Sandika Madushan
Blog entry by Sandika Madushan


ඥානාර්ථ ප්‍රදීපය 1946 ක්වූ අගෝස්තු මස 4 වන දින ඉරිදා
මග්ගොන සැන්ට් ඇන්ටනිස් අභ්‍යාස විද්‍යාලය
ආරම්භය ඉතිහාසය හා ස්වර්ණ ජයන්තිය
පණස් වසකට ඔබ්බෙහි මේ විදුහල ඇරැඹියේ විහිද ගිය බෙර හඬ මධ්‍යයෙහි නොවේ. මෙතෙක් මේ මහා විද්‍යායතනයෙන් පුහුණු වූවෝ හත්සියයකටද අධික වෙති.අත්‍යුත්තම ක්‍රිස්ටෝපර් බොන්ජියන් රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ උපදෙස් පිට සාන්ත විසෙන්ති ගෘහයේ කළමනාකාර තැන්පත්ව සිටි සී.කොනීරාර්ඞ් පියතුමා කතෝලික ගුරුවරුන් උදෙසා ඇරඹූ පංතියෙහි වුවෝ ප්‍රැන්සිස්කත් සහෝදරවරු දෙදෙනෙකු සහ තවත් ගුරුවරු දෙදෙනෙකු පමණි. දියලගොඩ සී. ඩී. අන්තෝනියුස් ජයවර්ධන මහතා එහි ආචාර්යයවරයා වුයේය. මේ පස්දෙනාගේ "නෝර්මල් ඉස්කෝලය" වූයේ දීසාන්ත වින්සන්ති ගෘහයේ බරාඳයෙහිය. 1884 වැන්නෙහිදී අභ්‍යාස පාඨශාලාවක් සිදු වේ විවෘත කරන ලද නමුත් 1902 වැන්නේ දී වසා දමනු ලැබුවෙන් එහි ශිෂ්‍යයෝ ද මග්ගොනට පැමිණියහ.
ටික කාලයක් යනතුරු නෝර්මල් ඉස්කෝලයට ස්ථිර භූමි භාගයක් හෝ ගොඩනැගිල්ලක් නොවීය. දැන් පවත්නා විදුහල් බිම තෝරා ගැනීමෙත් පළමුවැනි පන්ති කාමර පේළිය ගොඩනැංවීමේත් ගෞරවය ඉසිදෝර් බෙල් පියතුමාට හිමි වේ. විද්‍යාලීය ශිෂ්‍ය ලෙබනයේ මුලටම නම වැටීමෙන් පළමු වැනි ශිෂ්‍යයා හැටියට ගණන් ගනු ලබනුයේ ඇම්. ඇම් ද සිල්වාසහෝදර තුමාය. ඒ පළමුවැනි ශිෂ්‍ය කණ්ඩායමෙන් දෙදෙනෙක් තවම ජීවතුන් අතර වෙති. ඒ දෙදෙනාගෙන් ජෝන් ජෝශප් සහෝදරතුමා ශුද්ධවන්තයන්ගේ ශාස්ත්‍රය, ශු.අන්තෝනි මුනිඳුන්ගේ චරිතය යන පොත් ලිවීමාදිය හේතු කොටගෙන කතෝලිකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි. ජීවතුන් අතර
සිටින අනෙක් ආදී ශිෂ්‍යයා වූ ඇස්.ඩි මර්සලින් සහෝදර තුමාද ගීත ප්‍රබන්ධය ගැන ප්‍රසිද්ධියක් උසුලයි අල්පොන්සස් ලිගොරි මුනිඳුන්ගේ පොතක් 'මරිය වහන්සේගේ මහිම' යනුවෙන් සිංහල කිරීම හේතු කොට ගෙන මේ අභ්‍යාස විද්‍යාලයයේ ආදීම ආචාර්යවරයාගේ නමද බොහෝ ප්‍රචාරයට ගියේය.
1907 වැන්නේදී සාන්ත වින්සෙන්ති ගෘහයේ අධිපති තනතුරට පත්ව ආ තෝමස් ගුලියෙල්මි පියතුමා අභ්‍යාස විද්‍යාලයයේ ද්‍රවීඪ අංශයකුත් ඇති කළේය. මේ හේතු කොට ගෙන කාලයක් තුළ අභ්‍යාස විද්‍යාලයයේ " පණහට - පණහ " පැවැති නමුදු ලියා පදිංචි කිරීමට සෑහෙන පමණ ද්‍රවිඪ ශිෂ්‍යයන් නොමැති වූයෙන් ඒ අංශය නවත්වා දමන ලදී. මග්ගොන දොන් බොස්කෝ නිවාසයේ අධිපතිව වෙසෙන මරිය ජෝශප් සහෝදරතුමා, අභ්‍යාස විද්‍යාලයයේ පැවති සිංහල දෙමළ අංශ දෙකින්ම පුහුණු වූ ගුරුවරයෙකි.
1915 වන විට 34 දක්වා අධික වූ ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ශිෂ්‍ය නිවාසයකුන් පිහිටුවනු ලැබීය. අභ්‍යාස විද්‍යාලයයේ තත්ත්වය උසස් කරනු සඳහා සහයොගයෙන් වැඩ කළ ඇන්ඩෘ ප්‍රනාන්දු පියතුමන්ගේ නමද මෙහිදී අමතක කළ නොහැකිය. වින්සෙන්ති ගෘහයේ අධිපතිතුමා හා ඔබ්ලේට් සහෝදරවරුද කලින් කල නොර්මල් ඉස්කෝලේ ඉගැන් වීම කළ ප්‍රැන්සිස්කන් සහෝදරවරුද අමතක නොකරනු ලබත්.සිහල කතෝලික ගුරුවරුන් සඳහා වූ එකම අභ්‍යාස විද්‍යාලය වූ මේ ආයතනය 1917 වැන්නෙහිදී පාදුවාහි සාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප කරන ලදී. ඒ අවස්ථාවේදී එතුමන්ගේ පිළිමය රැගෙන විද්‍යාලයය වටා පෙරහර පවත්වමින් ගායනා කරනු ලැබූ ගීතය මෙතෙක් හැම සන්ධ්‍යාවෙක්හිම ගායනා කැරෙන්නේය.
දවසින් දවසට දියුණු වූ මේ විද්‍යාලයයේ ඇතැම් ආදි ශිෂ්‍යයන් මෙහිම කාචාර්යයවරයන් වශයෙන්ද තව ඇතැම් ආදී ශිෂ්‍යයන් අභිනව අභ්‍යාස විද්‍යාලයයන්හි අධිපතීන් වශයෙන්ද පත්ව ඇත. බෝල වලානේ සාන්ත ප්‍රැන්සිස් ක්ෂෙවියර් අභ්‍යාස විද්‍යාලයයාධිපති මහතා සහ වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ අභ්‍යාස විද්‍යාලයයාධිපති මහතාත් මග්ගොන අභ්‍යාස විද්‍යාලයයෙහි ආදී ශිෂ්‍යයෝ වෙති. මේ විද්‍යායතනයන තුනේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පාඨශාලා පරීක්ෂකයකුව සිටි ඩි ඊ රණසිංහ මහතා එවකට පාඨශාලා සාමාන්‍යාධිකාරිව සිටි ජේ. බ්‍රෝල්ට් පියතුමන් විසින් 1919 දී පත් කරනු ලැබීය. ගුරුවරුන් 260 දෙනකුන් පුහුණුකර වූ සී. ඩී. ඒ. ජයවර්ධන මහතාගේ අස්වීමත් ඒ අවුරුද්දේම සිදුවිය.
' නෝර්මල් ඉස්කෝලේ ' දීප්තිමත් ශිෂ්‍යයකුව සිට 1916 වැන්නෙහිදී එහි කථිකාචාර්යය තනතරක් ලැබූ කෘෂිකර්මාන්තය පිළිබඳ ඩිප්ලෝමා සහතිකයක් සහ රන් පදක්කමක් දිනාගෙන ඇති ඩබ්ලිව් ටී. ප්‍රනාන්දු මහතා, ජයවර්ධන මහතාගෙන් පසු විද්‍යාලයාධිපති තනතුරට තෝරාගනු ලැබුවේ ගුරුවරුන්ගේ ගුරුවරයාව ධීමතුන්ගේධීමතාව තවමත් අප හා වාසය කරයි.
ශිෂ්‍යයන් සඳහා ඉඩකඩ ඇති ශාලාවක අවශ්‍යතාව පෙනී ගිය හෙයින් දැන් පවත්නා ලෙස 1919යෙදී ඇති ලප්‍රේර් පියතුමා ගොඩනැගිල්ල විශාල කරවුයේය. මේ කාර්යය සඳහා දිවයිනේ ශ්‍රෙෂ්ඨතම හෝරා යන්ත්‍ර විශෙෂඥයා වූ ක්‍රිස් ඕ ඇම් අයි සහෝදර තුමන්ගේ සහාය ලැබුණේය.
ඉතා සීඝ්‍රයෙන් දියුණු වූ මේ විද්‍යාලයය චිත්‍රකර්මය සහ හස්ත කර්මය පිළිබඳව විශේෂ ප්‍රසිද්ධියක් දරන්නට විය. මොරටුවේ ඩබ්ලිව්. ඇස්. ද මැල් යහ දන් කොටුවේ ඒ පි ජයමාන්න යන මහතුන් නිසා ඒ ප්‍රසිද්ධිය තවත් වැඩුණි. 1922 වැන්නෙහිදී පැවැත්වූ වේල්ස් ප්‍රදර්ශනයෙන් සහ 1923 වැන්නෙහිදී පැවැත් වූ සමස්ත ලංකා ප්‍රදර්ශනයෙනුන් ත්‍යාගයන් සහ අසාමාන්‍ය සහතික පත්‍රයනුත් ප්‍රශංසාත් මේ විද්‍යාලයය කරා ආයේය. ' ආදර්ශ ගෝල' බැලීම සඳහා කොළඹ ගාල්ල, ජාපනය, සහ මඩකලපුව ආදී පළාත් වලින් බොහෝදෙන මෙහි එන්නට ද වුහ. ශාරීරිකාභ්යාසයන් අතින්ද විද්‍යාලයය ඉතාම උසස් තත්වයක් ගන්නා බව ඇම්. ඩී සමරසිංහ මහතා නිගමනයකොට පැවැත්තේය. ප්‍රාචීන භාෂාවන් හදාරවනු සඳහා පානදුරේ ඩී. ඇම්. ඇස්. ශ්‍රී කවිරාජ් පඬිතුමාගේ ආචාර්යත්වයෙන් පංතියක් ද අරඹනු ලැබීය ක්‍රීඩා අතින්ද දියුණු තත්වයක පැවත මේ මග් ගොන අභ්‍යාස විද්‍යාලයය පේරාදෙනියේ, නිට්ටඹුවේ සහ කොළඹ අභ්‍යාස විද්‍යාලයයන් සමග පැවැත් වූ අත්පන්දු ක්‍රීඩා තරග හැමෙකකින්ම ජයග්‍රහණය කළේය.
විද්‍යාලයයට විදුලිය ආලෝකය ගෙන දීමෙන් අපට ලොකු පහසුවක් ඇති කළ ගරු බෝයර් පියතුමා අපි ආදරයෙන් සිහි කරම්හ. 1927 සිට 1931 දක්වා වූ කාලය තුළ එතුමාට සහායව සිටි හලාවත රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ද අපට අමතක කරනු බැරිය. කොළඹ අග්‍රරාජ ගුරු ප්‍රසාදි තැන්පත් මොන්සිදඤ්ඤොර් මැසොනී ස්වාමීන් වහන්සේත් සය අවුරුද්දක් අපේ විද්‍යාලයයේ කළමනාකාර ධුරයෙහි සිටිය බැව් පැවසීමට අපි සාඩම්බර වම්හ. විද්‍යාලීය ශිෂ්‍යයන් " මගේ ඉලන්දාරියෝ " යනුවෙන් ඇමතීමට පුරුදුව සිටි උන්වහන්සේ ශිෂ්‍යන්ගේ දියුණුව ඉතා ලැදි කමකින් බැලුහ. එවකට දිවයිනේ සියලුම අභ්‍යාස විද්‍යාලයයන් භාරව
සිටි අධ්‍යාපන නිලධාරියා වූ ඇස්. ගොඩ්ස්ප්‍රි මහතා මේ විද්‍යායතනයේ හොඳ හිතවතෙක් වූයේය. ඒ මහතා 1931 - 7 - 15 වැනි දින කථාවක් කරමින් මෙසේද කියා ඇත. '' මග්ගොන පුහුණුව ලබන්නෝ ආශිර්වාද ලද්දෝය. මම, මගේ පුතා හොඳ සිංහල ගුරුවරයකු කරවන්නට කැමැති වූයෙම් නම් ඔහු මේ අභ්‍යාස විද්‍යාලයයට එවනවා ඇත." මෙසේ හැම ස්ථානාන්තරයෙකින්ම 1932-2-29 වැනි දින මෙහි පිවිසි කන්නන්ගර ඇමති තුමාගෙන් පවා අපට ප්‍රශංසා ලැබෙන්නට විය.
අනුරාධපුරයේ සාන්ත මරියා පාසලේ ප්‍රධානාචාර්යව සිටි ටී. ඇම්. ඇම්. පෙරේරා මහතා 1931 වැන් නෙහිදී ආචාර්යය මණ්ඩලයට එක් වීමෙන් අපේ විදුහල තවත් පොහොසත් විය.
1933 වැන්නෙහිදී ඇති කළ පුස්තකාලය නිසාත් 1940 වැන්නෙහිදී ගෙනදුන් රෙඩියෝ යන්ත්‍රය නිසාන් ගරු තියඩෝර්ද සිල්වා පියතුමා විශෙෂයෙන් සිහිකළ යුතුය. තවද එතුමා අත්‍යුත්තම මාර්ක් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ වෙත කරුණු සැලකිරීම හේතු කොටගෙන අපට ලැබුණු උඩු මහල නිසා අද අපට ඈතින් ඇති මග්ගොන කඳු ගැට, මිටියාවත් හා කුඹුරු පේලි, කුරුඳු කැලෑ, රබර් වතු ආදිය බල බලා ප්‍රිති විය හැකි වේ.
අද පාඨශාලා සාමාන්‍යාධිකාරීව වෙසෙන අති ගරු ඩී. ජේ. ඇන්
(7 වන පිට බලනු)
7 වන පිට
පාඨශාලා පෙරමුණ
(දෙවන පිට හා සම්බන්ධයි)
තනි පියතුමා විසින් අප වෙනුවෙන් මුලින්ම කරනු ලැබූ ක්‍රියාවන්ගෙන් එකක් නම් විද්‍යාලීය උද්‍යොග පාඨයක් ඇති කොට දීමයි. එතුමාග 'සුරදුත සේවය '' නැමැති පොත ද විශෙෂයෙන්ම ලියා ඇත්තේ මේ ශිෂ්‍යයන් වෙනුවෙනි. මේ විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ ආගම ඉගැනීම හා ආගම ඉගැන්වීම පිළිබඳව වාර්ෂික පරීක්ෂණයක් පැවැත්වීමද ආරම්භකළේ මෙතුමාය. සුරදූත සේවය සඳහා ශිෂ්‍යයන්ට එතුමා මග පෙන් වීම කරගෙන යයි.
1938 වැන්නෙහිදී අති ගරු ඇල් පැරෝපියතුමා සාන්ත විනීසෙන්ති ගෘහයේ අධිපති තනතුරට පැමිණියේය. ශිෂ්‍යයන්ගේ වාර්ෂික ධර්මවිවේකය ආරම්භ කළ මෙතුමා ගොඩනැගිලි ආදිය අතිනුත් විද්‍යාලයයේ දියුණුව වර්ධනය කරනු සඳහා කටයුතු කරමින් වෙසෙයි. අභිනවවිද්‍යාලයාධිපතිතුමා පත් කරනු ලැබූවේ 1945 වැන්නේ ජනවාරි මාසයේදීය.
මේ පණස් වර්ෂය පිළිබඳ විවේචනයෙක යෙදෙන අප ස්තුති පූර්වකව සඳහන් කළ යුතු තවත් කාරණයක් නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපට ලැබුණු ආධාරෝපකාර සහ මඟ පෙන්වීමයි. අභ්‍යාස විද්‍යාලයන්හි කටයුතු පරීක්ෂක නිලධාරියාව සිටි ඇස්. ගොඩ්ප්‍රි වූ මහතාත්, උප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ආර්. වොට්සන් මහතාත් වරක් ගාල්ලේ දිස්ත්‍රික් පරීක්‍ෂක තැන්පත්ව සිටි කේ. ඇස්.අරුලන්දි මහතා සහ කළුතර කොට්ඨාසයේ පරීක්ෂක ජෝන් සිල්වා මහතාත් මෙහිලා විශෙෂයෙන් මතක් කරනු ලැබිය යුත්තෝය.
දිවසිනේ සියලුම කතෝලික පාඨශාලාවන්හි වැඩ කරන පුහුණු වූ ස්වභාෂා ගුරුවරුත් ආදරයෙන් සිහි කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙකකුන් මහජන සේවකයන් හැටියටත් ලේඛකයන් හැටියටත් ප්‍රසිද්ධව සිටින බව ද සතුටින් සඳහන් කරම්හ. අපේ එක ආදීශිෂ්‍ය මහතකු පෙරදිග සංගීතය පිළිබඳව අසාමාන්‍ය උපාධින් දිනාගෙන සුනිල් ශාන්ති නමින් සුප්‍රසිද්ධව සිටින බව සාඩම්බරයෙන් සඳහන් කළ හැකිව තිබේ. තවද අපේ ආදි ශිෂ්‍යයන් තිදෙනකු පළමු වැනි වරට ඇති කළ 'විද්‍යා විශාරද' පංතියට තේරීමන් අපටගෞරවයෙකි. එසේම ප්‍රාචීන භාෂා පිළිබඳ පණ්ඩිත සහතිකයත් දිනා ගත්තෝද හොඳ ගණනක් වෙති. මේ හැමටමත් වඩා ඉතා උච්ච ස්ථානයකට නැඟගත් අපේ ආදී ශිෂ්‍යයා නම් ඥානාර්ථ ප්‍රදීප පත්‍රයේ කර්තෘ තැන්පත් ඩී. පී. කුරු කුලසූරිය මහත්මයායි.
දැනට මේ විද්‍යාලයයේ ඇති ශිෂ්‍ය නිවාසයන් දෙකේ නේවාසික ශිෂ්‍යයන් 70 දෙනෙක් වෙති. නිවාස ක්‍රමය සහ නායක ක්‍රමය. මෙහි ආරම්භ කොට ඇත. ස්වර්ණ ජයන්තිය නිමිති කොට ගෙන 'ජයන්ති සංග්‍රහයය' ක්ද නිකුත් කරනවා ඇත ශුභාශංසනීය පණිවුඩ සහ ප්‍රයෝජනවත් නිබන්ධයන්ගෙන් සරසනු ලැබූ මේ සඟරාවෙහි විද්‍යාලීය ඉතිහාසයද සවිස්තරව දක්වාඇත. අගෝස්තු 24 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන අධ්‍යාපනීය සාකච්ඡා සම්මේලන කාලය තුළ දී මේ සඟරාව නිකුත් වේ, 26 වැනි දින දාවල් පැවැත්වෙන ජුබිලි භෝජන සංග්‍රහයෙකින් උත්සවය අවසන් වේ. ජුබිලි සඟරාව ලබා ගනු කැමැතෝ විද්‍යාලයයේ ප්‍රධානාධිපතිතුමාට දන්වා හැර ස්වකීය පිටපත් වෙන්කොට ගනිත්වා.
ජේ. ජී. පී. ජයසූරිය ඕ. ඇම්. අයි