============================================= 1st column ============================================= බීරි අලියකුට වීණා ගෑමෙන් පලයක් නෑ! නෑ! යන සිද්ධාන්තය අද වෙන කවදාවත් නැති තර මට ඔප්පු වී ඇත්තේය. ‍ලංකා දේශපාලනයේ මෑතක සිට මෙසේ වීණා ගෑ දෙදෙනෙක් වූහ. හිටපු අග මැති ඩඩ්ලි සේනානායක හා හිටපු වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක යන මහත්වරු මේ අලුත් ගායකයන් දෙදෙ නය. මෑතදී සිට මේ දෙපලට තවත් එ. ජා. පක්ෂයේ බල කණුවක් එකතු වී ගායක ත්‍රිමූර්තියක් පහළ වී සිටිති. වරක් වෙළඳ ඇමති පදවිය ඉසිලූ හැන්රි අමරසූරිය මහතා මේ ත්‍රි මූර්තිය බිහි කළ තුන්වැන්නාය. බාල් නටා - බයිල කියා රට හදන්ට බෑ යනු හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා ගේ ගීය විය. ඉන්දු - ලංකා ප්‍රශ්නෙ නම් - විසඳු හැටි හරි නෑ යනු දෙවෙනි ගායක ආර්. ජී. සේනානායක මහතාගේ ගීය විය. රජය නොයෙකුත් යෝජනා ක්‍රම වලට මුදල් විය දම් කරන ආකාරය හොඳ නෑ යන ගීය මුදල් ඇමති ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ මහ හෝටලයේ පැවැත් වුණු දකුණු පළාතේ වැවිලිකරු වන්ගේ සංගමය ඉදිරියේ දී හැන්රි අමරසූරිය මහතා ගාය නය කළේය. කොතරම් මිහිරි හඬින් ගායනය කළත් එ. ජා. පක්ෂ යට නම් මේ ගීවල ඇති මධු රත්ත්වයක් නැති බැව් දැන් හොඳ හැටි පැහැදිලි කරු ණකි. ගායකයන් කොතරම් දක්ෂ වුවත් අලියා බිහිරි නම් ඒ සංගීතයෙන් ආස්වාදයක් නොලැබෙන්නේය. අලියා බිහිරි බව දැන දැන ගායනය තව දුරටත් කරගන යෑම නිෂ්පල ක්‍රියාවක් නොවන් නේද? එ නිසා මේ ගායකයන් තිදෙනා ඉදිරියේ දැන් ඇත් තේ පහසුවෙන් විසඳා ගත හැකි ප්‍රශ්නයකි. එක් කෝ අලියා බීරි බව දැන ගැනී මෙන් පසු කන් ඇහෙන අලි යකු සොයා ඔහුට ගායනය කිරීමයි. නැති නම් අලියා බිහිරි නිසා නිකරුණේ ගාය නය සඳහා මහන් සි නොවී සුනිල් සාන්ත මෙන් නිකම් සිටීමයි. ============================================= 2nd column ============================================= ලබන 25 වෙනිදා පැවැත් වෙන එ. ජා. පක්ෂයේ වාර් ෂික සම්මේලන රැස්වීම මෙතෙක් දක්නට නොලැබුණු අන්දමේ උණුසුම් සාකච්ඡා වලට හා වාද විවාද වලට මග පෑදෙන බැව් කියා පාන පෙර නිමිති දැනටම වහළ වී ඇත් තේය. සුදුව හා සුරාව බුද්ධ ජයන් තියට පෙර තහනම් කළ යුතු යයි හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජ නාවක් මේ උණුසුම් සාකච්ඡා වලට හේතු වන්නේය. ඩඩ්ලි සේනානායක මහතා ගේ මේ යෝජනාව ඒ මහතා විසින් පසුගියදා එ. ජා. පක්ෂ යේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉදිරියේ තබන ලදී. එහිදී එය සම්මත වූ නමුත් ඉන්පසු පැන නැගී ඇති තත්වය අනුව මේ යෝජනාව සම්මත නුවුවහොත් එ. ජා. පක්ෂය තුළ කවර අන්දමේ විපර්යාස යක් ඇති වේද යන්න ගැන එ. ජා. පක්ෂයට ලෙන් ගතු කම් දක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සැලකිල්ලට භාජන වී තිබේ. ඩඩ්ලි සේනානායක මහතා එ. ජා. පක්ෂයේ කෘත්‍යාධි කාරි මණ්ඩලය ඉදිරියේ මේ යෝජනාව තැබූ විට වරක් ඩඩ්ලි සේනානායක මහතා ගේ කුළුපග සගයකු වූ ගොවිකම් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා එයට ස්ව කීය විරෝධය පළ කළ බැව් තතු දන්නා පක්ෂය කියති. ඒ අතර ඩඩ්ලි සේනානායක මහතාගේ මේ යෝජනාව ඒ මහතා අගමැතිව සිටිය දී ක්‍රියාවේ යෙදවීම පහසුවෙන් කළ හැකිව තිබුණු නමුදු එසේ නොකර හිටපු අගමැතිවරයා දෑන් එවැනි යෝජනාවක එල් බගන සිටීම තේරුම් ගත නොහැක්කකැයි තර්ක කරන පක්ෂයක් සිටිති. සුරාව හා රේස් තහනම් කළ හොත් රජ යට ලැබෙන ආදායමෙන් විශාල කොටසක් නොලැබ ============================================= 3rd column ============================================= යෑම නියතයෙන්ම සිදුවිය හැක් කකැයි මේ පිරිස ඉදිරි පත් කරන තර්කයකි. මේ තර්කය නොකෙරෙන වේදකමට කෝඳුරු තෙල් හත්පතක් සෙවීමට කරන උත්සාහයක් නොවේද? පේනා තෙක් මානේ එන සම්බුද්ධ ජයන්තිය මහ ඉහ ළින් පැවැත්වීමට අපේ රජය නොගන්නා උත්සාහයක් නැත. හිටපු අගමැතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාවේ යොදවනු ලැබුව හොත් බටහිරින් බෝ වුණු විනාශකාරී සංස්කෘතියත්, එයින් ලැබී ඇති භයානක ප්‍රතිඵලත් සම්පූර්ණයෙන්ම අහෝසි වී යන්නේය. දිවයිනේ ආදායම පහළ යෑමේ බොරු බියක් සිතින් මවා ගන සුරා - සුදු තහනම වැනි වැදගත් යෝජනාවක් ක්‍රියාවේ යෙදී මට ආණ්ඩු පක් ෂය මැලි වුව හොත් '' සම් --------------- චන්ද්‍රගුප්ත විසිනි --------------- බුද්ධ ජයන්තිය ඡන්ද බලය ලබා ගැනීමට රජය යොදා ගන්නා දඩ මීමකු වනු ඇතැ" යි ඇතැම් පක්ෂයක් ඉදිරිපත් කරන මතය ඉබේම තහවුරු වන්නේය. ඩඩ්ලි සේනානායක මහතා අගමැතිව සිටියදී සුරා,සූදු තහනම් නොකළ බව සැබ වකි. එහෙත් එදා නුසුදුසු යයි හැඟණු ක්‍රියා මාර්ගයක් අද යහපත් දෙයක් හැටියට ඒ මහතාට ඒත්තු ගොස් තිබීම සතුටට කරුණකි. ඩඩ්ලි සේනානායක මහතා ගේ යෝජනාවකට පයින් ගැසීම එ. ජා. පක්ෂයට තරම් නොවේ. රජයේ දොස්තරවරුන්ගේ සංගමය වැඩ නැවැත්වීමකට අදහස් කර තිබෙන බවත්, ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම සඳහා වැදගත් නගරවල ශාඛා සමිති පිහිටුවීමට තීරණය කර ඇති බවත් දැන් හෙළි වී ඇත්තේය. පුද්ගලික වෙදකම් කිරීමට ඉඩ නොදීම, අඩු වැටුප් හා රෝග නිවාරණ වෙද්‍ය නිලධා රීන් සෞඛ්‍ය නිලධාරීන්ට යටත් කර තැබීමත් ක්‍රියාවේ යෙදීමට අදහස් කරන වැඩ නැවැත්වීමේ මූලික හේතුය. ============================================= 4th column ============================================= මෙය එතරම් පුදුමයකට හේතුවක් නොවේ. සිංහල වෛද්‍යවරයා හා ඉංග්‍රීසි වෛද්‍ය වරයා අතර පවත්නා පර තරය ගැන මොහොතකට මෙනෙහි කළ විට ඉංග්‍රීසි වෛද්‍යවරයා මීට වඩා මහ ජන විරෝධී ව්‍යාපාරයක යෙදී මට අදහස් කළත් එය ගණන් ගත යුත්තක් හැටියට සැල කිය නොහැක. බටහිර දිග වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන් නේ හුදෙක් මිනිස් සංහති යට යහපතක් කිරීමටය. එහෙත් බටහිර දිග දියුණු රට වලට ගොස් වෙද හෙද කම ඉගනගන ලංකාවට පැමිණ වෘතියෙහි යෙදෙන වෛද්‍ය වරයාගේ පරමාර්තය රෝගීන්ට සේවය කිරීම නොව මුදල් ගැරීමය. ධනපති පංතියට පමණක් සී මාවුණු එවක පැවති අධ්‍යාපන ක්‍රමය මෙයට හේතු විය. එදා ඉංග්‍රීසියෙන් උසස් අධ්‍යාපනය ලැබූවන් අතරෙන් පිරිසක් සිවිල් නිලධාරීන් වූහ. තවත් පිරිසක් නීතඥ යන් වූහ. අනෙක් පිරිස වෛද්‍යවරුන් වූහ. නිතිඥයන් දුප්පතා සූරාගෙන කමින් ධනය නිපදවනු දුටු මෙරට ඉංග්‍රීසි වෛද්‍යවරුන්ට ද මුදල් උපයා මහේශාක්‍ය ගති යක් ලබා ගැනීමට අවශ්‍ය විය. මහජන සේවය ඔවුන්ට තිත්ත විය. දොස්තර බංගලාවට ගොස් තමා සමග කතා කළ පමණින් අහිංසක දුප්පත් රෝගියා ගෙන් ගිනි දෙක තුණක් අය කර ගැනීමට ඇබ්බැහි වි සිටින මේ ඉංග්‍රීසි වෛද්‍යවර යාට එක් කරුණක් අමතක වී ඇත්තේය. තමා ද මනුෂ්‍ය යෙක්ය යන හැඟීම අමතක චේතනා වීම එකි කරුණය. මෙබඳු දරුණු චේතනා සහිත රජයේ ඉංග්‍රීසි වෛද්‍ය වරයා ආත්මාර්ථය තකා මහ ජන දුක් කම්කටොලු ගැන නොසිතා වැඩ නැවැත්වීමක යෙදීම නිසා එකම රෝගියකු වත් මිය ගිය හොත් රජකම ටත් වඩා වටනා සේවයක් ලෙස සලකන වෙදකමට ඉංග්‍රීසි වෛද්‍යවරයාගෙන් ලැබෙන්නේ දරුණු පා පහ රකි.