Blog entry by Sandika Madushan

ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු

1946
හෙළ හවුල්-සුබැසි මහ සමුළුව

ගිය දෙසැම්බර් 29 වනදා කොළොඹැ පුර හලේ දී පැවැත්වුණු හෙළ හවුල්-සුබැසි මහ සමුළුව හෙළ හවුලේ පළමු මුළු පිළිබඳ සියලු තොරතුරු අබිබවා නැඟැ සිටින අලුත් තොරතුරක් එහි අගනා යට ගිය පුවතට එකතු කෙළේ යි. හෙළ බසට සැබැ ආදරය දක්වන්නවුන් මෙ සා මහත් රැසක් එක් වී පැවැත්වුණු මෙ බඳු මහ සමුළුවක් දිවයිනේ කිසි මැ විදුහුරු වියපුරුවක් මඟින් පසු ගිය අවුරුද්දේ දී නො වූ බව සලකන විටැ මේ සමුළුව හෙළ බසට ළෙන් ගතුකම් පානවුනට මහත් පුබුදක් දනවන්නට කරුණු වන බව නිසැක යි.

සමුළුවට එක් වූ පිරිස දහසද ඉක්මවා නැඟී ගියෙන් බොහෝ දෙනකුට අසුන් පහසුවෙන් තොර වැ එළියේ සිටින්නට පවා සිදු වියැ. මේ පිරිස අතරෙහි බොහෝ දෙන මාතර, තංගල්ල, මහ නුවර, කොත්මලේ, බණ්ඩාරවෙල අනුරපුර, රක්වාන, පොළොන්නරුව වැනි ඉතා ඈත පියෙස්හි සිටැ කලින් අවුත් අගනුවර රැඳී-ගෙනැ මුළුවට හවුල් වූ හෙළ බසට පුදුම ලැදි කමක් දක්වන සැබැ හෙළයෝ යි.

පෙරවරු 9 පටන් පස් වරුයේ 8 වන තෙක් පැවැත්වුණු සමුළුව දෙ වරුවකට බෙදිණ. පෙරවරු සමුළුවේ කටයුතු අමරසිරි ගුණවඩු සවිමනුන් ගේ මුළු නයු බැවින් පැවැත්විණ. හෙළ හවුලේ සකසුරු තැන්පත් වෙ.ම. පෙරේරයෝ ගිය අවුරුද්දේ තොරතුරු ඉදිරිපත් කළ හ. හෙළ හවුල ඇරැඹි සැටිත් එය මෙතෙක් පැවැති සැටින් එහි ඉදිරි කටයුතුත් ඔහු ඉන් ඉඳුරාමැ හෙළිකැරැ දැක්වූහ. පෙර වරුවේ පැවැති ඉතා වැද-ගත් කටයුත්ත වූ නයු මඬුල්ලේ දෙස්ම පැක්මේ මීළඟ තැන ගති. හෙළ හවුල් නයු ජයන්ත වීරසේකරයෝ ලෙඩින් පෙළෙමින් ඉතා දුබල වැ සිටි ඒ මොහොතේ පවා මහ කර බර කරුණු අලළා අනැඟි දෙසුමක් කළ හ. ‘සුබැසියෝ’ නමිහුදක් සුබස සඟරාව කියවන්නාහු මැ මතු නොවෙති. හෙළ බස නො වරදවා වහරවන්නට දන්නා හැම මැ සුබැසියෝ යි. හෙළ හවුල නම් එක් ගුරු පරපුරෙකැ ටික දෙනකුන් ගේ වියුවුරුවෙක් නොවේ. හෙළ බස වහරවන හැම මැ සතු එකෙකි. අපි දැන් එක් බස් ආරක් පිළිගෙනැ ඒ අනුවැ පැබැඳුම් හැඩ ගස්සන්නට යතම්හ අප මේ තෙක් කළ හරිය පල දී ඇති තරම
ඉතා තොස් කර වෙයි; මෙ මගින් මුත් හෙළ බස නගා සිටුවන්නට පිළිවන් අන් සැටියක් නැති බව යි දැන් අපේ අදහස මේ මඟෙහි යා හැකියවුන් ඉතා වැඩි දෙනකුන් නොවනු වියැ හැකි යි. එහෙත් මේ බසෙහි සමත් කම් දක්වන්නවුන් ගේ තරම දන්නා අපට මෙහි ඉදිරි යයුව පිළිබඳ මඳ වූ ද සැකයෙක් නැති. මේ මඟ සෙස්සනුදු පිය
කරන බවට දැන් දැන් දස අතින් දෙස් පෙනෙයි. වරදවමින් හෝ වල් වැදෙමින් හෝ වළේ වැටෙමින් හෝ මේ මගේ ඊමට තැත් කරන්නවුන් දෙසැ අප හැම විටැ මැ බලා සිටින්නේ බලවත් දිරිකර තල්ලුවක් දෙන අටියෙන් මැ යි. මේ රටේ-මේ කුඩා දිවයිනේ -මේ යටතුන් ගේ දනවුවේ බස නො රැකී දෙස රැකෙතියි යන බොළඳ සිති විල්ල අපට නැති.

පිළිවෙළක් ඇතිවැ සුබස පැවැත්වීමට අපට මේ අවුරුද්දේ පිළිවන් වූයේ යි. සුබැසියන් ගේ බලවත් මැ යුතුකම නම් හැකි සියලු සැටියෙන් සුබැසියන් ගණන වැඩිම යි.

යනු වීරසේකරයන් ගේ දෙසුමේ හරවුව යි.

ඉක්බිති වැ වරකාගොඩ සිල්රුවන් පඬි හිමියන් හෙළයේ එළිය යන මැයෙන් කළ දෙසුම ඔවුන් හෙළ බසත් හෙළ බස වැඩු කුමාරතුංග මුනිදාසයනුත් කෙරේ දක්වන ඉහළ බැති බව හැඟැවී යැ.

සැලැකැවීම් සැසැඳිලි විටේ දී අබිරම් ගම්හේවායන් විසින් යට සඳහන් සැලැකැවීම ඉදිරිපත් කරන ලදි.

"සරසවියේ සිය බස ඉගැන්වීමේ කට-යුතු සිය, බසින් මැ කිරීම සඳහා ඇවැසි දෑ සැපැයීම හැකි තාක් ඉක්මනින් කළ මනා බව සුබැසියන් ගේ මේ මහ සමුළුව සරසවියේ ඒ පිළිබඳ බලය
ඇත්තවුනට බල කැරැ දක්වයි" බියන්විල දම්දස් රාලහාමින් විසින් තීර කරනු ලැබීමෙන් ඒ පිළිගැනිණ.

ඉන් පසු මුළු නයුවන් ගේ දෙසුමෙන් පෙරවරුවේ කට-යුතු හමාර වූයේ යි.

අතුරු විටින් පසු පස්වරු 2 ට යළිත් ඇරැඹුණු සමුළුව අබිරම් ගම්හේවායන් ගේ මුළු නසු බැවින් පවත්වන ලදී. මුලින් මැ යෙදුණු කට-යුත්ත වූයේ ගරු මෝසෙස් පෙරේරා පිය තුමන් ගේ දෙසුම යි. එ තුමෝ පුරුදු පරිදි මැ අසන්නන් රස දනවමින් හෙළ පැදියේ රස පෙරා ගන්නා අයුරු පහදමින් අගනා දෙසුමක් බෑ හ. කෝදාගොඩ නැණලු පඬි හිමි පාණන් ගේ විදුහුරු දෙස්ම ආයේ ඊ ළඟට යි.

‘අමරකොෂ සිංහල සන්නය’ යන මැයෙන් කළ ඒ දේස්ම ඒ පඬි හිමි පාණන් හෙළ බසත් සකු බසත් පිළිබඳ වැ තොරක් නැති වැ කරන සියුම් සෙවීම් නිසා ලබන මහ පල සුබැසියනට බෙදා දීමක් බඳු වියැ. පඬි හිමි පාණන් අතින් සැකැසි පහැරු වර පතා සිටින අමරකෝස සන්නයේ පැරැණි තතු පුරා හෙළි කිරීම් සමඟමැ මෙ තෙක් අඳුරේ පැවැති ගැට තැන් කීපයක් එළියට ඇද ලිහා දැක්වීම ද මැනැවින් කරන ලදී.

හෙළ බසට ලැදි කම් දක්වන්නා වූ ද නිවැරදි හෙළ බස වහරන්නට දන්නා වූ කිතුනු පියවරුන් ඉතා ටික දෙන අතරෙන් ඉතා පළමුවූ ද
බස් රස හඳුනන්නා වූ පිය කෙනකුන් වූ ගරු මරසලීනු ජයකොඩි පිය තුමන් ගේ රස බර දෙසුම ඊළඟට ආයේ යි. ලිහිල් බසින් කරුණු පැහැදිලි කිරීමට දන්නා ඒ පිය තුමන් සුබස් රස යන මැයෙන් කළ දෙසුම එ තුමන් ලතින්, ග්‍රීක, ප්‍රංශ, ඉංගිරිසි ඈ පැළදිග ලිවි සැරියෙහි එන රස ඇඳූ පූ සැටිත් සෙස්සනට
ඒ තැන් නඟා පාදා දැක්වීමේ සපන් සැටිත් ඉඳුරා පළ කෙළේ යි. ඊලියාදයේ (Iliad) පටන් ඊසොප් කතන්දර තෙක් පැළ දිග ලිවි සැරි අලළමින් කළ ඒ දෙසුම එක මැ රස බෙදා දීමෙක් වූයේ යි.

අතුරු විට පැමිණියේ යි. රැ. තෙන්නකෝන් කිවිසුරාණන් ගේ දෙසුම ඉක්බිති වැ ආ යැ. සස්න-කවුඩු පැනිස් රජ පවුල යන මැයෙන් වූ ඒ දෙසුම පොත් සිඟිත්තක් සේ පසාරවා තිබුණෙන් දෙසුමට පළමු සුබැසියන් අතරේ බෙදා හරින ලදී. තෙන්නකෝන් කිවිසුරාණන් හෙළ රටේ යට ගිය තොරතුරු පිළිබඳ කරුණු සොයා රැස් කර ඇති තැනින් එක් දෙකරුණක් ඇදැ පාදා දිමක් සේ ගතයුතු වූ මේ දෙසුමෙන් පත පොතට පෙර--බුදු දහම මුල් බැසැ ගන්නට පෙර--මේ රටේ පැරණි තතු පිළිබඳ මෙ තෙක් කිසිවකුට කිසි විටෙකැ කිසි සැටියෙකින් සොයා ගත නො හැකි වූ අගනා සැබෑ තොරතුරු රැසෙක් එළි කරන ලදී. මේ දෙසුමෙහි එන කරුණු පිළිබඳ විවිසීම් විසින් හෝ නිනවූ විසින් හෝ යමක් දැක්වීමට තරම් යට ගිය තොරතුරු පිළිබඳ වෙසෙසියාව ඇත්තන් වැඩිදෙනකු මේ දිවයිනේ වෙතියි නො පෙනෙන හෙයින් දෙසුම් ගැනැ කිමට මේ නො තැන බව කීම පමණක් මෙහි දී පරිස්සම් සහිත කියමන වෙයි.

පස් වරුවේ පැක්ම ඉතා දිග එකක් වුව ද ඒ බව පිරිසට නො දැනිණ. සගයු වෙසරද සුනිල් සාන්තයන් ගේ පිරිස විසින් විටින් විටැ පැරැණි නව හෙළ ගී ගයා වයා දැක්වීමෙන් පැවැත්වූ විනොයුව සියුම් විදු රසයට සියුම් කලා රස එක් කිරීමෙක් වියැ. සුනිල් සාන්තයන් හෙළ සගයුවේ ලා දක්වන ඉහළ හැකියාවත්, හෙළ සගයුව මේ කලට ඔබින සැටියෙන් සකසා නව සගයු කලාවක් පිළිහඹන්නට ඔවුන් කෙරෙහි ඇති කලා කුසලතාවත් දැන් මැනැවින් පළ වී ඇති හෙයින් ඔවුන් හෙළ සගයුව වඩන්නට ගත්තා තැතට හැම ම හෙළයන් වහල දීම බලවත් යුතු කමක් බව මෙහිදී ද පෙනී ගියේ යි.

පැක්ම අවසනට පැවැති විසිතුරු විනායුවට උඩරට පැරණි කලා කුලුයකට අයත් කිරි ගණින තැනගේ පිරිස හවුල් වූ හ

කටයුතු කෙළවර මුළුනයුවෝ හෙළ හවුලේ ඉදිරි කටයුතු සඳහා හැම මෑ සුබැසියන් ගෙන් වහල පතන බව පළ කළා හ. පෙදෙසි හෙළ හවුල් වැඩීමත් සුබස සඟරාව පැතිරවීමත් ඒ මඟින් හෙළ බස වගාවත් ඒ සඳහා හෙළ හවුලේ කටයුතු පිළිවෙළ අනු වැ යා යුතු සැටියත් ඔහු තරයේ කියා පෑ හ. හෙළ හවුලේ මහ බරක් ඔසොවා සිටින වෙ.ම.පෙරේරයනට ද නයු මඬුල්ලට ද, මැදි මඬුල්ලට ද, නියෙදි මඬුල්ලට ද පැසැස්මක් පිරිනැමූ හ.

විසිතුරු විනොයුව කෙළවර දැගීය ගයා සුබැසියෝ විසිර ගිය හ.