Sandika Madushan படி Blog பதிவு

"ජේසු උපන්නේ - ලොව පිබිදෙන්නේ."
(සංගීත විශාරද සුනිල් ශාන්ති.)
ජේසු උපන්නේ - ලෝ පිබිදෙන්නේ //
සාදු කියව් ප්‍රීති හඬින් ගී ගයා.
(1)
සාදු සාදු හඬින් දේව දූතයෝ
හාදු දිදී පාද කමල් වඳින්නෝ //
සාමදාන ලොවේ සරා දුවන්නෝ
'අනේ සාදු සාදු' කියා ගයන්නෝ.
හිසේ මදුන් දී - අපේ රදුන්ගේ - පාද වඳින්නේ.
(2)
දුමෙන් රනින් ගඳින් බිළිඳු පුදන්නෝ
සුරන් රදුන් මිනිස් ලෙසින් වඳින්නෝ //
දුගී ගොපල් ප්‍රීති සුසුම් හෙළන්නෝ
කුමරි මවුන් සුරැකි පියන් යදින්නෝ.
(3)
අන්න, දනෝ සැදැ සිතින් මල් පුදා
දෙව් කුමරුන් පාද බැතින් වඳින්නෝ //
ගව මඩුවේ පිදුරු ගොඩේ සීතලේ
වෙව්ලන්නේ දිළින්දනේ සුරිඳු නේ.
(4)
එන්න සුදෝ, අපත් අපේ මල් නෙලා
සැදෑ සිතින් බැතින් පුදා මුදුන් දී //
ලබාගන්න බිලිඳු අතින් සාමයේ
දීමනාව එලෝ මෙලෝ වැඩ පතා.
තාලය ඛෙම්ටෝ.
ස — ග ග ම — ධ — — — නිv —
ජේ — සු උ ප න් නේ — — — — —
ධ — ප ම ප ම ග — — — — —
ලෝ — පි බි දේ න් නේ — — — — — //
ග — ම ධ ප — ම — ග රි ස —
සා — දු කි ය ව් ප්‍රී — ති හ ඬි න්
රි — නි ස — — — — — — — —
ගී — ග යා — — — — — — — — //
A.1.3. කොටස් මෙලෙස ගායනය වියයුතුයි
ප — ධ ස — ස නි ධ — ප — ම
සා — දු සා — දු හ ඬි න් දේ — ව
ග — ප ස — — — — — — — —
දූ — ත යෝ — — — — — — — —
නී — නි නි නි — ස — නි ධ ප —
හා — දු දි දී — පා — ද ක ම ල්
ධ — ධ — ප — — — — — — —
ව ඳි න් නෝ — — — — — — — — //
නිv — නිv නිv — නිv ධ ධ — ප ප —
සා — ම දා න — ලො වේ — ස රා —
ම ප — ධ — — — — — — — —
දු ව න් නෝ — — — — — — — —
ධ ධ — ප — ම ග — ම ප ධ —
අ නේ — සා — දු සා — දු කි යා —
නි රි — ස — — — — — — — —
ග ය න් නෝ — — — — — — — —
ප ග — ප ස — ධ — — — — —
හි සේ — මු දු න් දී — — — — —
ධ ම — ධ රි — නි — — — — —
අ පේ — ර දූ න් ගේ — — — — —
නී — ප නි ග — ස — — — — —
පා — ද ව ඳි න් නේ — — — — —
(ජේසු උපන්නේ)
B.2.4 කොටස් මෙලෙස ගායනය වියයුතුයි
ස රි — ස නිv — ධ නිv — ස ස ග
දු මෙ න් ර නි න් ග ඳි න් බි ළි ඳු
ම ග — ම — — — — — — — —
පු ද න් නෝ — — — — — — — —
ම ධ — ධ ධ — නිv ධ — ප ධ —
සු ර න් ර දු න් මි නි ස් ලෙ සි න්
නි නි — ස — — — — — — — —
ව ඳි න් නෝ — — — — — — — —
මෙහි ඉතිරි දෙපාදයන් A. කොටසේ පසු දෙපාදයන් මෙනි.