Site blog

Sandika Madushan
by Sandika Madushan - Saturday, 10 January 2026, 5:48 PM
Anyone in the world

Presenting The Stars...

TAST night was presentation night for the Oriental "star" artistes got together by Mr. Daya Hewavitarne at the Town Hall, Colombo. Nearly every aspect of Oriental dance, music and song, except Sinhalese folk-songs was represented. (What has happened to our carters and harvesters' songs by the way?-they were such a craze- some years ago).

Those who missed Premila in her Manipuri item some weeks ago had another opportunity of seeing this talented dancer in an exquisite performance. Last night she showed much maturity and was pleasingly effortless in her lasya movements. There was nothing outstanding about Vivienne Seneviratne's Dance of Kuveni. Ganga Nath and Rupa Lekha of the Chitrasena School combined well again-graceful and attractive-in the Lasya Nritya which roused much appreciative comment last time.

Sunil Shanti was much called for and responded with two popular songs, rendered in a cleverly modulated voice. He was obliged to bow to the call of the audience a third time at the end of the show. "Seela" put in the required pathos and feeling in her Sinhalese song which was also well received. The Bharata Music Society Orchestra, and the Y.M.B.A. Orchestra (led by Lionel Edirisinghe) embellished the programme.

The whole show was, I think, a triumph for Mr. S. P. Sakalasuriya, the stage decor, whose novel and pleasing settings heightened the performances. The Maligawa Courtyard setting for the Kandyan Ves and Pantheru dances (both well done by unnamed per- formers) was his piece de resistance, helping to capture the spirit of the Hill Capital. One question lurked in me: Have we found in Sakalasuriya another J. D. A. Perera?

М. М. Т.

15. 12.46

Tags:
 
Sandika Madushan
by Sandika Madushan - Wednesday, 7 January 2026, 8:27 PM
Anyone in the world

පරගැති සංගීතය
*

සුනිල් සාන්තයන් විසිනි.

සුබස
(5 වැනි වෙළුම)

පමණ ඉක්මවා අනුන් ගේ දේට ආ වැඩීමට හෙළයා පුරුදු වැ සිටියි. ආ වඩා එයින් මැ මත් වී එයට මැ දස් වීමට එයටත් වඩා පුරුදු වැ සිටියි. රාවණයන් හැඩි දැඩි නපුරකු ලෙස පරයන් සලකන නිසා හෙළයා ද උඩ බිම නො බලා එයට මැ අනුව ඔවුනට අනුබල දෙයි. 'ඇපල්' ගෙඩියක් දුටු කාලයක් මතක නැතැ'යි කියමින් උඩු. මහල් තලයන්හි කඳුළු හෙළන්නන් ගේ පයට පෑගෙන්නේ බොහෝ විටැ අපේ අසරණ අඹ දඹ යැ. හොඹු වක් වී නැවී එබී-ගිය පර බල්ලන් ලගින්නේ මොවුන් ගේ තුරුල්ලේ හෝ විලූ ද කොට්ටයක් මතැ යැ. පර බසක් කට ගා-ගත් පමණින් තම බස මුළු තැන් ගෙට දක්කා ගාල් කිරීමට ඇතැම්හු මාන බලති. ලොවේ ඇති තාක් පරයන් අනුගමනය කළ නිසා, රාවණයන් ගේ කාලයේ ලොව'ගැ බැබැළුණ හෙළ සගයුවට කිමෙකින් කුමක් වුණා දැයි අද නො තේරෙන තරම් තමන් ගේ දේට අකුල් හෙළා අනුන්ගේ දේ හිස මුදුනින් පිළිගැනීමෙන් මෙ සේ පර ගැතියෙක් වෙයි හෙළයා !

විජයයන් ලකට බඩ-ගෑ දිනැ සිරිවත් පුරයේ මඟුල් පැවත්ත්වුණේ පරයන්ගෙන් අහිඳැ-ගත් සංගීතයේ වහලින් නොවේ. එහෙත් පසු කලෙකැ දෙමළුන් ගේ පැමිණීම නිසා අපේ සංගීතයට දෙමළ රුව එක් වන්නට වියැ. ඉන් පසු පරංගීහු පැමිණියහ. ඔහු අමුතු පිළිවෙළෙකැ සංගීතයක් පළ කළහ. ලංසින් ගේ පැමිණීම නිසා පරංගියා දැමූ පදනම සවි වියැ. ඉන් පසු ඉංගිරිසිහු පැමිණිය හ. ඔවුන් නිසා රට පුරා අපර දිග සංගීතය පැතිරිණි. ඉන්දියානු රස්නය කෙමෙන් වැඩි වන්නට පටන් ගත් විටැ කන්නඩි සංගීතයන් හින්දුස්තාන සංගීතයත් ලකට ගලා එන්නට පටන් ගති. දිගු කලක් පැළ දිගට ගැති වැ සිටැ විඩා පත් වූ හෙළසා දැන් අමුතු අතකට ගැති බවක් පායි. ඒ නිසා ගැති වෙයි, පෙරදිග අසල් වැසියාට. දුර සිටින්නකුට ගැති වුවද අසල් වැසියාට ගැති වුවද ගැත්තා නම් ගැත්තා මැ යි. සිය සවියෙන් යමක් නිපදවන්නට බැරි අඩියෙකැ සිටින තෙක් පර ගැති හෙළයාගේ තරම් මෙසේ මැ පවතියි. හොඳ දෙයකට ගරු කිරීම හැදුණු ගතියෙකි. එහෙත් ගරු කිරීම් වෙනුවට ගැති වීම නිහීන කමෙකි. 'ෂෙක් සපියර, රවිඳු නත තකුර වැනි උසස් කිවියන් නො පසසන්නෝ කවරහු ද? එ සේ මැ මිහිරි සංගීතයක් කනෙහි වැටුණු විටැ කන්වලට අගුල් ලන්නෝ කවරහු ද පැළ දිගැ වේවා, පෙරදිගැ වේවා ගරු කළ යුත්තා හෝ ගරු කළ යුතු දේ හෝ ගරු කළ යුතු මැයි. පැසැසියැ යුත්තා හෝ පැසැසියැ යුතු දේ හෝ පැසැසියැ යුතු මැයි. අපරදිග සංගීතය ඉතා සියුම් ලෙස හැඩ ගැසුණෙකි. අපි ඒ උගනිමු. ඒ ගයමු; වයමු; රස විඳිමු. එහෙත් ඒ අපේ කලාවෙක් නොවේ. එසේ මැ ඉන්දියානු සංගීතය ද මනා ලෙස හැඩ ගැසුණෙකි. එ ද අපි උගනිමු, ගයමු, වයමු. රස විඳිමු. ගරු කරමු. එහෙත් එ ද අපේ නොවේ. අපි ඉංගිරිසිය උගනිමු. ලතිනය උගනිමු. පරංස ජරමන්, ගිරීක්, දෙමළ, උරුදු, හින්දි ඈ හැම බසින් මැ උගනිමු. එහෙත් ඒ එකෙකුදු අපේ නොවේ. එසේ නම් කෝ අපේ දේ? ඒ යෙයි වළ පල්ලට. අහෝ! ගැති බවෙකැ මහත!

පෙර දිග සග යුව ඉගැනීමට යැයි අද බොහෝ දෙනා දඹ දිව් යෙති. මේ සේ අවට ලොවැ දියුණුවේ තරම් දැනැ ගැනීම තමන්ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීමට පිහිට වෙයි. එහෙත් තමන් ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීම පසෙකැ තිබියැ දී අනුනට එකතු වී තමනට මැ වළ කපන්නට පටන් ගත හොත් කෙළවරැ කිමෙකින් කිමෙක් වේ දැයි කාට කියැ හැකිද? හැදෑරීම් සඳහා එංගලන්තයට ගිය ඇතැමුන් ආ පසු ආයේ කළු ඉංගිරිසින් බවට පෙරැළි ගෙනැ යැ. එ බන්දන් ගෙන් දෙසට රැසට බසට සිදු වූමෙහෙය කිම? එසේ මැ දැන් අප දඹ දිව් ගොස් එහි ගති පැවැතුම්, සිරිත් විරිත් කලාවන් ඈ ඉගෙනැ ඒ එ ලෙස මැ අපේ හෙළ දිවේ පතුරුවන්නට පටන් ගත හොත් හෙළ දැයට යන කල කිමෙක්ද? අපට සංගීත යක් නැති නිසා අපි අනුන් පස්සේ යමු.
බසක් නැති නිසා අනුන් පස්සේ යමු. ඇඳුමක් නැති නිසා අනුන් පස්සේ යමු. අන් සෑම දෙයක් මැ නැති නිසා අනුන් පස්සේ මීට වඩා පර ගැති බවෙක් තවත් ඇද්ද! නැති නම් ඇති කැරැ ගන්නා සැටි නොසිතා සදාට මැ අනුන් පස්සේ හිඟා කා ඇවිදීම තරම් පරගැති බවෙක් ඇද්ද! "හිඟා කෑම බැරි වුණු තැනැ ලගී ගයා මර ගී."

අද අපේ හෙළ සගයුව ඉන්දියානු තැටි ගීයට හිමි වැ පවතී. තැටි ගීයෙහි තනුව පමණක් නො වැ වදන් ද ඇදැ-ගෙනැ බස කෙලෙසා වියරණ මරා අදහසක් නැති ගී බැඳැගන්නා තරම් දුබල අඩියකට අපේ 'සංගීතය' වැටිණ. අන් සෑම ජාතියක් මැ තමන්ගේ මිහිරි ගී, කවි ආදිය සංගීතය හා මුසු කොටැ ගයමින් සාහිත්‍ය රසය හා සංගීත රසය විඳින්නට මග හදාගෙන සිටින අතරැ අපේ හෙළ කවීන්ගේ පැබැඳුම්, පොතට පමණක් හිමි වෙයි. හෙළ ගී මිහිරට ගයා අසන්නන් කුල් මත් කරන්නට තරම් හැකියාවක් අපේ ගයුවනට නැති වීම ලොකු අඩුවකි. තනුව අනුවැ අදහස යෙදේද? අදහස අනුවැ තනුව යෙදේ ද යනු තව මැත් ඔවුනට විසඳා ගත නො හැකි වැ ඇති මුල් වනුයේ පැබැඳුමයි. එහි අදහස අනුවැ තනුව යෙදෙයි. එහෙත් අප අතරැ පැතිරැ පවත්නේ එහි ඉදිරි පැත්ත යි. තනුව ඇසූ පමණින් අසවල් ජාතිකයා ගේ සංගීතය යැයි හඳුනා ගත හැකි පරිදි සෑම සංගීතයක් මැ හැඩ ගැසී පවතී. යුරෝපා සංගීතය එක වරැ මැ අපට හඳුනා ගත හැකි යැ. හවායි දූවේ සංගීතය අමුතු මැ එකෙකි. ජපනුන්ගේ තවත් පිළිවෙළෙකි. ඉන්දියානු කන්නඩි සංගීතයේ ද හින්දුස්තාන සංගීතයේද ලොකු වෙනසෙකි. වංග සංගීතය මේ සියල්ලට මැ වෙනසි. මෙ ලෙසින් එක එක ජාතිකයාට වෙසෙස් වූසංගීතයන් ලොවැ පහළ වැ පවත්නා අතරැ පර ගැති හෙළයා අනුන් පස්සේ ගොස් හිඟා-ගත් දෙයින් හත් මාළුවක් තැනීමට පුරුදු වැ සිටියි. අහෝ, මේ ගැති කම කවර දා කෙළවර වේද !

කොල්ලුපිටියේ,
ගාලු පාරේ,
271 වැනි තන්හි දී යැ.

Tags:
 
Anyone in the world

ආලොකය

භක්ති පූජා

අදයි වෙසක් පෝදා !

සංගීත් විශාරද් සුනිල් ශාන්ති මහතා විසිනි

1  සුදට සුදේ කිරි මූද ගලාදෝ- මහ මාවත ඔස්සේ
    උපාසිකාවෝ තෙල් මල් සමඟින් - 'සාදු' කියායන්නෝ

අදයි වෙසක් පෝ දා - නංගෝ
යමු යමු අපි පන්සල්

2 සඳුන් කපුරු තෙල් මල් මුදුනින් ගෙන - සිංහල ලළනාවෝ
   යෙති යෙති වැළ නොකැඩී අද පන්සල් - ඇත් ගමනින් පේවී

අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්

3 කුඩා ළමයි හිමිදිරියේ සිට මල් - නෙළලා කඩිමුඩියේ
   බුදු පුජාවට පන්සල් යනවා - පේළි ගැසී උදයේ

අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්

4 විලෙන් නෙළුම් නෙළලා පොදි බැඳගෙන - සුදු ඇඳුමෙන් සැරසී
   'සාදු' කියා බුදු පුදා වඳින්නට - හනිකට යමු පන්සල් 

අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්

ප්‍රස්තාර සටහන

ස  ග  ග  ම   |  ග  රි  ස  රි   |  ග  ප  ප  ප   |  ම  _  ග  _
සු  ද  ට  සු   |  දේ  _  කි  රි   |  මූ   _   ද   ග  |  ලා  _  දෝ  _

ප  ධ  ස  _   |  නි  ධ  ධ  නි    |  ප    _   _  _   |  _   _   _   _
ම  හ  මා  _  |  ව  ත  ඔ  ස්    |  සේ  _  _  _   |  _   _   _   _

ධ  ධ  _   ධ   |  ධ  _  ධ  නි  v |  ප  ධ  ප  ම   |  ග  ග  රි  _
උ  පා  _  සි   |  කා  _  වෝ  _ |  තෙ ල්  ම ල්  |  ස  ම  ගි  න්

ප  ධ  ප  ම   |  ග    _   රි   _   |  ස   _    _   _  |   _   _    _   _
සා  _  දු  කි   |  යා   _  ය  ත්   |  නෝ  _  _  _ |   _   _    _   _

ස  ග   _  ම   |  ප  ධ   නි   _    |  ස    _    _   _ |  ප   ධ  ග  ම
අ  ද  යි  වෙ   |  ස  ක්  පෝ  _  |  දා   _   _    _ |  නං  _ ගෝ  _

ප  ධ  ප   ම   |  ග   ග    රි  _    |  ස   _   _    _ |   _    _    _   _
ය  මු  ය   මු   |  අ    පි    ප  න්   |  ස ල්   _    _  |   _    _    _   _


ලාකය

9
ආලොකය
1946. මැයි

Tags:
 
Anyone in the world

140     

 ප්‍රබෝධය


සංගීතය ඉගෙනීමට කෙටි මග.

සුනිල් ශාන්ති විසිනි.

බෙහෝ දෙනා සංගීතය ඉගෙනීම සඳහා ඉදිරියට යන්නේ ඉතා ලොකු උනන්දුවකිනි. එහෙත් ඉන් පසු බසින්නේ ඊටත් වඩා ලොකු උනන්දුවකිනි. එසේ පසු බැස ගොස් නිකම් හිඳිත්ද? නැත, නඟති දොස් මුළු සංගීත වරිගයටම. පළමුවෙන් ම ඇස ඔරවා දත් මිටිකා, රවා බලන්නේ කා දෙස ද? අර අසරණ තූර්ය භාණ්ඩ දෙස ය. රැවිල්ලෙන් කෙළවර වෙනවා නම් මදෑ දෑතේ රහත් බොහෝ විට විඳින්නට සිදු වේ. එසේ රසවිඳ අගු කොමු වල බඩ ගෑ අසරණයින් තමා අද වැඩිපුර කැඩුම් බිදුම් වෙදුන් සොයා ගොස් මුළු මුළුවල පුස් කන්නේ.

පසු බැස් ස්සෝ පසු නොබලා ම පසු බසිති. කුරුල්ලා ගේ හඬත් දැන් ඔවුනට දැනෙන්නේ නයිනට අඳු කොළ මෙනි. එහෙත් රස්නය එක ලෙස ම පවතීද? නැත, පහළ බසී. එවිට ඇසෙහි මී පැණි මෙන් මිහිරි සංගීතයක්. පසු බැස්සෝ කන් යොමා නවතිත්. නැවතී සිට රස විඳිත් පැණි හැළියේ වැටුනු ඇඹලයින් මෙන්, "සංගීතය නම් අති මිහිරියි" කියමින් හිස වන වනා රස බොති. එසේ නම් වරක් කදුරු මෙන් තිත්ත වූයේ ? එය තමා විසදා ගත යුතු ප්‍රශ්නය.

මී පැණි කදුරු වුයේ කවුරුන්ගේ වරදින්ද? අන් කිසිවකුගේ නොව ගුරුවරයාගේම වරදින් ය. සංගීතය යනු කිමෙක් දැයි හරි හැටි දන්නා ගුරුවරයා තමාගේ ශිෂ්‍යයාට මුල් අවදියේ දී තූර්ය භාණ්ඩයකට අත ගැසීමකට කිසි විටක ඉඩ නො දෙයි. සංගීතය, කන පුහුණුව පිට ම රඳා පවතී. කන පුහුණුව නැති ව වයලිනය ඉගැන් වීමට ගොස් අද කරන විකාර ඒ දැක පුරුදු අයට විස්තර කළ යුත්තෙක් නොවේ. 'ස''ප' ස්වර දෙකේ හඬ වත් හරි හැටි නොදැන කෙසේ ද වයලිනය ස්වරයට සාදා ගන්නේ? ගුරුවරයා ශිෂ්‍යයාට වයලිනයේ ස්වර හඳුන්වා දීමට යොදන උපක්‍රමය නම් කීයත් වටී. නිදහසේ ඇඟිලි ලිස්සීම සාදා තිබෙන ඇඟිලි පෝරු පිට අලවයි කඩදාසි කැබලි මැලියම් ගා කඩදාසි කැබලි තිබෙන තෙක් ශිෂ්‍යයා 'කතී වෙණ මියන' ලෙසින් වයලිනය ගහයි. කඩදාසි පෙඟී ගැලවී ගිය දා ගහයි ඔහු වයලිනය අල්ලා පාළ වේ. පරංගියා කෝට්ටේ ගියාට දෙවන නොවන මේ ඉගැන්වීම් වල වැරදි අද වන තුරුත් ඒ ගුරුවරුනට නොපෙනී ගියේ සංගීතය ඉගෙනීමට ඉදිරිපත් වන්නගේ කුමන පාපයකටද?

අපට උත්පත්තියෙන් ම ලැබී තිබෙන තුර්‍ය භාණ්ඩයෙක් අප ලඟ තිබේ. උපන් දා සිට අපි ඒ වාදනය කරමු. එම නිසා එය පාවිච්චි කිරීමේ සෑහෙන පුරුද්දක් ද අපට තිබේ. එය අත්තිවාරම් කොට ගැනීම ය, සංගීතය ඉගෙනීමට ඇති කොටම මඟ කිමෙක් ද මේ තූර්‍ය භාණ්ඩය? උගුර, සින්දු කීමත් වැඩෙක් දැයි දැන් ප්‍රශ්නයක්
ඉපදිය හැක. ඒ එතරම් වැඩක් නොවන නිසා ය. දත් දෙයින් නොදත් දෙයට යා යුතු පරිදි එයින් ම ඉගෙනීම පටන් ගත යුත්තේ කන පුහුණු කිරීමට ඉතාම කෙටි මඟ ගායනය ය. හැබැයි, ඒ පුහුණුව ලබාගත යුත්තේ ඒ පිළිබඳ දැනුමක් ඇත්තකුගෙනි. කබායක් මසා ගැනීම සඳහා ආචාරියෙකු ලඟට ගිය හොත් වැඩේ හරියා ද? එසේම කන හා භඬ පුහුණු කර ගැනීම සඳහා, ඒ ගැන දැනීමක් නැත්තකු ලඟට ගියහොත් වැඩය වරදී.

1946.01


සංගීත විශාරද

තාගෝර් මහා කිවිඳුන්ගේ ශාන්තිනිකේතන විද්‍යාල
යයෙහි ද, ලක්නව්හි භාට්කන්න්ඩේ විශ්ව විද්‍යාලයයෙහි ද,
පුරා පස් වසක් සංගීත කලාව අධ්‍යයනය කොට "සංගීත
විශාරද '' යන උපාධිධාරි සුනිල් ශාන්ති මහත්මයා
අප විද්‍යාලයෙහි 1936 වර්ෂයෙහි අවසාන විභාගයෙන් සම
ත් වූ බී. ඩී ජෝශප් ජෝන් නමැති ශිෂ්‍යයාය.

මග්ගොන අභ්‍යාස විද්‍යාලයය

Tags:
[ Modified: Tuesday, 6 January 2026, 6:59 PM ]
 
Anyone in the world

පාසලේ පසළොස් අවුරුදු සේවාව පිලිබද

පැසැසුම් උලෙළ

පින්වතාණෙනි
කොරළවැල්ලේ සදහමුදය බුදුනු පාසලේ මුල්ගුරු තැන වන මා එහි සේවාවට බැඳී මේ දාට පසළොස් වසෙක් ගෙවෙයි. මුලින් උප ගුරුවරයකු හැටියට ද ඉන් පසු මුල් ගුරු තැන හැටියට ද මෙහි කට-යුතු කිරීමේ දී පාසල දියුණුවට පමුණුවන්නට මට ලැබුණු ඉඩ පහසුකම් හැම විට මැ පාසලේ හුදු යහපත සඳහා යොදවා-ලිය හැකි වූයේත්, ඉන් පාසල අද ලබා ඇති උසස් තැනට පමුණුවන්නට පිළිවන් වූයේත්, ඒ පිණිස පාසලේ දියුණුව ඉත සිතින් පතන මෙහි දරුවන් ගේ දයාබර දෙමාපියන් ගෙන් ද, සෙසු බැහැර පින්වතුන්ගෙන්ද, ලැබුණු සැබෑ උද වුවත්, එකඟ කමත්, නියම සහයෝගයත් නිසා මැ බව මෙහිදී පළ කරනු කැමැත්තෙමි. පසු ගිය පසළොස් අවුරුද්දේ දී පාසලේ කට-යුතු දියුණු කිරීම සඳහා අපට හැම අතින් මැ උදවු දුන් සියලු පින්වතුන් මේ අවස්ථාවේ දී එකතු-පහදු කොට ඒ හැම් සත් පුරුෂයන් ගේ සහයෝගයේත් උපකාරයෙත් පරහිතතාවේත් සැබෑ ප්‍රතිඵල දක්වා සිටීම මැනැවැයි අදහස් කරමි.

ඒ සඳහා මහා සභා රැස්වීමෙක්
ඔක්තෝබර 6 වන ඉරු දිනැ ප. ව. 3 ට
පාසලේ දී පැවැත්වේ.


පාසලේ අදියුරු තැන්පත්,

M. රිචඩ් සල්ගාදු මහත් මාණෝ,

මුලසුනට පැමිණෙති.
ඉන්දු ලංකා දේශාන්තර කීර්තිමත්
'සංගීත විසාරද' සුනිල් සාන්ත සූරීහූ සිය පිරිස ද සමඟ පැමිණැ
අලුත්, පැරැණි, හෙළ, දඹදිව ගී ගයා වයා දැක්වීමෙන් මුළුව රසවත් කරන්නට
දයාවෙන් කැමැති වී සිටිත්.

පාසලේ පතිට මුල් ගුරු    ක. සුරසේන මහතාණන් ගේ ද
තැන්පත් වැ සිටි,        කතාවෙක් දෙසුම් අතරැ වෙයි.

අම්බලංගොඩ, සාදු ' චන්ද්‍ර ශ්‍රී' තෙරණුවන් ගේ ද

අනුශාසනයෙකි.
කොරළවැල්ලේ සදහමුදය පාසලේ සැබෑ දියුණුව පතා සිටින ආදී ශිෂ්‍යයන් ද,
දරුවන්ගේ දෙමාපියන් ද පාසලට හිතවත් සෙසු සියලු සත් පුරුෂයන් ද
වෙත මේ ආදරයෙන් කරන ආරාදනාවයි.

හැමට ස්තුතියි!

1946 සැප්තැම්බර 30,
   මොරටුවේ, කොරළවැල්ලේ,
       සදහමුදය පාසලේ දී යි.

ලැදි,                        
K.J.පෙරේරා,
මුල්ගුරු තැන.

'ලඞකා ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් '- මොරටුව

Tags:
 
Sandika Madushan
by Sandika Madushan - Saturday, 3 January 2026, 12:35 AM
Anyone in the world

හිමිදිරියේ

මල් පිබිදී – ගෙනැ එන්නේ
මඳ මඳ, හිමිදිරි යාමේ. //
බඳුවද, කිනිහිරි, ඉද්ද, සමන්,
    ඈ මල් හැම හිමිදිරියේ,
සෙමෙන් සෙමෙන් මේ සෙමින් සෙමින්,
    නැළැවෙන්නා හිමිදිරියේ.  — මල් පිබිදී — 
සුවඳ කැවී එන සීත සුළං,
    මා නළවයි හිමිදිරියේ,
මී මැස්සා රුං රුං ගාමින්,
    කන් පිනවයි හිමිදිරියේ.   — මල් පිබිදී —
සියොතුන් නද දී – ගෙනැ යන්නේ,
    කොයිදෝ මේ හිමිදිරියේ,
පොඩි දරුවන් හඬ අන්න ඇසේ,
    හිරි අරිමින් හිමිදිරියේ.    — මල් පිබිදී —
දෙව් මැඳුරේ ගංටා නාදේ,
    අන්න ඇසේ හිමිදිරියේ,
දෙව් බිළිඳුන් හට දවස පුදා,
     අරඹමු වැඩ හිමිදිරියේ.   — මල් පිබිදී —


සරු සැරිය.

 
ස   _   ග   ම        ප  ධ  නි  ප     ධ   _  ප     _        _  _   _   _      
ම   ල්  පි   බි        දී  _  ගෙ නැ    එ  න්  නේ  _        _  _   _   _          

ඟ   ම   ධ  ප        ම  ග  රි  ස      රි   _   ස     _       _   _   _   _
ම   ඳ   ම   ඳ        හි  මි  දි  රි       යා  _  මේ    _      _   _   _   _

ප   ප   ප   ප         ප  ප  ග  ම      ප   –   ස   නි       ධ   _   _   _
බ   ඳු    ව  ද         කි  නි හි  රි       ඉ   ද්   ද    ස       ම  න්   _   _

නි   _   නි   _       ස  නි  ධ  ප       ධ  ධ    ප    _       _   _   _   _
ඈ   _   ම   ල්      හැ  ම  හි  මි       දි   රි   යේ   _       _   _   _   _

ධ    ධ   _   ධ       ධ   _   ම   _      ධ   ධ   ධ   ප      ස  _   _    _
සෙ මෙ න් සෙ     මෙ න් මේ  _     සෙ මෙ න්  සෙ     මි  න්  _    _

ග    ම   ධ   ප      ම   ග   රි   ස     රි    රි    ස    _       _  _   _   _
නැ   ළැ වෙ න්     නා  _   හි   මි     දි    රි   යේ   _      _  _   _   _

 - සුනිල් ශාන්ති -

1946.09       මිහිර

Tags:
 
Sandika Madushan
by Sandika Madushan - Saturday, 3 January 2026, 12:09 AM
Anyone in the world

THE TIMES OF CEYLON,

India beats Ceylon

In Weight Lifting Competition

INDIA'S victory over Ceylon, in the Third Indo-Ceylon Weight Lifting Contest, held yesterday in the Zahira College Hall, was triumphant, not only in the fact that she beat Ceylon, but also in the overwhelming weights lifted.

Only in one event, the Light weight, could Ceylon approach the high standard attained by the Indians. In this class Dissanayake put up a good show although he was handicapped by injured wrists. Perhaps, being perfectly fit, he would have reversed the decision yesterday.

The honours of the day, however, go to D. P. Mony (India) in the Feather Weight class, who impressed the large audience by his exceptional lifts. In aggregating 580 lbs., he beat with ease T. S. J. Packeer Ally of the Kandy Y.M.C.A., by no less than a hundred and twenty pounds.

This young lifter, is only a few pounds below world standard. A good muscle controller, with the legs of a boxer, he has a great future before him. He well deserved the best lifter's Cup which he received amidst rounds of applause.

Sunil Shanti accompanied by various instruments sang several Sinhalese songs to an appreciative audience.


07.12.1946 TIMES

Tags:
 
Anyone in the world

TODAY'S WEIGHT-LIFTING
TEST AT THE Y. M. B. A.

CEYLON TO MEET INDIA FOR
THIRD TIME

Today's Weight-Lifting Test between Ceylon and India (he third in the series will begin at the YMBA. at 6 o'clock. It has aroused considerable interest for since the arrival of the tourists it has been realised that Ceylon will have to go all put to defeat the splendid specimens of manhood who have come out on behalf of India.

There will actually be three contests for, though J. D Telang, the Middle- Weight title-holder, has come out it was found that Ceylon has not a man of his weight to oppose him. He will, however, give an exhibition performance.

Ceylon will be represented by T. S J. Packeer All in the Feather-Weight class, his opponent being Mani of Madras who holds the holds she Indian title and has to his credit three Indian records-2 hands press, 2 hands snatch and clean
and jerk

D. M. Dissanayake will be Ceylon's representative in the Light-Weight, his opponent being H. M. Shroff of Bom- hay, holder of the Indian title.

Ninnian (bantam) is the fourth member of the team but as International rules do not include bantams in championships, an arrangement was made whereby R. C. Thadam of the Kandy Y.M.C.A. will oppose Ninnian

Besides the weight-lifting contest, several variety items will be staged.


KEEN CONTEST EXPECTED

The Indo-Ceylon Weight-Lifting Contest is held once every two years. This year the third contest in the series has been fixed for 6 p.m. today at the Zahira College Hall under the patronage of Mr. Kurban Adamaly, Deputy Mayor of Colombo.

Mr. David Abraham, Manager of the Indian team, and Mr. Gaffoor, Assistant Manager, are both of opinion that the members of their team are perfectly fit and will give a good account of themselves. While the same cannot be said of the fitness of the
Ceylon team, this too could be expected to do their best.

Prospects of a keen contest are in store for those who go to watch the events, interspersed with variety items by Sunil Shanti. Sangeetha Visharad,in song, who will be well worth going a long way to hear, while another powerful attraction should be the amazing and perfect hand to hand balaning of Charles T. Perera. Colombo's New Fire-Chief, and Lennie Schhoorman, apart from an Oriental Dance by young Dhanapala.

The Mayor of Colombo, Mr. R. A. de Mel in a communication addressed So Mr. A. Mylvaganam, regretted his inability to have been present to welcome the Indian Team on arrival at Fort Station last Tuesday and expressed the hope of enjoying the pleasure of their company at the Meet. He also wished the Indian visitors a happy time in Ceylon.

On Tuesday, the day of their arrival In Colombo, they were the guests at dinner of Paris Hotel and of Pilawoos Hotel on Wednesday night. Last noon the Persian Hotel, had invited them for lunch and they were the guests of Mr. Justin Kotelawela at tea. On Saturday noon they will leave on a bour of Ceylon, beginning with Kandy and ending up with the ruined cities returning to Colombo for dinner on Monday night. On Tuesday night they will entrain for India thus concluding a woek's stay in the Island.

06.10.1946   D.N.

Tags:
 
Sandika Madushan
by Sandika Madushan - Friday, 2 January 2026, 11:58 PM
Anyone in the world

WEIGHT LIFTING

Yesterday's International

THE third International Weight-lifting Contest, between India and Ceylon was held yesterday at the Zahira College hall, and India won easily by 3 matches to 0. 

Ceylon, though beaten, certainly put up a good show, and D. M. Dissanayake was the best performer. His total of 500 lbs. was only 35 lbs. less than that of his Indian opponent, Shroff.

Outstanding amongst the whole lot was D. P. Mony, of Madras, who is the Olympic Champion. He easily outclassed Packeer Ali and his total lift of 585 lbs. was the best in the whole meet.

The lifting events were interspersed with a number of Variety items which included several songs by Sunil Santi and also some classical Oriental Dances.

A most extraordinary spectacle was the superb Hand to Hand balancing feat of Charles T. Perera (the Fire Chief) and Lennie Schoorman. They displayed perfect understanding and went through the whole act with the utmost calm and nonchalence.

The following are the full results:-

Bantam Weightsad1) R. S. Nannian (India), Press 140 lbs., Snatch 145 lbs., Clean and Jerk 190 lbs., Total 475 lbs (2) R. C. Thadani (Ceylon), Press 130 lbs., Snatch 125 lbs., Clean and Jerk 165 lbs., Total 420 lbs.

Feather Weightsad1) D. P. Mony (India) Press 180 lbs., Snatch 170 lbs., Clean and Jerk 235 lbs., Total 585 lbs. (2) T. S. J. Packeer Ali (Ceylon), Press 130 lbs., Snatch 140 lbs., Clean and Jerk 195 lbs., Total 465 lbs.

Light Weightsad1) H. M. Shroff (India), Press 165 lbs., Snatch 160 lbs.. Clean and Jerk 210 lbs., Total 535 lbs. (2) D. M. Dissanayake (Ceylon), Press 145 lbs., Snatch 155 lbs., Clean and Jerk 200 lbs., Total 500 lbs.

T. D. Telang, the Indian Middle Weight title holder, having no opponent, gave an exhibition lift. 


07.12.1946 obs.

Tags:
 
Sandika Madushan
by Sandika Madushan - Friday, 2 January 2026, 11:52 PM
Anyone in the world

HEAR


SUNIL SHANTI
SEE
Chas. Perera & Len. Schoorman
in perfect Hand to Hand balancing
at Indo-Ceylon Weight Lifting
Meet
ZAHIRA COLLEGE 6 p.m.
6th December, 1946
4/12
POPULAR RATES

4/12 DN

Tags: