Sandika Madushan
Sandika Madushan படி Blog பதிவு

ගුවන්විදුලි මගින්
මහත්මයාණනි,
පසුගිය සෙනසුරාදා පළවූ උක්ත ශීර්ෂයෙන් යුත් ලිපිය කියවා මේ ලිවීමට අදහස් කළෙමි.
විනීත් ජයසූරිය මහතාට අසන්නට ලැබුණු සරත්චන්ද්‍ර නෝනාගේ ඒ ගැයීම අපට ද අසන්නට ලැබින. එසේම චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් දෙන ලද ශබ්දවාහීනී තැටිය ද අසා තිබේ. බිභාෂ් රාගයට අයත් 'ජාගියේ ගොපාල' යන ඒ ගීතය ශාන්තිනිකේතනයේදීම ඉගෙනීමට අපටත් අවකාශ ලැබීම වාසනාවකි.
සරත්චන්ද්‍ර නෝනාගේ ගායනයෙහි වැරදි තැන් කීපයක් තමාට අසු වූ බැව් ජයසූරිය මහතා කියයි. ස:නෝනාගේ ගැයීමෙහි වැරදි ලෙස පෙනී ගිය තැන් නොතිබුණා නොවෙයි. එහෙන් ජ:මහතා සිතන තරම් වරදෙක් නොවීය.
ස:නෝනාගේ ගැයීමෙහි සදොස් තැන් කීපයක් අසු වූ තැන ව:නෝනාගේ ගැයිමෙහි එකද අඩු පාඩුවක් ජ:මහතාට අසු නොවීම පුදුමයෙකි. ව; කාන්තාවගේ ගැයීමෙහි බලවත් වැරදි කීපයක් පහත පෙනේ.
අපරදිග ක්‍රමයට ගැයීම: ස්වරයෙන් ස්වරයකට පැනීමෙන් ගැයීම පෙරදිග ක්‍රමයට අයිති නැත. (එබැවිනි, සර්පිනාව හෝ පියානාව හෝ පෙරදිග සංගීතයට නුසුදුසු.) ස්වර සම්බන්ධය ඇතිව හෙවත් 'මීර්' සහිතව ගැයීමය පෙරදිග ක්‍රමයෙහි ඇත්තේ.
රාග ඥානයක් නැතිව ගැයිම: රාගයකට අයත් ගීයක් ගැයීමට පෙර රාගය පිළිබඳට හොඳ අවබොධයක් තිබිය යුතුයි. ස්වර සමුහයක් ගැයූ පමණින් රාගය ප්‍රකාශ නොවෙයි. බිභාෂ් රාගය පිළිබඳ අවබෝධයක් නැතිව ගීය ගැයූ බව හොඳටම පැහැදිලිය.
ගායනය විය යුතු ස්වරය ගායනය නොවීම : නියමිත ස්වරය හරි හැටි ගායනය නොවී, එම ස්වරයට අඩුවෙන් හෝ වැඩියෙන් වූ ශ්‍රැතියක් ගායනයට වී තිබෙන තැන් කීපයකි.
මුර්ජනා යනු කුමක්දැයි නොදැන ගැයීම: ගීයක් අලංකාර වනුයේ දක්ෂ ලෙස මුර්ජනා යෙදීමෙනි. මේ ගායනයෙහි එක ද මුර්ජනාවකුත් නැතිවීම නිසා අසන්නාට ගීය විඩා ගෙනදෙයි.
මීට, සුනිල් ශාන්ති
දෙනියාගාත,
ජාඇල
(කොටයක් කපා හරින ලදි. කතෘ)
1943.06.25