Sandika Madushan படி Blog பதிவு

Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 23 செப்டம்பர் 2025, 8:38 AM
உலகிலுள்ள யாராவது

ජනතා වෂර්‍ 1955 ක්වූ ජුලි මස 14 වෙනි බෘහස්පතින්දා

 

සුනිල් ආයිත් ඇවිත් සිංදු කියන්න

සුනිල් ආයිත් අප අතරට විත් සිංදු කියන්න යයි මොරටුවේ රැස්වීමකදී සාගර පලන්සූරිය මහතා සුනිල් ශාන්තට ආයාචනයක් කෙළේය.

"සමස්ත ලෝකයේ ම ගෞරවයටත් සම්මානයටත් පාත්‍රව තිබෙන කැළණි විහාරයේ
සිත්තම් ඇඳි චිත්‍ර ශිල්පියා ඒ කර්මාන්තය කළායින් පසුව කලාවෙන් සම්පුර්ණයෙන්ම වෙන්ව කුඹුරට බැස ගොවිතැන් කරනවා. ඔහු අද සිත්තමක් දෙස බලන්නේවත් නෑ. කලා කාරයෙක් වුනොත් බඩගින්නේ මැරෙන්න්න වේවි" යැයි සුනිල් සාන්ත ප්‍රමුඛ කලාකාරයින්ට ලංකා ගුවන්විදුලියෙන් කරන අරියාදුවට විරුද්ධත්වය දක්වා වහාම ලංකා ගුවන්විදුලි සේවයෙන් ඔවුන්ට නියමතැනක් දිය යුතුයැයි බල කරනු සඳහා මොරටු නගරශාලාවේ පැවැත් වූ සභාවක් අමතමින් කතා කළ සාගර පළන්සූරිය මහතා ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් කතා කළ ඒ මහතා  "මේ ආණ්ඩුව නිකම්ම විහිළුවකි. බත් ඉල්ලන මිනිසුන්ට තුවක්කු දෙති. කලාව ඉල්ලන මිනිසුන්ට මොහමඩ් සු සුගේ නැටුන් පෙන්වති. මේ රට බල්ලට ගොස් තිබේ. සුනිල් සාන්තට ගුවන්විදුලියෙන් අරියාදු කළ පළියට වල් වදින්නට පුළුවන්කමක් නැත. සින්දුවක් කියන කලා කාරයා ඒ කියන්නේ ආණ්ඩුවෙන් මුදලක් ලැබීමට නොවේ. නොකියා බැරිනිසාය. පොදු ජනයාගේ බඩගින්න නිවීම සඳහා සුනිල් සාන්තට වහාම මහජනයා අතරට ඇවිත් සංගීතය සපයන හැටියට මම මහ ජනයාගෙන් ඉල්ලා සිටිමි” යි කීය.

-මොරටුව ජනතා වාර්තාකරු-

சீட்டுகள்: