Sandika Madushan
Sandika Madushan படி Blog பதிவு


1942/06/07 - සිළුමිණ
ලක්දිව හින්දුස්ථානි සංගීතය
අප අතර පැතිරගොස් තිබෙනවිහිළු විකාර
ලාංකිකයන් අතර පවතින පෙරදිග සංගීතය වෙස් මුහුණු කීයකින් පෙනී සිටීද කියා බලමු.
1. පෙරදිග ක්‍රමයත් අපරදිග ක්‍රමයත් මිශ්‍ර වූ සංගීතය ය.
2. හින්දුස්තානි චිත්‍රපටි හා ශබ්ද වාහිනි තැටි මගින් පැතිර ගිය සංගීතය ය.
3. බෙංගාලි සංගීතය අනුව ගිය සංගීතය ය.
4. ඉන්දියානු රෙදි කඩකාරයන්ගෙන් පැතිර ගිය සංගීතය ය.
5. පොත් මගින් ඉගෙනගත් සංගීතය ය.
6. ඉහත කී එකකටවත් නැති හිතුමතයට පිළියෙල කරගත් සංගිතය
ආදි වෙස් මුහුණු බැඳ ඇතැමකු දෙවොල් නටන අතර නව යුවල සංගීතය යයි කියනුයේ සප්ත ස්වරයට යයි සිතා ස්වර සතේ නම් ඉගෙන හෙළයාගේ ගැයුම් වැයුම් හින්දුස්ථානියෙන් ගන්නා ලදැයි කීවෝ කවුරුද? මහ බොරුවෙක් කියා විසිඑක් වැනි ශතවර්ෂයට ගැලපෙන්නටදෝ
7. හෙළ මීයැසියක්ද නිපදුවෝල. එක කනයෙක්ද, දෙන් නෙක්ද, තුන්දෙනෙක්ද? කන රැළෙකි. යම් හෙයකින් මේ හින්දූ ස්ථානයෙන් ලූලකු පිහිනා ආ දිනක ඔහුට සවි ඇති ඉල ඇට ගොඩකුත් මා ගල් ගණනකුත් සපයා දෙන්නට සිදුවනවාට කිසිම අනුමානයක් නැත.
පෙරදිග සංගීතයට ඇති ඇල්ම නිසාම මුලින් දැක්වුනු ෂඩ්ප්‍රකාර සංගීතයට ලාංකිකයෝ ඇලුම් දක්වති, ගයති, වයති. පිරිසුදු විද්‍යානුකූල සංගීතය ඉගෙනීමට තවමත් නියම මාර්ගයක් නැති නිසා එම සංගීතයන්ට දොස් පැවරීමටද ක්‍රමයෙක් නැත. එහෙත් කිය යුත්තෙකි පෙරදිග සංගීතය නම් පෙරදිග සංගීතය ගයත්වා, අපරදිග සංගීතය නම් ඒ ගයත්වා, දෙක මිශ්‍ර කිරීම එළහරකාට මී හරකා ඈඳීම වැනි යයි මීන පෙරද කීමු. හින්දුස්ථානි චිත්‍ර පටි හා ශබ්දවාහිනි තැටි මහින් ප්‍රචාරයට පත් සංගීතය නියම හින්දුස්ථානි සංගීතය යයි බොහෝ දෙනෙකුගේ කල්පනාවය ඊට දෙන කෙටි පිළිතුර නම් නැත යන්නයි. බෙංගාලි සංගීතය පෙරදිග ක්‍රමයට හැඩ ගැ නු මිහිරි සංගීතයක් වුවද ඒ විද්‍යානුකූල සංගීතය නොවෙයි. ඒ සංගීතයෙහි ප්‍රධාන වනුයේ සාහිත්‍ය රසය ය. බෙංගාලි භාෂාවේ කාව්‍යයන් මිහිරි ලෙස ගායනය කිරීමය. ඒ සංගීතයෙහි ඇත්තේ ඉන්දියානු රෙදි කඩකාරයන් අතර පවතින සංගීතය තුම්රි හා ගසල්ය. ඒ ද විද්‍යානුකූල සංගීතය නොවෙයි. නානාප්‍රකාර රාගයනට අයත් ගීතයන් පොත් පත්හි අඩංගු වුව ද රාග ඥානය පිළිබඳ දැනීමක් නැතිව ඒ නිවැරදිව ගායනයකිරීම කොහෙත්ම කළ නොහැක්කෙකි.
හෙළ මීයැසිය නමින් නිපදවුනු ඒ අභිනව සංගීතය සම්බන්ධයෙන් ද කිය යුත්තෙකි. ඒ සංගීතය නිපදවූවෝ ගායනයත්, වාදනයත් ස්වර ප්‍රස්තාර යෙදීමත් ඒ මියැසියෙන් උගන්වත් ල. වාදනයන් සවර ප්‍රස්තාර කිරීමත් පසෙක තබා ගායනය පමණක් ගනිමු. ඒ ගීතය. ප්‍රස්තාරවූයේ ඇත්ත වශයෙන්ම තමන්ට ඇති ස්වර පිළිබඳ දැනි මෙන්මද? ඒ සංගීතාචාර්යයනට තීව්‍ර මධ්‍යමයෙත් කොමළ මධ්‍යම යෙත් වෙනසවත් ගායනයෙන් පෙන්වා දීමට දක්ෂකමක් තිබේද? ඉදිරිපත් වන ඕනෑම ස්වර ප්‍රස්තාරයක් තූර්යය භාණ්ඩයක සහයක් නොමැතිව නොපැකිළ ගායනය කිරීමට ඒ අය ඉදිරිපත් වෙත්ද? කුමටද මේ බොරු? ඇතැමකු කල්පනා කරනුයේ සංගීතය ඔවුනට උත්පත්තියෙන් ලැබුණු දායදයක්ය කියාය. සංගීත රසිකයිනි, එකිනෙකා සිතන තරම් සංගීතය ලුහුඬු දෙයක නොවේ. එබැවින් සිහි බුද්ධියෙන් කටයුතු කරත්වා!
අශ්ලීල සංගීතය
බොහෝ දෙනාට හින්දුස්ථානි සංගීතය යන නමත් තිත්තවීමට හේතු වූ ප්‍රධාන පිලිලය නම් බජව්ව හෙවත් සාජ්ජේ ය.
'ඒකයැ ජෙමා ඊයෙ රෑ සර්පිනාවේ අන්තිම නෝට්ටෙකටත් ඉහළ කීව නොවැ. ඌටම ගැල පෙන සීමා, ඌ තමයි ඩෝලේ පැලුවෙ' මෙබඳු කියුම් ගම්වල බොහෝ විට කියවෙයි. රා කළ ගෙඩි දෙක තුනක් ද, අරක්කු බෝතලයත් නැතත් භාගයක්වත් ද, යටත් පිරිසෙයින් සූදු කුට්‍ටමක් ද, අස නැති වුවවොත් සැතැප්ම ගණනක් දුරින් හෝ ලබා ගත් ගන්ජා මිටි කීපයක්ද, මේ සංගීතය සඳහා වුවමනාමය. දැන් සංගීතය ඇරඹීමට වේලාට ආසන්නය. සර්පිනාවත් තබ්ලාව හෝ බෝලයත් පසෙක හාන්සි වෙත්. කළගෙඩිත් බෝතලත් නාද කරන්නට පට ගනිත්. දැන් සර්පිනාවටත් බර වැඩ, ඩෝලෙට ආසන්නෙ, ජෙමා 'ඊ'නූලෙ. වරක හේ හුන් තැනින් නැඟිටියි, ඇහීල අගින් සිටියි, බෙරි හඬ දෙයි. අසල මිනිසුනටන් නින්ද නැත, ජෙමාට තුන් මුණින ඩාදිය. බෝතල කළ ගෙයි වෙලුනි. අමුතු සුරුට්ටුවක් රවුම් ගසයි. දැන් සියල්ලන්ගේ ඇස් කුකුල් කරමල් පරදත්. ඇතැමෙක් බේබිකපති. තව අයෙක් උන් සිටි තැන්වලම නිදති. තව කෙනෙක් ආ ගිය තැන් නැත. සුදු පළෙහි කෙනෙකු " බේබි ' කපන්නට දෝ ගෝනා මීට පිහියක් ඇදගති, වැඩ ගොඩෙකි. එළිවුණි ගම්මුලාදෑනියාටද වැඩ ගොඩයි, වටේ පිටේ ගස්වල රා නැතිව තව කලබලයෙකි. තව තව නොකිය හැකි කලබලද ගණනාවෙකි. බලාසිටියෙක් ජෙමාගෙත් සීමාගෙත්වරුනෙ අසල කෝපි කඩේ හිඳ ගෙන කියයි. මෙන්න අප සංගීතයක් පැවැත්වූවා.
පිරිසිදු හින්දුස්ථානී සංගීතය පැත්තෙක තිබියදී නිකරුනේ එය පිළිකුලට භාජනවන්නේ ඉහත පෙනුනු ක්‍රමයේ අශ්ලීල සංගීතයන් නිසාය. බොහෝ දෙනා තේරුම් ගෙන තිබෙන්නේ ඒ හින්දුස්ථානි සංගීතයය කියාය. නැත, එහි හින්දුස්ථානි සංගීතයෙහි ඡායාව කුදු නැත. ඒ හින්දුස්ථානි සංගීතයෙහි සම්පුර්ණ විරුද්ධ පැත්තය. එ බැවින් ඒ අදහස අතහැර නියම පිරිසුදු සංගීතය කුමකදැයි දැනගැනී මට දුන් කාලයය.
රාග ඥානය
අද ලක්දිව, නිවැරදිව රාගයක් ගායනය හෝ වාදනය කළ හැකි අය කී දෙනෙක් වෙත්ද? ඉතා ස්වල්පයෙකි. එහෙන් රාග මවන්නෝ නම් අනන්නයි, අප්‍රමාණයි. රාග තාල සහිත ගීතයක් වුවද ගායනය කළ යුත්තේ පළමුවෙන් ඒ රාගය පිළිබඳව හොඳ දැනීමක් ලබා ගත් පසුය. මන්ද එකම ස්වරය වෙනස් වෙනස් රාගයන්හිදී වෙනස් වෙනස් ක්‍රමවලට ගායනය කළ යුතුව තිබේ. එසේ ගායනය නොකළොත් රාගය ප්‍රකාශ නොවෙයි. එබැවින් ගී ගායනයට පෙර රාගයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. රාගයන් පීළිබඳ දැනීම ලබා ගැනීමට ස්වර ඥානය ඉතා තීක්ෂණ විය යුතුය. පළමුවෙන්ම ලබා ගත යුත්තේ ශුද්ධ ස්වරයන් පිළිබඳ දැනීම බවත්, ඒ ලබාගත යුතු ක්‍රමයක්, පුහුණු කළයුතු පහසු ක්‍රමයයත් මින් පෙර කියා දුනිමු ඉන්පසු කළ යුතු කොටස මෙහි සඳහන් කරමු.
බිලාවල් රාගය
බිලාවල් ථාටයට අයත් ස රි ග ම ප ධ නි යන ශුද්ධ ස්වරයන් පිළිබඳ දැනීම ලබාගත් පස එම ථාටයෙහි ප්‍රමුඛ රාගය වූ බිලාවල් රාගය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත යුතුය. මෙම රාගය පිළිබඳ සියලු විස්තර ශීත ශික්ෂකයෙහි වෙයි. සියල්ලට පළමු බිලාවල් රාගයෙහි ස්වරයන් යෙදෙන ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගත යුතුය. එක එක රාගයෙහි ස්වරයන් යෙදෙන ක්‍රමය එකින් එකට වෙනයි. රීතිය නොදැන තමන්ට කැමති පරිදි ස්වරයන් භාවිත කරන්නට ගියහොත් බොහෝ විට කිසිම රාගයක් ඇති විය නොහැක. ඇතැම් විට නා නා ප්‍රකාර රාගයන් ප්‍රකාශ විය හැක. එසේ ප්‍රකාශ විය හැකි රාගයන් ස්වල්පයක් මෙන්න
බිලාවල් ............ගරි, ගප, ධ, නිස
භූපාලි.............ග, රි, සධ, සරිග, පග, ධපග, රි, ස
දෙශ්කාර්...........ධ, ප, ගප, ගරිස
ශුද්ධ කළ්‍යාණ්.......ග, රිස, නිධප, ස, ගරි, පරි, ස
හමීර් ..............ස, රිස, ගමධ
කේදාර්.............ස, ම, මප, ධපම, පම, රිස
බිහාග් .............නිස, ගමප, ගමග, රිස
තිලක්කමෝද........පනිසරිග, ස, රිපමග, සනි
ඡායානට්............ප, රි, ගමප, මග, මරිස
ගෞඩසාරං .........ස, ගරිමග, පරිස
සංකරා.............ස, නිප, නිධ, ස, නිප, ගප, ගස
ගොඩමල්ලාර්.........රිගරිමගරිස, පමපධස, ධපම
ඉහත දැක්වුනු රාගයන් සියල්ල ටම ගැනුනේ ශුද්ධ ස්වරය. එහෙත් වෙනස් වෙනස් ක්‍රම වලින් යෙදී තිබේ. ඒ හේතුවෙන් වෙනස් වෙනස් රාගයන් ප්‍රකාශ විය. එබැවින් සැලකිලි සහිතව බිලාවල්හි ස්වර විස්තාරයත් පුහුණු විය යුතු ය.
තබ්ලාව භාවිතය
ගායනයේදී හෝ වාදනයේදී තබ්ලාව භාවිත කරන්නේ කුමටද, එය භාවිත කළයුතු නිවැරදි ක්‍රමය කුමක්දැයි නොදැන හිතුමතයට පොල් පලන්නාක් මෙන්, තාල් නීති අනුගමනය නොකොට තබලාව තැලීමට බොහෝ දෙනා පුරුදුව සිටිති.'හැකි තරම් දෑත නගා වෙර වඩා තැලූ පමණට දස්කම වැඩිය; දෑතෙහි ඇඟිලි දහය තමාට කැමති පරිදි භාවිත කළ හැකිය, තාලය යයි විද්‍යානුකූල දෙයක් නැත, වේලාවට අතට අසු වූ තාලය තාලයය' යනු ඔවුන්ගේ මතයෝය. ඉතින් කෙසේද අප සංගීතයෙන් ශාන්තියක් බලාපොරොත්තු වන්නෙ? ලුණු නැතිව කෑම රස නැත එහෙත් ප්‍රමාණයට පාවිචිචි කළ යුතුය. වැඩි වුවොත් බල්ලොත් නොකති. තබ්ලාව ද එමෙන් ප්‍රමාණයට භාවිත කළ යුතුය. ප්‍රමාණය ඉක්ම වූ තැන බල්ලෝ ගෙදරත් නොසිට බුර බුරා බැද්දට දුවයි. එසේ නම් එබඳු සංගීතයට ප්‍රියකරන්නෝ කවුරුද?
ගායනයේදී ප්‍රධාන වනුයේ ගායනයය. වාදනයේදී වාදනයය ගායකයාට හෝ වාදකයාට හෝ තාලය හා ලය දීමය, තබ්ලාවෙන් අදහස් කෙරෙනුයේ. ගායකයා ශබ්දය හෝ වැයෙන භාණ්ඩයෙහි ශබ්දය හෝ ඉක්මවා තබ්ලාව වාදනය නොකළ යුතුයි. තාලයන් පිළිබඳ හැඟීමක් හා ඒ තබ්ලාවෙහි වාදනය කළ යුතු ක්‍රමය ගැන හොඳ අවබෝධයක් පළමුවෙන් ඇති කර ගත යුතුය.මේ පිළිබඳ විස්තර ද ගීත ශික්ෂකයෙහි වෙයි.
තබ්ලාවෙහි ශබ්දය තමාට කැමති ලෙස සාදා ගැනීම රීතිය නොවෙයි. 'ස' ස්වරයට හෝ පංචමයට බොහෝ විට තබ්ලාව සාදාගනිත්. ඇතැම් විට සමග්‍රහයෙහි (සම්) ස්වරයට සාදා ගතිත්. ඉතා හොඳ ක්‍රමය නම් වාදී ස්වරයට සාදා ගැනීම යයි සිතමු. මාල්කොෂ්, කේදාර්, ලලිත් වැනි රාගයන් ගායනයේදී හෝ වාදනයේ දී එම රාගයන්ගෙ වාදී ස්වරය වූ මධ්‍යමයට (ම) තබ්ලාව සාදා ගැනීම යොග්‍යයි.
ලක්නව්හි භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙහි
සුනිල් ශාන්ත විසිනි