Blog entry by Sandika Madushan

Sandika Madushan
Sandika Madushan - ඉරිදා, 22 මාර්තු 2026, 4:00 PM මගින්
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු

කුමාරතුංග නාමයට හරසර දැක්වෙයි


විසාරදත්වය, විචාරවත් භාවය, කථිකත්වය, කවිත්වය, යනාදි විවිධ ගුණාංග නිසාම නොව මා කුමාරතුංග නාමයට ගරු කරන්නේ හුදෙක් ඒ ශ්‍රේෂ්ට පුද්ගලයාගේ දැඩි ජාත්‍යානු රාගයත් අව්‍යාජ දෙශ භක්තියත් කරණ කොට ගෙන නියම සිංහළ සංස්කෘතික ලක්ෂණය ප්‍රකට කෙරුණු නිසා යයි පෙරේදා සවස කොළඹ ක්‍රිස්තියාති තරුණ සමිති ශාලාවේ පැවැත්වූ කුමාරතුංග අනුස්මරණ මහා සභාවේ මුලාසනය ගත් මහෝපාධ්‍යාය ජී.පී.මලලසේකර මහතා ප්‍රකාශ කෙළේය.

ජාතිය ගැන උදාර හැඟීමක් නොමැතිව ජාතිය නගා සිටුවිය නොහැකි බව කුමාරතුංග මුනිදාස මහතාගේ මතය වූ බව කී මලල්ල සේකර මහතා තව දුරටත් කථා කරමින් කුමාරතුංග මහතාට වඩා එසේ උදර හැඟීමක් දිය හැකි අන් සමතකු නොවී යයිද පවසා අප විසින් කළ යුත්තේ ඔහු පටන් ගත් සටන නොනවත්වාම ඉදිරියට ගෙන යාම පමණකැයිද කීය.

සවිමන් කුලතිලක මහතා සභාව පිළිගත් පසු කුමාරතුංග මුතිදස මහතාගේ පිළිරුවට මල්දමක් පිදීමෙන් මලලසේකර මහතා බුහුමන් දැක්වුයේය. කො.පො.තො. පෙරේරා මහතා විසින් ගිය සමරුවේ වාර්තාව කියවන ලදී. සංගීත විසාරද සුනිල් සාන්ත මහතා ප්‍රමුඛ කණ්ඩායම සමරු ගී ගායනය කළහ. අමරසිරි ගුණවර්ධන මහතා තමන් විසින්ම සකස් කරන ලද "කුමරතුඟු කිවියාව" නමැති පොතෙන් කරුණු ගෙනහැර පාමින් කථා කළේය.

නොයෙක් කරුණු වලට සමත් නොයෙක් අය ඉපිද සිටිය ද කුමාරතුංග මහතා පහළ වූයේ භාෂාවටම සේවය කිරීමේ සම් පූර්ණ බලමහිමයෙන් යුතුවම යි ගරු පණ්ඩිත තෙල්ලඹුරේ පවරකිත්ති ස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ කළහ වෛද්‍ය කලා තිධි විලියම් අල්විස් මහතා කුමාරතුංග මහතාගෙන් වූ සේවය සඳහන් කොට සදාකලම අනුස්මරණීය පුද්ගලයකු බව කීය.

තමාගේ වරද තමා විසින්ම දැකීමත් ආශ්‍රය කළ වුන්ට දිනෙන් දින වැඩි වැඩියෙන් ප්‍රිය වීමත් යන දුර්ලභ ගුණ දෙක කුමාරතුංග මහතා තුළ පැවැති බව ගරු පණ්ඩිත කෝදාගොඩ ඤාණලෝක ස්ථවිරයන් වහන් සේ කීහ.

ගරු මර්සලීනු ජයකොඩි පියතුමා කුමාරතුංග නාමය කිවියාව මෙන්ම පොදු වූවක් බව කවිතාවය ගැන දීර්ඝ විවරණයක් කොට පෙන්වා දුනි.

මහ වියතුන් විසින් කළ නොහැකිව තිබුණු සටනක් ජයගැනීමටත් අභිමානයෙන් දැපුණු මහතැන් වල එඩිබිඳ හෙළීමටත් සමත් කම් ඇතිව කාලය විසින් කුමාරතුංග මහතා පහළ කළ බව ඇල්.පී. මෙත්තානන්ද මහතා ප්‍රකාශ කළේය.

කැඩි බිඳී විසිරි ගිය ජාතිය එකසත් කිරීමට තැත් කිරීම විනා උඩරට ගිවිසුම වැනි විහිළු කුමාරතුංග මහතා ගණත් නොගත් බව කිවිසුරු රැයිජියෙල් තෙන්නකෝන් මහතා කීය.

බොරුවෙන් ගුරුකම රැකීමට ඇතැම් පුහුවියතුන් මෙන් තැත් නොකොට නොදන්නා දේ ගැන විමසීමෙන් දැනගත යුතු බව ක්‍රියාවෙන් පෙනනු අසහාය මහ පඬිවරයා කුමාරතුංග මහතා යයි, ගම්පහ විද්‍යාරවින්ද පරිවෙණාධිපති සරණංකර ස්ථවිරයන් වහන්සේ කීහ.

වරින්වර කිහිප විටක්ම සමරු ගී ගැයුම් වැයුම් කළ සුනිල් සාන්ත විශාරදයින් ප්‍රමුඛ පිරිස කුමාරතුංග මුතිදාස මහතාගේ නිපැදුමක් වන "ඉදිරියටම යව්! හෙලයිනි-ඉදිරියටම යවු!" යන ගමන් ගීයද ගායනය කළහ. අබිරම් ගහේවා මහතා පින්දීමේ කථාව කළේය.

ලංකාදීප, වර්ෂ 1948 ක්වූ මාර්තු මස 4 වෙනි බ්‍රහස්පතින්දා

[ මදක් වෙනස් කරන ලද: සඳුදා, 6 අප්‍රේල් 2026, 2:29 PM ]