EngEx2025
ඉඟි වැකි
ඉඟි වැකි යනු තවත් අයෙකුට යමක් ප්‍රකශ කිරීමේදී එහි අර්ථය වක්‍රාකාරව පැවසීමට යොදා ගන්නා වැකි වලට ය.
උදා-:
1. හොර ගල් ඇහිලීම - අවස්ථාව එන තෙක් කෙනෙකුට නොදැනෙන සේ සිටීම
2. හෙණහුරා ලැබීම - සියලු දේ අවාසි සහගතව සිදුවීම
3. දවල් හීන - සිදු නොවන දෙයක් ගැන අපේක්ෂාවෙන් සිටීම
4. පොත් ගුල්ලා - නිතර පොත් කියවන්නා
5. අත දීම - උදව් කිරීම
6. උගුරට දෙකට - ඉතා ඉක්මනින්
7. උල් පන්දම් දීම - නරක දෙයකට උදව් කිරීම
8. පෙරළා පැමිණීම - ආපසු ඒම
9. අඹ යාළුවා - හොඳම මිතුරා
10. කරල පැහීම - ලොකු වාසියක් ලැබීම
11. උඩින් පල්ලෙන් - නොසැළකිලිමත් ලෙස
12. කුකුළා අතින් අරන් - හිමිදිරි පාන්දරීන්ම
13. ඇමක් ගිලලා - අනුන්ගෙ උගුලකට අහුවෙලා
14. පණ ගියා - හුඟක් වෙහෙස උනා
15. දෙපත් නයෙක් - දෙපැත්තටම තොරතුරු කියන කෙනෙක්
16. ගොළුබෙලි ගමන - ඉතා සෙමෙන් වැඩ කිරීම
17. ලෑල්ලට පෑගුවා - ඉතා වේගයෙන් ගියා
18. හිත උණු වුණා - දුක හිතුනා
19. ඉවසීමෙන් සැනසීම ලැබේ - කලබල වී කටයුතු කිරීම හොඳ නැත
20. ඇවිලෙන ගින්නට පිදුරු දැමීම - සිදුවී ඇති ප්රශ්නය තව දුරටත් වැඩි කිරීම
21. කිරි ගහට ඇන්නා වාගේ - හරියටම හරි
22. කිඹුල් කඳුලු - බොරු කනගාටුව
23. එක පයින් - ඉතා කැමැත්තෙන්
24. මිරිස් කරල වාගේ - ඉතා සැරයි
25. ඇගේ මාළු නැටීම - බොහෝ කේන්ති යාම
26. ඇගේ ලේ වතුර වුණා - දැඩි ලෙස බිය වීම
27. අනූනවයෙන් බේරුණා - ලොකු කරදරයකින් බේරීම
28. කජු කන්නා වගේ - එය ඉතා පහසුයි
29. හිත උණු වුණා - දුක හිතුණා
30. තරු විසි වීම - ලොකු වේදනාවක් දැනීම
31. වහ කදුරු වගේ - දැඩිව අකමැති
32. ගල් ගැහුණා - පුදුමයට පත් වුණා
33. මුරුංගා අත්තෙ තියනවා - ප්‍රමාණය ඉක්මවා වර්ණනා කරනවා
34. සායම ගියා - කීර්තිය නාමය නැති වුණා
35. ලුණු ඇඹුල් ඇතිව - හිත පෑරෙන ලෙස කතා කිරීම
36. අනුන්ගෙ පානෙන් එලිය බලන - අනුන් මත යැපෙන
37. මූනෙ දැලි ගානවා - අවනම්බු කරනවා
38. ආ පයින් යනවා - පැමිණි විගසම පමා නොවී ආපසු යෑම
39. බොර දියේ මාළු බානවා - කෙනෙක් අමාරුවේ වැටුනු විට වෙනත් අයෙක් ප්‍රයෝජන ගැනීම
40. තැනේ හැටියට ඇණේ ගහනවා - අවස්ථාවට උචිත පරිදි ක්‍රියා කිරීම
41. මුණිවත රකිනවා - නිහඬව සිටිනවා
42. හාවක් හූවක් නෑ - කිසිම කතා බහක් නැතිව
43. රජ ගෙදර පරවියා - අධික සැප සම්පත් විඳීම
44. වැල්වටාරම් - අවස්ථාවට නොගැලපෙන අනවශ්‍ය විස්තර කිරීම
45. රූකඩයක් වාගේ සිටීම - අනුන්ගෙ කීමට වැඩ කිරීම
46. කෝපි කාලයේ වැඩ - පරණ කාලයේ වැඩ
47. අතු කඩා මොර කෑම - ආදායම් මාර්ග අහුරා ගැනීම
48. අඬන්න ඕනෙලු කිරි එරෙන්න - යමක් ලැබීමට උත්සහවන්ත විය යුතුය
49. මල පොතේ අකුරක් බෑ - කිසිවක් ඉගෙන නොගත්
50. හාංකවිස්සියක් නොදන්න- යන්තමින්වත් නොදන්නා
51. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ - යම් කෙනෙකුට හොඳ අයෙක් වේද නරක අයෙක් වේද යන්න කුඩා කාලයේදීම ගතිගුණ වලින් දැන ගැනීම
52. නවනිංගිරාව - නින්දා අපහාස විඳීම
53. එක මල්ලේ ලුණු කෑ - එකට ඇසුරු කරන
54. කර ළගට එරීම - වැඩ අධික වීම
55. අකුල් හෙළනවා - බාධා කරනවා
56. මීයට පිම්බා වගේ - දැඩි නිහඬතාවය
57. ඉණිමගට පයින් ගැසීම - උදව් කළ අය පසුව අමතක කිරීම
58. අංගපුලාවක් නැති - යහපත් හැසිරීමක් නැති
59. උගුරට හොරා බෙහෙත් කෑම - ඉතා අකමැත්තෙන් යමක් කිරීම
60. හිස් ලූ ලූ අත යෑම - අරමුණක් තොරව යාම
61. ඇඟේ එල්ලෙනවා - බලෙන් සම්බන්ද වීම
62. උණු කැව්ම් වාගේ විකුණුවා - ඉතා ඉක්මනින් විකිණීම
63. මිටින් හල කුරුල්ලෙක් මෙන් - නිදහසේ ප්‍රීතියෙන්
64. ඉමක් නොපෙනෙන - ඉතා දුර