Sandika Madushan
Sandika Madushan படி Blog பதிவு
ජනතා වෂර් 1955 ක්වූ මැයි මස 27 වෙනි සිකුරාදා.
සුනිල්ගේ ඊළඟ පියවර..!
මෙතෙක් කල් මුළු ගැන් වී සිටි සුනිල් සාන්ත යළිත් වරක් ගී ගැයීමට ආරම්භ කිරීමට අදහස් කර සිටියි.
මෙවර සුනිල් සාන්ත අලුත්ම ක්‍රමයකට ස්වකීය දක්ෂතාවය යොදා සිංහල සංගීතයටත් විශේෂයෙන්ම බාල පරම්පරාවටත් සේවයක් කිරීමට තීරණය කර ඇත්තේය.
දෑනට තමා පදිංචිව සිටින ජාඇල දෙහියගාතේ නිවසට යාබදව ශාලාවක් ඉදිකර එය කුඩා දරුවන්ගේ විනෝද ශාලාවක් බවට පත් කිරීම සුනිල් ශාන්තගේ අදහසයි.
ළඟදීම එම ශාලාව ඉදිකර කුඩා ළමයින්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ සහ සංගීත භාණ්ඩ මිලදී ගැනීමට සුනිල් අදහස් කරයි.
පුහුණු වූ සිංහල ගුරුවරයෙක් වූ සුනිල් ස්වකීය ගුරු බිරිඳ සමග එම ශාලාවේ ළදරු පාසැලක් ආරම්භ කිරීමටද අදහස් කරයි.
දැනටමත් සුනිල්ගේ ගෙදර ඔහු සමග කාලය ගතකරන ළමා පිරිස 40 කට වැඩිය.
මිනිසුන්ගේ කුහක කම්වලින් තොර අහිංසක දරුවනගේ ආශ්‍රය සිය විනෝදයට හේතු වන බව පවසන සුනිල් මීට පෙරදී කලාවෙන් ඈත්වීමට අදහස් කළේ අහිංසක කලාකරුවනට අපේ සමාජයේ නියම තැන නොලැබෙන
හෙයිනි.
කලාවේ නාමයෙන් ව්‍යාජ මුහුණු වරක් පෙන්වා නැගීසිටීමට උත්සාහ දරන කපටි පිරිසක් නිසා මෙරට දක්ෂ කලා කරුවන් කීප දෙනකුම සමාජයේ මුල්ලටම තල්ලුවී ගිය සැටි කාට වුවද මතක ඇත.