙහි මී පැණි මෙන් මිහිරි සංගීතයක්. පසු බැස්සෝ කන් යොමා නවතිත්. නැවතී සිට රස විඳිත් පැණි හැළියේ වැටුනු ඇඹලයින් මෙන්, "සංගීතය නම් අති මිහිරියි" කියමින් හිස වන වනා රස බොති. එසේ නම් වරක් කදුරු මෙන් තිත්ත වූයේ ? එය තමා විසදා ගත යුතු ප්‍රශ්නය.
මී පැණි කදුරු වුයේ කවුරුන්ගේ වරදින්ද? අන් කිසිවකුගේ නොව ගුරුවරයාගේම වරදින් ය. සංගීතය යනු කිමෙක් දැයි හරි හැටි දන්නා ගුරුවරයා තමාගේ ශිෂ්‍යයාට මුල් අවදියේ දී තූර්ය භාණ්ඩයකට අත ගැසීමකට කිසි විටක ඉඩ නො දෙයි. සංගීතය, කන පුහුණුව පිට ම රඳා පවතී. කන පුහුණුව නැති ව වයලිනය ඉගැන් වීමට ගොස් අද කරන විකාර ඒ දැක පුරුදු අයට විස්තර කළ යුත්තෙක් නොවේ. 'ස''ප' ස්වර දෙකේ හඬ වත් හරි හැටි නොදැන කෙසේ ද වයලිනය ස්වරයට සාදා ගන්නේ? ගුරුවරයා ශිෂ්‍යයාට වයලිනයේ ස්වර හඳුන්වා දීමට යොදන උපක්‍රමය නම් කීයත් වටී. නිදහසේ ඇඟිලි ලිස්සීම සාදා තිබෙන ඇඟිලි පෝරු පිට අලවයි කඩදාසි කැබලි මැලියම් ගා කඩදාසි කැබලි තිබෙන තෙක් ශිෂ්‍යයා 'කතී වෙණ මියන' ලෙසින් වයලිනය ගහයි. කඩදාසි පෙඟී ගැලවී ගිය දා ගහයි ඔහු වයලිනය අල්ලා පාළ වේ. පරංගියා කෝට්ටේ ගියාට දෙවන නොවන මේ ඉගැන්වීම් වල වැරදි අද වන තුරුත් ඒ ගුරුවරුනට නොපෙනී ගියේ සංගීතය ඉගෙනීමට ඉදිරිපත් වන්නගේ කුමන පාපයකටද?
අපට උත්පත්තියෙන් ම ලැබී තිබෙන තුර්‍ය භාණ්ඩයෙක් අප ලඟ තිබේ. උපන් දා සිට අපි ඒ වාදනය කරමු. එම නිසා එය පාවිච්චි කිරීමේ සෑහෙන පුරුද්දක් ද අපට තිබේ. එය අත්තිවාරම් කොට ගැනීම ය, සංගීතය ඉගෙනීමට ඇති කොටම මඟ කිමෙක් ද මේ තූර්‍ය භාණ්ඩය? උගුර, සින්දු කීමත් වැඩෙක් දැයි දැන් ප්‍රශ්නයක්
ඉපදිය හැක. ඒ එතරම් වැඩක් නොවන නිසා ය. දත් දෙයින් නොදත් දෙයට යා යුතු පරිදි එයින් ම ඉගෙනීම පටන් ගත යුත්තේ කන පුහුණු කිරීමට ඉතාම කෙටි මඟ ගායනය ය. හැබැයි, ඒ පුහුණුව ලබාගත යුත්තේ ඒ පිළිබඳ දැනුමක් ඇත්තකුගෙනි. කබායක් මසා ගැනීම සඳහා ආචාරියෙකු ලඟට ගිය හොත් වැඩේ හරියා ද? එසේම කන හා භඬ පුහුණු කර ගැනීම සඳහා, ඒ ගැන දැනීමක් නැත්තකු ලඟට ගියහොත් වැඩය වරදී.
1946.01
සංගීත විශාරද
තාගෝර් මහා කිවිඳුන්ගේ ශාන්තිනිකේතන විද්‍යාල
යයෙහි ද, ලක්නව්හි භාට්කන්න්ඩේ විශ්ව විද්‍යාලයයෙහි ද,
පුරා පස් වසක් සංගීත කලාව අධ්‍යයනය කොට "සංගීත
විශාරද '' යන උපාධිධාරි සුනිල් ශාන්ති මහත්මයා
අප විද්‍යාලයෙහි 1936 වර්ෂයෙහි අවසාන විභාගයෙන් සම
ත් වූ බී. ඩී ජෝශප් ජෝන් නමැති ශිෂ්‍යයාය.
මග්ගොන අභ්‍යාස විද්‍යාලයය

පාසලේ පසළොස් අවුරුදු සේවාව පිලිබද
පැසැසුම් උලෙළ
පින්වතාණෙනි
කොරළවැල්ලේ සදහමුදය බුදුනු පාසලේ මුල්ගුරු තැන වන මා එහි සේවාවට බැඳී මේ දාට පසළොස් වසෙක් ගෙවෙයි. මුලින් උප ගුරුවරයකු හැටියට ද ඉන් පසු මුල් ගුරු තැන හැටියට ද මෙහි කට-යුතු කිරීමේ දී පාසල දියුණුවට පමුණුවන්නට මට ලැබුණු ඉඩ පහසුකම් හැම විට මැ පාසලේ හුදු යහපත සඳහා යොදවා-ලිය හැකි වූයේත්, ඉන් පාසල අද ලබා ඇති උසස් තැනට පමුණුවන්නට පිළිවන් වූයේත්, ඒ පිණිස පාසලේ දියුණුව ඉත සිතින් පතන මෙහි දරුවන් ගේ දයාබර දෙමාපියන් ගෙන් ද, සෙසු බැහැර පින්වතුන්ගෙන්ද, ලැබුණු සැබෑ උද වුවත්, එකඟ කමත්, නියම සහයෝගයත් නිසා මැ බව මෙහිදී පළ කරනු කැමැත්තෙමි. පසු ගිය පසළොස් අවුරුද්දේ දී පාසලේ කට-යුතු දියුණු කිරීම සඳහා අපට හැම අතින් මැ උදවු දුන් සියලු පින්වතුන් මේ අවස්ථාවේ දී එකතු-පහදු කොට ඒ හැම් සත් පුරුෂයන් ගේ සහයෝගයේත් උපකාරයෙත් පරහිතතාවේත් සැබෑ ප්‍රතිඵල දක්වා සිටීම මැනැවැයි අදහස් කරමි.
ඒ සඳහා මහා සභා රැස්වීමෙක්
ඔක්තෝබර 6 වන ඉරු දිනැ ප. ව. 3 ට
පාසලේ දී පැවැත්වේ.
පාසලේ අදියුරු තැන්පත්,
M. රිචඩ් සල්ගාදු මහත් මාණෝ,
මුලසුනට පැමිණෙති.
ඉන්දු ලංකා දේශාන්තර කීර්තිමත්
'සංගීත විසාරද' සුනිල් සාන්ත සූරීහූ සිය පිරිස ද සමඟ පැමිණැ
අලුත්, පැරැණි, හෙළ, දඹදිව ගී ගයා වයා දැක්වීමෙන් මුළුව රසවත් කරන්නට
දයාවෙන් කැමැති වී සිටිත්.
පාසලේ පතිට මුල් ගුරු ක. සුරසේන මහතාණන් ගේ ද
තැන්පත් වැ සිටි, කතාවෙක් දෙසුම් අතරැ වෙයි.
අම්බලංගොඩ, සාදු ' චන්ද්‍ර ශ්‍රී' තෙරණුවන් ගේ ද
අනුශාසනයෙකි.
කොරළවැල්ලේ සදහමුදය පාසලේ සැබෑ දියුණුව පතා සිටින ආදී ශිෂ්‍යයන් ද,
දරුවන්ගේ දෙමාපියන් ද පාසලට හිතවත් සෙසු සියලු සත් පුරුෂයන් ද
වෙත මේ ආදරයෙන් කරන ආරාදනාවයි.
හැමට ස්තුතියි!
1946 සැප්තැම්බර 30,
මොරටුවේ, කොරළවැල්ලේ,
සදහමුදය පාසලේ දී යි.
ලැදි,
K.J.පෙරේරා,
මුල්ගුරු තැන.
'ලඞකා ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් '- මොරටුව

හිමිදිරියේ
මල් පිබිදී – ගෙනැ එන්නේ
මඳ මඳ, හිමිදිරි යාමේ. //
බඳුවද, කිනිහිරි, ඉද්ද, සමන්,
ඈ මල් හැම හිමිදිරියේ,
සෙමෙන් සෙමෙන් මේ සෙමින් සෙමින්,
නැළැවෙන්නා හිමිදිරියේ. — මල් පිබිදී —
සුවඳ කැවී එන සීත සුළං,
මා නළවයි හිමිදිරියේ,
මී මැස්සා රුං රුං ගාමින්,
කන් පිනවයි හිමිදිරියේ. — මල් පිබිදී —
සියොතුන් නද දී – ගෙනැ යන්නේ,
කොයිදෝ මේ හිමිදිරියේ,
පොඩි දරුවන් හඬ අන්න ඇසේ,
හිරි අරිමින් හිමිදිරියේ. — මල් පිබිදී —
දෙව් මැඳුරේ ගංටා නාදේ,
අන්න ඇසේ හිමිදිරියේ,
දෙව් බිළිඳුන් හට දවස පුදා,
අරඹමු වැඩ හිමිදිරියේ. — මල් පිබිදී —
සරු සැරිය.
ස _ ග ම ප ධ නි ප ධ _ ප _ _ _ _ _
ම ල් පි බි දී _ ගෙ නැ එ න් නේ _ _ _ _ _
ඟ ම ධ ප ම ග රි ස රි _ ස _ _ _ _ _
ම ඳ ම ඳ හි මි දි රි යා _ මේ _ _ _ _ _
ප ප ප ප ප ප ග ම ප – ස නි ධ _ _ _
බ ඳු ව ද කි නි හි රි ඉ ද් ද ස ම න් _ _
නි _ නි _ ස නි ධ ප ධ ධ ප _ _ _ _ _
ඈ _ ම ල් හැ ම හි මි දි රි යේ _ _ _ _ _
ධ ධ _ ධ ධ _ ම _ ධ ධ ධ ප ස _ _ _
සෙ මෙ න් සෙ මෙ න් මේ _ සෙ මෙ න් සෙ මි න් _ _
ග ම ධ ප ම ග රි ස රි රි ස _ _ _ _ _
නැ ළැ වෙ න් නා _ හි මි දි රි යේ _ _ _ _ _
- සුනිල් ශාන්ති -
1946.09 මිහිර

THE TIMES OF CEYLON,
India beats Ceylon
In Weight Lifting Competition
INDIA'S victory over Ceylon, in the Third Indo-Ceylon Weight Lifting Contest, held yesterday in the Zahira College Hall, was triumphant, not only in the fact that she beat Ceylon, but also in the overwhelming weights lifted.
Only in one event, the Light weight, could Ceylon approach the high standard attained by the Indians. In this class Dissanayake put up a good show although he was handicapped by injured wrists. Perhaps, being perfectly fit, he would have reversed the decision yesterday.
The honours of the day, however, go to D. P. Mony (India) in the Feather Weight class, who impressed the large audience by his exceptional lifts. In aggregating 580 lbs., he beat with ease T. S. J. Packeer Ally of the Kandy Y.M.C.A., by no less than a hundred and twenty pounds.
This young lifter, is only a few pounds below world standard. A good muscle controller, with the legs of a boxer, he has a great future before him. He well deserved the best lifter's Cup which he received amidst rounds of applause.
Sunil Shanti accompanied by various instruments sang several Sinhalese songs to an appreciative audience.
07.12.1946 TIMES

TODAY'S WEIGHT-LIFTING
TEST AT THE Y. M. B. A.
CEYLON TO MEET INDIA FOR
THIRD TIME
Today's Weight-Lifting Test between Ceylon and India (he third in the series will begin at the YMBA. at 6 o'clock. It has aroused considerable interest for since the arrival of the tourists it has been realised that Ceylon will have to go all put to defeat the splendid specimens of manhood who have come out on behalf of India.
There will actually be three contests for, though J. D Telang, the Middle- Weight title-holder, has come out it was found that Ceylon has not a man of his weight to oppose him. He will, however, give an exhibition performance.
Ceylon will be represented by T. S J. Packeer All in the Feather-Weight class, his opponent being Mani of Madras who holds the holds she Indian title and has to his credit three Indian records-2 hands press, 2 hands snatch and clean
and jerk
D. M. Dissanayake will be Ceylon's representative in the Light-Weight, his opponent being H. M. Shroff of Bom- hay, holder of the Indian title.
Ninnian (bantam) is the fourth member of the team but as International rules do not include bantams in championships, an arrangement was made whereby R. C. Thadam of the Kandy Y.M.C.A. will oppose Ninnian
Besides the weight-lifting contest, several variety items will be staged.
KEEN CONTEST EXPECTED
The Indo-Ceylon Weight-Lifting Contest is held once every two years. This year the third contest in the series has been fixed for 6 p.m. today at the Zahira College Hall under the patronage of Mr. Kurban Adamaly, Deputy Mayor of Colombo.
Mr. David Abraham, Manager of the Indian team, and Mr. Gaffoor, Assistant Manager, are both of opinion that the members of their team are perfectly fit and will give a good account of themselves. While the same cannot be said of the fitness of the
Ceylon team, this too could be expected to do their best.
Prospects of a keen contest are in store for those who go to watch the events, interspersed with variety items by Sunil Shanti. Sangeetha Visharad,in song, who will be well worth going a long way to hear, while another powerful attraction should be the amazing and perfect hand to hand balaning of Charles T. Perera. Colombo's New Fire-Chief, and Lennie Schhoorman, apart from an Oriental Dance by young Dhanapala.
The Mayor of Colombo, Mr. R. A. de Mel in a communication addressed So Mr. A. Mylvaganam, regretted his inability to have been present to welcome the Indian Team on arrival at Fort Station last Tuesday and expressed the hope of enjoying the pleasure of their company at the Meet. He also wished the Indian visitors a happy time in Ceylon.
On Tuesday, the day of their arrival In Colombo, they were the guests at dinner of Paris Hotel and of Pilawoos Hotel on Wednesday night. Last noon the Persian Hotel, had invited them for lunch and they were the guests of Mr. Justin Kotelawela at tea. On Saturday noon they will leave on a bour of Ceylon, beginning with Kandy and ending up with the ruined cities returning to Colombo for dinner on Monday night. On Tuesday night they will entrain for India thus concluding a woek's stay in the Island.
06.10.1946 D.N.

WEIGHT LIFTING
Yesterday's International
THE third International Weight-lifting Contest, between India and Ceylon was held yesterday at the Zahira College hall, and India won easily by 3 matches to 0.
Ceylon, though beaten, certainly put up a good show, and D. M. Dissanayake was the best performer. His total of 500 lbs. was only 35 lbs. less than that of his Indian opponent, Shroff.
Outstanding amongst the whole lot was D. P. Mony, of Madras, who is the Olympic Champion. He easily outclassed Packeer Ali and his total lift of 585 lbs. was the best in the whole meet.
The lifting events were interspersed with a number of Variety items which included several songs by Sunil Santi and also some classical Oriental Dances.
A most extraordinary spectacle was the superb Hand to Hand balancing feat of Charles T. Perera (the Fire Chief) and Lennie Schoorman. They displayed perfect understanding and went through the whole act with the utmost calm and nonchalence.
The following are the full results:-
Bantam Weight1) R. S. Nannian (India), Press 140 lbs., Snatch 145 lbs., Clean and Jerk 190 lbs., Total 475 lbs (2) R. C. Thadani (Ceylon), Press 130 lbs., Snatch 125 lbs., Clean and Jerk 165 lbs., Total 420 lbs.
Feather Weight1) D. P. Mony (India) Press 180 lbs., Snatch 170 lbs., Clean and Jerk 235 lbs., Total 585 lbs. (2) T. S. J. Packeer Ali (Ceylon), Press 130 lbs., Snatch 140 lbs., Clean and Jerk 195 lbs., Total 465 lbs.
Light Weight1) H. M. Shroff (India), Press 165 lbs., Snatch 160 lbs.. Clean and Jerk 210 lbs., Total 535 lbs. (2) D. M. Dissanayake (Ceylon), Press 145 lbs., Snatch 155 lbs., Clean and Jerk 200 lbs., Total 500 lbs.
T. D. Telang, the Indian Middle Weight title holder, having no opponent, gave an exhibition lift.
07.12.1946 obs.

HEAR
SUNIL SHANTI
SEE
Chas. Perera & Len. Schoorman
in perfect Hand to Hand balancing
at Indo-Ceylon Weight Lifting
Meet
ZAHIRA COLLEGE 6 p.m.
6th December, 1946
4/12
POPULAR RATES
4/12 DN


ඥානාර්ථ ප්‍රදීපය 1946 ක්වූ අගෝස්තු මස 4 වන දින ඉරිදා
මග්ගොන සැන්ට් ඇන්ටනිස් අභ්‍යාස විද්‍යාලය
ආරම්භය ඉතිහාසය හා ස්වර්ණ ජයන්තිය
පණස් වසකට ඔබ්බෙහි මේ විදුහල ඇරැඹියේ විහිද ගිය බෙර හඬ මධ්‍යයෙහි නොවේ. මෙතෙක් මේ මහා විද්‍යායතනයෙන් පුහුණු වූවෝ හත්සියයකටද අධික වෙති.අත්‍යුත්තම ක්‍රිස්ටෝපර් බොන්ජියන් රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ උපදෙස් පිට සාන්ත විසෙන්ති ගෘහයේ කළමනාකාර තැන්පත්ව සිටි සී.කොනීරාර්ඞ් පියතුමා කතෝලික ගුරුවරුන් උදෙසා ඇරඹූ පංතියෙහි වුවෝ ප්‍රැන්සිස්කත් සහෝදරවරු දෙදෙනෙකු සහ තවත් ගුරුවරු දෙදෙනෙකු පමණි. දියලගොඩ සී. ඩී. අන්තෝනියුස් ජයවර්ධන මහතා එහි ආචාර්යයවරයා වුයේය. මේ පස්දෙනාගේ "නෝර්මල් ඉස්කෝලය" වූයේ දීසාන්ත වින්සන්ති ගෘහයේ බරාඳයෙහිය. 1884 වැන්නෙහිදී අභ්‍යාස පාඨශාලාවක් සිදු වේ විවෘත කරන ලද නමුත් 1902 වැන්නේ දී වසා දමනු ලැබුවෙන් එහි ශිෂ්‍යයෝ ද මග්ගොනට පැමිණියහ.
ටික කාලයක් යනතුරු නෝර්මල් ඉස්කෝලයට ස්ථිර භූමි භාගයක් හෝ ගොඩනැගිල්ලක් නොවීය. දැන් පවත්නා විදුහල් බිම තෝරා ගැනීමෙත් පළමුවැනි පන්ති කාමර පේළිය ගොඩනැංවීමේත් ගෞරවය ඉසිදෝර් බෙල් පියතුමාට හිමි වේ. විද්‍යාලීය ශිෂ්‍ය ලෙබනයේ මුලටම නම වැටීමෙන් පළමු වැනි ශිෂ්‍යයා හැටියට ගණන් ගනු ලබනුයේ ඇම්. ඇම් ද සිල්වාසහෝදර තුමාය. ඒ පළමුවැනි ශිෂ්‍ය කණ්ඩායමෙන් දෙදෙනෙක් තවම ජීවතුන් අතර වෙති. ඒ දෙදෙනාගෙන් ජෝන් ජෝශප් සහෝදරතුමා ශුද්ධවන්තයන්ගේ ශාස්ත්‍රය, ශු.අන්තෝනි මුනිඳුන්ගේ චරිතය යන පොත් ලිවීමාදිය හේතු කොටගෙන කතෝලිකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි. ජීවතුන් අතර
සිටින අනෙක් ආදී ශිෂ්‍යයා වූ ඇස්.ඩි මර්සලින් සහෝදර තුමාද ගීත ප්‍රබන්ධය ගැන ප්‍රසිද්ධියක් උසුලයි අල්පොන්සස් ලිගොරි මුනිඳුන්ගේ පොතක් 'මරිය වහන්සේගේ මහිම' යනුවෙන් සිංහල කිරීම හේතු කොට ගෙන මේ අභ්‍යාස විද්‍යාලයයේ ආදීම ආචාර්යවරයාගේ නමද බොහෝ ප්‍රචාරයට ගියේය.
1907 වැන්නේදී සාන්ත වින්සෙන්ති ගෘහයේ අධිපති තනතුරට පත්ව ආ තෝමස් ගුලියෙල්මි පියතුමා අභ්‍යාස විද්‍යාලයයේ ද්‍රවීඪ අංශයකුත් ඇති කළේය. මේ හේතු කොට ගෙන කාලයක් තුළ අභ්‍යාස විද්‍යාලයයේ " පණහට - පණහ " පැවැති නමුදු ලියා පදිංචි කිරීමට සෑහෙන පමණ ද්‍රවිඪ ශිෂ්‍යයන් නොමැති වූයෙන් ඒ අංශය නවත්වා දමන ලදී. මග්ගොන දොන් බොස්කෝ නිවාසයේ අධිපතිව වෙසෙන මරිය ජෝශප් සහෝදරතුමා, අභ්‍යාස විද්‍යාලයයේ පැවති සිංහල දෙමළ අංශ දෙකින්ම පුහුණු වූ ගුරුවරයෙකි.
1915 වන විට 34 දක්වා අධික වූ ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ශිෂ්‍ය නිවාසයකුන් පිහිටුවනු ලැබීය. අභ්‍යාස විද්‍යාලයයේ තත්ත්වය උසස් කරනු සඳහා සහයොගයෙන් වැඩ කළ ඇන්ඩෘ ප්‍රනාන්දු පියතුමන්ගේ නමද මෙහිදී අමතක කළ නොහැකිය. වින්සෙන්ති ගෘහයේ අධිපතිතුමා හා ඔබ්ලේට් සහෝදරවරුද කලින් කල නොර්මල් ඉස්කෝලේ ඉගැන් වීම කළ ප්‍රැන්සිස්කන් සහෝදරවරුද අමතක නොකරනු ලබත්.සිහල කතෝලික ගුරුවරුන් සඳහා වූ එකම අභ්‍යාස විද්‍යාලය වූ මේ ආයතනය 1917 වැන්නෙහිදී පාදුවාහි සාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප කරන ලදී. ඒ අවස්ථාවේදී එතුමන්ගේ පිළිමය රැගෙන විද්‍යාලයය වටා පෙරහර පවත්වමින් ගායනා කරනු ලැබූ ගීතය මෙතෙක් හැම සන්ධ්‍යාවෙක්හිම ගායනා කැරෙන්නේය.
දවසින් දවසට දියුණු වූ මේ විද්‍යාලයයේ ඇතැම් ආදි ශිෂ්‍යයන් මෙහිම කාචාර්යයවරයන් වශයෙන්ද තව ඇතැම් ආදී ශිෂ්‍යයන් අභිනව අභ්‍යාස විද්‍යාලයයන්හි අධිපතීන් වශයෙන්ද පත්ව ඇත. බෝල වලානේ සාන්ත ප්‍රැන්සිස් ක්ෂෙවියර් අභ්‍යාස විද්‍යාලයයාධිපති මහතා සහ වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ අභ්‍යාස විද්‍යාලයයාධිපති මහතාත් මග්ගොන අභ්‍යාස විද්‍යාලයයෙහි ආදී ශිෂ්‍යයෝ වෙති. මේ විද්‍යායතනයන තුනේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පාඨශාලා පරීක්ෂකයකුව සිටි ඩි ඊ රණසිංහ මහතා එවකට පාඨශාලා සාමාන්‍යාධිකාරිව සිටි ජේ. බ්‍රෝල්ට් පියතුමන් විසින් 1919 දී පත් කරනු ලැබීය. ගුරුවරුන් 260 දෙනකුන් පුහුණුකර වූ සී. ඩී. ඒ. ජයවර්ධන මහතාගේ අස්වීමත් ඒ අවුරුද්දේම සිදුවිය.
' නෝර්මල් ඉස්කෝලේ ' දීප්තිමත් ශිෂ්‍යයකුව සිට 1916 වැන්නෙහිදී එහි කථිකාචාර්යය තනතරක් ලැබූ කෘෂිකර්මාන්තය පිළිබඳ ඩිප්ලෝමා සහතිකයක් සහ රන් පදක්කමක් දිනාගෙන ඇති ඩබ්ලිව් ටී. ප්‍රනාන්දු මහතා, ජයවර්ධන මහතාගෙන් පසු විද්‍යාලයාධිපති තනතුරට තෝරාගනු ලැබුවේ ගුරුවරුන්ගේ ගුරුවරයාව ධීමතුන්ගේධීමතාව තවමත් අප හා වාසය කරයි.
ශිෂ්‍යයන් සඳහා ඉඩකඩ ඇති ශාලාවක අවශ්‍යතාව පෙනී ගිය හෙයින් දැන් පවත්නා ලෙස 1919යෙදී ඇති ලප්‍රේර් පියතුමා ගොඩනැගිල්ල විශාල කරවුයේය. මේ කාර්යය සඳහා දිවයිනේ ශ්‍රෙෂ්ඨතම හෝරා යන්ත්‍ර විශෙෂඥයා වූ ක්‍රිස් ඕ ඇම් අයි සහෝදර තුමන්ගේ සහාය ලැබුණේය.
ඉතා සීඝ්‍රයෙන් දියුණු වූ මේ විද්‍යාලයය චිත්‍රකර්මය සහ හස්ත කර්මය පිළිබඳව විශේෂ ප්‍රසිද්ධියක් දරන්නට විය. මොරටුවේ ඩබ්ලිව්. ඇස්. ද මැල් යහ දන් කොටුවේ ඒ පි ජයමාන්න යන මහතුන් නිසා ඒ ප්‍රසිද්ධිය තවත් වැඩුණි. 1922 වැන්නෙහිදී පැවැත්වූ වේල්ස් ප්‍රදර්ශනයෙන් සහ 1923 වැන්නෙහිදී පැවැත් වූ සමස්ත ලංකා ප්‍රදර්ශනයෙනුන් ත්‍යාගයන් සහ අසාමාන්‍ය සහතික පත්‍රයනුත් ප්‍රශංසාත් මේ විද්‍යාලයය කරා ආයේය. ' ආදර්ශ ගෝල' බැලීම සඳහා කොළඹ ගාල්ල, ජාපනය, සහ මඩකලපුව ආදී පළාත් වලින් බොහෝදෙන මෙහි එන්නට ද වුහ. ශාරීරිකාභ්යාසයන් අතින්ද විද්‍යාලයය ඉතාම උසස් තත්වයක් ගන්නා බව ඇම්. ඩී සමරසිංහ මහතා නිගමනයකොට පැවැත්තේය. ප්‍රාචීන භාෂාවන් හදාරවනු සඳහා පානදුරේ ඩී. ඇම්. ඇස්. ශ්‍රී කවිරාජ් පඬිතුමාගේ ආචාර්යත්වයෙන් පංතියක් ද අරඹනු ලැබීය ක්‍රීඩා අතින්ද දියුණු තත්වයක පැවත මේ මග් ගොන අභ්‍යාස විද්‍යාලයය පේරාදෙනියේ, නිට්ටඹුවේ සහ කොළඹ අභ්‍යාස විද්‍යාලයයන් සමග පැවැත් වූ අත්පන්දු ක්‍රීඩා තරග හැමෙකකින්ම ජයග්‍රහණය කළේය.
විද්‍යාලයයට විදුලිය ආලෝකය ගෙන දීමෙන් අපට ලොකු පහසුවක් ඇති කළ ගරු බෝයර් පියතුමා අපි ආදරයෙන් සිහි කරම්හ. 1927 සිට 1931 දක්වා වූ කාලය තුළ එතුමාට සහායව සිටි හලාවත රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ද අපට අමතක කරනු බැරිය. කොළඹ අග්‍රරාජ ගුරු ප්‍රසාදි තැන්පත් මොන්සිදඤ්ඤොර් මැසොනී ස්වාමීන් වහන්සේත් සය අවුරුද්දක් අපේ විද්‍යාලයයේ කළමනාකාර ධුරයෙහි සිටිය බැව් පැවසීමට අපි සාඩම්බර වම්හ. විද්‍යාලීය ශිෂ්‍යයන් " මගේ ඉලන්දාරියෝ " යනුවෙන් ඇමතීමට පුරුදුව සිටි උන්වහන්සේ ශිෂ්‍යන්ගේ දියුණුව ඉතා ලැදි කමකින් බැලුහ. එවකට දිවයිනේ සියලුම අභ්‍යාස විද්‍යාලයයන් භාරව
සිටි අධ්‍යාපන නිලධාරියා වූ ඇස්. ගොඩ්ස්ප්‍රි මහතා මේ විද්‍යායතනයේ හොඳ හිතවතෙක් වූයේය. ඒ මහතා 1931 - 7 - 15 වැනි දින කථාවක් කරමින් මෙසේද කියා ඇත. '' මග්ගොන පුහුණුව ලබන්නෝ ආශිර්වාද ලද්දෝය. මම, මගේ පුතා හොඳ සිංහල ගුරුවරයකු කරවන්නට කැමැති වූයෙම් නම් ඔහු මේ අභ්‍යාස විද්‍යාලයයට එවනවා ඇත." මෙසේ හැම ස්ථානාන්තරයෙකින්ම 1932-2-29 වැනි දින මෙහි පිවිසි කන්නන්ගර ඇමති තුමාගෙන් පවා අපට ප්‍රශංසා ලැබෙන්නට විය.
අනුරාධපුරයේ සාන්ත මරියා පාසලේ ප්‍රධානාචාර්යව සිටි ටී. ඇම්. ඇම්. පෙරේරා මහතා 1931 වැන් නෙහිදී ආචාර්යය මණ්ඩලයට එක් වීමෙන් අපේ විදුහල තවත් පොහොසත් විය.
1933 වැන්නෙහිදී ඇති කළ පුස්තකාලය නිසාත් 1940 වැන්නෙහිදී ගෙනදුන් රෙඩියෝ යන්ත්‍රය නිසාන් ගරු තියඩෝර්ද සිල්වා පියතුමා විශෙෂයෙන් සිහිකළ යුතුය. තවද එතුමා අත්‍යුත්තම මාර්ක් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ වෙත කරුණු සැලකිරීම හේතු කොටගෙන අපට ලැබුණු උඩු මහල නිසා අද අපට ඈතින් ඇති මග්ගොන කඳු ගැට, මිටියාවත් හා කුඹුරු පේලි, කුරුඳු කැලෑ, රබර් වතු ආදිය බල බලා ප්‍රිති විය හැකි වේ.
අද පාඨශාලා සාමාන්‍යාධිකාරීව වෙසෙන අති ගරු ඩී. ජේ. ඇන්
(7 වන පිට බලනු)
7 වන පිට
පාඨශාලා පෙරමුණ
(දෙවන පිට හා සම්බන්ධයි)
තනි පියතුමා විසින් අප වෙනුවෙන් මුලින්ම කරනු ලැබූ ක්‍රියාවන්ගෙන් එකක් නම් විද්‍යාලීය උද්‍යොග පාඨයක් ඇති කොට දීමයි. එතුමාග 'සුරදුත සේවය '' නැමැති පොත ද විශෙෂයෙන්ම ලියා ඇත්තේ මේ ශිෂ්‍යයන් වෙනුවෙනි. මේ විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ ආගම ඉගැනීම හා ආගම ඉගැන්වීම පිළිබඳව වාර්ෂික පරීක්ෂණයක් පැවැත්වීමද ආරම්භකළේ මෙතුමාය. සුරදූත සේවය සඳහා ශිෂ්‍යයන්ට එතුමා මග පෙන් වීම කරගෙන යයි.
1938 වැන්නෙහිදී අති ගරු ඇල් පැරෝපියතුමා සාන්ත විනීසෙන්ති ගෘහයේ අධිපති තනතුරට පැමිණියේය. ශිෂ්‍යයන්ගේ වාර්ෂික ධර්මවිවේකය ආරම්භ කළ මෙතුමා ගොඩනැගිලි ආදිය අතිනුත් විද්‍යාලයයේ දියුණුව වර්ධනය කරනු සඳහා කටයුතු කරමින් වෙසෙයි. අභිනවවිද්‍යාලයාධිපතිතුමා පත් කරනු ලැබූවේ 1945 වැන්නේ ජනවාරි මාසයේදීය.
මේ පණස් වර්ෂය පිළිබඳ විවේචනයෙක යෙදෙන අප ස්තුති පූර්වකව සඳහන් කළ යුතු තවත් කාරණයක් නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපට ලැබුණු ආධාරෝපකාර සහ මඟ පෙන්වීමයි. අභ්‍යාස විද්‍යාලයන්හි කටයුතු පරීක්ෂක නිලධාරියාව සිටි ඇස්. ගොඩ්ප්‍රි වූ මහතාත්, උප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ආර්. වොට්සන් මහතාත් වරක් ගාල්ලේ දිස්ත්‍රික් පරීක්‍ෂක තැන්පත්ව සිටි කේ. ඇස්.අරුලන්දි මහතා සහ කළුතර කොට්ඨාසයේ පරීක්ෂක ජෝන් සිල්වා මහතාත් මෙහිලා විශෙෂයෙන් මතක් කරනු ලැබිය යුත්තෝය.
දිවසිනේ සියලුම කතෝලික පාඨශාලාවන්හි වැඩ කරන පුහුණු වූ ස්වභාෂා ගුරුවරුත් ආදරයෙන් සිහි කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙකකුන් මහජන සේවකයන් හැටියටත් ලේඛකයන් හැටියටත් ප්‍රසිද්ධව සිටින බව ද සතුටින් සඳහන් කරම්හ. අපේ එක ආදීශිෂ්‍ය මහතකු පෙරදිග සංගීතය පිළිබඳව අසාමාන්‍ය උපාධින් දිනාගෙන සුනිල් ශාන්ති නමින් සුප්‍රසිද්ධව සිටින බව සාඩම්බරයෙන් සඳහන් කළ හැකිව තිබේ. තවද අපේ ආදි ශිෂ්‍යයන් තිදෙනකු පළමු වැනි වරට ඇති කළ 'විද්‍යා විශාරද' පංතියට තේරීමන් අපටගෞරවයෙකි. එසේම ප්‍රාචීන භාෂා පිළිබඳ පණ්ඩිත සහතිකයත් දිනා ගත්තෝද හොඳ ගණනක් වෙති. මේ හැමටමත් වඩා ඉතා උච්ච ස්ථානයකට නැඟගත් අපේ ආදී ශිෂ්‍යයා නම් ඥානාර්ථ ප්‍රදීප පත්‍රයේ කර්තෘ තැන්පත් ඩී. පී. කුරු කුලසූරිය මහත්මයායි.
දැනට මේ විද්‍යාලයයේ ඇති ශිෂ්‍ය නිවාසයන් දෙකේ නේවාසික ශිෂ්‍යයන් 70 දෙනෙක් වෙති. නිවාස ක්‍රමය සහ නායක ක්‍රමය. මෙහි ආරම්භ කොට ඇත. ස්වර්ණ ජයන්තිය නිමිති කොට ගෙන 'ජයන්ති සංග්‍රහයය' ක්ද නිකුත් කරනවා ඇත ශුභාශංසනීය පණිවුඩ සහ ප්‍රයෝජනවත් නිබන්ධයන්ගෙන් සරසනු ලැබූ මේ සඟරාවෙහි විද්‍යාලීය ඉතිහාසයද සවිස්තරව දක්වාඇත. අගෝස්තු 24 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන අධ්‍යාපනීය සාකච්ඡා සම්මේලන කාලය තුළ දී මේ සඟරාව නිකුත් වේ, 26 වැනි දින දාවල් පැවැත්වෙන ජුබිලි භෝජන සංග්‍රහයෙකින් උත්සවය අවසන් වේ. ජුබිලි සඟරාව ලබා ගනු කැමැතෝ විද්‍යාලයයේ ප්‍රධානාධිපතිතුමාට දන්වා හැර ස්වකීය පිටපත් වෙන්කොට ගනිත්වා.
ජේ. ජී. පී. ජයසූරිය ඕ. ඇම්. අයි