EngEx2025
ප්රස්ථා පිරුළු
ප්රස්ථා පිරුළු යනු තැනට ගැලපෙන විදිහට කතා බහේ දී කියන උපමා ය.
පහතින් දැක්වෙන්නේ එවැනි ප්රස්ථා පිරුළු කිහිපයකි.
1-ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වාගෙයි. - අනුන් රැවටීමට ගොස් තමන් රැවටීම.
2-කළුවා මාරපන ගියා වාගේ. - කිසිම දෙයක් සොයා නොබලා වැඩ කරන විට පවසයි.
3-කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගේ. - කවුරු හෝ දුර දිග නොබලා කටයුතු කර මෝඩ තීන්දු ගනී නම් මේ ලෙස කියයි.
4-ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ. - එක් කරදරයකින් බෙරීමට ගොස් ඊට වඩා වැඩි කරදරයක් පැමිණීම.
5-කටුස්සාගේ කරේ රත්තරං බැනදා වාගේ. - තමන් හට ලැබෙන දේ වලින් අහංකාර වීම.
6-ගොරවන තරමට ලු වහින්නේ නැතිලු. - කතාව තරමට ක්රියාව නැත.
7-එළි පත්ත උඩ සිටින බළළා වාගේ. - ස්ථිර තීරණයක් නොගෙන සිටීම.
8-රයිගමයයි ගම්පලයයි වාගේ. - එක වාගේ කපටියන් දෙදෙනකු වීම.
9-හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වාගේ. - යම් ගැටලුවක් විසඳීමට නුසුදුසු තීරණයක් ගැනීම.
10-අනූනවයෙන් බේරුණා. - විපතක් ආසන්නයේ සිට බේරීම.
11-අනුන් කල දේ තමන්ට පල දේ. - අනුන්ට කළ හොද හෝ නරක කෙදිනක දී හෝ සිදු කළ පුද්ගලයන් හට ඵල දේ.
12-අලි මදිවට හරක්. - කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණීම.
13-අනුන්ගෙ පානෙන් එළිය බැලීම. - කිසිවෙකු ගේ මුවාවෙන් තමන් ප්රයෝජන ගැනීම.
14-අතීසාරයට අමුඩ ගැහුවා වගෙයි. - අතීසාරය නම් බඩ එළිය යාමේ රෝගයකි ඒ සදහා ප්රතිකාර නොකර අමුඩය තදකර ගැනීම මෝඩ ක්රියාවකි.
15-ගමරාල සිල් ගත්තා වාගේ. - තමන් හට නුපුරුදු දේ කිරීමට ගොස් අමාරුවේ වැටීම.
16-ඉවසීමෙන් සැනසීම ලැබේ. - ජය ගැනීමට නම් ඉවසිය යුතුය.
17-ඉක්මන් කොටයි. - වැඩි හදිස්සිය හොඳ නැත.
18-ඉහේ මලක් පිපුනා වාගේ. - විශාල සතුටක් දැනීම.
19-කබලෙන් ලිපට වැටුනා වාගේ. - විපතක් වූ විට තවත් විපතක් පැමිණිම.
20-ගැරඬි මරා පව් පුරවා ගැනීම. - අහිංසක අයට හිරිහැර කිරීම
21-කම්මලේ ඉන්න බල්ලා වාගේ. - නිතර නිතර සිදු කළ දෙයක් වීම.
22-ගඟට ඉනිමං කැපුවා වාගේ. - කිසිදු ප්රතිඵල නොමැති වැඩක් කිරීම.
23-දී කිරට බළලුත් සාක්කි. - කවුරුත් වාසි පැත්තට එකතු වෙති.
24-ගිලී මලේත් ඇත දත සුද්දෝ. - ඉතා දුලභ මිනිසුන් සිටීම.
25-ජාඩියට මූඩිය වාගේ. - ඉතා හොදින් ගැලපෙන දෙදෙනකු වීම.
26-දිලිසෙන සියල්ලම රත්තරං නොවෙයි. - බාහිරින් පෙනෙන පුද්ගලය ඇතුලත නැත.
27 නරියා හූවෙන් හදුනා ගත හැකිය. - කපටියා කතාවෙන් හදුනා ගත හැකිය.
28-නයාට අඳු කොළ වාගේ. - දැකීමට කොහොමත් අකමැති වීම.
29-අකලට ඵල ගත් ගෙඩිය වාගේ. - යම් දෙයක් නොසිතු වේලාවක සිදු වීම.
30-අග පැලිච්ච බට ලීය වාගේ. - වඩා වැඩියෙන් කියවන පුද්ගලයකු වීම.
31-අටුව කඩා පුටුව හැදුවා වාගේ. - සුලු ලාභයක් වෙනුවෙන් විශාල පාඩුවක් කර ගැනීම.
32-අට්ටික්කා ගහේ මල් පිපුනා වාගේ. - කිසිදා සිදු නොවන දෙයක් සිදු වීම.
33-බුරන බල්ලා සපා නොකයි. - කෑකෝ ගසන්නන් ක්රියකාරී නැත.
34-වක්කඩේ හකුරු හැංගුවා වාගේ. - ආරක්ෂා කර ගතයුතු දෙයක් නුසුදුසු තැනක දැමීම.
35-පෙරලෙන ගලේ පාසි නොබැඳේ. - නිතර කාර්ය කරන අයගේ දැනුම වැඩි දියුණු වේ.
36-වී පැදුරට කුකුළා එන්නා සේ. - යම් පුද්ගලයෙක් නිතර නිතර එක් තැනකට පැමිණීම.
37-අන්ධයා ඇතාගේ හැටි කිව්වා වාගේ. - වැරදි හේතු මත නිගමන වලට එළඹීම.
38-ඉබාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ. - කෙනෙකුගෙන් නොමැති දෙයක් ඉල්ලීම.
39-අලින්ට වීණා වාදනය කලා වාගේ. - අවවාද අනුශාසනා ඒවා පිළිගැනීමට අකමැති අයට ලබා දීම.
40-උරුලෑවා ගිය පාර වාගේ. - යම් පුද්ගලයකු කරන කටයුත්ත අපිරිසුදු ලෙස සිදු කිරීම.
41-කිරි ගහට ඇන්නා වාගේ. - යමකින් ස්ථිර ප්රතිඵල ලැබීම.
42-කළු නික සොයනවා වාගේ. - සොයා ගැනීමට අපහසු දෙයක් සෙවීම.
43-අනින ගොනා වැඩට හොදයි. - සැරවැර තිබුණ ද කාර්යය හොදින් කිරීම.
44-අතු කඩා මොර කන්නා වගේ. - විනාශ කරමින් ප්රයෝජන ගැනීම.
45-අශ්වයාට අං අවා වගේ. - පමණට වඩා උඩගු වීම.
46-ආටා නාටිය කියවනවා වගේ. - මහා ගෝෂාවක් සිදු කිරීම.
47-ආඳාගේ පිට වගේ. - ස්ථිර ප්රතිපත්තියක් නොමැති වීම.
48-ආතාට අටු කොස් දුන්නා වගේ. - ප්රයෝජනයට ගත නොහැකි දෙයක් තෑගි කිරීම.
49-ඇඟෙන් ඇටයක් ගියා වගේ. - බොහෝ අකමැත්තෙන් යමක් දීම.
50-ඉබ්බා අහසින් ගියා වගේ. - තමන්ට නොගැලපෙන යමක් කර විනාශ වී යාම.