Blog entry by Sandika Madushan

ලංකාදීප වර්ෂ 1948 ක් වූ පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා
සුනිල් සාන්ත
හුදකලා වායුතාලයට කන් යොමු කරගෙන ගිස් තැනිතලා වල හදවත් සිතුවිලි වලින් තොරකොට සිටිනකල දිව්‍ය ගාන්ධර්ව ගීත ඇසේ යයි පැරැණි ඉසිවරු කීහ. ස්වාභාවික ලෝකයේ වමත්කාරය වෙන්කොට ගත් රේඛාවල ස්වභාවික න්‍යාය සොයා ගැනීමෙන් විවිධාකාර කලාවන් ලොක සම්මතයට ආයේය. සංගීත කලාව එයින් එකකි. වෙනත් කලා ශිල්ප සමඟ අපරට සංගීත කලාවද එක් කළෙක දියුණුව පැවැති බව පැරණි පොතපතෙහි එන කරුණු වලින් හෙළිවෙයි.
මෑතක සිට හෙළ ගී කලාව ගියේ පහත් අඩියකටය. ගැයුම, වැයුමෙන් මරමරා වාදනයේ හඬත් ගායනයේ හඬත් අතර ඇති සීමාව නොතකා අපරට සංගීත කරුවන් කලක් මුළුල්ලේම කරන ලද්දේ මහ විහිළුවකි. ගෙල කහපත් නහර උල්පවාගෙන නගන "බෙරි හන් " නාටක වේදිකා වලින් ඇසිණ. සුනිල් සාන්තයන්ගේ ගී හඬ ගුවන් විදුලි තරංග අතරින් ඇසෙන්නට වූයේ මෙවැති යුගයකදීය ඔවුන්ගෙන් හෙළ ගීයට නව පණක් ලැබිණ.
බොහෝ සෙයින් හෙළ ගී නිපැදී තිබූණේ අගක් මුලක් නැති "අපභ්‍රංස" වලිනි. සුනිල් සාන්තයින් කළේ පළමු කොටම ගායනයට සුදුසු හෙළ ගී තෝරා බේරා සකස් කර ගැනීමය. ඔහුගේ ගායනයේදී කිසි තැනක කිසි විටෙකත් "විරාම" ය හා "නිසාත" ය සංගීතයේ පදනම දෙදරවා ගිය තැනක් මෙතෙක් දක්නට නොලැබිණ සුනිල්ගේ හඬ ගියේ මිහිරි බව රැකීම සඳහා සැදුනකැයි අසන්නාට සිතෙන්නේ ගායනයේ හඬට මියැසියෙන් වෙනසක් නොවන නිසා යයි කිවහැක. ඔහුගේ ගායනය ගියේ ස්වරය එකින්එක වැළඳ ගැනීමට සැරසුණු මාත්‍රා විසින් පාන සුරතල් නැටුමක විලස් පෑමක් බඳුය.
සුතිල් අහස් තලයෙන් ඇදී එන රිවිකැන් අස්සේ නැටවෙන කොළ වලින් ළදරුවන්ගේ මනෝලෝකයෙහි ගැයුණු වැයුණු දේ නැවතත් රස ජවනිකාවල කලාවට නඟා පෙන් වීමෙහි සුනිල් සාන්ත සමත් බව පෙනෙනුයේ ඔවුන් පියවී ඇසට පෙනෙන ගමේ හැගීම් ඒ වූ පරිද්දෙන් ගීතයට නඟා කියන විටය. මිනිසුන් නොදන්නා ගැඹුරු බණ පදත් පැරණි උපාසක උපාසිකාවන් ගැතත් නොදත්තා අපභ්‍රංස වලින් මග හඬ නග නගා කියන දේ ඇසීමෙන් කිපුණු කන් ඇති අයට දිනපතා ජිවිතය සම්බන්ධකම් ඇති දැකුම් ඇසුරින් ස්වාභාවික සෞන්දර්යයේ වමත්කාරය මතු කර දෙන ගී ඇසෙන විට කොතරම් ශාන්තියක්ද? සැනසිල්ලෙක්ද?
අකාලයේ මවු පියන් මිය යාම නිසා කිරිදරු කාලයේදීම සුනිල් හුදකලාදිය හෙතෙම වැඩුණේ මිත්තණයන් ළඟය. වැර වඩා ඉගණීමෙහි සුරු බුහුටිකම් දැක්වූ හෙතෙම සිංහළ කණිෂ්ට විභාගයෙන් ලංකාවේම පළමු තැන්ගෙන සමත් වීම කරණ කොට ගෙන වීරරත්ත ශිෂ්‍යත්වය ලබා ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ මග්ගොණ අභ්‍යාශ විද්‍යාලයේ ගුරුවරයෙකු හැටියට පුහුණු වීමය. අභ්‍යාශ විද්‍යාලීය තරඟ නාට්‍යයේ අතිදක්ෂ නළුවාට අයත් ත්‍යාගයද ඔහුට ලැබිණ ගුරු ජිවිතයට වඩා සංගීතයට ඇති ඔහුගේ ඇල්මට එය රුකු ලක් වූ බව පෙනේ.
වර්ෂ 1939 යේදී ශාන්ති නිකේතනයට ඇතුල් වුණු සුනිල් වර්ෂයක් තුළ සංගීතය හදාරා ලක්නව්හී භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළත් විය. එහි අවුරුදු 5 ක් ඉගනීමෙන් පසුව හෙතෙම "සංගීත් විශාරද් " විභාගයට පෙනී සිටියේය. ඉන් පෙර කිසි කලෙකත් සිදු නොවූ පරිද්දෙන් සියලුම භාරතීය ශිෂ්‍යයන් පරදවා පළමු වැනි පෙළේ පළමු වැන්නා හැටියට මෙි සිංහල ශිෂ්‍යයා සමත්කම් පෑයේය. මේ දක්වා හාට්ඛණ්ඩේ විද්‍යාලයෙන් ගායනයෙන් හා වාදනයෙන් අග්‍ර උපාධි ලත් ප්‍රථම ලාංකිකයා සුනිලය ඊට අයත් රන්පදක්කමෙන් ඔහුගේ උරතලය බැබලිණ.
හෙළ රටේ හෙළ ඌරුවේ කාත්තිය මේ තරුණ සංගීත වේදියාගේ ප්‍රභාවයට වැටී තිබීම කාගේත් ප්‍රශාදය පහන් කරවන්නකි.
සඳරුවන්