Site blog

ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - සෙනසුරාදා, 3 ජනවාරි 2026, 12:35 AM

හිමිදිරියේ

මල් පිබිදී – ගෙනැ එන්නේ
මඳ මඳ, හිමිදිරි යාමේ. //
බඳුවද, කිනිහිරි, ඉද්ද, සමන්,
    ඈ මල් හැම හිමිදිරියේ,
සෙමෙන් සෙමෙන් මේ සෙමින් සෙමින්,
    නැළැවෙන්නා හිමිදිරියේ.  — මල් පිබිදී — 
සුවඳ කැවී එන සීත සුළං,
    මා නළවයි හිමිදිරියේ,
මී මැස්සා රුං රුං ගාමින්,
    කන් පිනවයි හිමිදිරියේ.   — මල් පිබිදී —
සියොතුන් නද දී – ගෙනැ යන්නේ,
    කොයිදෝ මේ හිමිදිරියේ,
පොඩි දරුවන් හඬ අන්න ඇසේ,
    හිරි අරිමින් හිමිදිරියේ.    — මල් පිබිදී —
දෙව් මැඳුරේ ගංටා නාදේ,
    අන්න ඇසේ හිමිදිරියේ,
දෙව් බිළිඳුන් හට දවස පුදා,
     අරඹමු වැඩ හිමිදිරියේ.   — මල් පිබිදී —


සරු සැරිය.

 
ස   _   ග   ම        ප  ධ  නි  ප     ධ   _  ප     _        _  _   _   _      
ම   ල්  පි   බි        දී  _  ගෙ නැ    එ  න්  නේ  _        _  _   _   _          

ඟ   ම   ධ  ප        ම  ග  රි  ස      රි   _   ස     _       _   _   _   _
ම   ඳ   ම   ඳ        හි  මි  දි  රි       යා  _  මේ    _      _   _   _   _

ප   ප   ප   ප         ප  ප  ග  ම      ප   –   ස   නි       ධ   _   _   _
බ   ඳු    ව  ද         කි  නි හි  රි       ඉ   ද්   ද    ස       ම  න්   _   _

නි   _   නි   _       ස  නි  ධ  ප       ධ  ධ    ප    _       _   _   _   _
ඈ   _   ම   ල්      හැ  ම  හි  මි       දි   රි   යේ   _       _   _   _   _

ධ    ධ   _   ධ       ධ   _   ම   _      ධ   ධ   ධ   ප      ස  _   _    _
සෙ මෙ න් සෙ     මෙ න් මේ  _     සෙ මෙ න්  සෙ     මි  න්  _    _

ග    ම   ධ   ප      ම   ග   රි   ස     රි    රි    ස    _       _  _   _   _
නැ   ළැ වෙ න්     නා  _   හි   මි     දි    රි   යේ   _      _  _   _   _

 - සුනිල් ශාන්ති -

1946.09       මිහිර

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - සෙනසුරාදා, 3 ජනවාරි 2026, 12:09 AM

THE TIMES OF CEYLON,

India beats Ceylon

In Weight Lifting Competition

INDIA'S victory over Ceylon, in the Third Indo-Ceylon Weight Lifting Contest, held yesterday in the Zahira College Hall, was triumphant, not only in the fact that she beat Ceylon, but also in the overwhelming weights lifted.

Only in one event, the Light weight, could Ceylon approach the high standard attained by the Indians. In this class Dissanayake put up a good show although he was handicapped by injured wrists. Perhaps, being perfectly fit, he would have reversed the decision yesterday.

The honours of the day, however, go to D. P. Mony (India) in the Feather Weight class, who impressed the large audience by his exceptional lifts. In aggregating 580 lbs., he beat with ease T. S. J. Packeer Ally of the Kandy Y.M.C.A., by no less than a hundred and twenty pounds.

This young lifter, is only a few pounds below world standard. A good muscle controller, with the legs of a boxer, he has a great future before him. He well deserved the best lifter's Cup which he received amidst rounds of applause.

Sunil Shanti accompanied by various instruments sang several Sinhalese songs to an appreciative audience.


07.12.1946 TIMES

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - සෙනසුරාදා, 3 ජනවාරි 2026, 12:03 AM

TODAY'S WEIGHT-LIFTING
TEST AT THE Y. M. B. A.

CEYLON TO MEET INDIA FOR
THIRD TIME

Today's Weight-Lifting Test between Ceylon and India (he third in the series will begin at the YMBA. at 6 o'clock. It has aroused considerable interest for since the arrival of the tourists it has been realised that Ceylon will have to go all put to defeat the splendid specimens of manhood who have come out on behalf of India.

There will actually be three contests for, though J. D Telang, the Middle- Weight title-holder, has come out it was found that Ceylon has not a man of his weight to oppose him. He will, however, give an exhibition performance.

Ceylon will be represented by T. S J. Packeer All in the Feather-Weight class, his opponent being Mani of Madras who holds the holds she Indian title and has to his credit three Indian records-2 hands press, 2 hands snatch and clean
and jerk

D. M. Dissanayake will be Ceylon's representative in the Light-Weight, his opponent being H. M. Shroff of Bom- hay, holder of the Indian title.

Ninnian (bantam) is the fourth member of the team but as International rules do not include bantams in championships, an arrangement was made whereby R. C. Thadam of the Kandy Y.M.C.A. will oppose Ninnian

Besides the weight-lifting contest, several variety items will be staged.


KEEN CONTEST EXPECTED

The Indo-Ceylon Weight-Lifting Contest is held once every two years. This year the third contest in the series has been fixed for 6 p.m. today at the Zahira College Hall under the patronage of Mr. Kurban Adamaly, Deputy Mayor of Colombo.

Mr. David Abraham, Manager of the Indian team, and Mr. Gaffoor, Assistant Manager, are both of opinion that the members of their team are perfectly fit and will give a good account of themselves. While the same cannot be said of the fitness of the
Ceylon team, this too could be expected to do their best.

Prospects of a keen contest are in store for those who go to watch the events, interspersed with variety items by Sunil Shanti. Sangeetha Visharad,in song, who will be well worth going a long way to hear, while another powerful attraction should be the amazing and perfect hand to hand balaning of Charles T. Perera. Colombo's New Fire-Chief, and Lennie Schhoorman, apart from an Oriental Dance by young Dhanapala.

The Mayor of Colombo, Mr. R. A. de Mel in a communication addressed So Mr. A. Mylvaganam, regretted his inability to have been present to welcome the Indian Team on arrival at Fort Station last Tuesday and expressed the hope of enjoying the pleasure of their company at the Meet. He also wished the Indian visitors a happy time in Ceylon.

On Tuesday, the day of their arrival In Colombo, they were the guests at dinner of Paris Hotel and of Pilawoos Hotel on Wednesday night. Last noon the Persian Hotel, had invited them for lunch and they were the guests of Mr. Justin Kotelawela at tea. On Saturday noon they will leave on a bour of Ceylon, beginning with Kandy and ending up with the ruined cities returning to Colombo for dinner on Monday night. On Tuesday night they will entrain for India thus concluding a woek's stay in the Island.

06.10.1946   D.N.

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - සිකුරාදා, 2 ජනවාරි 2026, 11:58 PM

WEIGHT LIFTING

Yesterday's International

THE third International Weight-lifting Contest, between India and Ceylon was held yesterday at the Zahira College hall, and India won easily by 3 matches to 0. 

Ceylon, though beaten, certainly put up a good show, and D. M. Dissanayake was the best performer. His total of 500 lbs. was only 35 lbs. less than that of his Indian opponent, Shroff.

Outstanding amongst the whole lot was D. P. Mony, of Madras, who is the Olympic Champion. He easily outclassed Packeer Ali and his total lift of 585 lbs. was the best in the whole meet.

The lifting events were interspersed with a number of Variety items which included several songs by Sunil Santi and also some classical Oriental Dances.

A most extraordinary spectacle was the superb Hand to Hand balancing feat of Charles T. Perera (the Fire Chief) and Lennie Schoorman. They displayed perfect understanding and went through the whole act with the utmost calm and nonchalence.

The following are the full results:-

Bantam Weightදුක1) R. S. Nannian (India), Press 140 lbs., Snatch 145 lbs., Clean and Jerk 190 lbs., Total 475 lbs (2) R. C. Thadani (Ceylon), Press 130 lbs., Snatch 125 lbs., Clean and Jerk 165 lbs., Total 420 lbs.

Feather Weightදුක1) D. P. Mony (India) Press 180 lbs., Snatch 170 lbs., Clean and Jerk 235 lbs., Total 585 lbs. (2) T. S. J. Packeer Ali (Ceylon), Press 130 lbs., Snatch 140 lbs., Clean and Jerk 195 lbs., Total 465 lbs.

Light Weightදුක1) H. M. Shroff (India), Press 165 lbs., Snatch 160 lbs.. Clean and Jerk 210 lbs., Total 535 lbs. (2) D. M. Dissanayake (Ceylon), Press 145 lbs., Snatch 155 lbs., Clean and Jerk 200 lbs., Total 500 lbs.

T. D. Telang, the Indian Middle Weight title holder, having no opponent, gave an exhibition lift. 


07.12.1946 obs.

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - සිකුරාදා, 2 ජනවාරි 2026, 11:52 PM

HEAR


SUNIL SHANTI
SEE
Chas. Perera & Len. Schoorman
in perfect Hand to Hand balancing
at Indo-Ceylon Weight Lifting
Meet
ZAHIRA COLLEGE 6 p.m.
6th December, 1946
4/12
POPULAR RATES

4/12 DN

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු

ඥානාර්ථ ප්‍රදීපය 1946 ක්වූ අගෝස්තු මස 4 වන දින ඉරිදා

මග්ගොන සැන්ට් ඇන්ටනිස් අභ්‍යාස විද්‍යාලය

ආරම්භය ඉතිහාසය හා ස්වර්ණ ජයන්ති

පණස් වසකට ඔබ්බෙහි මේ විදුහල ඇරැඹියේ විහිද ගිය බෙර හඬ මධ්‍යයෙහි නොවේ. මෙතෙක් මේ මහා විද්‍යායතනයෙන් පුහුණු වූවෝ හත්සියයකටද අධික වෙති.අත්‍යුත්තම ක්‍රිස්ටෝපර් බොන්ජියන් රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ උපදෙස් පිට සාන්ත විසෙන්ති ගෘහයේ කළමනාකාර තැන්පත්ව සිටි සී.කොනීරාර්ඞ් පියතුමා කතෝලික ගුරුවරුන් උදෙසා ඇරඹූ පංතියෙහි වුවෝ ප්‍රැන්සිස්කත් සහෝදරවරු දෙදෙනෙකු සහ තවත් ගුරුවරු දෙදෙනෙකු පමණි. දියලගොඩ සී. ඩී. අන්තෝනියුස් ජයවර්ධන මහතා එහි ආචාර්යයවරයා වුයේය. මේ පස්දෙනාගේ "නෝර්මල් ඉස්කෝලය" වූයේ දීසාන්ත වින්සන්ති ගෘහයේ බරාඳයෙහිය. 1884 වැන්නෙහිදී අභ්‍යාස පාඨශාලාවක් සිදු වේ විවෘත කරන ලද නමුත් 1902 වැන්නේ දී වසා දමනු ලැබුවෙන් එහි ශිෂ්‍යයෝ ද මග්ගොනට පැමිණියහ.

ටික කාලයක් යනතුරු නෝර්මල් ඉස්කෝලයට ස්ථිර භූමි භාගයක් හෝ ගොඩනැගිල්ලක් නොවීය. දැන් පවත්නා විදුහල් බිම තෝරා ගැනීමෙත් පළමුවැනි පන්ති කාමර පේළිය ගොඩනැංවීමේත් ගෞරවය ඉසිදෝර් බෙල් පියතුමාට හිමි වේ. විද්‍යාලීය ශිෂ්‍ය ලෙබනයේ මුලටම නම වැටීමෙන් පළමු වැනි ශිෂ්‍යයා හැටියට ගණන් ගනු ලබනුයේ ඇම්. ඇම් ද සිල්වාසහෝදර තුමාය. ඒ පළමුවැනි ශිෂ්‍ය කණ්ඩායමෙන් දෙදෙනෙක් තවම ජීවතුන් අතර වෙති. ඒ දෙදෙනාගෙන් ජෝන් ජෝශප් සහෝදරතුමා ශුද්ධවන්තයන්ගේ ශාස්ත්‍රය, ශු.අන්තෝනි මුනිඳුන්ගේ චරිතය යන පොත් ලිවීමාදිය හේතු කොටගෙන කතෝලිකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි. ජීවතුන් අතර

සිටින අනෙක් ආදී ශිෂ්‍යයා වූ ඇස්.ඩි මර්සලින් සහෝදර තුමාද ගීත ප්‍රබන්ධය ගැන ප්‍රසිද්ධියක් උසුලයි අල්පොන්සස් ලිගොරි මුනිඳුන්ගේ පොතක් 'මරිය වහන්සේගේ මහිම' යනුවෙන් සිංහල කිරීම හේතු කොට ගෙන මේ අභ්‍යාස විද්‍යාලයයේ ආදීම ආචාර්යවරයාගේ නමද බොහෝ ප්‍රචාරයට ගියේය.

1907 වැන්නේදී සාන්ත වින්සෙන්ති ගෘහයේ අධිපති තනතුරට පත්ව ආ තෝමස් ගුලියෙල්මි පියතුමා අභ්‍යාස විද්‍යාලයයේ ද්‍රවීඪ අංශයකුත් ඇති කළේය. මේ හේතු කොට ගෙන කාලයක් තුළ අභ්‍යාස විද්‍යාලයයේ " පණහට - පණහ " පැවැති නමුදු ලියා පදිංචි කිරීමට සෑහෙන පමණ ද්‍රවිඪ ශිෂ්‍යයන් නොමැති වූයෙන් ඒ අංශය නවත්වා දමන ලදී. මග්ගොන දොන් බොස්කෝ නිවාසයේ අධිපතිව වෙසෙන මරිය ජෝශප් සහෝදරතුමා, අභ්‍යාස විද්‍යාලයයේ පැවති සිංහල දෙමළ අංශ දෙකින්ම පුහුණු වූ ගුරුවරයෙකි.

1915 වන විට 34 දක්වා අධික වූ ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ශිෂ්‍ය නිවාසයකුන් පිහිටුවනු ලැබීය. අභ්‍යාස විද්‍යාලයයේ තත්ත්වය උසස් කරනු සඳහා සහයොගයෙන් වැඩ කළ ඇන්ඩෘ ප්‍රනාන්දු පියතුමන්ගේ නමද මෙහිදී අමතක කළ නොහැකිය. වින්සෙන්ති ගෘහයේ අධිපතිතුමා හා ඔබ්ලේට් සහෝදරවරුද කලින් කල නොර්මල් ඉස්කෝලේ ඉගැන් වීම කළ ප්‍රැන්සිස්කන් සහෝදරවරුද අමතක නොකරනු ලබත්.සිහල කතෝලික ගුරුවරුන් සඳහා වූ එකම අභ්‍යාස විද්‍යාලය වූ මේ ආයතනය 1917 වැන්නෙහිදී පාදුවාහි සාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප කරන ලදී. ඒ අවස්ථාවේදී එතුමන්ගේ පිළිමය රැගෙන විද්‍යාලයය වටා පෙරහර පවත්වමින් ගායනා කරනු ලැබූ ගීතය මෙතෙක් හැම සන්ධ්‍යාවෙක්හිම ගායනා කැරෙන්නේය.

දවසින් දවසට දියුණු වූ මේ විද්‍යාලයයේ ඇතැම් ආදි ශිෂ්‍යයන් මෙහිම කාචාර්යයවරයන් වශයෙන්ද තව ඇතැම් ආදී ශිෂ්‍යයන් අභිනව අභ්‍යාස විද්‍යාලයයන්හි අධිපතීන් වශයෙන්ද පත්ව ඇත. බෝල වලානේ සාන්ත ප්‍රැන්සිස් ක්ෂෙවියර් අභ්‍යාස විද්‍යාලයයාධිපති මහතා සහ වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ අභ්‍යාස විද්‍යාලයයාධිපති මහතාත් මග්ගොන අභ්‍යාස විද්‍යාලයයෙහි ආදී ශිෂ්‍යයෝ වෙති. මේ විද්‍යායතනයන තුනේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පාඨශාලා පරීක්ෂකයකුව සිටි ඩි ඊ රණසිංහ මහතා එවකට පාඨශාලා සාමාන්‍යාධිකාරිව සිටි ජේ. බ්‍රෝල්ට් පියතුමන් විසින් 1919 දී පත් කරනු ලැබීය. ගුරුවරුන් 260 දෙනකුන් පුහුණුකර වූ සී. ඩී. ඒ. ජයවර්ධන මහතාගේ අස්වීමත් ඒ අවුරුද්දේම සිදුවිය.

' නෝර්මල් ඉස්කෝලේ ' දීප්තිමත් ශිෂ්‍යයකුව සිට 1916 වැන්නෙහිදී එහි කථිකාචාර්යය තනතරක් ලැබූ කෘෂිකර්මාන්තය පිළිබඳ ඩිප්ලෝමා සහතිකයක් සහ රන් පදක්කමක් දිනාගෙන ඇති ඩබ්ලිව් ටී. ප්‍රනාන්දු මහතා, ජයවර්ධන මහතාගෙන් පසු විද්‍යාලයාධිපති තනතුරට තෝරාගනු ලැබුවේ ගුරුවරුන්ගේ ගුරුවරයාව ධීමතුන්ගේධීමතාව තවමත් අප හා වාසය කරයි.

ශිෂ්‍යයන් සඳහා ඉඩකඩ ඇති ශාලාවක අවශ්‍යතාව පෙනී ගිය හෙයින් දැන් පවත්නා ලෙස 1919යෙදී ඇති ලප්‍රේර් පියතුමා ගොඩනැගිල්ල විශාල කරවුයේය. මේ කාර්යය සඳහා දිවයිනේ ශ්‍රෙෂ්ඨතම හෝරා යන්ත්‍ර විශෙෂඥයා වූ ක්‍රිස් ඕ ඇම් අයි සහෝදර තුමන්ගේ සහාය ලැබුණේය.

ඉතා සීඝ්‍රයෙන් දියුණු වූ මේ විද්‍යාලයය චිත්‍රකර්මය සහ හස්ත කර්මය පිළිබඳව විශේෂ ප්‍රසිද්ධියක් දරන්නට විය. මොරටුවේ ඩබ්ලිව්. ඇස්. ද මැල් යහ දන් කොටුවේ ඒ පි ජයමාන්න යන මහතුන් නිසා ඒ ප්‍රසිද්ධිය තවත් වැඩුණි. 1922 වැන්නෙහිදී පැවැත්වූ වේල්ස් ප්‍රදර්ශනයෙන් සහ 1923 වැන්නෙහිදී පැවැත් වූ සමස්ත ලංකා ප්‍රදර්ශනයෙනුන් ත්‍යාගයන් සහ අසාමාන්‍ය සහතික පත්‍රයනුත් ප්‍රශංසාත් මේ විද්‍යාලයය කරා ආයේය. ' ආදර්ශ ගෝල' බැලීම සඳහා කොළඹ ගාල්ල, ජාපනය, සහ මඩකලපුව ආදී පළාත් වලින් බොහෝදෙන මෙහි එන්නට ද වුහ. ශාරීරිකාභ්‍යායන් අතින්ද විද්‍යාලයය ඉතාම උසස් තත්වයක් ගන්නා බව ඇම්. ඩී සමරසිංහ මහතා නිගමනයකොට පැවැත්තේය. ප්‍රාචීන භාෂාවන් හදාරවනු සඳහා පානදුරේ ඩී. ඇම්. ඇස්. ශ්‍රී කවිරාජ් පඬිතුමාගේ ආචාර්යත්වයෙන් පංතියක් ද අරඹනු ලැබීය ක්‍රීඩා අතින්ද දියුණු තත්වයක පැවත මේ මග් ගොන අභ්‍යාස විද්‍යාලයය පේරාදෙනියේ, නිට්ටඹුවේ සහ කොළඹ අභ්‍යාස විද්‍යාලයයන් සමග පැවැත් වූ අත්පන්දු ක්‍රීඩා තරග හැමෙකකින්ම ජයග්‍රහණය කළේය.

විද්‍යාලයයට විදුලිය ආලෝකය ගෙන දීමෙන් අපට ලොකු පහසුවක් ඇති කළ ගරු බෝයර් පියතුමා අපි ආදරයෙන් සිහි කරම්හ. 1927 සිට 1931 දක්වා වූ කාලය තුළ එතුමාට සහායව සිටි හලාවත රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ද අපට අමතක කරනු බැරිය. කොළඹ අග්‍රරාජ ගුරු ප්‍රසාදි තැන්පත් මොන්සිදඤ්ඤොර් මැසොනී ස්වාමීන් වහන්සේත් සය අවුරුද්දක් අපේ විද්‍යාලයයේ කළමනාකාර ධුරයෙහි සිටිය බැව් පැවසීමට අපි සාඩම්බර වම්හ. විද්‍යාලීය ශිෂ්‍යයන් " මගේ ඉලන්දාරියෝ " යනුවෙන් ඇමතීමට පුරුදුව සිටි උන්වහන්සේ ශිෂ්‍යන්ගේ දියුණුව ඉතා ලැදි කමකින් බැලුහ. එවකට දිවයිනේ සියලුම අභ්‍යාස විද්‍යාලයයන් භාරව

සිටි අධ්‍යාපන නිලධාරියා වූ ඇස්. ගොඩ්ස්ප්‍රි මහතා මේ විද්‍යායතනයේ හොඳ හිතවතෙක් වූයේය. ඒ මහතා 1931 - 7 - 15 වැනි දින කථාවක් කරමින් මෙසේද කියා ඇත. '' මග්ගොන පුහුණුව ලබන්නෝ ආශිර්වාද ලද්දෝය. මම, මගේ පුතා හොඳ සිංහල ගුරුවරයකු කරවන්නට කැමැති වූයෙම් නම් ඔහු මේ අභ්‍යාස විද්‍යාලයයට එවනවා ඇත." මෙසේ හැම ස්ථානාන්තරයෙකින්ම 1932-2-29 වැනි දින මෙහි පිවිසි කන්නන්ගර ඇමති තුමාගෙන් පවා අපට ප්‍රශංසා ලැබෙන්නට විය.

අනුරාධපුරයේ සාන්ත මරියා පාසලේ ප්‍රධානාචාර්යව සිටි ටී. ඇම්. ඇම්. පෙරේරා මහතා 1931 වැන් නෙහිදී ආචාර්යය මණ්ඩලයට එක් වීමෙන් අපේ විදුහල තවත් පොහොසත් විය.

1933 වැන්නෙහිදී ඇති කළ පුස්තකාලය නිසාත් 1940 වැන්නෙහිදී ගෙනදුන් රෙඩියෝ යන්ත්‍රය නිසාන් ගරු තියඩෝර්ද සිල්වා පියතුමා විශෙෂයෙන් සිහිකළ යුතුය. තවද එතුමා අත්‍යුත්තම මාර්ක් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ වෙත කරුණු සැලකිරීම හේතු කොටගෙන අපට ලැබුණු උඩු මහල නිසා අද අපට ඈතින් ඇති මග්ගොන කඳු ගැට, මිටියාවත් හා කුඹුරු පේලි, කුරුඳු කැලෑ, රබර් වතු ආදිය බල බලා ප්‍රිති විය හැකි වේ.

අද පාඨශාලා සාමාන්‍යාධිකාරීව වෙසෙන අති ගරු ඩී. ජේ. ඇන්

(7 වන පිට බලනු)

7 වන පිට

පාඨශාලා පෙරමුණ

(දෙවන පිට හා සම්බන්ධයි)

තනි පියතුමා විසින් අප වෙනුවෙන් මුලින්ම කරනු ලැබූ ක්‍රියාවන්ගෙන් එකක් නම් විද්‍යාලීය උද්‍යොග පාඨයක් ඇති කොට දීමයි. එතුමාග 'සුරදුත සේවය '' නැමැති පොත ද විශෙෂයෙන්ම ලියා ඇත්තේ මේ ශිෂ්‍යයන් වෙනුවෙනි. මේ විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ ආගම ඉගැනීම හා ආගම ඉගැන්වීම පිළිබඳව වාර්ෂික පරීක්ෂණයක් පැවැත්වීමද ආරම්භකළේ මෙතුමාය. සුරදූත සේවය සඳහා ශිෂ්‍යයන්ට එතුමා මග පෙන් වීම කරගෙන යයි.

1938 වැන්නෙහිදී අති ගරු ඇල් පැරෝපියතුමා සාන්ත විනීසෙන්ති ගෘහයේ අධිපති තනතුරට පැමිණියේය. ශිෂ්‍යයන්ගේ වාර්ෂික ධර්මවිවේකය ආරම්භ කළ මෙතුමා ගොඩනැගිලි ආදිය අතිනුත් විද්‍යාලයයේ දියුණුව වර්ධනය කරනු සඳහා කටයුතු කරමින් වෙසෙයි. අභිනවවිද්‍යාලයාධිපතිතුමා පත් කරනු ලැබූවේ 1945 වැන්නේ ජනවාරි මාසයේදීය.

මේ පණස් වර්ෂය පිළිබඳ විවේචනයෙක යෙදෙන අප ස්තුති පූර්වකව සඳහන් කළ යුතු තවත් කාරණයක් නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපට ලැබුණු ආධාරෝපකාර සහ මඟ පෙන්වීමයි. අභ්‍යාස විද්‍යාලයන්හි කටයුතු පරීක්ෂක නිලධාරියාව සිටි ඇස්. ගොඩ්ප්‍රි වූ මහතාත්, උප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ආර්. වොට්සන් මහතාත් වරක් ගාල්ලේ දිස්ත්‍රික් පරීක්‍ෂක තැන්පත්ව සිටි කේ. ඇස්.අරුලන්දි මහතා සහ කළුතර කොට්ඨාසයේ පරීක්ෂක ජෝන් සිල්වා මහතාත් මෙහිලා විශෙෂයෙන් මතක් කරනු ලැබිය යුත්තෝය.

දිවසිනේ සියලුම කතෝලික පාඨශාලාවන්හි වැඩ කරන පුහුණු වූ ස්වභාෂා ගුරුවරුත් ආදරයෙන් සිහි කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙකකුන් මහජන සේවකයන් හැටියටත් ලේඛකයන් හැටියටත් ප්‍රසිද්ධව සිටින බව ද සතුටින් සඳහන් කරම්හ. අපේ එක ආදීශිෂ්‍ය මහතකු පෙරදිග සංගීතය පිළිබඳව අසාමාන්‍ය උපාධින් දිනාගෙන සුනිල් ශාන්ති නමින් සුප්‍රසිද්ධව සිටින බව සාඩම්බරයෙන් සඳහන් කළ හැකිව තිබේ. තවද අපේ ආදි ශිෂ්‍යයන් තිදෙනකු පළමු වැනි වරට ඇති කළ 'විද්‍යා විශාරද' පංතියට තේරීමන් අපටගෞරවයෙකි. එසේම ප්‍රාචීන භාෂා පිළිබඳ පණ්ඩිත සහතිකයත් දිනා ගත්තෝද හොඳ ගණනක් වෙති. මේ හැමටමත් වඩා ඉතා උච්ච ස්ථානයකට නැඟගත් අපේ ආදී ශිෂ්‍යයා නම් ඥානාර්ථ ප්‍රදීප පත්‍රයේ කර්තෘ තැන්පත් ඩී. පී. කුරු කුලසූරිය මහත්මයායි.

දැනට මේ විද්‍යාලයයේ ඇති ශිෂ්‍ය නිවාසයන් දෙකේ නේවාසික ශිෂ්‍යයන් 70 දෙනෙක් වෙති. නිවාස ක්‍රමය සහ නායක ක්‍රමය. මෙහි ආරම්භ කොට ඇත. ස්වර්ණ ජයන්තිය නිමිති කොට ගෙන 'ජයන්ති සංග්‍රහයය' ක්ද නිකුත් කරනවා ඇත ශුභාශංසනීය පණිවුඩ සහ ප්‍රයෝජනවත් නිබන්ධයන්ගෙන් සරසනු ලැබූ මේ සඟරාවෙහි විද්‍යාලීය ඉතිහාසයද සවිස්තරව දක්වාඇත. අගෝස්තු 24 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන අධ්‍යාපනීය සාකච්ඡා සම්මේලන කාලය තුළ දී මේ සඟරාව නිකුත් වේ, 26 වැනි දින දාවල් පැවැත්වෙන ජුබිලි භෝජන සංග්‍රහයෙකින් උත්සවය අවසන් වේ. ජුබිලි සඟරාව ලබා ගනු කැමැතෝ විද්‍යාලයයේ ප්‍රධානාධිපතිතුමාට දන්වා හැර ස්වකීය පිටපත් වෙන්කොට ගනිත්වා.

ජේ. ජී. පී. ජයසූරිය ඕ. ඇම්. අයි

මදක් වෙනස් කරන ලද: බදාදා, 31 දෙසැම්බර් 2025, 7:56 PM
ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු

සිළුමිණ වර්ෂ 1946 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි ඉරිදා

රැඟුම කලාවක් මෙන්ම ශිෂ්ට රක්‍ෂාවකි.

ඉන්දියානු නාට්‍ය ශිල්පයේ ප්‍රභවය සොයන්නෙකු විසින් කාලය නමැති මිහිදුම් පටලය අවුස්සා බැලිය යුතුය. දේව කථා වලින්ද ජන ශ්‍රැතියෙන්ද කියවෙන්නේ එය භාරත මුනිවරයා විසින් දෙවියන් ගෙන් උගත් බවයි. එවක් පටන් විකසනය වෙමින් ආ එම නාට්‍ය ශිල්පය පුරාණ අසම්පුර්ණ විහිළු තහලු විගඩම් ලක්ෂණ හැර දමා අත් පා චලනාදී ලලිත රූපකායකින් සමන්විත අමුතු අපූර්ව වෙසක් ප්‍රකාශ කරන සුන්දර ශිල්පයක් බවට හැරුණේය. උතුම් පිරිසිදු අදහස්ද ඓතිහාසික සිද්ධින් ද සියුම් ගැඟීම් සහ පරමාර්ථයන්ද ප්‍රකාශ කිරීමට ඉන් පසු මේ ශිල්පය යානයක් කර ගන්නා ලදී. මෙසේ දෙවියන්ට පවා ප්‍රිය වූ මේ ශිල්පය විපරීනාම ධර්මය අනුව අභාවයට ගොස්තිබී යළි නැවත දියුණු වේගන එන්නේය.

නාට්‍ය ශිල්පය දියුණුකිරීමෙහි ලා මෙකල පුරෝගාමීව සිටින ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් අතර උදය ශංඛර  සදෝනා බෝස්, රාම් ගෝපල් ආදීහු ප්‍රමුඛ ස්ථානය ගනිති. අංග ලාලිත්‍යය, චාරුත්ත්වය, මාධුර්යය ගුණය, ප්‍රකාශක ශක්තිය යන මේ ගුණාංග විසින් බටහිර නාට්‍ය කලාවට වඩා කිහිපා කාරයකින්ම ශ්‍රෙෂ්ඨත්වයෙහි ලා සැලකිය යුතු පෙරදිග නාට්‍ය ශිල්පය මෙකල ලංකාවෙහි ද අමුතු හැඟීම් ඇති කරමින් පුනරුත්ථානයට පත්වේගන එන්නේය. පෙරදිග කලා ශිල්පය අතින් උද්‍යොග සම්පන්න අභිනව කාල පරිච්ඡෙදයක් උදාකරවීමෙහි පුරෝගාමිවුවන් අතර අභාවප්‍රාප්ත චන්ද්‍රලේඛා, ශාන්ති කුමාර, සූර්යය ශාන්ති, පති භාරත, වසන්ත කුමාර සහ චිත්‍රසේන ආදි සිංහල ශිල්පීහු ප්‍රමුඛස්ථානයක් ගනිති.

ඉන්දියානු සහ සිංහල උසස් නාට්‍ය ශිල්පයෙන්ද ලද හැකි පරිමෝහය, චිත්තාහ්ලාදය සහ උද්වේගයද ඉබේටම වටහා ගැනීමට හා සිතා මතා ගැනීමට ද හැකි පරිදි අද අපි අපේ පාඨකයින් චිත්‍ර සේනගේ චිත්‍රාගාරයට කැඳවාගෙන යාමට අදහස් කරමු. කලාවක් වශයෙන් උත්තරීතර වෘත්තියකට පදනම් දැමීමට නාට්‍ය ශිල්පයට පුළුවන්කම තිබේ. ශිල්පයක් වශයෙන් නැටීමෙහි අවනම්බුවක් හෝ අවිනීත භාවයක් හෝ
දක්නා නොලැබේ. එය වූ කල මුදල් ඉපදවිය හැකි උතුම් කලාවකි. මුදල් ඉපදවිය හැකි උතුම් ශිල්පයකි. තමන්ටම විෂය වූ පුද්ගල

භාවය ප්‍රකාශ කිරීමටද, ස්වකීය නළු ජීවිතය පිළිබඳ විවිධ අවස්ථා වලදී උසුලන්නට සිදු වූ වියහිය දිම් නැවත පොලී ඇතිව ලබා ගැනීමට ද මේ ශිල්පයෙන් විශාල ඉඩ ප්‍රස්තා කිසිවකුට සලසන්නේය.

උසස් සම්ප්‍රදායයන් ඇති උසස් අන්දමට දියුණු වූ මේ වැදගත ශ්‍රෙෂ්ඨ ශිල්පය. ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පෙරදිග කාන්තා පක්ෂයට වඩා සුදුස්සෝ මේ මුළු ලෝකයෙහිම නැතිය. පෙර දිගටම හිමි වූ ලක්ෂණ ද ලෙහෙසියෙන් පහසු වෙන් හැරී නැමී ගතහැකි පෙරදිග වාසීන්ටම විශෙෂ වූ කායද උත්පාදක ශක්තිය ඇති කලා කාමීයකුගේ සිතට නළංගුවන පරිදි විදුලිමය වූ වේගයකින් හා නොවරදින සුළු බවකින්ද යුතුව අනුකූල වනු ඇත. "ඉන්දියානු නාට්‍ය ශිල්පය සම්බන්ධයෙන් උපන් ගෙයි හුරු කමක් මට ඇති බැව් හැඟේ. මේ ශිල්පය බාල වියෙහිදීම ප්‍රගුණ කළ යුතු යයි කියන හෙයින් කුඩා වියෙහිදී එය මට ඉගැන්නුවා නම් කොතරම් අගේද " යන ආදි අප මිතුරන් විසින් කියන කථා අපට නොයෙක් වර ඇසී තිබේ.

අපි මිත්‍රසේනගේ නාට්‍යාගාරයට ගොස් මේ කියමනේ සත්‍ය භාවය තරමක් දුරට වත් පිරික්සා බලමු. එය තිබෙන්නේ කොල්ලුපිටියේය.අපි එහි යන ගමන් ඔහු පිළිබඳ කරුණු හැකිතාක් අනුස්මරණය කරමු.

"විධුර නාට්‍යය ගොතා 1943 අවුරුද්දේ කොළඹ නගර ශාලාවේදී ඔහු විසින් රඟ දැක්වූවා නොවේද"? යි අප පිරිස අතරෙහි සිටි කෙනෙක් ඇසීය.

"ඔව් එය රඟ දැක්වූයේ ඒ නැට්ටුවා විසිනි. පසුගිය අවුරුද්දේ දිල්ලි නුවර පැවැත් වූ සමස්ත ඉන්දියා නාට්‍යෝත්සවයෙහිදී ඔහු ප්‍රශංසාර්හ අන්දමට නැටු බැව් පුවත් පත් වලින් කියවන්නට ලැබුණේ " යයි තවෙකෙක් කීය.

"කල්කටාවේ පැවැත් වූ රැඟුමකදී තමාට ඒ සම්බන්ධයෙන් හවුල් වන ලෙස තාගෝර් මහ කිවිවරයාගේ මිනිබිරිය වූ නන්දිත ත්‍රිපලානි ඔහුට ආරාධනය කළ බැව්මට මතක යයි " තුන්වෙනියා කීය. විදේශිකයන් විසින් මේ තරම් ගරු බුහුමන් කර තිබීම නිසා ලංකාවේ අපේ නාට්‍ය ශිල්පීන් සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නොවේ ද?

"ඇත්තෙන්ම එය ආඩම්බර වීමට කරුණකි. උඩරට නාට්‍ය සම්ප්‍රදාය ඔහු විසින් අලගම කිරි ගණිතයා වෙතින් ද කත කාලි නාට්‍යය ට්‍රැවන්කෝර් රාජ සභාවේ ශිල්පියා වන සිරි ගෝපිනාථ වෙතින්ද ප්‍රගුණ කළ බැව් සිතමි."

"ඔහු ශාන්ති නිකේතනයට ද ඇල් මෝරාවේ උදය ශංඛරගේ කලා ශිල්පායතනයට ද ගිය බැව් දිනක් කවුදෝ කෙනෙක් මා සමඟ කීය. "

"ඔහුගේ මේ නාට්‍යාගාරය නැරඹීමට මා තුළ තද ආශාවක් තිබේ.පෙරදිග නැටුම්වලට මම හැම විටම කැමතිය."
දැන් අපි ඒ නාට්‍යාගාරයට ගොස් සිටිමු. එය අවට වාතාවරණය ඉතාමත් සුව පහසු එළවන බැව් පෙනේ. එහෙත් එයට අලුත් සුණු පිරියමක් ළඟදීම ඕනෑ කරන බැලූ බැල්මට පෙනේ. එහෙත් එය එතරම් ලොකු කාරණයක් නොවන්නේ නාට්‍යාගාරය විවෘත කොට තවම මාස දෙකක්වත් ගත නොවූ බැව් සලකන විටය.

අප පෝටිකෝවට පා තබද්දී උද්‍යෝගවත් බෙර හඬක් ඇසිණ. මහුගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකු විසින් අප පිළිගන්නා ලදුව කෙළින්ම නාට්‍යාගාරය වෙත කැඳවාගෙන යනු ලැබීය. ඒ වේලාවේ චිත්‍රසේන ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ සයදෙනකුට "අස්වැන්න නෙළීමේ නැටුමේ' නාට්‍ය විලාස පුහුණු කරවමින් සිටියේය.

කාමරයේ එක් කෙළවරක පනවා තිබුණ කවිච්චියක අසුන් ගත් අපි පාඩම අවසන් වන තුරු ඉවසිල්ලෙන් බලා සිටියෙමු. ශිල්පියාත් ඔහුගේ සංගීතඥයනුත් පිළිබඳ කිසියම් අවබෝධයක් ඇතිකර ගැනීමට මෙය අපට හොඳ ප්‍රස්තාවක්විය. නාට්‍යාගාරයක් වශයෙන් කාමරය කුඩා වන නමුදු එය විසිතුරු ලෙස සරසා තිබුණේය. අප ඉදිරියෙහි වුයේ නටරාජ දෙවිඳුගේ රූපයකි. එයට ඉක්බිතිව ඉඩ කඩ ඇති මණ්ඩපයෙහි සංගීතඥයෝ ස්වකීය සංගීත භාණ්ඩ රැගෙන සිටියාහ. කාමරයෙහි ප්‍රතිවිරුද්ධ කොන් සතරෙහි නාට්‍ය විලාස දැක්වෙන විශාල චිත්‍ර කිහිපයක් වූහ. ශාන්ති නිකේතනයේ ඉන්දියානු තිර රෙදි යුග්මයක්ද ඉන්දියානු බුමුතුරුණුද, තවත් විසිතුරු කවිච්චියක්ද වූහ. මේ සියල්ලෙන්ම පෙරදිශ වාතාවරණය මොනවට ප්‍රකාශ විය. කාමරය තුළ කණ්ණාඩි ආදියක් නොවීය. සමහරවිට එය යුද්ධ කාලය පිළිබඳ තත්ත්වයන් නිසා යයි සිතිය හැක. පාර්ශවයක වූ බිහි දොරකින් පිවිසෙන  කාමරයක්ද විය. නැට්ටුවෙකුට මුවමනා වන සියලුම උපකරණ එහි වූහ.

අප මිත්‍ර සේන මුණගැසුණේ මෙහිදීය. සිහින් කාල වර්ණ දේහයක් ඇති නව යොවුන් වියෙහි සිටින පුද්ගලයෙකි ඔහු. තියුණු සුරුබහුටි මුහුණක් ද ඊටම සරිලන තීක්ෂණ ඇති සඟලක් ද ඔහුට ඇත්තේය. උරහිස තෙක් වැටෙන සේ කැපු කෙස් කළඹක්ද ඔහුට ඇත්තේය. මේ වෙලාව වන විට නැටුම නතර කරනු ලැබ සංගීතඥයන්ද අස්වැසිල්ලක් ලබා සිටි හෙයින් සාමාන්‍ය පියස්වභාව උද්වහනය කෙළේය. ඔහු නොවුන් ප්‍රිය කථාසල්ලාපයෙහි යෙදෙන්නට වූයේ මේ අවස්ථාවෙහිය. හැඳින ගැනීම ආදිය අව
සන් වූ පසු චිත්‍ර සේන මදවේලාවකට අප කෙරෙන් ඈත් විය. ඒ අතරතුර නාට්‍ය කණ්ඩායම් චිත්‍ර ශිල්පියා වන ටී සී ඇම් ද සිල්වා මහතා අපිට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කෙළේය. නැට්ටුවන් හඳින කා‍‍ර්ඩ් බෝර්ඩ් ආභරණ නිෂ්පාදනය කරන්නේ ඔහු විසිනි. ඔහු වනාහි පෙරේරා මහතාගේ ශිෂ්‍යයෙකි. 1943 විධුර නාට්‍යය ප්‍රතිසංස්කරණය කොට ළඟදිම නගර ශාලාවෙහි රඟ දැක්වීමට චිත්‍ර සේන අදහස් කරන බැව් ඔහු අප සමඟ කීය. තම කණ්ඩායමට අයත් අලුත් ශිල්පින් කිහිපදෙනෙකු ඉදිරිපත් කිරීමටද අදහස්කර සිටින බැව් කියන ලදී.

'අර දොර ළඟ සිටින කාන්තාව ඔබට පෙනෙනවාද? ඇය අප වෙතට පැමිණ දැනට මාස එකහමාරක් පමණ කල් වෙයි. ඇයට පෙරදිග නැටුම් සම්බන්ධයෙන් කිසි පලපුරුද්දක්ද නොවීය. ඒ වනාහි ප්‍රේමිලාය. දිනපතාම චිත්‍රසේන
විසින් ඇයට දෙපැයක් පාඩම් කියා දෙනු ලැබේ. මධුර නාට්‍යයේ කථානායිකාව වශයෙන් පෙනී සිටීමට තරම් වන පුහුණුවක් දැනට ප්‍රේමිලාට ලැබී තිබේ'.

අපි මවිතයෙන් මෙන් දොර දෙසට අපේ තෙත් බමරුන් විහිදවීමු. ශොභන පෙනුමක් ඇති සිහින් දේහධාරි තරුණියක් පළපුරුදු දක්ෂ කලාකාරියකගේ හැඩ හුරුකර ගත් තවත් තරුණියක් සමග ප්‍රිය කථා සල්ලාපයෙහියෙදී සිටියාය. රූප ලේඛා පැමිණ දැනට දෙමසකට වැඩි නොවේ. එවකට ඇයටද නැටීම සම්බන්ධයෙන් කිසිම පුහුණුවක් නොවීය. ඇයටද දිනපතා දෙපැය බැගින් ශිල්ප පුහුණුවක් ලබා දෙන ලදී. ඉදිරියට එන රැඟු මෙහිදී ඔහු ගංගානාථ සමග රඟපානවා ඇත.

මේ වෙලාව වන විට යළිත් චිත්‍රසේන අපට එක්විය.

නාට්‍ය ශිල්පය මුහුකුරා ගිය වයසේදී පුහුණු කළ හැකිද නොඑසේ නම් කුඩා වියෙහිදීම ප්‍රගුණ කළ යුතුද?

'කොයි කවර ශිල්පයක් නමුත් ලෙහෙසියෙන් පුහුණු කළ හැක්කේ කුඩා වියෙහිදීය. නාට්‍ය ශිල්පය සම්බන්ධයෙන්ද කියයුතු වන්නේ එයමය. එහෙත් වැඩිපුර උත්සාහයක් ඇතිව විසි වයස හෝ තිස් වයස පිරී සිටින කෙනෙකුට වුවද කෘතහස්ත නාට්‍ය ශිල්පියෙකු වන්නට බැරි නොවේ. මේ වනාහි චිත්‍ර සේන විසින් සිනාමුසු මුහුණින් යුතුව කළ ප්‍රකාශයෙකි. 'ඉතින් ඉදිරියට ඇති නාට්‍යොතත්සවය සම්බන්ධයෙන් තවත් ස්වල්ප විස්තරයක් කරන්නයයි' අපේ පිරිසේ සිටි කෙනෙක් ආරාධනය කෙළේය. 'එසේ නම් කියමි; සැරසිලි ආදිය චිත්‍ර ශිල්පඥ සිස්ටැන්ලි අබේසිංහ විසින්ද, නෘත්‍ය මණ්ඩපයේ පරිපාලනය, ඇස් සන්මුගනාදන් විසින්ද, අනුලා විසින් සින්දු කිහිපයක්ද සංගීතය ආනන්ද සමරකෝන් විසින් ද කරනු ඇත. මා විසින් එක් අලුත් නැටුමක්ද මාගේ ශිෂ්‍යයන් විසින් තවත් බොහෝ නැටුම්ද දක්වනු ඇත. මේ වෙලාවේ නෘත්‍ය කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂක සුනිල් ශාන්ති වීණා වාදකයා සමඟ අලුත් තාලයක් පුහුණුවෙමින් සිටියේය. 'සංගීතයකට කන් දීමට ඔබ කැමතිදැයි චිත්‍ර සේන අපෙන් ඇසුවේ මේ වෙලාවේදීය.  අපි උද්‍යොගශීලි අන්දමට හිස වනා සතුට ප්‍රකාශ කෙළෙමු. හෙමිහිට නැගී ආ ගීත රසය සිංහල සිංදුවකින් විකසනය වෙමින් අපේ සිත් පුබුදු කරන්නට විය.

අපි චිත්‍ර සේනගේ සොහොයුරු ශරත් සමගද කුලුපග වීමු. ඕනෑම සංගීත භාණ්ඩයකින් ගීත රස වැගිරවීමට ඔහුට පුළුවන් යයි චිත්‍ර සේන අපට කීවේ මහත් ගෞරවයකිනි ඔබ තමාගේ සියලු නැටුම් වලට සහභාගිවන්නේයයිද ඔහු නැතිව තමාට කොතානකදිවත් රඟපෑමට නොහැකියයිද චිත්‍රසේන ශරත් දෙස ආදර බැල්මක් හෙළා පැවසුවේය. තාට්‍යාගාරයෙහි වූ බෙර වලින් සමහරක් ශරත් අපට පෙන්වා ඒවා පාවිච්චි කරන අන්දම ගැනද අපට සුලූ විස්තරයක් කෙළේය. නාට්‍ය විලාස කිහිපයක් දක්වන ලෙස අපි චිත්‍රසේනට ආරාධනය කෙළෙමු. එයට එකඟවූ ඔහු දෝතියකින්ද පාද ජාලා පා වළලු ආදියෙන්ද සැරසී විත් ශරන්ගේ බෙර වාදනය අනුව පා තබමින් මනිපුර සම්ප්‍රදාය අනුව මනහර නැටුමක් ද ඊට පසු උඩරට සම්ප්‍රදාය අනුව නැටුමක් ද නැටුවේය. අපි එය ප්‍රීතියෙන් ප්‍රමුදිතව නැරඹීමු.


- රෝෂන් අරා විසිනි -

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - සෙනසුරාදා, 27 දෙසැම්බර් 2025, 5:50 PM

THE CEYLON DAILY NEWS WEDNESDAY, OCTOBER 23, 1946

CAREERS AND VOCATIONS_III    by ROSHAN ARA

Dancing As Art & Profession

THE art of Indian dancing has its origins in the mists of antiquity, when it was learnt from the gods by Bharat Muni according to myth and legend. Since then, it has passed from primitive antics to a language that finds expression through gestures and postures, a language that is dedicated to sacred and historical themes, emotions and ideals.

After two hundred years or so of degeneration the renaissance of this art has been brought about again today by dancers of international fameUday Shankar, Sadhona Bose and Ram Gopal. In Ceylon too, oriental dancing is capturing the imagination of many who have been fully roused to a deep appreciation of its expressive quality and superiority over Western forms of dancing. Sinhalese names that are ushering in a new era of oriental arts include those of the late Chandralekha, Shanti Kumar, Surya Shanti, Pani Bharata, Vasanti Kumar and Chitra Sena.

Today, we intend to take our readers to Chitra Sena's studio to feel for themselves the appeal contained in the various forms of Indian and Sinhalese classical dancing. Dancing as an art, can lay the foundations for a noble profession which has nothing derogatory about it.
It is a paying art and a paying profession. It gives a wide scope for individual expression as well as brings in enough money to maintain the expenses incurred by the artiste, while going through the various phases of his career.


No women in the world are better fitted than those of the East for acquiring and propagating this highly developed and complicated art. Eastern features, expressive and mobile-Eastern bodies supple and lithe, respond with lightning swiftness and detailed accuracy to the mercurial activity of an artistic temperament and creative abilities. We have often heard our friends say, "I feel I was born to make a career out of Indian dancing. I wish I had been taught it in my younger days as people say it can only be acquired thoroughly at an early age".

LET us go to Chitra Sena's studio and find out the truth of this statement for ourselves. The studio is in Kollupitiya and while we are on the way there, let us recall all we can about him.

"Didn't he compose and perform the Vidura ballet at the Colombo Town Hall in 1943?" asks one of us.

"Yes, it is the same dancer that put up that show. I remember reading in the papers that he had danced with credit at the All-India Dance Festival held at Delhi last year", says another.

"If I remember rightly, Nandita Kripalani, Poet Tagore's grand daughter invited him to partner her in a performance of "Chandraleka" at Calcutta as well", says a third.

"It makes one feel proud of our dancers from Ceylon when foreigners give them such honoured recognition, doesn't.it?"

"Indeed it does. I think he trained

under Kiriganitha of Alagama, for the Kandyan technique and also under Siri Gopi Nath, the Travancorean court dancer, in Kathakali dancing".

"I was told by someone the other day that he had been to Santiniketan and Uday Shankar's school at Almora as well".

"I'm quite looking forward to seeing the studio. I always wanted to dance oriental dances, so I'm really quite thrilled about it".

Here we are, the house has a very comfortable air about it though it does look as if it needed a fresh coating of paint on it. But it is excusable as we understand the studio was opened just a couple of months ago.

The vigorous beats of a drum greet our ears as we step into the porch. A member of his staff bids us welcome and leads us straight into the studio itself where Chitra Sena is tutoring six members of his troupe in the movements of the Harvesters' dance.

WE seat ourselves on a low divan at one end of the room and wait for the lesson to be over. This gives us enough time to look around and place the dancer and his musicians in their correct setting. The room is rather small for a studio, but tastefully arranged and decorated. Opposite us, a plaque of the god Natarajan surmounts the projecting centre of a wall which gives way to a spacious recess where a low platform for the musicians bears the weight of several drums and musical instruments. Four opposite corners of the room hold large paintings of dance poses. A pair of Indian curtains from Santini- ketan, Indian carpets on the floor and another gaily coloured divan emphasize the oriental atmosphere.
There seems a complete absence of corrective mirrors, perhaps war conditions have been responsible for that. A wide door on the side shows an anteroom which seems to hold all the necessary paraphernalia of a dancer.

"Namaskar", says a deep voice and our eyes return from the ante-chamber to be confronted with the figure of Chitra Sena himself. A slight, dark figure still youthfully angular, a sharp featured face with intense, humorous eyes framed by shoulder long hair are
the first impressions. The dancing has stopped, the musicians are relaxed and an air of informality reigns. A low hum of conversation fills the room. The introductions over, Chitra Sena leaves us for a while in the care of Mr. T. C. M. de Silva, the artist of the troupe. His hand produces the cardboard jewellery the dancers wear and it is he who makes the attractive posters that announce Chitra Sena's public performances. He is a pupil of Mr.Perera of the Polytechnic under whom he studied painting for five years. He told us Chitra Sena was planning an evening at the Town Hall in the near future to revive the Vidura Ballet with a few variations to the rendering of 1943. He also intended introducing some new members of his troupe, who had never been on the boards before through a variety program.

"DO you see that lady by the door? She came to us a month and a half ago having no experience of Oriental dancing at all. She is Premila. Chitra Sena has been giving her lessons daily for two hours. Now she is trained enough to take the part of the heroine in the Vidura Ballet". We turn towards the door in surprise. A slim, fair girl in her twenties is chatting to another whose face and figure proclaim every inch of her a refined artiste.

"Is she really as good as that?" whispers one of us in wonderment. "Yes, she is a very talented girl. The one near her, Rupalekha came two months ago with little or no knowledge of dancing either. She has been coached for two hours daily too and will be performing a solo as well as a duet with Ganga Nath in the coming show".

Chitra Sena has joined us by now and one of us asks him, "Is it possible to master the art at a late age or is it necessary to begin when one is a child?"

"Any art is best mastered if its roots are in childhood, it is the same with dancing. But it is not impossible for a person even in his or her late. twenties or even thirties to become an accomplished dancer with a little bit of extra trouble", he said with an encouraging smile.
 
"Tell us some more about the coming show", said one of us hoping to draw him out into telling us more about himself.


"Well, the decor will be by the artist, Stanley Abeysinghe,  the stage management by S. Sanmuganathan, some songs by Anula and the music by Ananda Samarakone. There will be one new dance by myself and a great number of others by my pupils", he said.

Though the list of names he cited was formidable, we are disappointed, We want to know more about him from himself, but though he answers direct questions in short sentences, he will not enlarge on them. Subsequent conversation proves him modest and unassuming, friendly and obliging.

ALL this while Sunil Santhi, the music director of the company, has been busy practicing a new tune with the violinist. "Would you like to listen to some music", asks Chitra Sena. We nod enthusiastically. Whispering ensues between them the tuning of instruments and then-a light conversation between (wo playmates set to music charms our ears. Later, a full throated rendering of a Sinhalese song lifts us out of the studio into a classical story of Love and War.

We make the acquaintance of Chitra Sena's brother, Sarat. "He can beat a rhythm out of any drum", boasts Chitra Sena looking affectionately at Sarat. "He accompanies all my dances. If it weren't for him, I would never be able to perform anywhere". Sarat shows us a few of the fifteen drums in

මදක් වෙනස් කරන ලද: සෙනසුරාදා, 27 දෙසැම්බර් 2025, 5:50 PM
ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - බදාදා, 24 දෙසැම්බර් 2025, 8:00 PM

ගීතයක්

හඳ පානේ

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ

ගස් වැල් කිරි මූදේ කිමිදේ

මද මුදු සුළඟින් අප නැළැවෙන්නේ

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා

දෝත නගා මහ ඉහළ බලා

'අම්බිලියෝ ' කියමින් හිනැහෙන්නී

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

දිය මතු පිට කිරි රැල්ල නැගේ

ඔරුවෙක් තනි වී ඈත පෙනේ

'හෝ 'ගා මූදේ රැල්ල බිඳෙන්නේ

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

වවුලන්ගේ හා බකමුණන්ගේ

නාදය ඉඳ හිට මටද ඇසේ

කිරි වෙනුවට ගොම සොයමින් යන්නා

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

යතුර

ප     ම   ම         ස   ඟ   රි   රි         ස   රි    ග   ම        ප     _   _      _

දි   ය ගො ඩ         හැ  ම  තැ  න        කි   රි    ඉ   ති       රේ    _   _      _

ප   ප  ම            ග   ම   ප   ධ        නි    ප   ධ            ප      _    _     _

ග  ස්  වැ  ල්         කි   රි   මු   _        දේ   _   කි   _        දේ    _   _       _

ස     නි  නි        ධ       ප           ධ       ප            ම       ග       _

ම  ඳ   මු    දු        සු    ළ   ඟි  න්        අ  ප    නැ  ළ        වෙ  න්   නේ    _

ම  ධ   ප   ම         ග    ස   රි   _         ස   _   _    _          _    _    _     _

බැ බැ ළෙ න        හ     ඳ   පා  _        නේ  _   _    _         _    _    _     _

ස  රි   ග   ම         ප     _   _   _        නි   ප   ධ    _         ප    _    _     _

හ  ඳ   පා   _        නේ   _   _   _           ඳ   පා    _       නේ  _     _    _

ම  ම   ග   රි          ග     _   _   _       රි    _   ස     නි       ස    _     _    _

හ  ඳ   පා   _        නේ    _   _   _      රෑ     යා     _      මේ   _     _   

- 'සංගීත් විශාරද්' සුනිල් ශාන්ති මහතා -

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - බදාදා, 24 දෙසැම්බර් 2025, 7:43 PM

AT TOWN HALL ORIENTAL BALLET REVIVED

The Vidura, Ballet, Chitra Sena's dance-drama which once created a sensation in Oriental ballet on the Colombo stage, is being revived at the Colombo Town Hall, on Saturday November 2. The ballet is built on the Vidura Jataka, famous in Buddhist literature.

Chitra Sena, who plays the part of Puranaka, is supported by Ganganath as Kuru Raja, while Rupa Lekha and Premila will play the roles of Irandhathi, the Naga Raja's queen and Vimala her daughter.

Music direction is in the hands of Sunel Shanti, while the compositions are by Ananda Samarakoon. Besides the main Ballet, the program will include
song and dance items.

19.10.1946

ලේබල: