උපමාව සහ උපමේය

උපමා වක්‍යක අංග දෙකකි එනම්,
1. උපමාව
2. උපමේය

• උපමාවක් යනු,


යම් වස්තුවක්,ස්ථානයක් පුද්ගලයෙක් හෝ යම් අවස්ථාවක් වඩාත් හොදින් විස්තර කිරීම හෝ පැහැදිලි කිරීම සදහා තවත් දෙයකට සමාන කර දැක්වීමයි. ඒ අනුව යම් දෙයක් තවත් දෙයකට උපමා කිරීමේදී මෙන්, සේ, වැනි, බදු, වාගේ, ලෙස ආදී වූ නිපාත උපකාරී කර ගනී.

• උපමේය යනු,

උපමාවෙන් සමාන කර දක්වන පදයට යටත් වන පදය වේ. එනම් සැබවින්ම ඇති වස්තුව වේ.

නිදසුනක් ලෙස,


ඇගේ දත් මුතුකැට මෙන් පියකරුය

  • මුතු කැට යනු උපමාව වේ.
  • මෙහි ඇගේ දත් යනු උපමේය වේ.

උපමා සහ උපමේයන් යෙදුනු වක්‍ය කිහිපයක් පහතින් දැක්වේ.

  1. කදුරු, කිරළ, දොඹ, ඇහැළ, හික් ආදී ගස් ගඟ දෙපස සිටින මුරකරුවන් වැන්න.
  2. රන් තැටියකින් කිරි ඇද හැලෙන්නා සේ සඳරැස් ගලන්නට විය.
  3. සීගිරියේ බිතුසිතුවම් සුරංගනාවන් මෙනි.
  4. උඩරට ලියැදි පෙළ පියගැටපෙළක් මෙනි.
  5. මගෙ සුරතල් අක්‌කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නෙ පිනි බිංදුයි .
  6. රාත්‍රි අහස සමන්පිචච් මල් වැටුණු සිතුවමක් වැනිය.
  7. මගේ සීයාගේ රැවුල සුදු පුළුන් ගොඩක් මෙනි.
  8. ගුරුතුමා කවි ගායනා කරන්නේ, කනට මී පැණි හලන්නාක් මෙනි.
  9. ඇය අත්දැකීම් ලත් කාන්තාවක මෙන් නොසැලී සිටියාය .
  10. උදෑසන වැටෙන හිරිකඩ, මල් වරුසාවක් මෙනි.
  11. ඔහුගේ සිත කළුගලක් මෙන් දැඩිය.
  12. ළමයා පවනට බඳු වේගයෙන් දුව ආවේය.
  13. නංගීගේ මුහුණ පුන් සඳක් මෙන් සුන්දරය.
  14. කිරි කොකුන් ‍රෑනක් සේ ළමයි පාසලට දුව ආහ.
  15. මුව පොව්වකු මෙන් අහිංසකයි.
  16. කුහුඹුවකු මෙන් කඩිසරයි.
  17. සිවලෙකු මෙන් කපටියි.
  18. හස්තිරාජයෙකු මෙන් ප්‍රතාපවත්.
  19. මොනරකු මෙන් ආඩම්බරයි.
  20. උන් පියඹා යන්නෙ හෙලිකොප්ටර පරිද්දෙනි.
இறுதியாக மாற்றியது: புதன், 27 ஆகஸ்ட் 2025, 1:51 AM