සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
විරුද්ධ පද
යම් අර්ථයක් සහිත පදවල විරුද්ධ අර්ථය දෙන පද විරුද්ධ පද වේ.
උදා:-
- ලක්ෂණ - අවලක්ෂණ
- ලාභය - අලාභය
- ගඳ - සුවඳ
- ගුණ - නුගුණ
- ගුණ - නිර්ගුණ
- ගුණ - අගුණ
- ගුණ - අවගුණ
- ගුණවත් - ගුණමකු
- ගැටලුව - විසඳුම
- ගැඹුරු - නොගැඹුරු
- ගනු - දෙනු
- ගද්‍ය - පද්‍ය
- ගරු - නිගරු
- ගිනියම් - සිසිල
- ගංවතුර - නියඟය
- රැකියා - විරැකියා
- තුල්‍ය - ආතුල්‍ය
- තුති - ගැරහුම්
- තාත්වික - අතාත්වික
- තෘප්තිය - අතෘප්තිය
- තැන්පත් - කලබලකාරී
- තරුණ - මහළු
- තිත්ත - මිහිරි
- තිමිර - එළිය
- තිරස් - සිරස්
- දූරදර්ශී - අදූරදර්ශී
- ළපටි - මේරූ
- දීර්ඝ - කෙටි
- දීර්ඝායුෂ - අල්පායුෂ
- ඉක්මනින් - සෙමින්
- ඉහළ - පහළ
- ඉදිරිපස - පිටුපස
- ඉදුණු - නොඉදුණු
- ජාතික - විජාතික
- ජය - පැරදුම
- ජය - පරාජය
- ජයග්‍රහණය - පරාජය
- ජංගම - ස්ථාවර
- දියුණු - නොදියුණු
- ලෝභී - නිර්ලෝභී
- ලොකු - කුඩා
- ලෙහෙසි - අමාරු
- ලෙන්ගතු - සතුරු
- ගෞරවය - අගෞරවය
- ගොරෝසු - සුමුදු
- තෙත් - වියළි
- තොග - සිල්ලර
- ධෛර්යය - අධෛර්යය
- මෛත්‍රිය - වෛරය
- යෝග්‍ය - අයෝග්‍ය
- සොම්නස - දොම්නස
- සොමාරි - කඩිසර
- මේරූ - නොමේරූ
- වෙනස් - නොවෙනස්
- කෙටි - දිගු
- කේවල - බහුවිධ
- කෙළෙස් - නිකෙළෙස්
- කෙසඟ - මහත
- කෙට්ටු - මහත්
- පෙනෙන - නොපෙනෙන
- පෙර - අපර
- පෙරගමන් - පසුගමන්
- පෙරවරු - පස්වරු
- වේගයෙන් - සෙමින්
- දේශප්‍රේමී - දේශද්‍රෝහී
- දේශීය - විදේශීය
- දෝෂ - නිර්දෝෂ
- දොස් - නිදොස්
- දෙව්ලොව - නිරය
- රෞද්‍ර - සෞම්‍ය
- රෝගී - නිරෝගී
- මොට - තියුණු
- හොඳ - නොහොඳ
- හොඳපිට - කණපිට
- යස - අයස
- යනවා - එනවා
- යුතු - අයුතු
- යුද්ධය - සාමය
- යහපත් - අයහපත්
- සතුට - අසතුට
- සතුරු - මිතුරු
- සත්පුරුෂ - අසත්පුරුෂ
- සත්‍ය - අසත්‍ය
- ස්ථාවර - අස්ථාවර
- ස්වාධීන - පරාධීන
- ස්වදේශීය - විදේශීය
- ස්වභාවික - කෘතිම
- ස්ථිර - අස්ථිර
- සාර්ථක - අසාර්ථක
- ඍජු - වක්‍ර
- සෘණ - ධන
- සාධාරණ - අසාධාරණ
- සාර - නිස්සාර
- සාමාන්‍ය - විශේෂ
- සාමකාමී - කලහකාරී
- සාමුහික - තනි
- සැලකිල්ල - නොසැලකිල්ල
- සැලෙන - නොසැලෙන
- සැක - නිසැක
- ම්ලේච්ඡ - ශිෂ්ට
- සදොස් - නිදොස්
- සටන්කාමී - සාමකාමී
- සසල - නිසල
- සම්පූර්ණ - අසම්පූර්ණ
- සන්ධි - විසන්ධි
- සක්‍රිය - අක්‍රිය
- සප්‍රාණික - අප්‍රාණික
- සභ්‍ය - අසභ්‍ය
- සමීප - දුරස්ථ
- සුලබ - දුලභ
- සුගන්ධ - දුර්ගන්ධ
- සිරිත් - දුසිරිත්
- සුන්දර - අසුන්දර
- සුබ - අසුබ
- සුදන - දුදන
- සුරූපී - විරූපී
- සුදුසු - නුසුදුසු
- සරල - සංකීර්ණ
- සරු - නිසරු
- සරණ - අසරණ
- සිල් - දුසිල්
- සීදේවී - මූදේවී
- සීමිත - අසීමිත
- සිහිය - අවසිහිය
- සම - අසම
- සමගි - අසමගි
- සමත් - අසමත්
- සමතාව - විෂමතාව
- සමර්ථ - අසමර්ථ
- සමාන - අසමාන
- වැඩි - අඩු
- සංග්‍රහ - නිග්‍රහ
- සංයුක්ත - වියුක්ත
- සංවර - අසංවර
- සහිත - රහිත
- වර්ණ - නිර්වර්ණ
- වර්ධනය - මර්ධනය
- වටිනා - නොවටිනා
- වාසනව - අවාසනව
- වාසි - අවාසි
- වාචික - ලිඛිත
- වෘද්ධ - යෞවන
- වැරදි - නිවැරදි
- ව්‍යාජ - නිර්ව්‍යාජ
- ව්‍යාජ - අව්‍යාජ
- වස්ත්‍ර - නිර්වස්ත්‍ර
- වූ - නොවූ
- වුවමනා - නුවුවමනා
- වරද - නිවරද
- වංක - අවංක
- වහල් - නිවහල්
- නාගරික - ග්‍රාමීය
- නාමික - නිර්නාමික
- නාමික - නිර්නාමික
- නම්බුව - අවනම්බුව
- නවක - ප්‍රවීන
- නූතන - පුරාතන
- නුවණ - අනුවණ
- නිත්‍ය - අනිත්‍ය
- නිතර - ඉදහිට
- නීතිය - අවනීතිය
- නියත - අනියත
- නිෂ්පාදන - පරිභෝජන
- නිසි - අනිසි
- නින්දා - ප්‍රශංසා
- නිදහස් - යටත්
- නිමි - නොනිමි
- ක්‍රමවත් - අක්‍රමවත්
- කලබල - සන්සුන්
- කළුවර - එළිය
- කළ - නොකළ
- කුලීන - කුලහීන
- කුසල් - අකුසල්
- ක්ලේශ - නික්ලේශ
- කාලය - අකාලය
- කෘතඥ - අකෘතඥ
- කෘතහස්ත - ආධුනික
- කාර්යක්‍ෂම - අකාර්යක්‍ෂම
- කාන්තාරය - ක්ෂේමභූමිය
- කැළැල් - නොකැළැල්
- කැළැල් - නිකැළැල්
- කැප - අකැප
- කැමැත්ත - අකැමැත්ත
- කටයුත්ත - අකටයුත්ත
- කටුක - මිහිරි
- ඛණ්ඩ - අඛණ්ඩ
- කණිෂ්ඨ - ජ්‍යෙෂ්ඨ
- කරුණික - අකාරුණික
- කරදිය - මිරිදිය
- කිලිටි - නොකිලිටි
- කීර්තිය - අපකීර්තිය
- කීකරු - මුරණ්ඩු
- කීකරු - අකීකරු
- ප්‍රාණික - අප්‍රාණික
- ප්‍රයෝජන - නිෂ්ප්‍රයෝජන
- ප්‍රසාද - අප්‍රසාද
- ප්‍රසාරණය - සංකෝචනය
- ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ
- ප්‍රනීත - නීරස
- ප්‍රකෘති - විකෘති
- ප්‍රකට - අප්‍රකට
- ප්‍රධාන - අප්‍රධාන
- ප්‍රමාද - අප්‍රමාද
- ප්‍රශ්ණය - පිළිතුර
- ප්‍රශ්ණය - උත්තරය
- පළමු - අවසන්
- පක්‍ෂ - විපක්‍ෂ
- පක්‍ෂපාත - අපක්‍ෂපාත
- පාලක - පාලිත
- පැරණි - නවීන
- පැහැදීම - අපැහැදීම
- පටු - පුළුල්
- පරීක්‍ෂාව - අපරීක්‍ෂාව
- පුරුදු - නුපුරුදු
- පුහුණු - නුපුහුණු
- පිළිවෙළ - අපිළිවෙළ
- පිපීම - පරවීම
- පරිමිත - අපිරිමිත
- පිරිසිදු - අපිරිසිදු
- පරිහානිය - අභිවෘද්ධිය
- පිං - පව්
- පවිත්‍ර - අපවිත්‍ර
- පමා - නොපමා
- පහසු - අපහසු
- බල - දුබල
- බලවත් - බලහීන
- මිතුරා - සතුරා
- මිතුරු - පසමිතුරු
- මිත්‍යාව - සත්‍යය
- භාග්‍ය - අභාග්‍ය
- බාහිර - අභ්‍යන්තර
- භය - නිර්භය
- මිනිස් - නොමිනිස්
- බුහුමන - අවමන
- බහුල - හිඟ
- බහිනවා - නගිනවා
- මිහිරි - අමිහිරි
- දත් - නොදත්
- ජීර්ණය - අජීර්ණය
- දක්‍ෂ - අදක්‍ෂ
- දෘශ්‍යමාන - අදෘශ්‍යමාන
- දැවෙනවා - නිවෙනවා
- දැනුම - නොදැනුම
- දැහැමි - අදැහැමි
- ජීව - අජීව
- ධන - නිර්ධන
- චල - අචල
- රළු - සිනිදු
- රාගය - විරාගය
- රුචි - අරුචි
- රස - නීරස
- එඩිතර - බියගුළු
- ඒකාකාරී - විවිධාකාරී
- එළොව - මෙළොව
- එදා - මෙදා
- විත්තිය - පැමිණිල්ල
- විත්තිකරු - පැමිණිලිකරු
- මතක - අමතක
- මැළි - නොමැළි
- මැරෙන - නොමැරෙන
- විධිමත් - අවිධිමත්
- විවේක - අවිවේක
- මස්තකය - පාදය
- මනාප - අමනාප
- මනුෂ්‍ය - අමනුෂ්‍ය
- විනීත - අවිනීත
- මඟුල - අවමඟුල
- මුවහත් - මොට්ට
- මුදුන - පතුල
- විරල - බහුල
- විරාගී - සරාගී
- මරණීය - අමරණීය
- මංගල්‍යය - අවමංගල්‍යය
- විහිදුණු - නොවිහිදුණු
- ඌන - අනූන
- උල්ලංඝනය - අනුල්ලංඝනය
- අල්ප - අනල්ප
- අල්පශුත - බහුශුත
- අලසව - අනලසව
- අග - මුල
- අග්‍රය - මූලය
- උගත් - නූගත්
- උතුර - දකුණ
- උත්තල - අවතල
- උත්තර - නිරුත්තර
- උත්තම - අධම
- උත්සාහය - නිරුත්සාහය
- අලුත් - පරණ
- ආගමන - විගමන
- ආර්ය - අනාර්ය
- ආයත - නිර්යාත
- ආයුධ - නිරායුධ
- ආවරණය - නිරාවරණය
- ආනයන - අපනයන
- ආකූල - අනාකූල
- ආදායම - වියදම
- ආධුනික - ප්‍රවීණ
- ආදරය - අනාදරය
- ආරක්‍ෂාව - අනාරක්‍ෂාව
- ආරාධිත - අනාරාධිත
- ආරම්භය - අවසානය
- ආශ්වාස - ප්‍රාශ්වාස
- ආහාර - නිරාහාර
- ඇතුළුවීම - පිටවීම
- ඇත්ත - බොරුව
- ඇතිවෙනවා - නැතිවෙනවා
- අචේතනික - සචේතනික
- උස - මිටි
- උෂ්ණය - සිසිල
- උසස් - පහත්
- අවසරය - අනවසරය
- අවුල් - නිරවුල්
- අවංක - වංක
- අන්ත - අනන්ත
- උන්නතිය - අවනතිය
- අනුලෝම - ප්‍රතිලෝම
- අනුකූල - අනනුකූල
- අනුමාන - ප්‍රත්‍යක්‍ෂ
- අනුමැතිය - විරෝධය
- උපත - විපත
- හානිය - දියුණුව
- උපන් - නූපන්
- උපකාර - අපකාර
- උපරිම - අවමය
- අභිනව - පැරණි
- අභිමානය - අවමානය
- අභිමුඛ - අනභිමුඛ
- උදාසීන - කඩිසර
- අව්ව - වැස්ස
- උදක - නිරුදක
- උඩුකුරු - යටිකුරු
- අහංකාර - නිරහංකාර
- දුගී - ධනවත්
- හඬ - නිහඬ
- ශුභ - අශුභ
- ශුද්ධ - අශුද්ධ
- දුර්ලභ - සුලබ
- දුර්වල - ප්‍රබල
- හැකි - නොහැකි
- හැදුණු - නොහැදුණු
- දුෂ්ට - ගුණවත්
- ශබ්ද - නිශ්ශබ්ද
- දුන් - නුදුන්
- දුක් - නිදුක්
- ශක්තිමත් - දුර්වල
- දුප්පත් - පොහොසත්
- දුඟද - සුඟද
- දුර - ළඟ
- හර - බැර
- ශීලාචාර - අශීලාචාර
- හීලෑ - කුළු
- හීලෑ - මුරණ්ඩු
- ශිෂ්ට - අශිෂ්ට
- හිමි - අහිමි
- හිංසක - අහිංසක
- හොඳ - නරක
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 10 සැප්තැම්බර් 2025, 1:23 AM