Sandika Madushan படி Blog பதிவு

Sandika Madushan
by Sandika Madushan - வியாழன், 2 அக்டோபர் 2025, 3:16 PM
உலகிலுள்ள யாராவது
(මොරටු මෙතෝදිස්ත උසස් විදුහලේ සිංහළ සාහිත සංගමයේ කමිටුව මගින් මේ සඟරා සිඟිත්ත පළවිණ)

'අද දින අනාත වී සිටින ගායකයා'

(කණ්ටු පෙළේ විමල් සිරි මැන්දිස් කුමරා විසිනි)

ගායික ගායිකාවෝ අප අතරැ බොහෝ ය. එයින් සිනමා ගී තාල වලට වචන යොදා ගයා නූගතුන් පිනවා උගතුන් වූවෝ සුලබ ය හ. අප අතරැ සිංහල වදන් 'පෙම් රෙල්ල' 'කෙලෑ හඳක්' යන දෙමළ - සිංහල හඬින් හඬවන ටික දෙනෙක්ද වෙති. ඔවුන් හෙළ සගයුවට (Music) නිගාවෙකි.

අපේ ගී මෙසේ වෙතත්, අපේ ගායික ගායිකාවන් මෙසේ වෙතත්, ගී සිප් සතර උගන්වනා විදුහල්වලෑ උගත්තෝ ද අප අතර සිටිත්. එවැනි උගතෙකි, සුනිල් සාන්තයෝ. සංකර ගී වලට හා සංකර ගායික ගායිකාවනට අප වඩා ඇලුම් කරන නිසා විය හැකි, අද වැනි දිනෙක මේ වත්මන් සිංහල සමාජයේ සුනිල් සාන්තයන් වැනි උගතුනට තැනෙක් නැත්තේ.

ඒ උගත් ගායකයා අද කුඹුරෙහි ය. එහෙත් සංකර ගායකයා අද සලෙලු ජනයාගේ හිස් මුදුනතෙහි රජ කරයි. අහෝ ! අප හෙළ සගයු වෙසරදුනට වූ විපත !

ඇත්තෙන්ම සුනිල් සාන්තයන් ගේ මිහිරි ගී අසන අප ගේ හද, උණු නොවේද ඔහුට වූ විපත ගැන. " ඕලු පිපීලා විල ලෙල-දෙනවා සුදට සුදේ නංගෝ," "හෝ......... හෝ ගා රැල්ල බිඳේ.. මූ.. දේ නාදේ....," බෝවිටියා දං පළුකන් වාරේ මේ නො වැ පොඩි නංගෝ, " කෝමල දෑත නඟාලා '' යන ගී ද ඔවුන් ගේ අනෙක් ගී ද, අසන විට අප ගේ හද පිනවා ගියේ නම්, අද ඔවුන් ගේ දුක අපට ද දුකෙක් නොවේද?

අද අප විදුහලේ ගයන්නා වූ හෙළ ගියේ ද ගායකයා සුනිල් සාන්තයෝ යැ. එම නිසා අප ද ඔවුන් සමඟ දුක් විය යුතුවා මෙන් ම ඔවුන්ගේ සේවය නැවත ද ලබා ගැනීමට ඔහුට උපකාර විය යුතු ය.

කුමරතුඟු සමරු දෙවන කලබ - 1955 මාරතු 4 වැනි දා
சீட்டுகள்: