සමාන පද

යම් පදයකට සමාන අර්ථයක් ඇති පද සමාන පද වේ.

  1. පාර = මාවත, මාර්ගය, මග
  2. අම්මා = මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා
  3. එන්න = පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න
  4. ගෙදර = නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය
  5. ටිකක් = ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක්
  6. ඉක්මනින් = කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව
  7. ගුරුතුමා = ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා
  8. පාසල = විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව
  9. එක්ක = සමග, කැටුව, සහ,හා
  10. උදේ = පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන
  11. කිවුවා = පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා
  12. වාහනය= රථය, රිය, යානය
  13. නගින්න = ගොඩවෙන්න, නැගගන්න
  14. දුව = දියණිය, දෝණිය, දුහිතෘ
  15. දෙපැත්ත = දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය
  16. ඊට පස්සෙ = ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව
  17. ළග = අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ
  18. හැමෝම = කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම
  19. ප්‍රසංසාව = ස්තුතිය, ගෞරවය, පැසසුම
  20. හඩ = ශබ්දය, නාදය, රාවය, ධ්වනිය
  21. පියා = තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා
  22. පෙර = කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ
  23. කුඹුර = කෙත,වෙල
  24. වතුර = ජලය, දිය,පැන්, උදක, අඹ
  25. වනාන්තරය = වනය, කැලය, කැලෑව, අරණ
  26. කන්ද = පර්වතය, පව්ව, ගිර
  27. යාළුවා = මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි
  28. ඥානවන්ත = නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත,
  29. අලුත් = නවීන, නොපැරණි
  30. කෙළවර = අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම
  31. විශාල = ලොකු,මහ, මහත්, විසල්
  32. ඇදිරිය = කළුවර, අන්දකාරය, අදුර
  33. පියාඹන්න = ඉගිලෙන්න, පියාසලන්න
  34. ප්‍රමාද = පරක්කුව, පමා,ලස
  35. කුසලතා = ප්‍රවීණතා, දක්ෂතා, දස්කම්, හැකිකම්, හැකියා, සමර්ථතා, නිපුණතා
  36. දෙනෙත් = දෑස, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන
  37. පොළව = බිම, දෙරණ, භූමිය, ධරණි, පෘථීවිය
  38. ප්‍රසිද්ධ = පසිදු, පවර, පරසිදු, ප්‍රකට. පතල
  39. රජතුමා = භූපති, නරදෙව්, රජු, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල
  40. කතාව = අන්දරය, කතන්දරය, කථාව
  41. හඳ = චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිඳු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි,සිසි, සසදර
  42. අහස = ගුවන, අමර, ආකාෂය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
  43. සතුරා = හතුරා. පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු,
  44. තෑග්ග = තිළිණය, ත්‍යාගය, පඩුර
  45. කනවා = බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
  46. ඉර = සූර්යයා, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිනිදු, දිවාකර, දිනමිණ, හිරු
  47. කෑම = ආහාර, බොජුන්, භෝජන, ගොදුරු
  48. කෑලි = කැබලි, කොටස්, අංශු, අංග
  49. කුරුල්ලෝ = පක්ෂීන්, සියොතුන්, විහගුන්, සකලයන්
  50. වත්ත = උද්‍යානය, උයන
  51. ඔලුව = හිස, සිරස, ශිර්ශය
  52. ඇස් = නෙත්, අක්ෂි, නුවන්, නයන, නේත්‍ර, සක්
  53. කරදර = උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා, අවහිර
  54. ඇග = ශරීරය, සිරුර. ගත,කය
  55. සාරු = යුෂ, ඉස්ම, ශ්‍රාවය
  56. ලස්සන = ප්‍රියකරු, අලංකාර, ප්‍රියංකර, මනහර, ශෝභන, දර්ශනීය, විචිත්‍ර, මනොහර. දැකුම්කළු
  57. පාට = වර්ණය, පෑ,වන්, පැහැය
  58. නරියා = හිවලා, කැනහිලා, ගෘගාලයා
  59. ප්‍රීතිය = සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය, ආහ්ලාදය, පමෝද, ඔකද, ආනන්දය
  60. මැණික් = මාණික්‍ය, මිණි, රුවන්, රත්න
  61. රත්තරන් = රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක
  62. දුක = ශෝකය, කනගාටුව, දොම්නස, සොව
  63. කොඩි = ධජ,දද, පතාක
  64. කන = සවන, වදත්මහ, කර්ණය
  65. සරු = සාරවත්, සශ්‍රීක
  66. කට = මුඛය, මුව,මිය
  67. ප්‍රීති ඝෝෂා = ඔල්වරසන්, ජයඝෝෂා
  68. උදව්ව = උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල
  69. අවුරුද්ද = වසර, ශතකය, වර්ෂය
  70. ගෝලාකාර = රවුම්, වටකුරු
  71. පොත = ග්‍රන්ථය, පුස්තකය
  72. සුදු = ධවල, ශ්වේත, සේ
  73. සාගරය = මුහුද, සයුර, සමූද්‍රය, ජලනිධි, දළනිදු, සිදු, රුවනාර
  74. සමූහය = කැන,රැස, රාශිය
  75. ආකාරය = අයුරු, ක්‍රමය, විධිය. අන්දම, පිළිවෙළ, හැඩය. පෙනුම, ස්වරූපය
  76. උත්සාහය = වෑයම, වීර්ය, වෙහෙස, මහන්සිය, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය, ධෛර්යය
  77. පතුල = අඩිය, පත්ල
  78. අවශ්‍ය = වුවමනා, අවැසි
  79. පියගැටපෙළ = පඩිපෙල, සෝපානය
  80. පිච්චෙන = පිළිස්සෙන, දැවෙන

අවසන් වරට නවීකරණය කරන ලද: ඉරිදා, 26 ඔක්තෝබර් 2025, 5:02 PM