ජෛව ලෝකයේ අසිරිය

පරිසරය යනු අප ඇතුළු ව අපේ වටපිටාවයි. ගොඩබිම, ජලාශ, නිවාස, ශාක හා සතුන් අපේ පරිසරයට අයත් කොටස් කිහිපයකි.

ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හැඳින්වේ.
වර්ධනය වන සියල්ල පණ ඇති දේවල් ය. එවැනි දෑ ජීවීන් ලෙස හැඳින්වේ.
වර්ධනය නොවන සියල්ල පණ නැති දේවල් ය. එවැනි දෑ අජීවී ද්‍රව්‍ය ලෙස හැදින්වේ.

පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැදින්වේ.

පොකුණකින් ලබා ගත් ජලය හා පිදුරු පල් කළ ජලය ස්වල්පය බැගින් වෙන වෙනම කදාවලට ගෙන අන්වීක්ෂයක් භාවිතයෙන් නිරීක්ෂණය කල විට ක්ෂුද්‍ර ජීවීන් දැක ගත හැකි වේ.

ජලයෙහි, පසෙහි, වාතයෙහි මෙන්ම නරක් වන ආහාර මත ද ක්ෂුද්‍ර ජීවීන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ.

සංයුක්ත අණ්වීක්ෂය පියවි ඇසින් නොපෙනෙන දේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයකි.

මේ ආකාරයට ශාක, සතුන් හා ක්ෂුද්‍ර ජීවීන් ලෙස ජීවීන් නැවත ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කළ හැකි වේ.

අවසන් වරට නවීකරණය කරන ලද: සඳුදා, 3 නොවැම්බර් 2025, 10:41 PM