Site blog

உலகிலுள்ள யாராவது

සිළුමිණ වර්ෂ 1946 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි ඉරිදා

රැඟුම කලාවක් මෙන්ම ශිෂ්ට රක්‍ෂාවකි.

ඉන්දියානු නාට්‍ය ශිල්පයේ ප්‍රභවය සොයන්නෙකු විසින් කාලය නමැති මිහිදුම් පටලය අවුස්සා බැලිය යුතුය. දේව කථා වලින්ද ජන ශ්‍රැතියෙන්ද කියවෙන්නේ එය භාරත මුනිවරයා විසින් දෙවියන් ගෙන් උගත් බවයි. එවක් පටන් විකසනය වෙමින් ආ එම නාට්‍ය ශිල්පය පුරාණ අසම්පුර්ණ විහිළු තහලු විගඩම් ලක්ෂණ හැර දමා අත් පා චලනාදී ලලිත රූපකායකින් සමන්විත අමුතු අපූර්ව වෙසක් ප්‍රකාශ කරන සුන්දර ශිල්පයක් බවට හැරුණේය. උතුම් පිරිසිදු අදහස්ද ඓතිහාසික සිද්ධින් ද සියුම් ගැඟීම් සහ පරමාර්ථයන්ද ප්‍රකාශ කිරීමට ඉන් පසු මේ ශිල්පය යානයක් කර ගන්නා ලදී. මෙසේ දෙවියන්ට පවා ප්‍රිය වූ මේ ශිල්පය විපරීනාම ධර්මය අනුව අභාවයට ගොස්තිබී යළි නැවත දියුණු වේගන එන්නේය.

නාට්‍ය ශිල්පය දියුණුකිරීමෙහි ලා මෙකල පුරෝගාමීව සිටින ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් අතර උදය ශංඛර  සදෝනා බෝස්, රාම් ගෝපල් ආදීහු ප්‍රමුඛ ස්ථානය ගනිති. අංග ලාලිත්‍යය, චාරුත්ත්වය, මාධුර්යය ගුණය, ප්‍රකාශක ශක්තිය යන මේ ගුණාංග විසින් බටහිර නාට්‍ය කලාවට වඩා කිහිපා කාරයකින්ම ශ්‍රෙෂ්ඨත්වයෙහි ලා සැලකිය යුතු පෙරදිග නාට්‍ය ශිල්පය මෙකල ලංකාවෙහි ද අමුතු හැඟීම් ඇති කරමින් පුනරුත්ථානයට පත්වේගන එන්නේය. පෙරදිග කලා ශිල්පය අතින් උද්‍යොග සම්පන්න අභිනව කාල පරිච්ඡෙදයක් උදාකරවීමෙහි පුරෝගාමිවුවන් අතර අභාවප්‍රාප්ත චන්ද්‍රලේඛා, ශාන්ති කුමාර, සූර්යය ශාන්ති, පති භාරත, වසන්ත කුමාර සහ චිත්‍රසේන ආදි සිංහල ශිල්පීහු ප්‍රමුඛස්ථානයක් ගනිති.

ඉන්දියානු සහ සිංහල උසස් නාට්‍ය ශිල්පයෙන්ද ලද හැකි පරිමෝහය, චිත්තාහ්ලාදය සහ උද්වේගයද ඉබේටම වටහා ගැනීමට හා සිතා මතා ගැනීමට ද හැකි පරිදි අද අපි අපේ පාඨකයින් චිත්‍ර සේනගේ චිත්‍රාගාරයට කැඳවාගෙන යාමට අදහස් කරමු. කලාවක් වශයෙන් උත්තරීතර වෘත්තියකට පදනම් දැමීමට නාට්‍ය ශිල්පයට පුළුවන්කම තිබේ. ශිල්පයක් වශයෙන් නැටීමෙහි අවනම්බුවක් හෝ අවිනීත භාවයක් හෝ
දක්නා නොලැබේ. එය වූ කල මුදල් ඉපදවිය හැකි උතුම් කලාවකි. මුදල් ඉපදවිය හැකි උතුම් ශිල්පයකි. තමන්ටම විෂය වූ පුද්ගල

භාවය ප්‍රකාශ කිරීමටද, ස්වකීය නළු ජීවිතය පිළිබඳ විවිධ අවස්ථා වලදී උසුලන්නට සිදු වූ වියහිය දිම් නැවත පොලී ඇතිව ලබා ගැනීමට ද මේ ශිල්පයෙන් විශාල ඉඩ ප්‍රස්තා කිසිවකුට සලසන්නේය.

උසස් සම්ප්‍රදායයන් ඇති උසස් අන්දමට දියුණු වූ මේ වැදගත ශ්‍රෙෂ්ඨ ශිල්පය. ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පෙරදිග කාන්තා පක්ෂයට වඩා සුදුස්සෝ මේ මුළු ලෝකයෙහිම නැතිය. පෙර දිගටම හිමි වූ ලක්ෂණ ද ලෙහෙසියෙන් පහසු වෙන් හැරී නැමී ගතහැකි පෙරදිග වාසීන්ටම විශෙෂ වූ කායද උත්පාදක ශක්තිය ඇති කලා කාමීයකුගේ සිතට නළංගුවන පරිදි විදුලිමය වූ වේගයකින් හා නොවරදින සුළු බවකින්ද යුතුව අනුකූල වනු ඇත. "ඉන්දියානු නාට්‍ය ශිල්පය සම්බන්ධයෙන් උපන් ගෙයි හුරු කමක් මට ඇති බැව් හැඟේ. මේ ශිල්පය බාල වියෙහිදීම ප්‍රගුණ කළ යුතු යයි කියන හෙයින් කුඩා වියෙහිදී එය මට ඉගැන්නුවා නම් කොතරම් අගේද " යන ආදි අප මිතුරන් විසින් කියන කථා අපට නොයෙක් වර ඇසී තිබේ.

අපි මිත්‍රසේනගේ නාට්‍යාගාරයට ගොස් මේ කියමනේ සත්‍ය භාවය තරමක් දුරට වත් පිරික්සා බලමු. එය තිබෙන්නේ කොල්ලුපිටියේය.අපි එහි යන ගමන් ඔහු පිළිබඳ කරුණු හැකිතාක් අනුස්මරණය කරමු.

"විධුර නාට්‍යය ගොතා 1943 අවුරුද්දේ කොළඹ නගර ශාලාවේදී ඔහු විසින් රඟ දැක්වූවා නොවේද"? යි අප පිරිස අතරෙහි සිටි කෙනෙක් ඇසීය.

"ඔව් එය රඟ දැක්වූයේ ඒ නැට්ටුවා විසිනි. පසුගිය අවුරුද්දේ දිල්ලි නුවර පැවැත් වූ සමස්ත ඉන්දියා නාට්‍යෝත්සවයෙහිදී ඔහු ප්‍රශංසාර්හ අන්දමට නැටු බැව් පුවත් පත් වලින් කියවන්නට ලැබුණේ " යයි තවෙකෙක් කීය.

"කල්කටාවේ පැවැත් වූ රැඟුමකදී තමාට ඒ සම්බන්ධයෙන් හවුල් වන ලෙස තාගෝර් මහ කිවිවරයාගේ මිනිබිරිය වූ නන්දිත ත්‍රිපලානි ඔහුට ආරාධනය කළ බැව්මට මතක යයි " තුන්වෙනියා කීය. විදේශිකයන් විසින් මේ තරම් ගරු බුහුමන් කර තිබීම නිසා ලංකාවේ අපේ නාට්‍ය ශිල්පීන් සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නොවේ ද?

"ඇත්තෙන්ම එය ආඩම්බර වීමට කරුණකි. උඩරට නාට්‍ය සම්ප්‍රදාය ඔහු විසින් අලගම කිරි ගණිතයා වෙතින් ද කත කාලි නාට්‍යය ට්‍රැවන්කෝර් රාජ සභාවේ ශිල්පියා වන සිරි ගෝපිනාථ වෙතින්ද ප්‍රගුණ කළ බැව් සිතමි."

"ඔහු ශාන්ති නිකේතනයට ද ඇල් මෝරාවේ උදය ශංඛරගේ කලා ශිල්පායතනයට ද ගිය බැව් දිනක් කවුදෝ කෙනෙක් මා සමඟ කීය. "

"ඔහුගේ මේ නාට්‍යාගාරය නැරඹීමට මා තුළ තද ආශාවක් තිබේ.පෙරදිග නැටුම්වලට මම හැම විටම කැමතිය."
දැන් අපි ඒ නාට්‍යාගාරයට ගොස් සිටිමු. එය අවට වාතාවරණය ඉතාමත් සුව පහසු එළවන බැව් පෙනේ. එහෙත් එයට අලුත් සුණු පිරියමක් ළඟදීම ඕනෑ කරන බැලූ බැල්මට පෙනේ. එහෙත් එය එතරම් ලොකු කාරණයක් නොවන්නේ නාට්‍යාගාරය විවෘත කොට තවම මාස දෙකක්වත් ගත නොවූ බැව් සලකන විටය.

අප පෝටිකෝවට පා තබද්දී උද්‍යෝගවත් බෙර හඬක් ඇසිණ. මහුගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකු විසින් අප පිළිගන්නා ලදුව කෙළින්ම නාට්‍යාගාරය වෙත කැඳවාගෙන යනු ලැබීය. ඒ වේලාවේ චිත්‍රසේන ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ සයදෙනකුට "අස්වැන්න නෙළීමේ නැටුමේ' නාට්‍ය විලාස පුහුණු කරවමින් සිටියේය.

කාමරයේ එක් කෙළවරක පනවා තිබුණ කවිච්චියක අසුන් ගත් අපි පාඩම අවසන් වන තුරු ඉවසිල්ලෙන් බලා සිටියෙමු. ශිල්පියාත් ඔහුගේ සංගීතඥයනුත් පිළිබඳ කිසියම් අවබෝධයක් ඇතිකර ගැනීමට මෙය අපට හොඳ ප්‍රස්තාවක්විය. නාට්‍යාගාරයක් වශයෙන් කාමරය කුඩා වන නමුදු එය විසිතුරු ලෙස සරසා තිබුණේය. අප ඉදිරියෙහි වුයේ නටරාජ දෙවිඳුගේ රූපයකි. එයට ඉක්බිතිව ඉඩ කඩ ඇති මණ්ඩපයෙහි සංගීතඥයෝ ස්වකීය සංගීත භාණ්ඩ රැගෙන සිටියාහ. කාමරයෙහි ප්‍රතිවිරුද්ධ කොන් සතරෙහි නාට්‍ය විලාස දැක්වෙන විශාල චිත්‍ර කිහිපයක් වූහ. ශාන්ති නිකේතනයේ ඉන්දියානු තිර රෙදි යුග්මයක්ද ඉන්දියානු බුමුතුරුණුද, තවත් විසිතුරු කවිච්චියක්ද වූහ. මේ සියල්ලෙන්ම පෙරදිශ වාතාවරණය මොනවට ප්‍රකාශ විය. කාමරය තුළ කණ්ණාඩි ආදියක් නොවීය. සමහරවිට එය යුද්ධ කාලය පිළිබඳ තත්ත්වයන් නිසා යයි සිතිය හැක. පාර්ශවයක වූ බිහි දොරකින් පිවිසෙන  කාමරයක්ද විය. නැට්ටුවෙකුට මුවමනා වන සියලුම උපකරණ එහි වූහ.

අප මිත්‍ර සේන මුණගැසුණේ මෙහිදීය. සිහින් කාල වර්ණ දේහයක් ඇති නව යොවුන් වියෙහි සිටින පුද්ගලයෙකි ඔහු. තියුණු සුරුබහුටි මුහුණක් ද ඊටම සරිලන තීක්ෂණ ඇති සඟලක් ද ඔහුට ඇත්තේය. උරහිස තෙක් වැටෙන සේ කැපු කෙස් කළඹක්ද ඔහුට ඇත්තේය. මේ වෙලාව වන විට නැටුම නතර කරනු ලැබ සංගීතඥයන්ද අස්වැසිල්ලක් ලබා සිටි හෙයින් සාමාන්‍ය පියස්වභාව උද්වහනය කෙළේය. ඔහු නොවුන් ප්‍රිය කථාසල්ලාපයෙහි යෙදෙන්නට වූයේ මේ අවස්ථාවෙහිය. හැඳින ගැනීම ආදිය අව
සන් වූ පසු චිත්‍ර සේන මදවේලාවකට අප කෙරෙන් ඈත් විය. ඒ අතරතුර නාට්‍ය කණ්ඩායම් චිත්‍ර ශිල්පියා වන ටී සී ඇම් ද සිල්වා මහතා අපිට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කෙළේය. නැට්ටුවන් හඳින කා‍‍ර්ඩ් බෝර්ඩ් ආභරණ නිෂ්පාදනය කරන්නේ ඔහු විසිනි. ඔහු වනාහි පෙරේරා මහතාගේ ශිෂ්‍යයෙකි. 1943 විධුර නාට්‍යය ප්‍රතිසංස්කරණය කොට ළඟදිම නගර ශාලාවෙහි රඟ දැක්වීමට චිත්‍ර සේන අදහස් කරන බැව් ඔහු අප සමඟ කීය. තම කණ්ඩායමට අයත් අලුත් ශිල්පින් කිහිපදෙනෙකු ඉදිරිපත් කිරීමටද අදහස්කර සිටින බැව් කියන ලදී.

'අර දොර ළඟ සිටින කාන්තාව ඔබට පෙනෙනවාද? ඇය අප වෙතට පැමිණ දැනට මාස එකහමාරක් පමණ කල් වෙයි. ඇයට පෙරදිග නැටුම් සම්බන්ධයෙන් කිසි පලපුරුද්දක්ද නොවීය. ඒ වනාහි ප්‍රේමිලාය. දිනපතාම චිත්‍රසේන
විසින් ඇයට දෙපැයක් පාඩම් කියා දෙනු ලැබේ. මධුර නාට්‍යයේ කථානායිකාව වශයෙන් පෙනී සිටීමට තරම් වන පුහුණුවක් දැනට ප්‍රේමිලාට ලැබී තිබේ'.

අපි මවිතයෙන් මෙන් දොර දෙසට අපේ තෙත් බමරුන් විහිදවීමු. ශොභන පෙනුමක් ඇති සිහින් දේහධාරි තරුණියක් පළපුරුදු දක්ෂ කලාකාරියකගේ හැඩ හුරුකර ගත් තවත් තරුණියක් සමග ප්‍රිය කථා සල්ලාපයෙහියෙදී සිටියාය. රූප ලේඛා පැමිණ දැනට දෙමසකට වැඩි නොවේ. එවකට ඇයටද නැටීම සම්බන්ධයෙන් කිසිම පුහුණුවක් නොවීය. ඇයටද දිනපතා දෙපැය බැගින් ශිල්ප පුහුණුවක් ලබා දෙන ලදී. ඉදිරියට එන රැඟු මෙහිදී ඔහු ගංගානාථ සමග රඟපානවා ඇත.

මේ වෙලාව වන විට යළිත් චිත්‍රසේන අපට එක්විය.

නාට්‍ය ශිල්පය මුහුකුරා ගිය වයසේදී පුහුණු කළ හැකිද නොඑසේ නම් කුඩා වියෙහිදීම ප්‍රගුණ කළ යුතුද?

'කොයි කවර ශිල්පයක් නමුත් ලෙහෙසියෙන් පුහුණු කළ හැක්කේ කුඩා වියෙහිදීය. නාට්‍ය ශිල්පය සම්බන්ධයෙන්ද කියයුතු වන්නේ එයමය. එහෙත් වැඩිපුර උත්සාහයක් ඇතිව විසි වයස හෝ තිස් වයස පිරී සිටින කෙනෙකුට වුවද කෘතහස්ත නාට්‍ය ශිල්පියෙකු වන්නට බැරි නොවේ. මේ වනාහි චිත්‍ර සේන විසින් සිනාමුසු මුහුණින් යුතුව කළ ප්‍රකාශයෙකි. 'ඉතින් ඉදිරියට ඇති නාට්‍යොතත්සවය සම්බන්ධයෙන් තවත් ස්වල්ප විස්තරයක් කරන්නයයි' අපේ පිරිසේ සිටි කෙනෙක් ආරාධනය කෙළේය. 'එසේ නම් කියමි; සැරසිලි ආදිය චිත්‍ර ශිල්පඥ සිස්ටැන්ලි අබේසිංහ විසින්ද, නෘත්‍ය මණ්ඩපයේ පරිපාලනය, ඇස් සන්මුගනාදන් විසින්ද, අනුලා විසින් සින්දු කිහිපයක්ද සංගීතය ආනන්ද සමරකෝන් විසින් ද කරනු ඇත. මා විසින් එක් අලුත් නැටුමක්ද මාගේ ශිෂ්‍යයන් විසින් තවත් බොහෝ නැටුම්ද දක්වනු ඇත. මේ වෙලාවේ නෘත්‍ය කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂක සුනිල් ශාන්ති වීණා වාදකයා සමඟ අලුත් තාලයක් පුහුණුවෙමින් සිටියේය. 'සංගීතයකට කන් දීමට ඔබ කැමතිදැයි චිත්‍ර සේන අපෙන් ඇසුවේ මේ වෙලාවේදීය.  අපි උද්‍යොගශීලි අන්දමට හිස වනා සතුට ප්‍රකාශ කෙළෙමු. හෙමිහිට නැගී ආ ගීත රසය සිංහල සිංදුවකින් විකසනය වෙමින් අපේ සිත් පුබුදු කරන්නට විය.

අපි චිත්‍ර සේනගේ සොහොයුරු ශරත් සමගද කුලුපග වීමු. ඕනෑම සංගීත භාණ්ඩයකින් ගීත රස වැගිරවීමට ඔහුට පුළුවන් යයි චිත්‍ර සේන අපට කීවේ මහත් ගෞරවයකිනි ඔබ තමාගේ සියලු නැටුම් වලට සහභාගිවන්නේයයිද ඔහු නැතිව තමාට කොතානකදිවත් රඟපෑමට නොහැකියයිද චිත්‍රසේන ශරත් දෙස ආදර බැල්මක් හෙළා පැවසුවේය. තාට්‍යාගාරයෙහි වූ බෙර වලින් සමහරක් ශරත් අපට පෙන්වා ඒවා පාවිච්චි කරන අන්දම ගැනද අපට සුලූ විස්තරයක් කෙළේය. නාට්‍ය විලාස කිහිපයක් දක්වන ලෙස අපි චිත්‍රසේනට ආරාධනය කෙළෙමු. එයට එකඟවූ ඔහු දෝතියකින්ද පාද ජාලා පා වළලු ආදියෙන්ද සැරසී විත් ශරන්ගේ බෙර වාදනය අනුව පා තබමින් මනිපුර සම්ප්‍රදාය අනුව මනහර නැටුමක් ද ඊට පසු උඩරට සම්ප්‍රදාය අනුව නැටුමක් ද නැටුවේය. අපි එය ප්‍රීතියෙන් ප්‍රමුදිතව නැරඹීමු.


- රෝෂන් අරා විසිනි -

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - சனி, 27 டிசம்பர் 2025, 5:50 PM

THE CEYLON DAILY NEWS WEDNESDAY, OCTOBER 23, 1946

CAREERS AND VOCATIONS_III    by ROSHAN ARA

Dancing As Art & Profession

THE art of Indian dancing has its origins in the mists of antiquity, when it was learnt from the gods by Bharat Muni according to myth and legend. Since then, it has passed from primitive antics to a language that finds expression through gestures and postures, a language that is dedicated to sacred and historical themes, emotions and ideals.

After two hundred years or so of degeneration the renaissance of this art has been brought about again today by dancers of international fameUday Shankar, Sadhona Bose and Ram Gopal. In Ceylon too, oriental dancing is capturing the imagination of many who have been fully roused to a deep appreciation of its expressive quality and superiority over Western forms of dancing. Sinhalese names that are ushering in a new era of oriental arts include those of the late Chandralekha, Shanti Kumar, Surya Shanti, Pani Bharata, Vasanti Kumar and Chitra Sena.

Today, we intend to take our readers to Chitra Sena's studio to feel for themselves the appeal contained in the various forms of Indian and Sinhalese classical dancing. Dancing as an art, can lay the foundations for a noble profession which has nothing derogatory about it.
It is a paying art and a paying profession. It gives a wide scope for individual expression as well as brings in enough money to maintain the expenses incurred by the artiste, while going through the various phases of his career.


No women in the world are better fitted than those of the East for acquiring and propagating this highly developed and complicated art. Eastern features, expressive and mobile-Eastern bodies supple and lithe, respond with lightning swiftness and detailed accuracy to the mercurial activity of an artistic temperament and creative abilities. We have often heard our friends say, "I feel I was born to make a career out of Indian dancing. I wish I had been taught it in my younger days as people say it can only be acquired thoroughly at an early age".

LET us go to Chitra Sena's studio and find out the truth of this statement for ourselves. The studio is in Kollupitiya and while we are on the way there, let us recall all we can about him.

"Didn't he compose and perform the Vidura ballet at the Colombo Town Hall in 1943?" asks one of us.

"Yes, it is the same dancer that put up that show. I remember reading in the papers that he had danced with credit at the All-India Dance Festival held at Delhi last year", says another.

"If I remember rightly, Nandita Kripalani, Poet Tagore's grand daughter invited him to partner her in a performance of "Chandraleka" at Calcutta as well", says a third.

"It makes one feel proud of our dancers from Ceylon when foreigners give them such honoured recognition, doesn't.it?"

"Indeed it does. I think he trained

under Kiriganitha of Alagama, for the Kandyan technique and also under Siri Gopi Nath, the Travancorean court dancer, in Kathakali dancing".

"I was told by someone the other day that he had been to Santiniketan and Uday Shankar's school at Almora as well".

"I'm quite looking forward to seeing the studio. I always wanted to dance oriental dances, so I'm really quite thrilled about it".

Here we are, the house has a very comfortable air about it though it does look as if it needed a fresh coating of paint on it. But it is excusable as we understand the studio was opened just a couple of months ago.

The vigorous beats of a drum greet our ears as we step into the porch. A member of his staff bids us welcome and leads us straight into the studio itself where Chitra Sena is tutoring six members of his troupe in the movements of the Harvesters' dance.

WE seat ourselves on a low divan at one end of the room and wait for the lesson to be over. This gives us enough time to look around and place the dancer and his musicians in their correct setting. The room is rather small for a studio, but tastefully arranged and decorated. Opposite us, a plaque of the god Natarajan surmounts the projecting centre of a wall which gives way to a spacious recess where a low platform for the musicians bears the weight of several drums and musical instruments. Four opposite corners of the room hold large paintings of dance poses. A pair of Indian curtains from Santini- ketan, Indian carpets on the floor and another gaily coloured divan emphasize the oriental atmosphere.
There seems a complete absence of corrective mirrors, perhaps war conditions have been responsible for that. A wide door on the side shows an anteroom which seems to hold all the necessary paraphernalia of a dancer.

"Namaskar", says a deep voice and our eyes return from the ante-chamber to be confronted with the figure of Chitra Sena himself. A slight, dark figure still youthfully angular, a sharp featured face with intense, humorous eyes framed by shoulder long hair are
the first impressions. The dancing has stopped, the musicians are relaxed and an air of informality reigns. A low hum of conversation fills the room. The introductions over, Chitra Sena leaves us for a while in the care of Mr. T. C. M. de Silva, the artist of the troupe. His hand produces the cardboard jewellery the dancers wear and it is he who makes the attractive posters that announce Chitra Sena's public performances. He is a pupil of Mr.Perera of the Polytechnic under whom he studied painting for five years. He told us Chitra Sena was planning an evening at the Town Hall in the near future to revive the Vidura Ballet with a few variations to the rendering of 1943. He also intended introducing some new members of his troupe, who had never been on the boards before through a variety program.

"DO you see that lady by the door? She came to us a month and a half ago having no experience of Oriental dancing at all. She is Premila. Chitra Sena has been giving her lessons daily for two hours. Now she is trained enough to take the part of the heroine in the Vidura Ballet". We turn towards the door in surprise. A slim, fair girl in her twenties is chatting to another whose face and figure proclaim every inch of her a refined artiste.

"Is she really as good as that?" whispers one of us in wonderment. "Yes, she is a very talented girl. The one near her, Rupalekha came two months ago with little or no knowledge of dancing either. She has been coached for two hours daily too and will be performing a solo as well as a duet with Ganga Nath in the coming show".

Chitra Sena has joined us by now and one of us asks him, "Is it possible to master the art at a late age or is it necessary to begin when one is a child?"

"Any art is best mastered if its roots are in childhood, it is the same with dancing. But it is not impossible for a person even in his or her late. twenties or even thirties to become an accomplished dancer with a little bit of extra trouble", he said with an encouraging smile.
 
"Tell us some more about the coming show", said one of us hoping to draw him out into telling us more about himself.


"Well, the decor will be by the artist, Stanley Abeysinghe,  the stage management by S. Sanmuganathan, some songs by Anula and the music by Ananda Samarakone. There will be one new dance by myself and a great number of others by my pupils", he said.

Though the list of names he cited was formidable, we are disappointed, We want to know more about him from himself, but though he answers direct questions in short sentences, he will not enlarge on them. Subsequent conversation proves him modest and unassuming, friendly and obliging.

ALL this while Sunil Santhi, the music director of the company, has been busy practicing a new tune with the violinist. "Would you like to listen to some music", asks Chitra Sena. We nod enthusiastically. Whispering ensues between them the tuning of instruments and then-a light conversation between (wo playmates set to music charms our ears. Later, a full throated rendering of a Sinhalese song lifts us out of the studio into a classical story of Love and War.

We make the acquaintance of Chitra Sena's brother, Sarat. "He can beat a rhythm out of any drum", boasts Chitra Sena looking affectionately at Sarat. "He accompanies all my dances. If it weren't for him, I would never be able to perform anywhere". Sarat shows us a few of the fifteen drums in

மாற்றப்பட்டது: சனி, 27 டிசம்பர் 2025, 5:50 PM
சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - புதன், 24 டிசம்பர் 2025, 8:00 PM

ගීතයක්

හඳ පානේ

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ

ගස් වැල් කිරි මූදේ කිමිදේ

මද මුදු සුළඟින් අප නැළැවෙන්නේ

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා

දෝත නගා මහ ඉහළ බලා

'අම්බිලියෝ ' කියමින් හිනැහෙන්නී

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

දිය මතු පිට කිරි රැල්ල නැගේ

ඔරුවෙක් තනි වී ඈත පෙනේ

'හෝ 'ගා මූදේ රැල්ල බිඳෙන්නේ

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

වවුලන්ගේ හා බකමුණන්ගේ

නාදය ඉඳ හිට මටද ඇසේ

කිරි වෙනුවට ගොම සොයමින් යන්නා

බැබැළෙන හඳ පානේ

හඳ පානේ _ _ හඳ පානේ_ _ හඳ පානේ_ _ රෑ යාමේ_ _

යතුර

ප     ම   ම         ස   ඟ   රි   රි         ස   රි    ග   ම        ප     _   _      _

දි   ය ගො ඩ         හැ  ම  තැ  න        කි   රි    ඉ   ති       රේ    _   _      _

ප   ප  ම            ග   ම   ප   ධ        නි    ප   ධ            ප      _    _     _

ග  ස්  වැ  ල්         කි   රි   මු   _        දේ   _   කි   _        දේ    _   _       _

ස     නි  නි        ධ       ප           ධ       ප            ම       ග       _

ම  ඳ   මු    දු        සු    ළ   ඟි  න්        අ  ප    නැ  ළ        වෙ  න්   නේ    _

ම  ධ   ප   ම         ග    ස   රි   _         ස   _   _    _          _    _    _     _

බැ බැ ළෙ න        හ     ඳ   පා  _        නේ  _   _    _         _    _    _     _

ස  රි   ග   ම         ප     _   _   _        නි   ප   ධ    _         ප    _    _     _

හ  ඳ   පා   _        නේ   _   _   _           ඳ   පා    _       නේ  _     _    _

ම  ම   ග   රි          ග     _   _   _       රි    _   ස     නි       ස    _     _    _

හ  ඳ   පා   _        නේ    _   _   _      රෑ     යා     _      මේ   _     _   

- 'සංගීත් විශාරද්' සුනිල් ශාන්ති මහතා -

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - புதன், 24 டிசம்பர் 2025, 7:43 PM

AT TOWN HALL ORIENTAL BALLET REVIVED

The Vidura, Ballet, Chitra Sena's dance-drama which once created a sensation in Oriental ballet on the Colombo stage, is being revived at the Colombo Town Hall, on Saturday November 2. The ballet is built on the Vidura Jataka, famous in Buddhist literature.

Chitra Sena, who plays the part of Puranaka, is supported by Ganganath as Kuru Raja, while Rupa Lekha and Premila will play the roles of Irandhathi, the Naga Raja's queen and Vimala her daughter.

Music direction is in the hands of Sunel Shanti, while the compositions are by Ananda Samarakoon. Besides the main Ballet, the program will include
song and dance items.

19.10.1946

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - புதன், 24 டிசம்பர் 2025, 7:42 PM

SONG AND DANCE RECITAL AT UNIVERSITY

The University of Ceylon Mela (Society of Oriental arts) which has revived its activities after about five years, has organised a song and dance recital scheduled for this evening at 6.30 at the University hall.

The recital is produced by Mr. Demosthenes A. Jayawardene, the President of the mela, and some of Ceylon's leading Oriental artistes are included in the evening's card. A noteworthy feature is the first appearance of Miss N. Bhattacharya and Mr. S. Dutt. Local artists include, Sunil Shanti, Ananda Samarakone, Surya Shankar, Indira Meun and the Sri Palee players.

The proceeds are in aid of the Mela Funds.

19.10.1946

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - புதன், 24 டிசம்பர் 2025, 7:41 PM

MELA, the Ceylon University's Society of Oriental Arts has again revived its activities after a lapse of about five years. The programme for the year includes classes in Oriental music, and dancing, a public song and dance recital, and an exhibition of paintings by members of the University.

Two singing classes in Sinhalese and Hindustani music and a dancing class for girls are being conducted by the well-known artistes, Sangeeth Visharad Sunel Santi, Mr. Ananda Samarakoone and Sri Prema Kumar respectively. These classes are already crowded and great enthusiasm, is said to prevail among the students of the University in the study of Oriental Music and dancing.

For the song and dance recital to be produced by the President of the Mela, Mr. Demosthenes Jayewardene, many of the leading Ceylon artistes have given their promise to contribute items.

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - புதன், 24 டிசம்பர் 2025, 7:40 PM

අපේ සංගීතයට වූ බලවත්ම පාඩුව

මහත්මයාණනි,

ජාතියට මෙහෙයක් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් මුළු ජීවිත කාලයේ අධික වෙහෙස දරා කටයුතු කළ සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා මහතාගේ අභාවයෙන් අපට වුයේ කියා නිමකළ නොහැකි පාඩුවෙකි. භාරත මාතාවට විෂ්ණු නාරයන් භාට්ඛණ්ඩේද ලක් මවට ඇම් ජී පෙරේරාද ඇතිවූහ. පෙරදිග සංගීතය සම්බන්ධයෙන් අද ලක්දිව පවතින උනන්දුව පෙරේරා මහතාගේ අධික උත්සාහය නිසාම ඇති වූ බව එකහෙළා පිළිගත යුතුය. එතුමාගේ එකම බලාපොරොත්තුව වූයේ ලක්දිව පෙරදිග සංගීතය නගා සිටුවීමය. සංස්කෘත, හින්දි, මරාටි ආදී භාෂාවන් සෙවාත් සායෙන් ඉගෙන ප්‍රාවීන සංගීත ග්‍රන්ථයෙහි ගැඹුරු තැන්, ගැටලුතැන් තේරුම්ගෙන පැහැදිලි භාෂා

වෙන් ග්‍රන්ථ නිෂ්පාදනය කිරීමෙන් සිදු කළ මෙහෙය පුදුමාකාරය. අධික වෙහෙස දරා නිරාකුල දැනුමක් ලබාගත් පසු 1912 දී ගීත ශික්ෂකයේ ප්‍රථම භාගයත්, 1917 විතීය භාගය 1933 දී තෘතීය භාගයත් සපයන ලදහ. විද්‍යාව සම්බන්ධයෙන් සැපයුනු පොත් තුනෙකි. ගීත සුබොධිනී, සංගීත මධුව, සප්ත ස්වරය ආදී තවත් සංගීත පොත්ද වැනිසියේ වෙළෙන්දා සහ ජුලියට්, ජුලියස්සීසර්, නිමීෂියස් ආදී නාට්‍ය පොත්ද පෙරේරා මහතා විසින් සපයන ලදහ. පෙරේරා මහතා කළේ මුදල් උපයීමක් නම් නොව ජාතිය උදෙසා නොමසුරුව වියදම් කිරීමේකි. එතුමාගේ කාලය ගමන් කළේ සංගීතයත් සමඟ අත්වැල් බැඳගෙනය එතුමාගේ පුස්තකාලය සංගීත පුස්තකාලයකි. එතුමාගේ ගෘහය සප්ත ස්වරයෙන් නිමවූවෙකි. ඇත්තෙන්ම එතුමා සංගීතාචාර්යවරයෙකි සංගීතය නිසාම ඇති වූ එතුමාගේ

ශාන්ත ගති පැවතුම් අවශෙෂයනට ආදර්ශයෝ වූහ. අවාසනාවෙකි. එතුමාගේ උත්සහයේ නියම ප්‍රතිඵල එතුමාට දක්නට නොලැබින එතුමාගේ ව්‍යායාමයෙහි අගය බොහෝ දෙනාට නොවැටහුනි. එහෙත් වාසනාවකට මෙන් එතුමා සෙවනෙහි ඉගෙනීම ලැබුවෝ ලක්දිව වෙත්. ඒ මහතුන්ගේ උත්සහයය දැන් අවශ්‍ය වනුයේ පෙරේරා මහතා යෙදූ අත්තිවාරම ඒ මහතුන්ගේ උත්සාහයෙන් දියුණු විය යුතුය. එතුමා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය කවදා නමුත් ඇති විය යුතුය. ඒ එසේ වනතුරු එතුමාගේ ප්‍රාණයට සැනසීමෙක් නැත. එබැවින් එතුමාගෙන් ඉගෙනීම ලැබූ මහතුනි, සංගීත රසිකයිනි, ඒ අසරණ ප්‍රාණයට සැනසීම දීම සඳහා කටයුතු කිරීමට නැඟී සිටිමු.

මීට,

සුනිල් ශාන්ති.

ලක්නව්හි භාට්ඛණ්ඩේ

සංගීත විද්‍යාලයේදීය.

1942/05/25

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது

ගුවන්විදුලි මගින්

මහත්මයාණනි,
පසුගිය සෙනසුරාදා පළවූ උක්ත ශීර්ෂයෙන් යුත් ලිපිය කියවා මේ ලිවීමට අදහස් කළෙමි.

විනීත් ජයසූරිය මහතාට අසන්නට ලැබුණු සරත්චන්ද්‍ර නෝනාගේ ඒ ගැයීම අපට ද අසන්නට ලැබින. එසේම චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් දෙන ලද ශබ්දවාහීනී තැටිය ද අසා තිබේ. බිභාෂ්  රාගයට අයත් 'ජාගියේ ගොපාල' යන ඒ ගීතය ශාන්තිනිකේතනයේදීම ඉගෙනීමට අපටත් අවකාශ ලැබීම වාසනාවකි.

සරත්චන්ද්‍ර නෝනාගේ ගායනයෙහි වැරදි තැන් කීපයක් තමාට අසු වූ බැව් ජයසූරිය මහතා කියයි. ස:නෝනාගේ ගැයීමෙහි වැරදි ලෙස පෙනී ගිය තැන් නොතිබුණා නොවෙයි. එහෙන් ජ:මහතා සිතන තරම් වරදෙක් නොවීය.

ස:නෝනාගේ ගැයීමෙහි සදොස් තැන් කීපයක් අසු වූ තැන ව:නෝනාගේ ගැයිමෙහි එකද අඩු පාඩුවක් ජ:මහතාට අසු නොවීම පුදුමයෙකි. ව; කාන්තාවගේ ගැයීමෙහි බලවත් වැරදි කීපයක් පහත පෙනේ.

අපරදිග ක්‍රමයට ගැයීම: ස්වරයෙන් ස්වරයකට පැනීමෙන් ගැයීම පෙරදිග ක්‍රමයට අයිති නැත. (එබැවිනි, සර්පිනාව හෝ පියානාව හෝ පෙරදිග සංගීතයට නුසුදුසු.) ස්වර සම්බන්ධය ඇතිව හෙවත් 'මීර්' සහිතව ගැයීමය පෙරදිග ක්‍රමයෙහි ඇත්තේ.

රාග ඥානයක් නැතිව ගැයිම: රාගයකට අයත් ගීයක් ගැයීමට පෙර රාගය පිළිබඳට හොඳ අවබොධයක් තිබිය යුතුයි. ස්වර සමුහයක් ගැයූ පමණින් රාගය ප්‍රකාශ නොවෙයි. බිභාෂ් රාගය පිළිබඳ අවබෝධයක් නැතිව ගීය ගැයූ බව හොඳටම පැහැදිලිය.

ගායනය විය යුතු ස්වරය ගායනය නොවීම : නියමිත ස්වරය හරි හැටි ගායනය නොවී, එම ස්වරයට අඩුවෙන් හෝ වැඩියෙන් වූ ශ්‍රැතියක් ගායනයට වී තිබෙන තැන් කීපයකි.

මුර්ජනා යනු කුමක්දැයි නොදැන ගැයීම: ගීයක් අලංකාර වනුයේ දක්ෂ ලෙස මුර්ජනා යෙදීමෙනි. මේ ගායනයෙහි එක ද මුර්ජනාවකුත් නැතිවීම නිසා අසන්නාට ගීය විඩා ගෙනදෙයි.


මීට, සුනිල් ශාන්ති
දෙනියාගාත,
ජාඇල
(කොටයක් කපා හරින ලදි. කතෘ)

1943.06.25

சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - செவ்வாய், 23 டிசம்பர் 2025, 8:45 PM

ලියුම්

ගුවන්විදුලි මගින්


මහත්මයාණෙනි, 
පසුගිය බදාදා සවස් භාගයෙහි ගුවන් විදුලි මගින් ප්‍රචාරය වුනු ගායනයකට ඇහුම්කන් දුන් මට මෙය ලිවීමට සිත් විය. ගායනය කෙරුනේ ඊ.ආර්.ද ඇස්. සරත් චන්ද්‍ර නෝනා විසිනි. එහිදී එක්තරා හින්දුස්ථානි ගීයක්ද ගායනය වුණේය. සිංහල හෝ හින්දුස්තානි හෝ වේවා ගායනය නම් නිවරදවා කළ යුතු විද්‍යාවකි.

එදින ගැයුණු එම හින්දුස්ථානි ගීය අපද උගෙන තිබේ. සරත් චන්ද්‍ර නෝනාද උගෙන ගන්නට ඇත්තේ අප උගත් ආයතනයෙන්ම බව නිසැකය. එදින ගායනයෙහි සදොස් තැන් කීපයක්ම අවබොධ විය. කීර්ති ශෙෂගත තුල්සිදාස යන්ගේ නිබන්ධයක් වූ එම හින්දුස්ථානි ගීතයෙහි සාරය, රාගය හා තාලයද ගෙන අප විසින් ගල පන ලදුව, අප ආයතනයෙහිම ගීත ශිෂ්‍යාවක් වන මාතර චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් චතුර හා මධුර ලෙසත් ගායනය කරන ලද සිංහල ගීය ශබ්ද වාහිනී තැටියක මගින් දැන් ප්‍රචාරය වී තිබේ.

මීට,
ගීත ශිෂ්‍ය, විනීත් ජයසූරිය
මැයි 27
ගම්පොල

(කොටසක් කපා හරින ලදී. කර්තෘ)

1943.06.19

மாற்றப்பட்டது: செவ்வாய், 23 டிசம்பர் 2025, 8:53 PM
சீட்டுகள்:
 
உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - செவ்வாய், 23 டிசம்பர் 2025, 8:42 PM

ඉන්දියාවේ මහා සංගීත විද්‍යාලය

උසස් පුහුණුව ලබන ලාංකිකයෙක්

පුහුණු වූ පාඨශාලාචාර්යයවරයකු වශයෙන් ලක්නව්හි භාට්කණ්ඩෙ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඉගෙනීමෙහි යෙදී සිටින සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා නිවාඩු කාලය ගෙවීම සඳහා දැන් ලංකාවට පැමිණ සිටී. ඔහු පළමුව ශාන්ති නිකෙතනයේ අවුරුද්දක් වංග සංගීතය හදාරා අනතුරුව ගායනය හා සිතාර වාදනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීම පිණිස භාට්කණ්ඩෙ විද්‍යාලයට ඇතුළත් විය. පසුගිය වර්ෂයේ පැවැත්වූ පරීක්ෂණයෙන් දෙවෙනියාව සමර්ථ වූ සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා ලබන අවුරුද්දේ අයි.එම්.සී. ඩිප්ලෝමාව බලාපොරොත්තු වෙයි. සංගීතය හැදෑරීම සඳහා ලංකාවෙන් භාට්කණ්ඩේ විද්‍යාලයට ගිය ශිෂ්‍යයන් අතුරෙන් ගායනය පිළිබඳව ඉහළම පංතියේ ඉගෙනීම ලබන්නේ මේ මහතාය.


1941.06.09 - දිණමිණ

மாற்றப்பட்டது: செவ்வாய், 23 டிசம்பர் 2025, 8:43 PM
சீட்டுகள்: