Sandika Madushan
Sandika Madushan படி Blog பதிவு


සිළුමිණ වර්ෂ 1941 ක්වූ පෙබරවාරි මස 2 වෙනි ඉරිදා
පාඨශාලාවල සංගීතය ඉගැන්වීම ගුරුවරුන් විසින් සැළකිය යුත්තක්
ලක්දිව සංගීතය අති පුරාණයේසිටම පැවති බැව් සැළකිය යුතුය.සිරිවස්තු පුර උත්සවයක් ගැන සඳහන්වීම නිසා විජයාගමන සමයෙහි සංගීතය දියුණු තත්ත්වයෙක තිලෙන්නට ඇති බැව් කිව හැක. දෙවන පෑතිස් සමයෙහිද සංගීතය දියුණුව තිබුණ බැව් 'දිව්‍ය ගාන්ධර්වයන් වැනි - මනහර අනුරාධපුර නම් ඒ රාජධානිය' යන වාක්‍යය බැලීමෙන් සිතීමට අවකාශ තිබේ. (සධර්මා ලංකාරය) 'රෝද බෙර; කැරඩි බෙර, - පටසිරි මේවා ඇතුළු නොයෙක් දහස් ගණන් තූර්ය භාණ්ඩ වයමින් මහ සෙනඟ පිරිවරා කසට පිටියෙන් නික්ම මියුගුණු ගොස් එහි කසුන් දාගැබක් කරවීය' (ථුපවංස) යන්නෙන් දුටුගැමුණු රජුකල සංගීතයෙහි තත්ත්වය වටහා ගතහක. 'මහ පැරකුම්බා මිහිපල්හු පුලස්ති පුරයෙහි සරස්වති මණ්ඩපය කොට කුලවත් දරුවනට සංගීතය උගැන්වූහ. ඒ රජතුමාගේ ශ්‍රද්ධාශිලාදි ගුණොපෙත රූප සම්පන්න රූපවතී නම් මෙහෙසියද නැටීමෙහි හා ගී කීමෙහි දක්ෂ වුවාය'(මහාවංශ) ද්විතීය මහා පරාක්‍රමබාහු මහීපාලයන් සංගීත ශාස්ත්‍රයෙහි හසළ බුද්ධිමතකු බව දඹදෙණි අස්නෙහි පෙනෙන 'නැං බඹර කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු' යන විරුදාවලියෙන් හැඟේ. කුරුණෑගල රජ පැමිණි හතරවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන් රචිත දළදා සිරිතෙහි දැක්වෙන ව්‍යවස්ථා අටතිසෙන් පස්වැන්නෙහි 'මේ වඩා ගෙනෙන කල අහස්වියන් පංතාප්පයි මුක වඩම් සක් පංචවඩ්ඩාවරු දළහං කාහල ඈ ධුරය හා උත්සව දිනයෙක සේසත් හා මහ ධුරය ඇතිව ගෙනෙනුව ඉසා' යනුවෙන් බුද්ධ පූජාව ගෙනෙනවිට සංගීතයද පැවැත්විය යුතු බවත්, නියම කොට ඒ සඳහා ගතයුතු තුර්යය භාණ්ඩද නම්කොට තිබේ. හවෙනි ශ්‍රී පරාක්‍රමබාහු රජු සංගීතඥයෙකි. ඔහු රන්දාරා නම් සුසිරය පිඹීමෙහි සමතකු බැව් කියා තිබේ. (කෝකිල සංදෙශය) මේ සියල්ලෙන් වැටහෙනුයේ පුරාණයෙහි අප සිරිලක තුළ සංගීතය ඉතා උසස් ස්ථානයක තුබුණ බවය.
සංගීතය නොතකන්ටවීම
අවාසනාවකට මෙන් සිංහල දෙමව්පියන් විසින් තම දරුවනට සංගීතයට අත් ගැසීමට අවකාශ නුදුන් කාලයෙක්ද විය. එහි අඩු පාඩුව දැන් දැන් හොඳාකාර පෙනේ. ඉෂ්ට දේවතා පූජනය යුද්ධ සේනා නියෝජනය, රාජාභිෂෙකය, විවාහ මංගලය, ගෘහ ප්‍රවෙශනිය ආදී සෑම වැදගත් අවස්ථාවකටම අත්‍යාවශ්‍ය වන උතුම් සංගීතය, ආගම හා නිත්‍ය සම්බන්ධයක් පවතින හෙයින් ශුද්ධ වූ විද්‍යාවක් ලෙස සැලකෙන සංගීතය, හැදෑරීමට එවකට දෙමව්පියන්ගෙන් දරුවන්ට තහනමක් ඇතිවීමට හේතු ඇති විය. සෑම දෙයක්ම, නරකට හරවාගත් විට එය ඉතා භයානකය. පෙරදිගසංගීතයටද කලකට පෙර මෙයම සිදුවී තිබුණි. එහෙත් මෑතදී වැදගත් පක්ෂය එයට අතගැසීම නිසා නියම වශයෙන් පෙරදිග සංගීතය යනු කුමක්දැයි ලාංකිකයනට අවබෝධ වන්නට පටන්ගෙන තිබේ. පාඨශාලාචාර්යවරයන් මේ ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කරන බැව් දැකීම ශාන්තියෙකි. සාමාන්‍ය සනයාද මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන නමුත් තවම ඔවුන්ට අධ්‍යයනය කිරීමට ක්‍රමයක් නැතිවීම ලොකු අඩුපාඩුවකි. ඔවුනට අවකාශයක් ඉදිරියට පැමිණෙනතුරු පාඨශාලාචාර්යවරයන් සුලු වශයෙන් හෝ මේ කාරණය තම පාඨශාලාවල ඉගැන්වීම ආරම්භ කිරීම ඉතා සොග්‍යයි.
අධ්‍යයන පරිපාටියෙහි සංගීතය යනුවෙන් පාඩමක් ඇති නමුත් එම පාඩම කාලසටහනට ඇතුළත්ව ඇති බවක් දක්නට නැත. බාලාංශ පංතියේදී පමණක් ශිෂ්‍යයන් සින්දුවක් කීමට පුහුණුවන නමුත් ඉන්පසු පංතිවලදී එය සම්පූර්ණයෙන් අත්හිටවන බව පෙනී යයි. පාඨශාලාව තුළ කෙරෙන වැඩවලින් ශිෂ්‍යයන් ඉතා ඇලුම් දක්වන්නේ සංගීත පාඩමටය. අවශේෂ පාඩම් ගැන්වීමේදී ශිෂ්‍යයන්ගේ ඇල්ම, ප්‍රීතිය, අවධානය, විනය ආදිය පවත්වා ගැනීමට ගුරුවරයා විසින් දිනපතා තමාගේ ඉගැන්නුම් ක්‍රම වෙනස් කළ යුතුය. එහෙත් සංගීත පාඩමේදී එය නොඑස්ය. පාඨ ශාලාවේ ඉගැන්වෙන සංගීත පාඩමේදී ගායනයට මුල් ස්ථානය දිය යුතුය. තූර්ය භාණ්ඩ සැපයීමේ අපහසුව නිසා ද විනාඩි 45 කාල යත් ප්‍රමාණවත් නොවන නිසාද වාදනය උගැන්මට අපහසු වන්නට පිළිවන.
ස්වර ඥානය
නියම ගායකයකු හෝ වාදිකයකු වීමට නියම ස්වර ඥානයක් ඇති කරගත යුතුය. ස්වර ඥානයක් හෙවත් ස්වර හැඳින ගැනීමේ නියම දැනගැනීමක් ඇතිකර ගැන්මට ස්වරොච්චාරණය සර්වප්‍රකාර යෙන්ම අවශ්‍යවේ. එබැවින් ඒ සුදුසු පරිදි පරුදු පුහුණු කටයුතුය. කුඩා කාලයේ සිටම ශිෂ්‍යයන්ට ස්වර පුහුණුව ආරම්භ කළ යුතුය. මේ කාරණය දෙවෙනි පංතියේ සිටම පටන්ගැන්ම යහපති. පංතියට යාමට පෙර ගුරුවරයා ඉගැන්වීමට තිබෙන ස්වරයෙන් ඉතා හොඳින් පුහුණු විය යුතුය. මන්ද ස්වර ගායනයේදී වැරදි සොයා ඒ හරිගැස්සීම ඉතා අපහසුකාරණයක් බැවිනි. ගුරුවරයා ශිෂ්‍යයන් සමඟ ගායනය කළ යුතුය. එසේ නැතිව තූර්යය භාණ්ඩයක් වාදනය කර ඒ අනුව ගයන්නටය කියා ශිෂ්‍යයාට නියම කිරීමෙන් කාරණය ඉටු නොවෙයි. වැරදි හරි ගැස්සීමෙක්ද ඇති නොවෙයි. වැරදි හරිගැසීම ඉතාම වැදගත් කාරණයයි. ස්වර ගායනයට පෙර නිසි පරිදි ආශ්වාස ප්‍රශ්වාස කිරීමට ශිෂ්‍යයාට මග පෙන්වා දිය යුතුය.
දැනට 'සර්පිනා' හෙවත් 'හර්මෝනියම්' නමින් බොහෝ තැන් වල දක්නට ලැබෙන තූර්ය භාණ්ඩය පංතිය අසලකටවත් නොගත යුතුය. එය පෙරදිග සමිතියට සම්පුර්ණ විරුද්ධ තූර්යය භාණ්ඩයෙකි. ගායනය උගැන්වීමේදී 'තාම්පුරා'නම් තුර්ය භාණ්ඩයක් පංතියේ පාවිච්චි කිරීම අත්‍යාවශ්‍යකය. එය ගායකයාට 'ස' 'ප' ස්වරයෝ සෑම විටම මතක්කර දෙයි. පළමුවෙනි ශිෂ්‍යයනට ශුද්ධ නුවර සත ආරොහණ අවරෝහණ වශයෙන් ගැසීම උගැන්විය යුතුය. ඉන්පසු ස, රි, ශ, ම, රි, ග, ම, ප, ආදි වශයෙන් වූ ස්වරාලංකාර පුහුණුව ආරම්භ කළ යුතුය. ශිෂ්‍යයන් ගායනය කෙරෙන සෑම ස්වරාලංකාරයන්, කට හැර 'අ' ශබ්දයෙන් කීමටද පුළුවන්කම ඇති කළ යුතුය. දෙවෙනි, තුන්වෙනි, සතරවෙනි පංතිවලට මේ ක්‍රමය යෙදිය හැකි වෙයි. එහෙත් පංතියේ උසස්කමේ සැටියට ස්වරා ලංකාරයෙන් අමාරු විය යුතු, පෙරදිග සංගීතය ලකට හඳුන්වා දීමෙන් මහඟු සේවයක් කෙරෙන සංගීතාචාර්යය ඇම් ඒ පෙරේරා මහතාගේ පුස්තකයන්හි මෙකී දෑ අන්තර්ගත හෙයින් ඒ පිළිබඳව අපහසුවක් ඇති නොවෙයි.
සතර වැනි පංතිය අන්තිමයේදී පමණ ශුද්ධ ස්වර පිළිබඳව මනාදැනීමක් ශිෂ්‍යයන් තුළ ඇති කිරීමට ගුරුවරයාට අපහසුවෙක් ඇති නොවෙයි. යටත් පිරි සෙයින් සප්තක දෙකක ස්වර අපහසුවක් නැතිව ගායනයට ශිෂ්‍යයනට දක්ෂකම ලබාදිය යුතුය. පස්වැනි පංතියේදී මීට වඩා උසස් පාඩම් ඉදිරිපත් කළ හැක. 'ස' ස්වරය දුන්විට ගුරුවරයා නියම කරන ස්වරයක් එකවරට ගායනය කිරීම, 'ස' ස්වරය දී ගුරුවරයා 'අ' ශබ්දයෙන් දෙන අන් ස්වරයෙහි නම සඳහන් කිරීම ආදි දක්ෂකම් මේ කාලයේදී ශිෂ්‍යයා තුළ ඇති කළ යුතුය. එවිට ශුද්ධ ස්වර ආශ්‍රයෙන් පිළියෙළ වූ ප්‍රස්තාරයන් බලා ගැයීමට ශිෂ්‍යයාට දක්ෂකමක් ඇති වේ. මුර්ව්ජණ සහ තාන පිළිබඳ ස්වර මාලාද නිසි පරිදි උච්චාරණය කිරීමත් ස්වර ඥානය ලබා ගැනීමේ සුදුසු මාර්ගයෙකි.
වැරදි හරිගැස්සීම
ගායනයේදී ශිෂ්‍යයන් කෙරෙන වැරදි හොඳින් බලා හරිගැස්සීම ගුරුවරයාගේ වැදගත් කාර්යයෙකි. පහත දැක්වෙනුයේ බොහෝ විට දක්නට ලැබෙන දොෂයෝයි. එනම් :- ගායනයේ දී දත් තදකර ගැනීම, ශබ්ද නගා කෑගැසීම, ශබ්ද නගා ආශ්වාස ප්‍රශ්වාස කිරීම, අප්‍රාණිකවවීම, නුවුවමනා පරිදි ඉක්මනින් ගැයීම, වචන හා ශබ්දය සෙලවීම, බොහෝ කොට කට හැරීම, තාලය නැතිවීම, බෙල්ල දිඟු කිරීම හෝ පැත්තට බැලීම අත්පා චංචල කිරීම, ඇස් වස, ගැනීම, නාසයෙන් කීම ආදියයි. මෙකී දොෂයන් ගැන ගුරුමරයා පරික්ෂා විය යුතුය. ශරීරය කෙළින් තබා බිම වාඩිව ගැසීමට ශිෂ්‍යනට පුහුණු කළ යුතුය.
ශිෂ්‍යයෝ පශ්චාත් ප්‍රාථමික පංති වලදී වඩා අමාරු ස්වර ගායනයට සමත් වෙති. ඒ අවස්ථාගයේදී හින්දුස්ථානි සංගීතමයෙහි පාඨ දශයට අයත් ස්වරයන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීමට ආරම්භ කිරීම යෝග්‍යයි. තිලාවල්, යමන්,ඛමාජ්,භෛරව, පූර්වි, කාඵි, ආශාවරි සහ භෛරවී යන ටාඨයන්ට, අයත් ස්වරයන් පිලිබඳ හොඳ අවබෝධයක් ශිෂ්‍යයන් තුළ මේ පංති වලදී ඇති කිරීම කළ හැකි වෙයි. මාර්වා සහ තෝඩි යන ටාඨ දෙක අපහසු
හෙයින්, හැකි වුවහොත් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කිරීමට පසුවට කළ යුතුය. මේ ශිෂ්‍යයන් ඉගෙනගන්නා එක එක ටාඨහි රාගයට අයත් ගීතය බැගින්ද ඉගැන්වීම යෝග්‍ය වෙයි. ශුද්ධ ස්වර පමණක් ගායනය කරමින් සිට පශ්වාත් ප්‍රාථමික පංතිවලට පැමිණීමෙන් පසු යොමළ තිවු ස්වරයන්ට අත ගැසූ ශිෂ්‍යයා බොහෝ ටැරදි කරනවා ඇත. ගුරුවරයා ඒ ගැන පරික්ෂාකාරී විය යුතු.
පශ්චාත් ප්‍රාථමික පංතිවලදි ආරම්භ කළ යුතු තවත් වැදගත් කාරණයක් නම් තාල පුහුණුවය. ශිෂ්‍යයන් කලින් ඉගෙනයත්, හොඳින් ගායනය කළ හැකි, කුඩා ත්‍රිතාල් ගීතයක් ගායනය කිරීමට නියම කළ යුතුය. පළමුවෙන් ගීතය ගායනය කරන අතර මාත්‍රා එකින් එකට ශබ්දයක් කිරීමට ශිෂ්‍යයන්ට නියම කළ යුතුය. මේ ශබ්දය අතින් අතට ගැසීමෙන් කළහැකිය.මෙය සෑහෙනතරම් දුරට පුහුණුවූ පසු ත්‍රිතාල් යනුකුමකදැයි ශිෂ්‍යයන්ට විස්තරකර දිය යුතුය. එහි මාත්‍රා දහසයක් තිබෙන බවත්, කාල තුනක් තිබෙන බවත්, තාලය පටන් ගන්නා ස්ථානය 'සම්' නමින් හැඳින්වෙන බවත්, නම වැනි මාත්‍රාව ' ඛලි' නමින් හැඳින් වෙන බවත්, පස්වැනි දසතුන් වැනි මාත්‍රාවන් අනුතාල් නමින් හැඳින්වෙන බවත්, පැහැදිලි කර දිය යුතුය. තාලයේ පළමුවැනි, පස්වැනි, දසතුන්වැනි මාත්‍රා වලදි අතින් අතට ගැසීමෙන් ශබ්ද කිරීමටත් 'ඛලි' හෙවත් නමවැනි මාත්‍රාවේදී ශබ්දයක් නොකිරීමටත්, 1,5,9,13 මාත්‍රාවත් හැර අවශෙෂ මාත්‍රාවන් නියමිත අවස්ථාවේදී ඇඟිලිවලින් ගණන් ගැනීමටත් නියම කළ යුතුය. මෙය මුලින් අවස්ථාවේ ශිෂ්‍යයනට අපහසු සේ පෙනෙන්නට පිළිවන. එහෙත් නොකඩවා කිරීමෙන් එය පුරුද්දට හරවා ගත හැක.
ශිෂ්‍යයන්ගේ පාඨශාලා ජිවිත යේදී මේ කොටස ඉගැන්වීම කළ හොත් ඔවුන්ගේ සංගීතය පිළිබඳ අත්තිවාරම මැටුනා වෙයි. මින් පසු ශිෂ්‍යයනට ඒ ඒ ටාඪයනට අයත් අවශෙෂ රාගයන් පිළිබඳව ඉගෙනීම කළ හැක. ගුරුවරයා මේ කොටස පාඨශාලාවෙදී ශිෂ්‍යයාට ලබා දුනහොත් ලංකාවෙහි පහන් අඩියක පවත්නා පෙරදිග සංගීතය නඟා සිටුවීමට වහලක් වෙනවා ඇත.