Blog entry by Sandika Madushan

Sandika Madushan
by Sandika Madushan - Tuesday, 23 September 2025, 9:26 AM
Anyone in the world

සුනිල් සාන්ත

"රැල්ල නැඟෙන්නා මඳ මුදු සුළඟින් ළා ගොයමේ නංගෝ!" කියා එදා හිමිදිරි උදෑසන ගුවන් විදුලි යන්තරයෙන් මගේ ආදරණීය නංගිලා මල්ලිලා ඇමතූ සිංහල කටක් කලක් නිහඬව තිබී ගිය සතියේ නැවත ඇරුණේ ඉස්සර මෙන් ලස්සන සින්දු කියන්න නොවෙයි; දුප්පත්කම නිසා අත්වූ ගැහැට ගැන රට තොටට කියන්නයි.

සිංහලයන්ට විශේෂයෙන් සිංහල දරුවන්ට සිංහල සින්දු කියා දී, ඔවුන් අමතක නොවන රසයක් විඳීමට ඉඩ ලබා දුන් සුනිල් අයියා සිසු විනෝදයේ නංගිලා-මල්ලිලාට නම් කවදාවත් අමතක වන්නේ නැහැ.

තෙන්නකෝන් මාමගෙ "හැවිල්ල" ජයදේවගේ "ලලිත ලවංග" ගීතය මෙන් ම ළදරුවන්න්ගේ "බෝවිටියා" ගීතය ද සුනිල් අයියා හරි ලස්සනට ගායනා කළා. ඒ වුනත් අද අපේ සුනිල් අයියා සින්දු කියන්නේ නැහැ.

දුප්පත්කමේ රකුසාට ගොදුරු වෙලා; ආණ්ඩුවේ වත් ආධාරයක් නොලබා හරි දුකින් ජීවිතේ ගෙවනවලු.

මේ කතාව අහල ලොකු අයියට නම් හරියට දුක හිතුන. ලොකු අයියට සින්දු කියන්න බෑ. ඒත්, සුනිල් අයියගෙ සින්දු වලට ලොකු අයියත් හරි ආදරෙයි.

"ලංකා ලංකා" කියන සින්දුවෙන් සුනිල් අයියා කියනව "ලංකා පොලොවෙන් කොටසක් මුහුදට අසු වී දියවී ගියොත් ඒ මූදෙ පැනල මැරෙන්න වුනත් ලැහැස්තිය කියල. එහෙවු රටට ආදරයක් ඇති, සින්දු වලින් නංගිල මල්ලිලගෙ හිත ප්‍රබෝධ කළ සුනිල් අයියට මෙහෙම දුක්‍ විඳින්න සිදු වෙච්ච එක ගැන අපි කවුරුත් දුක් වෙන්න ඕන.

ලොකු අයියත්, නංගිල මල්ලිලත් සුනිල් අයියගෙ අග හිග කම් පිරිමැහිල නැවත වරක් ඒ මිහිරි කටින් ලස්සන සිංහල ගීත ගායනා කරන්න ඉක්මනින් ම ලැබේව කියල ඉත හිතින් ප්‍රාර්ථනා කරනවා!

ලොකු අයියා

ජාතිය

Tags:
[ Modified: Tuesday, 23 September 2025, 9:28 AM ]