EngEx2025
සිංහල අක්ෂර මාලාව
අක්ෂර සඳහා 'වර්ණ' යන නම ද භාවිත වේ. ඒ අනුව සිංහල හෝඩිය, සිංහල අක්ෂර මාලාව, සිංහල වර්ණ මාලාව යන නම්වලින් හැඳින්වෙන්නේ සිංහල භාෂාවේ ශබ්ද ලියා දක්වන සංකේත සමූහයයි.
සිංහල භාෂාවේ අක්ෂර මාලාව අක්ෂර 60කින් සමන්විත වේ.
සිංහල අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කළ හැකි ය.
1. ස්වර
2. ව්‍යඤ්ජන
1.ස්වර අක්ෂර
වෙනත් ශබ්දයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අකුරු 'ස්වර'
නමින් හැඳින්වේ.
සිංහල අක්ෂර මාලාවේ ස්වර 18කි.
ස්වර ද තවත් අනුකොටස් දෙකකට වෙන් කළ හැකි ය. ඒ,
- කෙටි ස්වර (ලුහු ස්වර / භ්‍රස්ව ස්වර)
- දික් ස්වර (දීර්ඝ ස්වර / ගුරු ස්වර)
වශයෙනි.
- කෙටි ස්වර
මෙම ස්වර අක්ෂර උච්චාරණයට ගත වන කාලය අඩු ය. එනිසා ඒවා 'කෙටි ස්වර' නම් වේ. ඒ අර්ථයෙන් ම 'ලුහු ස්වර', 'භ්‍රස්ව ස්වර' යන නම් ද යෙදේ.
- දික් ස්වර
මෙම ස්වර අක්ෂර උච්චාරණයට ගත වන කාලය කෙටි ස්වර වලට වඩා සාපේක්ෂව වැඩි ය. එබැවින් මේ ස්වර 'දීර්ඝ ස්වර' නම් වේ. 'ගුරු ස්වර', 'දික් ස්වර' යන නම් ද යෙදේ.
2.ව්‍යඤ්ජන අක්ෂර (ගතකුරු / ගාත්‍රාක්ෂර)
ස්වර ගණයට අයත් නොවූ සියලු අකුරු, ´ව්‍යඤ්ජන අක්ෂර’ වේ. ව්‍යඤ්ජන අක්ෂර තනිව උච්චාරණය කළ නො හැකි ය. එම ශබ්ද පහසුවෙන් උච්චාරණය කිරීමට නම් ස්වරයක් එකතු කර උච්චාරණය කළ යුතු ය.
උදා-:
(අ)ං (ස්+අංගමය) සංගමය
(අඃ) (මන්+ අඃකල්පිත) මනඃකල්පිත
ක් + අ (ක්+අ මත) කමත
ම් + ඉ (ම්+ඉ දුල) මිදුල
සිංහල අක්ෂර මාලාවේ ව්‍යඤ්ජන 42කි.
ව්‍යඤ්ජන අක්ෂර ද පහත පරිදි තවත් අනුකොටස් ගණනාවකට වෙන් කළ හැකි ය.
අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කිරීම
ශබ්ද උච්චාරණයේ දී මුවෙහි ඇති දිව, යටි දත් හෝ යටි තොල යන ඉන්ද්‍රියයන් උගුර, තල්ල, මුදුන, උඩුදත්, උඩුතොල් ආදි චලනය නො වන ඉන්ද්‍රියයන් වෙත ස්පර්ශ වීම සිදු වේ. ඒවා අක්ෂර උපදින ස්ථාන යි. අක්ෂර උපදින ස්ථාන අනුව සිංහල අක්ෂර වර්ග කළ හැකි ය.
මෙම අක්ෂර ද පහත පරිදි බෙදා දැක්විය හැක.
වර්ග අක්ෂර -:
වර්ග අක්ෂර පහත පරිදි වෙන්කර දැක්විය හැක.
අල්ප ප්‍රාණ අක්ෂර -:
වර්ගාක්ෂර වල පළමු වන හා තුන් වන තීරුවල ඇති ක,ච,ට,ත,ප,ග,ජ,ඩ,ද,බ යන අක්ෂර දහය අල්පප්‍රාණ අක්ෂර යි. ඒ ශබ්ද උච්චාරණය කෙරෙන්නේ අඩු ප්‍රාණයකිනි.
මහා ප්‍රාණ අක්ෂර -:
වර්ගාක්ෂර වල දෙවන සහ හතර වන තීරුවල ඇති ඛ,ඡ,ඨ,ථ,ඵ,ඝ,ඣ,ඪ,ධ,භ යන අක්ෂර දහය මහා ප්‍රාණ අක්ෂර යි. ඒ ශබ්ද වැඩි ප්‍රාණයකින් උච්චාරණය කළ යුතු වෙයි.
වර්ගාන්ත අක්ෂර -:
වර්ගාක්ෂර වල අවසාන තීරුවේ තිබෙන ඞ,ඤ,ණ,න,ම යන අක්ෂර පහ වර්ගාන්ත අක්ෂර ලෙස හැඳින්වේ. මෙහි 'ඞ' හා අනුස්වරය (ං) සමන ශබ්ද ගනී. මෙම අක්ෂර උච්චාරණයේ දී නාසයෙන් උදව්වක් ලැබීම නිසා 'නාසික්‍ය අක්ෂර' නමින් ද නාසයට අනුව උච්චාරණය කරන නිසා 'අනුනාසික අක්ෂර' නමින් ද හඳුන්වනු ලැබේ.
සඤ්ඤක අක්ෂර -:
සිංහල අක්ෂර මාලාවේ ඇති ඟ, ජ, ඬ, ඳ, ඹ යන අක්ෂර සඤ්ඤක අක්ෂර වේ. ඒ අක්ෂර තවත් අක්ෂරයක් සමග එකතු වීමෙන් (සංයෝග වීමෙන්) සකස් වී ඇති නිසා 'සඤ්ඤක අක්ෂර' හෙවත් 'අර්ධානුනාසික්‍ය අක්ෂර' නමින් හැඳින් වේ.
අන්තඃස්ථාක්ෂර (අර්ධස්වර) -:
ය, ර, ල, ව යන අකුරු ස්වර සහ ව්‍යංජන අතර පිහිටීම නිසා 'අන්තඃස්ථාක්ෂර' යනුවෙන් හැඳින් වේ. පිළිවෙළින් ඉ, ඍ, පා හා උ යන ස්වර වලට අනුරූප වන හෙයින් මේ අකුරු 'අර්ධස්වර' නමින් ද හඳුන්වනු ලැබේ. සන්ධි වීමෙහි දී මේ ස්වර හතර ඊට අනුරූප ව්‍යංජනය බවට පත් වෙයි.
ඌෂ්මාක්ෂර -:
උච්චාරණයේ දී මුඛයෙන් වායු ධාරාව උණුසුම්ව නිකුත් වන ශබ්ද සංකේතවත් කරන (අ)ං,ස,ශ,ෂ,හ,ෆ අක්ෂර 'ඌෂ්මාක්ෂර' යි. ඌෂ්මාක්ෂර 'ඝර්ෂ' නමින් ද හඳුන්වනු ලැබේ.
අනුස්වාරය සහ විසර්ගය -:
ස්වරයකට පසුව යෙදෙන බැවින් 'ං' ( බින්දුව) 'අනුස්වාරය' නමින් ද, උච්චාරණයේ දී හුස්ම වේගයෙන් පිට වන නිසා 'අඃ'යන ශබ්දය 'විසර්ගය' නමින් ද හඳුන්වනු ලැබේ.
ඝෝෂ, අඝෝෂ අක්ෂර -:
භාෂාවෙහි ශබ්ද උච්චාරණය සම්බන්ධ එක් ප්‍රභේදයක් ඝෝෂ - අඝෝෂ භේදය යන්නෙන් හැඳින් වේ. මෙය ප්‍රධාන වශයෙන් ම අල්ප ප්‍රාණ හා මහාප්‍රාණ උච්චාරණය හා සම්බන්ධය.
ක, ච, ට, ත, ප යන මුල් අල්පප්‍රාණ ශබ්ද පහ හා ඊට සමාන්තර බ, ඡ, ඨ, ථ, ඵ යන මහා ප්‍රාණ ශබ්ද පහත් අඝෝෂ ශබ්ද යි.
ග, ජ, ඩ, ද, බ යන අල්පප්‍රාණ ශබ්ද පහ හා ඊට සමාන්තර ඝ, ඣ, ඪ, ධ, භ යන මහා ප්‍රාණ ශබ්ද පහ ඝෝෂයි.
'ශ-ෂ - ස' යන ඌෂ්මත් ශබ්ද හා විසර්ගයත් (අඃ), සිංහල අක්ෂර මාලාවට අලුතින් එක් කොට ඇති ෆ ශබ්දයත් අඝෝෂ වේ. ඉහත දක්වන ලද ග, ජ, ඩ, ද, බ යන ඝෝෂ අල්පප්‍රාණ ශබ්ද පහ හා ඝ, ඣ, ඪ, ධ, භ ඝෝෂ මහා ප්‍රාණ ශබ්ද පහට අමතරව සියලු ම ස්වර ශබ්ද ද සියලු වර්ගාන්ත ශබ්ද හා අර්ධානුනාසික ශබ්ද ද ය, ර, ල, ළ, ව, හ යන ශබ්ද ද ඝෝෂ ගණයට අයත් ය.