මෙම අඩවිය ගැන

අපි ලබා දෙන දේ

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් සෑම පාසලකටම පාසල සඳහා කිසිදු වියදමක් නොමැතිව පහත සඳහන් දෑ සපයනු ලැබේ:

  • අප විසින් ස්විට්සර්ලන්තයේ ස්ථාපිත කර නඩත්තු කරනු ලබන Moodle පද්ධතිය මත පදනම් වූ අංග සම්පූර්ණ ඔබගේ ඉගෙනුම් කළමනාකරණ වෙබ් අඩවියක්,
  • පාසලේ ගුරුවරුන් දෙදෙනෙකුට එම වෙබ් අඩවිය කළමනාකරණය කිරීම සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට එය භාවිතා කිරීමට සහාය වීම සඳහා අඩවි පරිපාලනය පිළිබඳ මාර්ගගත පුහුණුව (මුළු කාලය පැය 5)
  • එම වෙබ් අඩවිය භාවිතා කිරීමට කැමති ඕනෑම ගුරුවරයෙකුට මාර්ගගත පන්ති පැවැත්වීම සහ පන්ති කළමනාකරණය සඳහා මාර්ගගත පුහුණුව (අවශ්‍යතාවය අනුව)

පාසල් ගෙන ආ යුතු දේ

මේ සඳහා අවශ්‍ය වෙනත් සම්පත් සළසා ගැනීමේ වගකීම පාසල සතු වේ. උදා:

  • පරිශීලකයින් සඳහා වෙබ් අඩවි ප්‍රවේශය: අප විසින් ලබා දෙන ඉගෙනුම් කළමනාකරණ වෙබ් අඩවිය ජංගම දුරකථන වලට හිතකාමී බැවින් සාමාන්‍ය පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාර්ට් ජංගම දුරකථන යන ඕනෑම උපාංගයකින් සිසුන්ට එයට ප්‍රවේශ විය හැකිය. පන්ති පැවැත්වීම සඳහා ගුරුවරුන්ට සාමාන්‍යයෙන් ටැබ්ලටයක්, ලැප්ටොප් එකක් හෝ සාමාන්‍ය පරිගණකයක් අවශ්‍ය වනු ඇත.
  • ගුරුවරුන් සඳහා zoom ගිණුම්: නොමිලේ ලබාගත හැකි Zoom ගිණුමක් ප්‍රමාණවත් වේ. ඉගෙනුම් කළමනාකරණ වෙබ් අඩවිය හරහා සිසුන්ට සෑම අවස්ථාවකම නිවැරදි පන්තියට (Zoom meeting) සම්බන්ධ විය හැකි ය.