Sandika Madushan
Blog entry by Sandika Madushan

140
ප්‍රබෝධය
සංගීතය ඉගෙනීමට කෙටි මග.
සුනිල් ශාන්ති විසිනි.
බෙහෝ දෙනා සංගීතය ඉගෙනීම සඳහා ඉදිරියට යන්නේ ඉතා ලොකු උනන්දුවකිනි. එහෙත් ඉන් පසු බසින්නේ ඊටත් වඩා ලොකු උනන්දුවකිනි. එසේ පසු බැස ගොස් නිකම් හිඳිත්ද? නැත, නඟති දොස් මුළු සංගීත වරිගයටම. පළමුවෙන් ම ඇස ඔරවා දත් මිටිකා, රවා බලන්නේ කා දෙස ද? අර අසරණ තූර්ය භාණ්ඩ දෙස ය. රැවිල්ලෙන් කෙළවර වෙනවා නම් මදෑ දෑතේ රහත් බොහෝ විට විඳින්නට සිදු වේ. එසේ රසවිඳ අගු කොමු වල බඩ ගෑ අසරණයින් තමා අද වැඩිපුර කැඩුම් බිදුම් වෙදුන් සොයා ගොස් මුළු මුළුවල පුස් කන්නේ.
පසු බැස් ස්සෝ පසු නොබලා ම පසු බසිති. කුරුල්ලා ගේ හඬත් දැන් ඔවුනට දැනෙන්නේ නයිනට අඳු කොළ මෙනි. එහෙත් රස්නය එක ලෙස ම පවතීද? නැත, පහළ බසී. එවිට ඇසෙහි මී පැණි මෙන් මිහිරි සංගීතයක්. පසු බැස්සෝ කන් යොමා නවතිත්. නැවතී සිට රස විඳිත් පැණි හැළියේ වැටුනු ඇඹලයින් මෙන්, "සංගීතය නම් අති මිහිරියි" කියමින් හිස වන වනා රස බොති. එසේ නම් වරක් කදුරු මෙන් තිත්ත වූයේ ? එය තමා විසදා ගත යුතු ප්‍රශ්නය.
මී පැණි කදුරු වුයේ කවුරුන්ගේ වරදින්ද? අන් කිසිවකුගේ නොව ගුරුවරයාගේම වරදින් ය. සංගීතය යනු කිමෙක් දැයි හරි හැටි දන්නා ගුරුවරයා තමාගේ ශිෂ්‍යයාට මුල් අවදියේ දී තූර්ය භාණ්ඩයකට අත ගැසීමකට කිසි විටක ඉඩ නො දෙයි. සංගීතය, කන පුහුණුව පිට ම රඳා පවතී. කන පුහුණුව නැති ව වයලිනය ඉගැන් වීමට ගොස් අද කරන විකාර ඒ දැක පුරුදු අයට විස්තර කළ යුත්තෙක් නොවේ. 'ස''ප' ස්වර දෙකේ හඬ වත් හරි හැටි නොදැන කෙසේ ද වයලිනය ස්වරයට සාදා ගන්නේ? ගුරුවරයා ශිෂ්‍යයාට වයලිනයේ ස්වර හඳුන්වා දීමට යොදන උපක්‍රමය නම් කීයත් වටී. නිදහසේ ඇඟිලි ලිස්සීම සාදා තිබෙන ඇඟිලි පෝරු පිට අලවයි කඩදාසි කැබලි මැලියම් ගා කඩදාසි කැබලි තිබෙන තෙක් ශිෂ්‍යයා 'කතී වෙණ මියන' ලෙසින් වයලිනය ගහයි. කඩදාසි පෙඟී ගැලවී ගිය දා ගහයි ඔහු වයලිනය අල්ලා පාළ වේ. පරංගියා කෝට්ටේ ගියාට දෙවන නොවන මේ ඉගැන්වීම් වල වැරදි අද වන තුරුත් ඒ ගුරුවරුනට නොපෙනී ගියේ සංගීතය ඉගෙනීමට ඉදිරිපත් වන්නගේ කුමන පාපයකටද?
අපට උත්පත්තියෙන් ම ලැබී තිබෙන තුර්‍ය භාණ්ඩයෙක් අප ලඟ තිබේ. උපන් දා සිට අපි ඒ වාදනය කරමු. එම නිසා එය පාවිච්චි කිරීමේ සෑහෙන පුරුද්දක් ද අපට තිබේ. එය අත්තිවාරම් කොට ගැනීම ය, සංගීතය ඉගෙනීමට ඇති කොටම මඟ කිමෙක් ද මේ තූර්‍ය භාණ්ඩය? උගුර, සින්දු කීමත් වැඩෙක් දැයි දැන් ප්‍රශ්නයක්
ඉපදිය හැක. ඒ එතරම් වැඩක් නොවන නිසා ය. දත් දෙයින් නොදත් දෙයට යා යුතු පරිදි එයින් ම ඉගෙනීම පටන් ගත යුත්තේ කන පුහුණු කිරීමට ඉතාම කෙටි මඟ ගායනය ය. හැබැයි, ඒ පුහුණුව ලබාගත යුත්තේ ඒ පිළිබඳ දැනුමක් ඇත්තකුගෙනි. කබායක් මසා ගැනීම සඳහා ආචාරියෙකු ලඟට ගිය හොත් වැඩේ හරියා ද? එසේම කන හා භඬ පුහුණු කර ගැනීම සඳහා, ඒ ගැන දැනීමක් නැත්තකු ලඟට ගියහොත් වැඩය වරදී.
1946.01
සංගීත විශාරද
තාගෝර් මහා කිවිඳුන්ගේ ශාන්තිනිකේතන විද්‍යාල
යයෙහි ද, ලක්නව්හි භාට්කන්න්ඩේ විශ්ව විද්‍යාලයයෙහි ද,
පුරා පස් වසක් සංගීත කලාව අධ්‍යයනය කොට "සංගීත
විශාරද '' යන උපාධිධාරි සුනිල් ශාන්ති මහත්මයා
අප විද්‍යාලයෙහි 1936 වර්ෂයෙහි අවසාන විභාගයෙන් සම
ත් වූ බී. ඩී ජෝශප් ජෝන් නමැති ශිෂ්‍යයාය.
මග්ගොන අභ්‍යාස විද්‍යාලයය