Sandika Madushan படி Blog பதிவு

Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 23 டிசம்பர் 2025, 8:45 PM
உலகிலுள்ள யாராவது

ලියුම්

ගුවන්විදුලි මගින්


මහත්මයාණෙනි, 
පසුගිය බදාදා සවස් භාගයෙහි ගුවන් විදුලි මගින් ප්‍රචාරය වුනු ගායනයකට ඇහුම්කන් දුන් මට මෙය ලිවීමට සිත් විය. ගායනය කෙරුනේ ඊ.ආර්.ද ඇස්. සරත් චන්ද්‍ර නෝනා විසිනි. එහිදී එක්තරා හින්දුස්ථානි ගීයක්ද ගායනය වුණේය. සිංහල හෝ හින්දුස්තානි හෝ වේවා ගායනය නම් නිවරදවා කළ යුතු විද්‍යාවකි.

එදින ගැයුණු එම හින්දුස්ථානි ගීය අපද උගෙන තිබේ. සරත් චන්ද්‍ර නෝනාද උගෙන ගන්නට ඇත්තේ අප උගත් ආයතනයෙන්ම බව නිසැකය. එදින ගායනයෙහි සදොස් තැන් කීපයක්ම අවබොධ විය. කීර්ති ශෙෂගත තුල්සිදාස යන්ගේ නිබන්ධයක් වූ එම හින්දුස්ථානි ගීතයෙහි සාරය, රාගය හා තාලයද ගෙන අප විසින් ගල පන ලදුව, අප ආයතනයෙහිම ගීත ශිෂ්‍යාවක් වන මාතර චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් චතුර හා මධුර ලෙසත් ගායනය කරන ලද සිංහල ගීය ශබ්ද වාහිනී තැටියක මගින් දැන් ප්‍රචාරය වී තිබේ.

මීට,
ගීත ශිෂ්‍ය, විනීත් ජයසූරිය
මැයි 27
ගම්පොල

(කොටසක් කපා හරින ලදී. කර්තෘ)

1943.06.19

சீட்டுகள்:
[ மாற்றப்பட்டது: செவ்வாய், 23 டிசம்பர் 2025, 8:53 PM ]