Sandika Madushan
Sandika Madushan படி Blog பதிவு
ඒ ගීතවලට කුමක්වීද?
දැනට මාස ගණනකට ප්‍රථම සුනිල් ශාන්තයන්ගේ ගීත ගුවන් විදුලියෙන් අසා ගැනීමට පවා නුපුළුවන් කරුණක්ව තිබුනේය. එහෙත් සුනිල් ශාන්තයන් විසින් ලංකාදීපයට '' මට වූ දේ'' යන මැයෙන් ලිපියක් පළවූවා අපට මතක ඇත. එදින සිට උදා ගීතවලටත් දීවා ගීතවලටත් ඔබේ තිරය කියා ගන්නා ඒ ගුවන් විදුලි නිලධාරීන් ගේ තීරයටත් නිතරම පාහේ වාදනය වනවා අපට ඇසේ.
පසුගිය දිනයක එක්තරා දිනපතා පුවත් පතකට ලිපියක් සපයන මහතෙක් ලියා තුබුනේ ලංකා ගුවන්විදුලි ආයතනයෙහි වැඩිම ගීත ගණනක් තැටි වලට නැගූ එකම ගායකයා සුනිල් බවයි. එහෙත් දැන් එවැනි තැටි තුණක් හෝ සතරක් වාදනය කරන බවයි. අනිකුත් ගීත වලට කුමක් වීද? පුදුමය ඔබේ තීරය කියා ගන්තා ඒ ගුවන් විදුලි නිලධාරින් ගේ තීරයෙහි ඒ ලිපිය පළ වූ රාත්‍රියෙහි අවුරුදු ගණනකින්නො ඇසූ ගීත දෙකක් ප්‍රචාරය වීමයි. මෙයින් ගීයෙක් දැනට ස්වල්ප කාලයකට ප්‍රථම දී අසන්නෙක් ඉල්ලා යැවූ විට එක් ප්‍රකාශකයෙක් කියා සිටියේ එම ගීතය වාදනය කිරීමට නුසුදුසු තත්වයක තිබෙන බවයි. එදා නුසුදුසු වූ ගීතය අද සුදුසු වීමත් ඒ ඔබේ තීරයට ලිපිය පළ වූ දා රාත්‍රියෙහිම ප්‍රචාරය කිරීමට අසන්නන් ඉල්ලා එවීමත් පුදුම සහගතය.
මීට,
ප්‍රෑන්ක් සිල්වා
මොරටුමුල්ල.