Sandika Madushan
Blog entry by Sandika Madushan

ආලොකය
භක්ති පූජා
අදයි වෙසක් පෝදා !
සංගීත් විශාරද් සුනිල් ශාන්ති මහතා විසිනි
1 සුදට සුදේ කිරි මූද ගලාදෝ- මහ මාවත ඔස්සේ
උපාසිකාවෝ තෙල් මල් සමඟින් - 'සාදු' කියායන්නෝ
අදයි වෙසක් පෝ දා - නංගෝ
යමු යමු අපි පන්සල්
2 සඳුන් කපුරු තෙල් මල් මුදුනින් ගෙන - සිංහල ලළනාවෝ
යෙති යෙති වැළ නොකැඩී අද පන්සල් - ඇත් ගමනින් පේවී
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
3 කුඩා ළමයි හිමිදිරියේ සිට මල් - නෙළලා කඩිමුඩියේ
බුදු පුජාවට පන්සල් යනවා - පේළි ගැසී උදයේ
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
4 විලෙන් නෙළුම් නෙළලා පොදි බැඳගෙන - සුදු ඇඳුමෙන් සැරසී
'සාදු' කියා බුදු පුදා වඳින්නට - හනිකට යමු පන්සල්
අදයි වෙසක් පෝදා - නංගෝ
යමු යමු අපි පන්සල්
ප්‍රස්තාර සටහන
ස ග ග ම | ග රි ස රි | ග ප ප ප | ම _ ග _
සු ද ට සු | දේ _ කි රි | මූ _ ද ග | ලා _ දෝ _
ප ධ ස _ | නි ධ ධ නි | ප _ _ _ | _ _ _ _
ම හ මා _ | ව ත ඔ ස් | සේ _ _ _ | _ _ _ _
ධ ධ _ ධ | ධ _ ධ නි v | ප ධ ප ම | ග ග රි _
උ පා _ සි | කා _ වෝ _ | තෙ ල් ම ල් | ස ම ගි න්
ප ධ ප ම | ග _ රි _ | ස _ _ _ | _ _ _ _
සා _ දු කි | යා _ ය ත් | නෝ _ _ _ | _ _ _ _
ස ග _ ම | ප ධ නි _ | ස _ _ _ | ප ධ ග ම
අ ද යි වෙ | ස ක් පෝ _ | දා _ _ _ | නං _ ගෝ _
ප ධ ප ම | ග ග රි _ | ස _ _ _ | _ _ _ _
ය මු ය මු | අ පි ප න් | ස ල් _ _ | _ _ _ _
ලාකය
9
ආලොකය
1946. මැයි