Sandika Madushan
Blog entry by Sandika Madushan
සිළුමිණ වෂර් 1955 ක් වූ ජුනි මස 5 වෙනි ඉරිදා.
කලාකලඹ
බයිසිකලෙන් හා දුම්රියෙන් ගී ගලා එන හැටි ඔබ දන්නෙහිද? ගීත ප්‍රබන්ධකයකු වශයෙන් අරිසෙන් අහුබුදුගේ අතීතය ගැන සොයද්දි බයිසිකලෙන් හා දුම්රියෙන් ගී ගලාඑන අන්දම ගැන රසකතා මතු වන්නේය.
බයිසිකලයෙන් ගීත ගලයි
අපේ ගීත ප්‍රබන්‍ධකයෝ
අද අප ඔබට හඳුන්වන ගීත ප්‍රබන්ධකයා ගීත ප්‍රබන්ධ කිරීමට ආධාර කොට ගන්නේ බයිසිකලය හා දුම්රියයි. මිනිස් වාසයෙන් තොර හුදකලා තැනකට වී පැය ගණන් කල්පනා කරමින් අදහස් ගැට ගැසීමෙන් මේ ගීත ප්‍රබන්ධකයා ගීත ප්‍රබන්ධ නොකරයි.
අරිසෙන් අහුබුදු සංගීතය ගැනද දැනුමක් ඇත්තෙකි. වයලීනය වාදනය වාදනය කිරීමට මොහු දක්වන්නේ විශෙෂ දක්ෂතාවයෙකි. සුනිල් සාන්තගෙන් මොහු ලත් ලිපියක්යක් නිසා ගීත ප්‍රබන්ධයට ඔහුගේ සිත ඇදී ගියේද?
" දේශීය සිංහල සංගීතයක් ගොඩනැංවිය යුතුය. ඒ සඳහා ගතයුතු මග කුමක්ද අපේ පැරණි ගම්බද ගී තාල වලට නූතන ස්වරූපයක් ගන්වා ඒ අනුව ගීත ප්‍රබන්ධ කිරීමෙන් සිංහල යයි කිය හැකි සංගීතයක් ගොඩනැංවිය හැකිද? එසේ නම් මට ගීත කීපයක් ප්‍රබන්ධ කොට එවන්න.
සුනිල් අරිසෙන්ට යැවූ ලිපියේ සඳහන් වූයේ යට දැක්වුන අදහසයි. අරිසෙන්ද සුනිල් ගේ ලිපියේ වූ පරිදි 'පියුමෝ' නමැති ගීතය ප්‍රබන්ධ කොට යැවීය. සුනිල් එය ගායනා කළේය. 'පියුමො' හිතුවාටත් වඩා අතිශයින් ජනප්‍රිය විය. අනතුරුව සුනිල් සාන්තට අරිසෙන් දිගටම ගී ප්‍රබන්ධ කෙළේය.
මේ ප්‍රබන්ධකයාගේ සෑම ගීතයක්ම බයිසිකලේ යද්දී හෝ දුම්රියේ ගමන් කරද්දී හෝ ප්‍රබන්ධ කරන ලද්දකි. පාසැල් හමාර වී ගෙදර යන ගමන් අතර මගදී ඔහුගේ බැලීමට ලක්වන දේ ඔහු ගිතයට නගයි. මොහුට ගී
ප්‍රබන්ධ කිරීම සඳහා සහාය වන පාළු තැනක පිහිටි බෝක්කුවක්ද ඇත. යන එන ගමන් මේ බෝක්කුව මත වාඩි වූ විට ඔහුට ගීතයක් දෙකක් ඉතා සුළු වේලාවකදී ප්‍රබන්ධ කළ හැක.
මේ ගීත සංඛ්‍යාවෙන් 25ක් පමණ ඉතා ජනප්‍රිය වූ ඒවාය.
ප්‍රේමය මුල් කර ගෙන ගී ප්‍රබන්ධය කිරීමට මේ ප්‍රබන්ධකයා එතරම් ආශාවක් හෝ උනන්දුවක් නොදක්වයි. ආලය මුල් කරගෙන මොහු විසින් රචනා කොට ඇත්තේ එකම එක ගීතයක් පමණි. එයද තැටිගතකොට නැත්තේ ය.
මේ ගීතය වුවද ප්‍රබන්ධය කිරීමට ඔහුට උසිගැන්වූයේ සිය බිරිඳ කෙරෙහි පවත්නා ප්‍රේමය පිළිබඳ සිය සිතෙහි නැග ආ සත්‍ය හැඟීමය.
සොබා දහම හා පොදු ජනයා පිළිබඳ සිද්ධීන් අරිසෙන් අහුබුදුගේ ගීත වලට ස්තූති වන්නේය.විදෙශයන්ගෙන් කොපි කරගනු ලබන තනු වලට වචන රිංගවීම මොහු තදින්ම අප්‍රිය කරයි. දේශීය සංගීතයක් ගොඩ නැගීමට නම් අපටම ආවේනික වූ තනු අනුව ප්‍රබන්ධ කරන ලද ගීත අවශ්‍යය.
සුනිල් සාන්තට තමා ඉතා ආශාවෙන් ගීත ප්‍රබන්ධකර දීමෙන් සහාය වූයේ සුනිල් දේශීය සංගීතයක්ගො ඩනැංවීමේ අදහසින් ඒ දෙසට ගමන් කළ නිසාය. එහෙත් සුනිල්ට සිය ගමනේදී බොහෝ දුෂ්කරතාවයනට මුහුණ පෑමට සිදු විය. ඒ නිසාම සිය අදහස් අත් හැර දැමිය යුතු නොවේ යයි අරිසෙන් අහුබුදු පවසයි.