Sandika Madushan படி Blog பதிவு

Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 23 டிசம்பர் 2025, 8:42 PM
உலகிலுள்ள யாராவது

ඉන්දියාවේ මහා සංගීත විද්‍යාලය

උසස් පුහුණුව ලබන ලාංකිකයෙක්

පුහුණු වූ පාඨශාලාචාර්යයවරයකු වශයෙන් ලක්නව්හි භාට්කණ්ඩෙ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඉගෙනීමෙහි යෙදී සිටින සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා නිවාඩු කාලය ගෙවීම සඳහා දැන් ලංකාවට පැමිණ සිටී. ඔහු පළමුව ශාන්ති නිකෙතනයේ අවුරුද්දක් වංග සංගීතය හදාරා අනතුරුව ගායනය හා සිතාර වාදනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීම පිණිස භාට්කණ්ඩෙ විද්‍යාලයට ඇතුළත් විය. පසුගිය වර්ෂයේ පැවැත්වූ පරීක්ෂණයෙන් දෙවෙනියාව සමර්ථ වූ සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා ලබන අවුරුද්දේ අයි.එම්.සී. ඩිප්ලෝමාව බලාපොරොත්තු වෙයි. සංගීතය හැදෑරීම සඳහා ලංකාවෙන් භාට්කණ්ඩේ විද්‍යාලයට ගිය ශිෂ්‍යයන් අතුරෙන් ගායනය පිළිබඳව ඉහළම පංතියේ ඉගෙනීම ලබන්නේ මේ මහතාය.


1941.06.09 - දිණමිණ

சீட்டுகள்:
[ மாற்றப்பட்டது: செவ்வாய், 23 டிசம்பர் 2025, 8:43 PM ]